• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා…

November 25, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා…
Share on WhatsAppShare on Facebook

සමහර විට මට සම්මානයක් ලැබෙයි…

‘මහපොළොව’ ටෙලිනාට්‍යයේ ‘සිංගි’ ලෙසට සුවිශේෂී රංගනයක යෙදුණු ඇය මේ දිනවල විකාශය වන ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේද ‘අහිංසා’ ලෙස ඔබට සමීපවන මේ පුංචි නිළි පොඞ්ඩ නෙතුකි නෙතුමිලි ගැන කතා නොකළොත් එය අඩුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම නෙතුකි දුව සමග කතාබහ කිරීමට අපි මූලික වුණේ ඇයගේ ඉදිරිගමනට ශක්තියක් වීම උදෙසායි. ‘සිංගි, අහිංසා ගැන ඇය පැවැසුවේ මේ විදියට…

ඉතින් මේ දවස්වල ‘අහිංසා’ ගැන හැමෝම කතාබහ කරනවා. දුවට දැනුණේ කොහොමද ඒ චරිතය…?
දැන් ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යය ගොඩදෙනෙක් බලනවා. ‘අහිංසා’ට ගොඩදෙනෙක් ආදරය කරනවා. ‘අහිංසා’ දුප්පත්, අහිංසක චරිතයක්. මගේ නංගි අන්ධයි. ඇයව බලාගන්නේ මම. ඒ වගේම අම්මාටත් උදවු කරනවා.

ඉතින් නෙතුකිට අන්ධ කෙනෙක්ට මගපෙන්වන්න ලේසි වුණාද?
ඇත්තටම ඒව මට නුහුරු අත්දැකීමක්. ඒ වගේ කෙනෙක්ව මම බලාගෙන නැහැ. අන්ධ කෙනෙක් මොන විදියටද හසුරුවන්නේ කියලා මට එහෙම ලොකු අවබෝධයක් නැහැ. මට ඉතින් ‘ටීචර් අම්මා’ එකේ සුදත්ත තිලකසිරි මාමා ඇතුළු සියලුමදෙනා මගේ චරිතයට උදවු කළා.

ඉතින් මේ දවස්වල දුවගේ රඟපෑම් කටයුතු කොහොමද?
ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එයට අමතරව ටීචර් අම්මා, කෝපි කඬේ ටෙලිනාට්‍යවල රූගත කිරීම සඳහා සම්බන්ධ වෙනවා.

නෙතුකි මුලින්ම කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
‘එෆ්.එම්. දෙරණ’ නාලිකාවේ ‘පුංචි තරුත් එක්ක ආයුබෝවන්’ දෙරණ වැඩසටහනේ ළමා නිවේදිකාවක් ලෙසට සම්බන්ධ වුණා. ගයනී නැන්දා හරහා තමයි මට ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. පස්සේ මම ගුවන්විදුලියේ නාට්‍ය සඳහා හඬකැවීම් කළා. ශානිකා අක්කා, දිල්රුක්ෂි අක්කා, මධුමාලි අක්කා මගේ දක්‍ෂතාව දැනහඳුනගෙන මට ඒ පැත්තෙන් ඉදිරියට යන්න ගොඩාක් උදවු කළා. පස්සේ මම හඬකැවීම් ශිල්පිනියක් ලෙසට නිර්මාණ රැසකට සම්බන්ධ වුණා.

නෙතුකිව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ‘මහපොළොව’ ටෙලිනාට්‍ය තුළින් නේද?
ඔව්… හැබැයි මම එයට පෙර ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑවා.
‘සිංගි’ චරිතය මගේ ර`ඟපෑම තුළ සුවිශේෂී චරිතයක් වුණා. මම ගොඩාක් ආශාවෙන් තමයි ‘සිංගි’ චරිතය රඟපෑවේ. මට දෙබස් අඩුව තිබුණත් රඟපෑම අතරින් ලොකු දෙයක් මට කරන්න තිබුණා. ඉතින් ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ ‘සිංගි’ චරිතයට මාව තෝරා ගත්තාට සුමිත් රත්නායක මාමාට විශේෂ ස්තුතිය පුද කරනවා.

‘සිංගි’ තුළින් ඔබ නිරූපණය කළ ඒ ආරූඪවීම එතරම් සාර්ථක ලෙසට නිරූපණය කළේ කොහොමද?
‘සිංගි’ගේ නැතිවුණු අම්මා තමයි මට වැහෙන්නේ. ඉතින් මට ඒ අවස්ථාව කවදාවත් අමතක කරන්න බැහැ. එහෙම රඟපෑමක් මම කවදාවත් කරලා නැහැ. සුමිත් මාමාගේ උපදෙස් පරිදි මම එය ඉදිරිපත් කළා.

දුව ඒ නිරූපණය කළ ‘සිංගි’ චරිතයට සම්මානයක් හිමිවෙයි කියලා හිතනවද?
මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා සම්මානයක් ලැබෙයි කියලා. හැබැයි ඉතින් මාව ඉදිරියට ගෙනියන්නේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂක පිරිස තමයි. ඔවුන්ගෙන් ලැබෙන ආශිර්වාදයත් එක්ක සමහරවිට මට සම්මානයක් හිමිවෙයි.

නෙතුකි දුවට මේ ගමනට ශක්තියක් වුණු පිරිසකුත් ඇති නේද?
ගොඩදෙනෙක් ඉන්නවා… සුමිත් රත්නායක, සුදත්ත තිලකසිරි, ප්‍රභාත් දුෂ්මන්ත, ගයාන් මහගලගේ, තිමිර උඩලමත්ත ඒ වගේම මගේ පාසලේ ගුරු මණ්ඩලය ඇතුළු මට උදවු කරපු සියලුම දෙනාට. මම සමග තරහා වෙන්න එපා හැමෝගෙම නම් සඳහන් කරන්න බැරිවුණාට. මොකද පත්තරේ ඉඩමදිවෙයි එතරම් ගොඩදෙනෙක් ඉන්නවා නම් සඳහන් කරන්න ගියොත්.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගෑස් වංචාවයි ගෑස් ලීක් එකයි පාර්ලිමේන්තුවේදී ලීක් වෙච්ච හැටි! (VIDEO)

Next Post

ශ්‍රී ලන්කන් සුද්දාටම සින්න වෙයිද?

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.