• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෆුට් සයිකලයක් තිබුණු මම අද මේ ඉන්න තැන ගැන ලොකු සතුටක් තියෙනවා ! මගේ ගමන මම ආවේ තනියම ! මමම සින්දු ලියලා, මමම ඒවා හැදුවා ! කිසිම කෙනෙක්ගෙන් උදව් ගත්තේ නෑ ! Sri Lanka Latest News

December 20, 2025
in Heart
Reading Time: 4 mins read
A A
ෆුට් සයිකලයක් තිබුණු මම අද මේ ඉන්න තැන ගැන ලොකු සතුටක් තියෙනවා ! මගේ ගමන මම ආවේ තනියම ! මමම සින්දු ලියලා, මමම ඒවා හැදුවා ! කිසිම කෙනෙක්ගෙන් උදව් ගත්තේ නෑ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ බිහිවූ හඬ පෞරුෂය, ගී පද රචනය, තනු නිර්මාණය, ගායනය ආදී වූ බහුවිධ හැකියාවන් තුළින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ අද්විතීය මෙහෙවරක් ඉටුකළ, ලාංකීය රසික හදවත් තම සුසංයෝගයෙන් හැඩ කළ ඒ අපූරු හඬ පෞරුෂය ලක්ෂ්මන් හිල්මි නම් වේ. ඒ අපූරු හඬ පෞරුෂයේ සංගීත ගමන්මගේ ආදරණීය මතක රැසක් සමග අද ‘මව්රට’ ‘හාට්’ අතිරේකයේ කතාබහ ඔහු සමගයි.Sri Lanka Latest News

කාලයක් අපි අහපු අපේ හිත්වල රැඳුණු කාලෙකින් අපි නොදැකපු ඒ ලක්ෂ්මන් හිල්මි දැන් කෝ කියලා මුලින්ම ඇහුවොත්?
කාලෙකින් නොදැකපු කියන්නේ ඉතින් මෙහෙමයි. අවුරුදු දහයක් වගේ මගේ කාලසීමාව තුළ මම නිර්මාණ, ඒ වගේම අලුත් ගීතවල මම හිටියා. පාස්කු ප්‍රහාරය එතකොට කොරෝනා කාලයෙන් පස්සේ මම ගොඩක් නිහඬ වුණා. ඒකට හේතුව වුණේ රෑ 12 වෙනකං සංගීත කණ්ඩායම් එක්ක ගීත ගායනා කරන එක මට වදයක් වුණා කාලයක් යද්දි. මං ඒ නිසාම ඒක පස්සේ යන එක නතර කළා. හැබැයි මම දකින විදිහට කලාකරුවෝ කාලයෙන් කාලයට උඩ යට යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම හිතන්නේ මටත් ඒ වගේ කාලයක් තියෙන්න ඇති. මම ඕනෙකමින් යට ගියෙත් නෑ. ඕනෙ කමින් උඩ ආවෙත් නෑ. මම බොහොම හෙමින් පටන් ගත්ත ගමනක් මේක. මගේ නිර්මාණ මම ගායනා කරලා, මමම සින්දු ලියලා, මමම ඒවා හැදුවා කිසිම කෙනෙක්ගෙන් උදව් ගත්තෙ නෑ. මම තනියෙන් ආපු ගමනක් තියෙන්නේ. මට සින්දු ලියලා දුන්න අයත් ඉන්නවා. ඒත් මම මගේ ගමන ගොඩක් දුරට තනියම ආවේ. මම ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය කියන දේ පසුපස හඹාගිය කෙනෙක් නෙවෙයි. මම ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ 2001 දී වගේ. මම හිතන්නේ මිනිස්සු මාව දකින්න නෑ කිව්වේ මම රූපවාහිනිය තුළ දකින්න හිටියේ නැති නිසා වෙන්න ඇති. මිනිස්සු ඇත්තටම අපිව දකින්නේ වේදිකාව තුළ ඇරෙනකොට රූපවාහිනියේ. මට ගොඩක් රූපවාහිනී නාලිකා ගුවන්විදුලි වැඩසටහන්වලට කතා කළත් මම ඒවා ප්‍රතික්ෂේප කරපු අවස්ථා වැඩියි. ඒ නිසා තමයි මම දකින්න ලැබුණේ නැත්තේ. මට දැන් ඇති වගේ දෙයක් හිතුණා. මම දැනටත් ගොඩක් මේ වගේ දේවල්වලට සහභාගි වෙනවා අඩුයි. ඒ හේතු නිසා වෙන්න ඇති ගොඩක් අයට මාව දැන් පේන්නේ නෑනේ කියලා හිතෙන්න ඇත්තේ. සමාජ මාධ්‍ය තුළ එහෙම මම සක්‍රීයව වැඩකටයුතු කරගෙන ගියා. ඒ වගේම මගේ ශබ්දාගාරයේ වැඩකටයුතු කරගෙන ගියා හැමදාම. ඉතින් මම කලින් කිව්වා වගේම හැමෝම කාලෙකට උඩට මතුවෙනවා. තවත් කාලෙකට යට යනවා. මටත් ඒකම වුණේ කියලා තමයි මම හිතන්නේ.

ඒ කියන්නේ ලක්ෂ්මන් හිල්මි කියන ගායකයා තනු නිර්මාණ ශිල්පය පද රචනය මේ අංග සම්පූර්ණ ගායකයා මේ කාලේ පුරාවටම ඔබ ඇතුළේ ජීවත් වුණා කියන එකද?
අනිවාර්යයෙන්ම. මගේ ගෙදරම මගේ ශබ්දාගාරය තියෙන්නේ. මම ඉස්සර නම් මාසෙකට සින්දු 15-20ක් වගේ නිර්මාණ කළා. 2001දී සීඩී, කැසට් මේ වගේ ඉල්ලුම වැඩි වුණාම මාසෙට සින්දු පහක් වගේ නිර්මාණය කළා. දැන් මේවගේ මිල ගණන් වැඩියි. ඉතින් ඊට සාපේක්ෂව ඉස්සර වගේ සින්දු 10-15 හදන්න ඕනෙ නෑ. සින්දු 3-4ක් වගේ හැදුවම ඇති. ඉස්සර රුපියල් හයදාහකට වගේ මෙලඩි රෙකෝඩින් මේ ඔක්කොම කරලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් දැන් එහෙම නෙවේ ලක්ෂ ගණන්වලින් නිර්මාණ බිහිවෙන්නේ. මම නිහඬව හිටියා කියලා හිතුවට මම සක්‍රීයව හිටියා. ඕනිම කෙනෙක්ට ඕනෙම වෙලාවක මං එක්ක කතාකරන්න පුළුවන්කම තිබුණා. මම සංගීතය තුළ ජීවත් වුණා ඇත්තටම.

සංගීත ක්ෂේත්‍රයෙන් මේ විදිහට ඈත්වෙලා ඉන්නකොට ලක්ෂ්මන් හිල්මි කියන නම ප්‍රේක්ෂකයන් අතින් ගිලිහෙයි කියලා හිතුණේ නැද්ද?
ඇත්තටම මම දන්නවා අනිවාර්යයෙන්ම මම ගායනා කරපු ගීත ඒ වගේම මම නිර්මාණය කරපු ගීත අදටත් නව පරපුර අතර සමාජ මාධ්‍ය හරහා බොහොම ඉහළින් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි මම කවදාවත් හිතන්නේ නෑ මේ ක්ෂේත්‍රය තුළ මගේ නම මැරිලා කියලා. ඒක ගැන එච්චර හිතන්නේ නෑ. මගේ නිර්මාණ තාමත් තියෙනවා. වේදිකාවේ ඉල්ලුම කාලයෙන් කාලයට එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඉතින්. මම හිතනවා මගේ නිර්මාණවලින් ගායන ක්ෂේත්‍රයට මම යමක් කරපු පුද්ගලයෙක් කියලා. ඕනෙම වෙලාවක වේදිකාවකට නැගලා මට ගීත ගායනා කරන්න පුළුවන්. මොකද මගේ නිර්මාණ මං ළඟ තියෙනවා. වේදිකාව තුළ මං ඉල්ලන ගාන මට දෙනවනම් මම වේදිකාවෙන් සමුගන්නෙත් නෑ. කොහොම වුණත් මේක කාලයෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මම හඹායාමක් කරන්නේ නෑ. මට කවදාවත් බලෙන් ජනප්‍රිය වෙන්න, බලෙන් ප්‍රසංගවලට යන්න මට කොහෙත්ම අදහසක් බලාපොරොත්තුවක් නෑ. ඒකට හේතුව මගේ නමට පොඩි තැනක් හරි මට මේ රටේ තියෙනවා. ඉතින් ඒ තැන ඒ තත්ත්වය තියාගන්න මම හරි කැමැතියි. මම මගේ නමට මාරම ආදරෙයි.

ඒ කියන්නේ ඔබ ප්‍රේක්ෂකයන් අතර හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා හිතුවා. එහෙම නේද?
අනිවාර්යයෙන්ම. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මම කාගෙවත් ගීත නිර්මාණයක් විදිහට ගායනා කරලා නැහැ. එතකොට මගේ නිර්මාණ සියල්ල මම හදාගෙන තියෙන්නේ මගේ ශබ්දාගාරයේ. මම මියුසික් කරගෙන තියෙන්නේ. ඒ නිසා මගේ නිර්මාණ ගැන මට බයක් නෑ. මම කරපු නිර්මාණ හයදාස් ගානකට වැඩියි. ඒ හයදාස් ගණනින් දෙදහස් ගණනක් විතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒවා ඉහළම තලයට යනවා. මම හිතනවා මම සාර්ථක ගමනක් ගිහින් තියනවා කියලා. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය හෝ මිනිස්සු අතර හැම වෙලේම පේන්න ඉන්නවා කියන එකයි කලාකරුවෙක්ගේ පැවැත්ම කියන එකයි දෙකක්. කලාකරුවෝ පවතින්නේ නිර්මාණ හැකියාව, දක්ෂතාව තුළ. ඒ වගේම වාසනා මහිමය කියලා දෙයකුත් තියෙන්න ඕනෙ ජනප්‍රියත්වය පවතින්න මං හිතන්නේ එහෙම. ඉතින් එක එක කාලවලදී මිනිසුන්ට ජනප්‍රියත්වය කියන දේ ඉහළ යනවා. තවත් වෙලාවක පහළ යනවා. එහෙම තමයි මේකේ ස්වභාවය. හැමදේම වෙනස් ඉතින්.

අද සින්දුවක් කරන්න හිතුණොත් එදා වගේම කරන්න පුළුවන්ද? ඒක ඉස්සර හිටිය හිල්මිගේ ගීතයක් කියලා අපිට දැනෙයිද?
අනිවාර්යයෙන්. මම අද වෙනකම් ජීවිතේ හැමදේම වෙනස් විදිහට හිතන කෙනෙක්. හැමදේම අධ්‍යයනය කරන කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම අවු: 15 වගේ ඉඳන් මම විවිධ ශෛලීන්වල ගීත අහලා තියෙනවා. ඉතින් මට ඕනෙම ශෛලියකින් ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් කැපවීමක් මට තියෙනවා. සමහර නිර්මාණ කරලා තියෙනවා ඒවා මගේද කියල හිතාගන්නවත් බැරි තරම්. ඉතින් මගේ ඒ තියෙන නිර්මාණ ශක්තිය නැතිවෙලා නෑ. නමුත් දැන් මේ කාලේ වෙනස් නිසා සංගීත රටාව වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒවට මුකුත් කියන්න බෑ. අපි ආපු කාලෙට වඩා දැන් සංගීත ක්ෂේත්‍රය වෙනස්. ඒකට කිසිම කෙනෙකුට දොස් කියන්න බෑ. දැන් කාලේ ගොඩක් දක්ෂ තරුණ ගායක ගායිකාවෝ ඉන්නවා. හැබැයි නිර්මාණ නම් අඩුයි. තාක්ෂණයත් එක්ක දැන් වෙනස් වෙලා තියෙන දේවල්වලින් ගන්න පුළුවන් දේවල් මාත් ගන්නවා. කාත් එක්කවත් තරඟ කරලා දිනන්න දෙයක් නෑ අපි හරියට වැඩකටයුතු කරොත් අපි පවතියි. මම තව අවුරුදු පහකින් වගේ පේන්න නැතුවම වුණත් යන්න පුළුවන්. මොකද මට මේකෙන් අයින් වෙන්න කාලයක් ආවොත් මම අයින් වෙනවා. ඒක තමයි කලාකරුවෙක්ට සුදුසුම දේ. මම දෙයක් කරන්නේ නෑ කිව්වොත් ඒ දේ කරන්නේ නෑ. එහෙම මගේ සිතුවිලි දඩබ්බර ගතියක් තියෙනවා. අයින් වෙන්න ඕන කාලෙට අයින් වෙනවා මම. එතකොට නැවත මාව වේදිකාව තුළදී, ප්‍රෝග්‍රෑම්වලදිවත් දකින්න වෙන එකක් නෑ.

මාලතී නුඹයි, සිහින පාරාදීසයේ මේ වගේ ගීත නිර්මාණය වුණේ ඔබේ පෞද්ගලික අත්දැකීම් එක්කද?
පෞද්ගලික අත්දැකීම් එකක්වත් නෑ ඇත්තටම. මාලතී නුඹයි ගීතය කළේ රෝහණ හෙට්ටිආරච්චි. සිහින පාරාදීසේ ගීතය කළේ බන්දුල ජයසිංහ අයියා. එතකොට මගේ පුද්ගලික අත්දැකීම් කියලා දෙයක් නැහැ. හැබැයි මම එදිනෙදා සමාජයේ දකින දේවල් මගේ ගීතවලට අරන් තියෙනවා. මගේ ජීවන චාරිකාව තුළ මගේ හිතට දැනුණු දේවල් තමයි මම මගේ නිර්මාණවලට අරන් තියෙන්නේ.

එදා සිට අද දක්වා ඔබේ සංගීත ගමන දිහා හැරී බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ?
මං හිතන්නේ මම තව ආත්මික ඉපදුණොත් කලාව කියන දේ මට ලැබෙන්න ඕනේ කියලා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි මට ලැබෙන්න කියලා. කලාකාරයෙක් කියන්නේ වටිනා සම්පතක්. ඒක හැමෝටම ලැබෙන දෙයකුත් නෙවෙයි. මට ඕනෙ හැමදේම ලැබුණා මම හිතන විදිහට. සමහරුන්ට නම් කොච්චර ලැබුණත් මදි. මට නම් එහෙම නෑ. මට අනිත් අය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් වගේම මගේ ලැබීම මෙච්චරයිනේ කියලා හිතලත් සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතය ආපස්සට හැරිලා බැලුවොත් මට පුදුම සතුටක් දැනෙනවා. මොකද ෆුට් සයිකලයක් තිබුණු මම අද මේ තැනට ඇවිත් ඉන්න එක ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා.

හිල්මි ‘කම් බැක්’ කියලා අපිට අහන්න ලැබෙයිද?
ඇත්තටම මම ජනප්‍රියත්වය හොයාගෙනවත් ඒ පස්සේ යන කෙනෙක්වත් නෙවෙයි. මම කැමැති නෑ ඒකට. ගීතයක් ජනප්‍රිය වෙන්න අපේ කැපවීම, උනන්දුව, දක්ෂතාව, හැකියාව තියෙන්න ඕනෙ. නමුත් මගේ හිතේ එහෙම එකක් නෑ. මම නිර්මාණ කරනවා. කාලයෙන් කාලයට වෙනස් වෙන සංගීත රටාවත් එක්ක. මම වෙනස් නොවී ඒකට අනුගත වෙලා වැඩකරන්න කැමැතියි. මම ඉස්සරහට එහෙම නිර්මාණ කරනවා. ඇත්තටම තව අවුරුදු පහක් විතර ඉඳීවී. මම 2030 වගේ වෙනකන් උපරිම තව ඉඳීවි මම මේවා එක්ක. එතනින් පස්සේ මම මේවා එක්ක ඉඳල ජනප්‍රිය වෙලා මට වැඩක් නැහැ. මොකද මම එතකොට ගොඩක් වයසට ගිහින් ඉඳීවි. 2030 වෙනකොට මම හිතන්නේ මගේ සංගීත ගමනේ රළු කටුක සියල්ලන්ට මුහුණ දීලා ඉවර වෙයි කියලා. නිදහසේ ඉන්න කෙනෙක් වෙයි මම. මගේ නිර්මාණත් එහෙමම තියේවි. ඇත්තටම මම පසුගිය කාලයේ මගේ නිර්මාණ මම ලොකුවට ගණන් ගත්තේ නැහැ. මම ඒවා හදලා සමහර අයට දුන්නා. ඇත්තටම දෙයක් කියන්න ඕනෙ. යූටියුබ්වලදී මට තේරුණා මගේ ගීතවල නිර්මාණකරුවා මම නම් ඒවගේ මගේ නම නෑ. රචකයා මම නම් ඒත් මගේ නම නෑ. එහෙම දාලා මගේ ජනප්‍රිය ගීතවලින් ගීත 36ක් වගේ. ඇත්තටම මට හරි කනගාටුවක් ඇතිවුණා. මගේ නම නැතුව මගේ නිර්මාණය ඇතුළේ මම මැරිලා යන්න ඕනෙ නෑ. මං ඒවා හදාගත්තා. මගේ එකම ආසාව තියෙන්නේ දැන් ඒ දේවල් හදාගෙන මගේම යූටියුබ් චැනල් එකේ ඒ දේවල් මගේ අයිතිය සනාථ කරලා මගේ නිර්මාණ පවත්වාගෙන යන්න.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

අතමිට සරුවෙන තෑගිබෝග ලැබෙන සුපිරි සතියක්! Sri Lanka Latest News

Next Post

ගැලැක්සීස් ප්‍රියන්තගෙන් නත්තලට අලුත් වැඩක්! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.