• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ශ්‍රී ලන්කන් සුද්දාටම සින්න වෙයිද?

November 25, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ශ්‍රී ලන්කන් සුද්දාටම සින්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

පොදුවේ ගත් කල ලෝකයේ සිටින අලි ඇතුන්ගේ වර්ණය තනිකරම කළු පැහැය වෙයි. එහෙත් සමහර රටවලින් බොහෝ දුර්ලභව හමුවූ ‘සුදු අලි’ ගැනද කතාන්දර අසන්නට ලැබේ. සත්ව ලෝකයේදී සමහර සතුන් ඔවුන්ගේ ශරීරයන්ගේ ඇති ‘මෙලනින්’ වර්ණකය අඩුවී ‘ඇල්බිනෝ’ තත්ත්වයට පත්වී සුදට හුරු වර්ණයකින් පෙනෙන්නට ගනියි. පසුගිය කාලයේ ඉන්දියාවේ හින්දු කෝවිලක පැවැති පෙරහැරකට සහභාගි කරගත් සුදු අලියකු ගැන වාර්තා විය. එම අලියාගේ ඡායාරූප පවා පළවිය. එහෙත් පසුව ආරංචි වූයේ මේ අලියා සුදුපැහැ කර ඇත්තේ සුදු හුනු ගෑම මගින් යැයි හෙළි විය. එය හෙළි වූයේ එම අලියා බාර ඇත්ගොව්වාගේ අත්වල සුදු හුනු තැවරී තිබීමෙනි. එසේම ශ්‍රී ලංකාවෙන්ද පසුගිය 2020 වසරේදී සුදු අලියකු හමුවිය. එම සත්වයා මාදුරුඔය ජාතික වනෝiානයෙන් හමුවිය. එහෙත් පසුව හෙළිවන්නට වූයේ, එම අලියාද කිරිමැටි වළක වැටී පෙරළී සිටීම නිසා සුදු පැහැවී ඇති බැව්ය. සැබැවින්ම විටෙක මෙම කතා අපට එක්තරා හාස්‍යයක්ද එක් කළේය.

දැන් අප කියන්නට යන්නේ තවත් අපගේ සමාජ වහරේ ඇති ‘සුදු අලි’ කතාන්දරයකි. එනම් සමාජයට කිසිදු වැදගම්මක් නැති නොයෙකුත් දේටත් කියන්නේ ‘සුදු අලි’ කතාවමය. ඒ අනුව නිකරුණේ මහා මුදල් කන්දරාවක් නැති නාස්ති කරන විවිධ ආයතනවලට මෙන්ම, කිසිදු ඵලප්‍රයෝජනයක් නැති මිනිසුන්ටද ‘සුදු අලි’ යැයි කියති. අපගේ ශ්‍රී ලංකාව තුළින්ද මෙම සුදු අලි කතා නොයෙක් විට අසන්නට ලැබිණි. එයින් පසුගිය කාලයක් පුරාම අසන්නට ලැබුණු විශාලතම සුදු අලි කතාව කුමක්ද? එය නම් අපගේ රටේ ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය’ අළලා ගෙතුණු සුදු අලි කතාවයි. ශ්‍රී ලංකාවේ සිටින ‘සද්දන්තම සුදු අලියා’ ශ්‍රී ලන්කන් ගුවන් සේවය යැයි සමාජයේ බොහෝ පිරිස් අර්ථකථනය කරති. ඉංග්‍රීසියෙන් ‘වයිට් එළිෆන්ට්’ යැයි කියන්නේද මෙම කතාවටමය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ‘සුදු අලියකු’ යැයි කියන්නේ, එය දැන් වසර ගණනාවක සිට ලබන අති සුවිශාල අලාභය හේතුවෙනි. රුපියල් බිලියන ගණනින් අලාභ ලබන මෙම රාජ්‍ය ආයතනය, දැනට දිනෙන්, දිනම අසාධයට යමින් ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය යනු මෙරට තිබෙන විශාලතම සහ අංක එකට සිටින ‘සුදු අලියා’ යැයි බොහෝ පිරිස් අර්ථකථනය කරන්නේද ඒ හෙයිනි. කලින් කලට විවිධ සුවිශේෂ පුවත් මවන මෙම රාජ්‍ය ආයතනය මෙයට දින කිහිපයකට පෙරදී ද අපූරු පුවත් මවන්නට ගත්තේය. එනම් මෙම වටිනා රාජ්‍ය ආයතනය විදේශීය සමාගමකට පවරා දීමට යන වගතුග එසේ හෙළිවන්නට ගත්තේය. අප රටටම අයත් ජාතික සම්පතකට සිදුවන්නට යන්නේ කුමක්ද? අපගේ සම්පතක් අප රැක ගන්නවා විනා මෙසේ අනුන්ට පාවා දීම යන කතාව කුමක්ද?

‘ශ්‍රී ලන්කන්’ නොහොත් ශ්‍රී ලංකා ගුවන් සේවය යනු සම්පූර්ණයෙන්ම ලංකා රජය යටතේ පැවැති ආයතනයකි. මෙයට වසර 41කට පෙර, එනම් 1979 වසරේදී මෙම සමාගම ‘එයාර් ලංකා’ නමින් ඇරැඹි අතර, 1998 වසරේදී ‘ශ්‍රී ලන්කන්’ බවට පත්කෙරිණි. එනම් දැනට මෙම ගුවන් සමාගමට වසර 23ක්ද ගතවී ඇත. ගුවන් යානා 24ක් මෙම සේවය සතුව ඇති අතර, ලෝකයේ ගමනාන්ත 117ක් දක්වා එය ක්‍රියාත්මක විය. 2019 වසර වන විටදී ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සේවයේ සේවක සංඛ්‍යාව 6,693ක් ලෙස වාර්තා වෙයි. රටවල් වශයෙන් ගත් කල ලෝකයේ රටවල් 51ක් වෙත මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වඩාත් ලාභ ලබන සමාගමක් බවට පත්කිරීම උදෙසා 1998දී එය පුද්ගලීකරණය කරන ලදී. එනම් 1998 වසරේදී මෙම සමාගමේ කොටස්වලින් 40%ක ප්‍රමාණයක් ඩුබායිහි පිහිටි එමිරේට්ස් ගුවන් සමාගම වෙත ලබා දුන්නේය. ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් ඒ සඳහා රජයට ලැබුණු අතර, මෙම ගිවිසුම වසර 10ක කාලයට අස්සන් කෙරිණි. කෙසේ හෝ පසුව එමිරේට්ස් සමාගමට ලබා දුන් කොටස් ප්‍රතිශතය 43.6% දක්වාද වැඩි කෙරුණු අතර, එම සමාගම යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉහළ ආදායම සහ ලාභ ලබන ආයතනයක් බවට පත්විය. මේ ආකාරයට 2008 වසරේ රාජපක්‍ෂ රජය පාලන සමයේදීද ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතා සාර්ථක ආයතනයක් බවට පත්ව තිබුණේය. ‘ශ්‍රී ලන්කන් – එමිරේට්ස්’ ලෙසින් සඳහන් කෙරුණු මෙම සමාගමේ වාර්ෂික ලාභය ඒ වන විට වසරකට රුපියල් බිලියන 9.3ක් විය. මෙය අතිවිශාල ලාභයක් විය.

2008 වසරේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කණකොකා හඬන්නට පටන් ගත්තේය. ඒ වන විට වසර කිහිපයක සිට මෙම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා වූයේ, අති දක්‍ෂ ප්‍රවීණ ගුවන් සේවා පරිපාලකයකු වූ බි්‍රතාන්‍ය ජාතික පීටර් හිල්ය. ඔහු 1999 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පරිපාලනයට පැමිණීමට පෙර එමිරේට්ස් ගුවන් සේවයේ පරිපාලනය භාරව සිටියේය. කෙසේ හෝ එමිරේට්ස් සමාගමට ශ්‍රී ලන්කන් සමාගමේ කොටස් හිමිවීමත් සමගම පීටර් හිල්ට ශ්‍රී ලන්කන් සමාගමේ පරිපාලනයද භාර කෙරිණි. ඒ අනුව ඔහුගේ පරිපාලන කාලය තුළදී මෙම ගුවන් සේවය රුපියල් බිලියන ගණනින් ලාභ ලබන්නට විය. එහෙත් මෙලෙස කාලය ගතවී යත්ම 2008 වසරේදී සිදුවූයේ අපූරු සිදුවීමකි. එහිදී මහින්ද තමන්ට සහ පිරිවරට විදෙස්ගත වීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම පීටර් හිල් විසින් ප්‍රතික්ෂේප කළේය. ඒ, එම ගුවන් යානය අනෙකුත් මගීන් සඳහා වෙන්කර දී තිබීම හේතුවෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද පීටර් හිල්ගේ ශ්‍රී ලංකාවේ රැකියා කිරීම සඳහා වන රැකියා බලපත්‍රය අහෝසි කර දැමුවේය.

මෙම අර්බුදය එතැනින්ද නැවැතුණේ නැත. එතැනින් පසුව 2008 වසරේදී එමිරේට්ස් ගුවන් සේවය සමග ඇතිකරගෙන තිබුණු ගිවිසුම අවලංගු කෙරුණු අතර, නැවැත එය දීර්ඝ කිරීම සිදුනොවිණි. එතැන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විනාශය පටන්ගත් අතර, දිනෙන් දින අතිශය දරුණු ලෙස පාඩු ලබන්නට විය. නිල වාර්තාවලට අනුව 2008 සිට 2015 දක්වා රාජපක්‍ෂ රජය පරිපාලනය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වසර හතක කාලයක පාඩුව පමණක් රුපියල් බිලියන 128.2ක් විය. මෙය ඇමෙරිකානු ඩොලර්වලින් මිලියන 875ක් පමණ වෙයි. සැබැවින්ම මෙය අතිශය දරුණු පාඩුවක් වූ අතර, ගුවන් සේවය මේතාක් දක්වා ගොඩගැනීමට නොහැකි තත්ත්වයකට පත්විය. එමිරේට්ස් ගුවන් සමාගම සමග එකට එක්ව කටයුතු කළ කාලයේ ඩොලර් මිලියන ගණනින් ලැබූ ලාභයන් අන්තයටම පිරිහී ගොස්, ඩොලර් මිලියන ගණනින් පාඩු ලබන්නට වූයේ මෙම හිටපු රාජ්‍ය නායකයාගේ පුද්ගලික විරසකය හේතුවෙනි.

මෙලෙස ගුවන් සමාගම අතිශය දරුණු ලෙස පාඩු ලබන්නට හේතු වූයේ එම සමාගම තුළ සිදුවූ දූෂණ, වංචා රැසක් සහ නාස්තිය බවට කරුණු හෙළිවිය. එකල රාජ්‍ය පාලකයන්ගේ නෑ හිතවතුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත්කිරීම හේතුවෙන් එම උසස් තනතුරු දැරූ පුද්ගලයන් විසින් මහා පරිමාණ වංචා සිදුකරන්නට විය. එම කතාන්දර ලියා තබන්නට ග්‍රන්ථයක් හෝ මදිය. කෙසේ හෝ මෙලෙස සිදුවූ විනාශයන් සොයා බලන්නට 2015දී යහපාලන රජය බලයට පත්වූ පසු පංචා පුද්ගල කමිටුවක් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලදී. මූලික කරුණු 10ක් යටතේ අදාළ සමාගමේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ මෙම කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එමිරේට්ස් ගුවන් සමාගම අතර එළඹ තිබුණු ගිවිසුම අවලංගු කිරීම, ගුවන් යානා හා වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණීම හා බදු දීම, සේවක බඳවා ගැනීම්, මිහින් ලංකා සමාගම ස්ථාපිත කිරීම හා නිමා කිරීම ආදී කරුණුද මෙහිදී අවධානයට ගැනිණි.

කෙසේ හෝ 2018 ජනවාරි 31 වැනිදා යටකී කොමිසම පත්කෙරුණු අතර, 2019 ජූලි 02දා එම කොමිෂන් වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදෙන ලදී. කෙසේ හෝ මෙම වාර්තාව නීතිපතිවරයාට යොමුකර යම් චූදිතයන්ට එරෙහිව නඩු පවරා අත්අඩංගුවට ගැනීම් ආදියද සිදුකෙරුණත්, මේතාක් දක්වා කිසිවෙකුත් සිරගෙට ගොස් නැත. එසේම මෙම වත්මන් රාජපක්‍ෂ රජය බලයට පත්වීමෙන් පසුව විවිධ නඩුහබ රාශියකට මුහුණ දුන් චූදිතයන් රාශියක්ම අධිකරණයෙන් නිදහසද ලැබුවේය. මේ අනුව කිසිදු ප්‍රබල දූෂණ වංචාවකට හසුවූ පුද්ගලයකුට මේ තාක් දක්වා දීර්ඝ සිරදඬුවම් නියම වී නොමැත. සෑම දිනකම සිර දඬුවම් නියම වූයේ සමාජයේ සිටින පොඩි මිනිසාට පමණි.
එමිරේට්ස් ආයතනයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉවත් වීමෙන් පසුව 2009 වසරේදී සිදුවූ පාඩුව රුපියල් කෝටි 930ක් වූ අතර, 2014 වර්ෂයේදී එය රුපියල් කෝටි 400කට ආසන්න වී තිබිණි.

කෙසේ හෝ පසුගිය යහපාලන රජය සමයේදී, එනම් 2015 සහ 2016 වැනි වසරවලදී එම පාඩුව රුපියල් කෝටි 160ක් පමණ දක්වා අඩු වූ බැව් පැවසෙයි. මීට අමතරව වසර 2008දී එමිරේට්ස් ගුවන් සමාගමට කොටස් තිබියදී ශුද්ධ වත්කම් රුපියල් කෝටි 1,500ක් වී තිබූ අතර, එමිරේට්ස් සමාගම ඉවත් වීමෙන් පසු 2015 වන විට ශුද්ධ වත්කම ඍණ රුපියල් කෝටි 7,500ක් බැව් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වත්කමට වඩා බැරකම ඉහළ ගොස් තිබූ බැව් වාර්තා විය. මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කිසිදු අංශයකින්වත් ලාභයක් ලබා නොතිබුණු බැව් ප්‍රකාශ විය. මෙම සමාගම භාණ්ඩාගාර ඇප මත විවිධ බැංකු හා වෙනත් ආයතනවලින් ලබාගත් ණය මුදලින්, ශ්‍රී ලංකාවේ තවත් විශාල අධිවේගී මාර්ගයක් තැනිය හැකි බැව්ද ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කර ඇති කරුණකි. මෙලෙස ‘ශ්‍රී ලන්කන් සුදු අලියා’ රටට මහා බරක් වන්නට විය.

අලුත්ම නිල වාර්තාවලට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස 10ක කාලය තුළ පමණක් රුපියල් බිලියන 58ක් පාඩු ලබා ඇත. දළ වශයෙන් දිනකට ලබන අලාභය රුපියල් මිලියන 193ක් වෙයි. මෙම සේවය පවත්වාගෙන යෑමට නම් ඉතාමත් කඩිනමින් ඩොලර් මිලියන 300ක් අවශ්‍ය බැව් පැවසෙයි. එහෙත් මෙතරම් මුදල් ලැබෙන්නේ කොතැනකින්ද? පසුගිය කාලය තුළ සමාගම තුළ එකතු වී ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 374ක් බැව්ද පැවසෙයි.

මෙවැනි තත්ත්වයක් තිබියදී පසුගියදා ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ මෙහෙයුම් නිලධාරියා ලෙස, බටහිර විදේශීය ජාතිකයකු වන රිචඩ් නටෙල් පත්කර ඇත. ඔහු වසර 30ක් පුරා ලෝකයේ රටවල් පහක ගුවන් යානා සමාගම් රැසක පරිපාලනය දරා ඇති අතර, එම සමාගම් ලාභදායී සමාගම් බවට පරිවර්තනය කර ඇතැයි පැවසෙයි. සුද්දකු එළවා දැමූ රාජපක්‍ෂ රජය දැන් තවත් සුද්දෙකු ගෙනැවිත් ඇත.

දැනට මහා අගාධයකට වැටී තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවය එම නරා වළෙන් ගොඩගැනීම සඳහා විදේශිකයකු, ප්‍රධාන වාණිජ මෙහෙයුම් නිලධාරියා ලෙස පත්කර ඇත. රිචඩ් නටෙල් නමැති ඔහු වසර 30ක කාලයක් පුරා ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගම් රැසක පරිපාලන කටයුතු සිදුකර ඇත. සවුදියා ගුවන් සේවය, රාජකීය ජෝර්දාන් ගුවන් සේවය, පිලිපීන ගුවන් සේවය ආදී රටවල් රැසක රාජ්‍ය ගුවන් සේවයන්හි වාණිජ මෙහෙයුම් පරිපාලනය භාරව රිචට් නටෙල් කටයුතු කර ඇත. ඔහුගේ කාර්යශූර පරිපාලනය හේතුවෙන් ඉහත ගුවන් සමාගම් රැසක් ඩොලර් මිලියන ගණනින් ලාභ ලබා ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. ගුවන් සේවා උපායමාර්ග සංවර්ධනය, උපදේශනය, ඩිජිටල් උපායමාර්ග, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම් සහ බෙදාහැරීම් හා විකුණුම් ක්ෂේත්‍රයන්හි ඔහු ප්‍රවීණයකු ලෙස සැලකෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා…

Next Post

සමීර කළුගම්පිටියගේ කතා කරන කාටූනය!

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.