• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ පුතා නිසා හැමදේකටම හුරු වෙනවා…

July 22, 2021
in Heart
Reading Time: 4 mins read
A A
මගේ පුතා නිසා හැමදේකටම හුරු වෙනවා…
Share on WhatsAppShare on Facebook

මම ගොඩාක් බයයි දරුවො වඩාගන්න…
දැන් ඉතින් දරු නැළවිලි ගී තමයි කියන්නෙ…

මුතු වරුසාවක් මැද මුතුගේ නිවෙසට පසුගියදා පුංචි තරුවක් එළිය දුටුවා. ඉතින් මුතුගේ මේ සතුට කිරි සුවඳින් නිවෙස පුරාම පැතිර යන සොඳුරු මොහොත ඒ සතුට ඔබත් සමග බෙදා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පිනී මුතු තරංගාට අපි කතා කළා.

මුතු ඉතින් කොහොමද?
ගොඩාක් සතුටින් තමයි ඉන්නේ.

ඒ සතුට තවත් උතුරා යන්නට හේතුවක් බලපෑවා නේද?
ඔව්… අනේ මගේ පුංචි සමනල් පැටියා පසුගියදා අපේ කැදැල්ලට එකතු වුණා. ඒක තමයි මේ සතුටට විශේෂම හේතුව. මගේ පුංචි පුතාට මගේ මුළු ජීවිතයම දැන් කැප කරලා තමයි තියෙන්නේ.

ඔබේ පුංචි පුතුට ලස්සන නමක් එහෙම දැම්මද?
තවම නමක් හැදුවේ නැහැ. හඳහනට ගැලපෙන විදියට නමක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ.

ඔබ දැන් මවක් කියලා හැමදෙනාම කියන කොට ඔබට මොනවගේ හැඟීමක්ද දැනෙන්නේ?
ඒ උත්තරීතර ‘මව්’ පදවි නාමය මට වචනවලින් කියලා නිම කරන්න බැහැ. මේ ලෝකේ අම්මලා වුණු සියලුමදෙනාට දැනුණු හැඟීම මටත් දැනෙනවා. ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුමදෙනාගේ ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මුතුව කාලෙක ඉඳලා නිර්මාණවල දැක්කේ නැහැ. දැන් පුතුගේ වැඩකටයුතුත් එක්ක නිර්මාණවලින් ඈත්වෙලා යාවිද?
මම අවසානයට රඟපෑවේ ‘රැස්’ ටෙලිනාට්‍යයේ. මම ඒ අවස්ථාවේ ටොලම් අයියාටත් කිව්වේ මගේ චරිතය ගැබ්ගන්න බිරියක් විදියට නිර්මාණය කරන්න කියලා. මොකද මම හිතුවා මේ කාලවල මට මවක් වීමට වාසනාව ලැබෙයි කියලා. දැන්නම් ඉතින් මොන කාල වකවානුවක මම රඟපාන්න එයිද කියලා මට දැන්ම කියන්න බැහැ. මම හිතන්නේ ටික කාලයක් දරුවා සමග මට ඉන්න වෙයි. හැබැයි මම කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. කාලයත් එක්ක මට සුදුසු කාලයක් උදාවෙයි නැවැත නිර්මාණවලට සම්බන්ධ වීමට.

ඒ දවස්වල මුතු දරුවන් වඩාගෙන රඟපෑමට බියක් තිබුණා නේද?
ඇත්තටම ඔව්… සමහර නිර්මාණවල මට එවැනි චරිත තිබුණා නිරූපණය කිරීමට. මම බැහැ කියලා කිව්වා. මොකද මම ගොඩාක් බයයි අතදරුවෙක් වඩාගෙන රඟපාන්න. ඒ කාලවල ගැබිනි මවක් දැක්කත් මට බය හිතුණු අවස්ථා තිබුණා. දැන් ඉතින් මගේම කියලා දරුවෙක් ඉන්න නිසා ඒ හැම දෙයටම මම හුරු වෙනවා. එතකොට ඉදිරියේදී එවැනි චරිතයක් වුණත් රඟපාන්න මම බය නැහැ.

දරුවා ලැබීමෙන් පසු මුතු තවත් ලස්සන වෙලා වගේ?
මම එහෙම රූපය ගැන හිතලා වැඩ කරන කෙනෙක් නෙවේ. සරලව ජීවත් වුණු කෙනෙක් මම. පුතා ලැබුණා කියලා මගේ බාහිර ස්වරූපය වෙනසක් වෙලා නැහැ. හිටියා වගේම ඒ විදියටම මම ඉන්නවා.

‘කොවිඩ්’ ප්‍රශ්නත් එක්ක පුංචි බයක් තියෙන්න ඇති නේද?
ඇත්තටම ඔව්… ඒ බය අදටත් තියෙනවා. පුතාව බලන්න ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක් ආශාවෙන් බලන් ඉන්නවා. ඉතින් මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නත් එක්ක දැන්ම කවුරුත් ගෙදරට එන්නේ නැහැ. තව මාස කිහිපයකින් විතර මගේ නිවෙස තරුවලින් පිරී ඉතිරී යාවි.

රඟපෑම මඳකට නතර කරපු එකේ ඔබේ ගායන හැකියාවෙන් යමක් කළොත් නරකද?
දැන් ඉතින් දරු නැලවිලි ගී තමයි මම කියන්නේ.

පුතාගේ වැඩකටයුතු මුතුගේ අතින්මද කරන්නේ?
මගේ උදව්වට අම්මාත්, නංගිත් ලොකු සහායක් දෙනවා. ගෙදර උයන, පිහින වැඩකටයුතු නම් කරන්නේ මගේ සැමියා තමයි මේ දවස්වල.

–වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගිනිගත් නැවෙන් යළි මුහුදට තෙල් කාන්දුවෙන්න පටන් අරන්!

Next Post

හිටපු STF වීරයා සජිත්ට එක්වෙයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.