• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම හරිම ආසයි දැනෙන වැඩක් කරන්න..! දර්ශන් කියන්නේ මාර නළුවෙක්…! සුරන් දසනායක! Sri Lanka Latest News

November 22, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මම හරිම ආසයි දැනෙන වැඩක් කරන්න..! දර්ශන් කියන්නේ මාර නළුවෙක්…! සුරන් දසනායක!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවක රංගන ශිල්පියෙක්, අභියෝග භාර ගැනීමට සැදීපැහැදී සිටින තරුණයෙක් වන සුරන් දසනායක මේ දිනවල අපි අතරට එන්නේ ‘මාරියා’ චිත්‍රපටය තුළින්. සුරන් ‘මාරියා’ ගැන වගේම, එහිදී මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් ගැනත් ඔහුගේ රංගන ජීවිතය, අනාගත බලාපොරොත්තු පිළිබඳ ‘හාට්’ අපිට කිව්වේ මේ විදියට.Sri Lanka Latest News

ඉතින් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
ඇත්තටම මේ දිනවල ටෙලිකාස්ට් කළ ටෙලිනාට්‍ය කිහිපයක් අවසන් කළා. ඒ වගේම අලුතින් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් සිදුකරගෙන යනවා. ඊට අමතරව මේ දිනවල ‘මාරියා’ චිත්‍රපටයේ ප්‍රමෝෂන් වැඩකටයුතුවලට සම්බන්ධව වැඩකරගෙන යනවා.
මුලින්ම ‘මාරියා’ ගැන කතා කරමු?
ඇත්තටම ‘මාරියා’ කියන්නේ වෙනස්ම අත්දැකීමක්. මම කලාවට අලුත්. මේ චිත්‍රපටයේ අලුත්ම නළුවත් මම. ඒ අත්දැකීම හරිම අමාරුයි. දර්ශන් නොසිතූ වෙලාවක නැතිවුණා. වැඩ කරපු අනිත් කලාකරුවන් වන මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර කියන චරිත සමග වැඩකරන්න ලැබීම මාරම අත්දැකීමක්. ඇත්තටම මුහුදෙදි අපි හරිම අමාරු දේවල්වලට මුහුණ දුන්නා. සමහර අවස්ථාවල අපි කිහිපදෙනෙක් ගහගෙන යන්න ගියා. ඇත්තටම හොඳ දේවල් වගේම නරක දේවලුත් වෙන්න ගියා. දෙවියන්ගේ බැල්මක් නිසාද කොහෙද සමහර අවස්ථාවලදී අපි බේරුණා. ඒ අත්දැකීම හරිම සුන්දරයි. මේකේ අවුට්පුට් එකත් හරිම ලස්සනයි. හොඳ නිර්මාණයක් බිහිවුණා. ඒ වගේම හොඳ පිරිසක් සමග වැඩකිරීමට අවස්ථාවක් ලැබුණා.

‘මාරියා’ චිත්‍රපටයේ රූගත කිරීම්වලදී සිදුවුණු අමතක නොවන සිදුවීම් මොනවද?
මටනම් පළමු දවසේ ඉඳන් ඉවර වෙනකම් අමතක නොවන සිදුවීම් තමයි තියෙන්නේ. ඒ සිදුවුණු සෑම දෙයක්ම හරිම අමාරුයි. මහන්සියෙන් කරපු වැඩක්. ගොඩබිම ඉඳන් කරනවා වගේ නෙමෙයි. ඒ සෑම සිදුවීමක්ම මට අද වගේම මතකයි. එහෙම විශේෂ සිදුවීමක් කියලා නැහැ. ඒ හැම දෙයක්ම මට විශේෂ සිදුවීම් තමයි.
මෙවැනි ඇඩ්වෙන්චර් නිර්මාණයකට නැවතත් ආරාධනා ලැබුණොත් භාරගන්නවද?
මම හරිම ආසයි දැනෙන වැඩක් කරන්න. අභියෝග භාරගැනීමට කැපකිරීම් කිරීමට කැමැතියි. මම හරිම කැමැතියි ඒ වගේ වැඩවලට. අනිවාර්යයෙන් භාරගන්නවා ඒ වගේ නිර්මාණයක් ලැබුණොත්.
ඔබ රංගනට පිවිසෙන්නේ කොහොමද?
ඒකත් අහම්බෙන් සිදුවුණු දෙයක්. මම මුලින්ම ‘පබා’ ටෙලි නාට්‍යයට තමයි රංගනයෙන් දායක වෙන්නේ අතිරේක චරිතයකින්. අහම්බෙන් වුණත් පසුව ආසාවක් ඇති වුණා. කැපකිරීමුත් කළා. තවම ලොකු දෙයක් කරලා නැහැ මම. ඉතින් හෙමීට ගමනක් යන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
චරිතයක් භාරගැනීමේදී තෝරාබේරා ගැනීමක් සිදුකරනවද?
චරිත තෝරාබේරා ගැනීමක් කිරීමට තරම් මුලදී මට අවස්ථා ලැබිලා නැහැ. දැන් තමයි අවස්ථා ලැබිලා තියෙන්නේ. නළුවෙක් වුණාම ලැබෙන හැමදේම භාරගන්න කියලා සමහරු කියනවානෙ. නමුත් එහෙම හැමදේම කරන්න අමාරුයි. අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවලුත් තියෙනවා.
රංගනයට අමතරව වෙනත් වැඩත් කරනවා කියලා ආරංචි?
මම ෆුට්බෝල් කෝච් කෙනෙක් විදියට වැඩ කරනවා මීගමුව පාසලක. මම පාසල් යන කාලයේ ඉඳන් ස්පෝර්ට්ස් කරනවා. ඉතින් කෝචින් කරගෙන යන ගමන් තමයි කලාවට සම්බන්ධ වෙන්නෙත්.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම මුල් කාලෙදි නම් කැමැති වුණේ නැහැ. නමුත් එයාලා අකමැති වුණත් මම හිතාගත්තා දවසක එයාලට සතුටු හිතෙන වැඩක් කරන්න ඕනෙ කියලා. දැන් නම් ඇත්තටම ලොකු සපෝර්ට් එකක් හම්බෙනවා. දැන් ඉතින් ෂේප් එකේ වැඩ කරගෙන යනවා.
සුරන් දසනායක කියන කලාකරුවා අද දවසේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
මට හරිම සතුටුයි. මොකද අපේ පරම්පරාවේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. දුෂ්කරතා මැද අද ඉන්න තැන ගැන සතුටක් දැනෙනවා. ‘මාරියා’ වගේම තව හොඳ ටෙලිඩ්‍රාමා කිහිපයක වැඩකටයුතු සිදුකළා. ඒවට ජනතාවගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබීම ගැන ඇත්තටම සතුටුයි.
ඉදිරියේදී එළිදැක්වීමට නියමිත නිර්මාණ ගැනත් දැනගන්න කැමැතියි?
තව හොඳ චිත්‍රපටයක් එන්න තියෙනවා. ජගත් ආනන්ද අයියගෙ ‘යකඩ මනමාලි’ කියන චිත්‍රපටය. ඒ වගේම ටෙලිනාට්‍ය 3-4ක් සඳහා රංගනයෙන් දායක වුණා. ඒවත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ වගේම අභියෝගාත්මක චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණොත් හරිම සතුටින් බාරගන්නවා.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

හරි අපරාධයක් ! අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කළ බිලියන 48න් වියදම් කරලා තියෙන්නේ බිලියන 18යි! Sri Lanka Latest News

Next Post

බිලියන 1.5ක ඡන්ද පත්‍රිකා අතුරුදන්! ඡන්දෙ තිබ්බොත් තෝ මරනවා….! මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ආපු ඇමැතුමක තොරතුරු හෙළිවෙයි! පරීක්ෂණය යට ගිහින්? ඇමතුම ආවේ කෑගල්ලෙන්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.