රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.Sri Lanka Latest News
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව පසුගිය මැයි මස 23 වන දා අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව අද (0) දිනයේ දුමින්ද දිසානායක මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රු 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.










