• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජනප්‍රිිය නිළියන් රිජෙක්ට් කළ නළුවන් එක්කත් මම රඟපෑවා…

October 7, 2021
in Heart
Reading Time: 8 mins read
A A
ජනප්‍රිිය නිළියන් රිජෙක්ට් කළ නළුවන් එක්කත් මම රඟපෑවා…
Share on WhatsAppShare on Facebook

• සිනමාවට තවත් වසන්තයක් අරන් අපි ආවේ…
• සබීතයි මායි අතරේ තරගයක් තිබ්බේ නැහැ…
• නිහාල්සිංහයන් මං දිහා ගල් ගැහිලා බලන් හිටියා…
• ඒක චිත්‍රපට වැස්සක් වැහැපු වාසනාවන්ත යුගයක්…
• මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය හින්නි හාමි…

මවුපිය උරුමයට අනුව දූදරුවන් රංගනයට පිවිසෙන කලාව හොලිවුඩයේ, බොලිවුඩයේ, කොලිවුඩයේ වගේම ශ්‍රී ලාංකේය සිනමාව තුළද විලාසිතාවක්ව සිදුවූයේ අද ඊයෙක නොවේය.
එලෙසම එකී මවුපිය තරු ක්‍රමයට සිනමා අම්බරයෙහි පායා ආ නළු-නිළි, දූ-පුතුන්… ඇතැමෙක් උල්කාපාත සේ පොළොව මත ඇද වැටිණි. තවත් ඇතැම්හු යම්තමකට වාගේ ජාම බේරාගත්තෝය.
ඒ අතර සමහර තරු දරුවෝ… ලාංකේය සිනමාවෙහි සදාතනික වූ මතක සටහන් තැබූහ. ‘නදීකා ගුණසේකර’ද එවැන්නියකි..,

හැබැයි එතැන කතන්දරය ටිකක් වෙනස්ය.., ඒ වෙනස තුළ වූයේ අම්මා නිළියක වුවද නදීකට නිළියක වීමේ උමතුව නොතිබීමය. ඒ කියා… නදීකාට චිත්‍රපට පිස්සුවක්වත් තිබුණේ නැත. කොටින්ම කියතොත් නදීකා නිළියක ලෙස කාංචනා වෙනුවෙන් කැමරාව ඉදිරිපිට සිටගත්තේ අම්මාගේ සුහද බලපෑමටය. එහෙමත් නැතිනම් අම්මාගේ ආශාවක් ඉටු කරලීමටය. තලතා ගුණසේකරද සිතුවේ.., දූ නදීකා කාංචනාගෙන් පසුව ඒ ‘චැප්ටර් එක ක්ලෝස්’ කරයි කියලාය. සියල්ල වෙනස් වූයේ නොසිතූ ලෙස ‘නදීකා’ හමුවේ චිත්‍රපට පෝලිමකට ගිවිසුම් අස්සන් කිරීමේ වාසනාව උදාවෙද්දීය. ‘නැඟී එන නවක නිළිය’ ලෙස නදීකා සරසවි සම්මාන උළෙලෙහිදී ‘ලක්ස්’ සම්මානය දිනාගන්නවත් එක්කම, අද්විතීය වූ ඉහළ පෙළේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇගේ නිවෙසේ දොරට තට්ටු කළේ තරගයට වාගේය.

එතැනින් පසු ඇගේ සිනමා දිවිය ඉතාම වාසනාවන්ත අහඹුවක්ම විය. ඒ අහඹුවෙහි රසමුසු කදිම සමතැන් ඕනෑ තරම් විය. ‘මව්රට’ අප ‘නදීකා ගුණසේකර’ට ආරාධනා කළේ ඒ රසමුසු තැන් ගැන රසකතා කියන්නටයි.., නිහතමානීව ඒ ඇරැයුම පිළිගත් ඈ හදවතින්ම අප හා දොඩමළුලු වූයේ මෙලෙසිනි.

ඔබ ගැන තොරතුරු ඇහෙනවා අඩුයි, කියන්නකො බලන්න සුවදුක් කොහොමදැයි කියලා?
සුවදුක් ඇහෙනවා අඩු, සුවදුක් ගැන කතා කරන්න මාධ්‍ය හමුවකට යන්නෙ නැති නිසයි. රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම පසුගිය දවස්වල ආරාධනා ලැබුණත් කොරෝනා උවදුර හමුවේ ඒවා බොහොම සුහදව ප්‍රතික්‍ෂේප කරලා, පරෙස්සම ගැන ටිකක් හිතන නිසා සෑහෙන කාල සීමාවක ඉඳන් ගෙදරට වෙලාම තමයි හිටියේ.

හොඳයි අපි කතාව පටන්ගනිමු, කාංචනාවක් වී ඔබ පැමිණියේ සිනමාවට වසන්තය උදාවී තිබූ යුගයක?
ඔව්… සිංහල සිනමාවේ ජනප්‍රියම, කඩවසම් නළුවකු වූ විජය කුමාරණතුංග සමගයි මගේ පළමු සිනමා හරඹය ආරම්භ වුණේ.

පාසල් යන දවස්වල විජය කුමාරණතුංග ඔබේ සිහින කුමාරයා වී සිටියා..?
නැහැ… සිනමා නළු නිළියනට පෙම් කරන කලාවක් මා තුළ කවදාවත් තිබුණේ නැහැ. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල ජෝඩු විලාසිතාවට රඟන ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකා යන ප්‍රවීණයන් ගැන නම් යම් ප්‍රියතාවයක් හීනියට වාගේ හිත කොණක තිබුණා මතකයි.

ඔබ පැමිණියේ නවක නිළි කෙල්ලන් රොත්තක්ම සමගයි..?
ඔව්… වසන්තය උදාවී තිබූ සිනමාවට තවත් වසන්තයක් අරගෙනයි අපි ආවේ… මම, සබීතා, ගෝතමී, අනෝජා, ශිරාණි නුගේරා, ගෝතමී පතිරාජා, වසන්තී සමග මැණික්ද ඒ වසන්තයට හවුල්ව සිටියා.

ඒ අතරින් ඔබට ගේම් එක තිබුණේ සබීතා පෙරේරා සමග..?
නැහැ… එහෙම ගේම් එකක් තිබුණෙ නැහැ…

එය මුසාවක්… ඔබයි, සබීතයි අතර චිත්‍රපට පොරයක් තිබුණු බව එවකට ප්‍රසිද්ධ රහසක්..?
මාධ්‍ය මගින් පතුරුවන පුංචි පුංචි ඕපාදූප මිසක සබීතා සහ මම අතර තරගයක් තිබුණේ නැහැ.., අනෙක 80 දශකය තුළ අපට තිබුණු ගේම් මොනවාද… අලුතෙන් ආව නිළියන් වාගෙම නළුවන්ටද රඟපාන්න ඕනෑ තරම් චිත්‍රපට තිබුණා. ඇත්තෙන්ම එය චිත්‍රපට වැස්සක් වැහැපු වාසනාවන්ත යුගයක්. එකවර චිත්‍රපට දෙක තුනකට ගිවිසුම් ගසන ඒ වාසනාවන්ත කාලයේ… සති තුන, හතරක් යනතුරුම චිත්‍රපට හෝල්වල ‘House Full’ කියන ලේබලය මතයි චිත්‍රපට තිරගත වූයේ.

කාංචනාගෙන් පසුව රඟපාන්නේ නැතැයි කියන බැරියරයක් මතයි ඔබ රංගනයට මැදිවුණේ..?
ඔව්… මම ආවේ එවැනි බැරියරයක් මා විසින්ම දමාගෙන තමයි.

‘කාංචනා’ වී ආවේ අම්මාගේ බලපෑමටයි..?
බලපෑමක් එතැන තිබුණේ නැහැ. එය සුහද ඉල්ලීමක් පමණක්ම වුණා. තලතා ගුණසේකර කියන ඒ ප්‍රවීණ නිළියගේ හිතේ ආශාවක් තිබුණා ‘නදීකා ගුණසේකර’ව කැමරාව ඉදිරියට එකම එක් වතාවකට හෝ රැගෙන යන්න… ඒක ඇගේ හිත තුළ නිතර හීනයක්ව තිබුණා. ඒ වාගේම ඇගේ නිළිකම මගේ ජාන තුළ ඉතා හොඳින් පිහිටා ඇතැයි කියන සිතුවිල්ල තුළද ඈ තද විශ්වාසයකින් පසුවූවා. ‘කාංචනා’ වෙත යෑමට ඈ මට දයාවන්ත තල්ලුවක් දුන්නේ ඒ නිසයි.

තාත්තා එයට තදින් විරුද්ධ වුණා නේද?
තද විරුද්ධකමක් තිබුණේ නැහැ. තාත්තාගේ සිහිනය වුණේ මා උපාධිධාරිනියක වෙනවා දැකීමයි.

විරසකව වෙන්ව සිටි මවුපිය දෙපළකගේ දියණිය ලෙස ඔබ එතැනදී පීඩාවට පත්වුණා..?
විරසකව වෙන්ව සිටියාට තාත්තයි, අම්මයි දරුවන් ඉදිරියේ කුලල් කාගත්තේ නැහැ. මගේ ජීවිතයේ මට ඔවුන්ව අවැසි සෑම අවස්ථාවකම ඒ දෙන්නා සුහදව සිටියාය කිව්වොත් එය බොරුවක් නෙවෙයි. මෙතැනදී ද සිදුවූයේ එයයි… රඟපාන්න එපා කියලා තාත්තා බලපෑමක් කළේ නැහැ. තාත්තාට මං ගැන විශ්වාසයක් තිබුණා. ඒ නිසා ඔහු මගේ නිළිකමටත් ආශීර්වාද කළා. කොහොම නමුත් මම ඒ දෙන්නාගෙම හොඳ දුව ලෙස, නිළියක ලෙස වාගෙම උපාධිධාරිනියක ලෙසත් ජීවිතය ජයගත්තා.

කාංචනාගෙන් පසු ‘චිත්‍රපට අරහං’ කියන සීමාව තුළ සිටි ඔබ 80 දශකයේ නිළියන් සමග පොරයට වැටුණා..?
වැටුණේ නැහැ… චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරු මාව ඇදලා ඒ පොරයට දැම්මා කිව්වා නම් හරියටම හරි.
ඔබ කියනවා වාගෙම විජය කුමාරණතුංග සමග කාංචනාට මැදිවෙන විට රඟපෑම හිසරදයක්ව තිබූ මට එයට පසු ඒ ගැන උමතුවක් ඇති වූයේ ඇයි කියන කාරණයට අදත් මට උත්තර නැහැ ඇත්තටම.

ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ තිරපිටපත් පොරය එයට හේතුවක් වූවා වෙන්නට බැරිද?
බොහෝ විට එයට ‘ඔව්’ කියන උත්තරය මා දියයුතුම වෙනවා.

කාංචනා ජනප්‍රිය වූ සැණින් ඔබට ‘යුනික්’ නිෂ්පාදන සමාගමෙහි ඇඞ්වටීස්මන්ට් එක ලැබුණා..?
ඔව්… එය මට අදහන්නටත් බැරි වුණා… ‘යුනික්’ කියන්නේ ඒ කාලේ ජනප්‍රියම රේඩියෝවක්. ඒ රේඩියෝව අතින්ගෙන ගහකට හේත්තු වී මා සිටින කැලැන්ඩරය තවමත් මගේ ළඟ සුරක්‍ෂිතව තියෙනවා. ඒ පුංචි නදීකාව දකින විට හිත සතුටින් අතීතයට දුවනවා.

නිහාල්සිංහ ඔබව ‘රිදී නිම්නය’ට ගත්තේ ඒ කැලැන්ඩරය සමගයි..?
ඔව්… ඔහු ‘කුසලා’ගේ චරිතයට යෞවනියක් හොයන ඒ දවස්වල ‘යුනික්’ දැන්වීම ගැන කිසිවකු ඔහුට කියා තිබුණා… ඔහුගේ ආරාධනය පරිදි ඔහු මුණගැසීමට මා පැමිණි මොහොතේ… නිහාල්සිංහයන් ඉඳගෙන සිටි පුටුවෙන් නැඟිට මා දෙස මොහොතක් ගල්ගැසී වාගේ බලා සිටියා. ‘මේ තලතගේ දුව නදීකා ගුණසේකර නෙවෙයි.., මේ මගේ හිතේ උන්න දැරිවි ‘කුසලා’ කියා ඔහු එයට පසු කීවේ හරිම උද්දාමයකිනුයි. ඒ මොහොතේ මට දැනුණු උද්දාමය සහ සතුට ඊටත් වැඩිය කිව්වොත් හරි… මොකද මට එවැනි නම්බුවක්, වටිනාකමක් දුන්නේ ‘වැලිකතර’ තැනූ පතාක යෝධ සිනමා තරුව ඔහු නිසයි.

80 දශකය සැරැසූ නිළි කෙල්ලන් අතර ඔබට කදිම ‘ව්‍යංකල්‍යාණයක්’ තිබුණාය කියා කිවුවොත්…
ඔව්… එහෙම වාසනාවක් මට තිබුණා. ඒක හැමෝම කිව්වා මතකයි. ඊට හොඳම නිදසුනක් වන්නේ ‘රිදී නිම්න’යෙහි ‘කුසලාගේ’ චරිතයයි.
මතක හැටියට එවකට වයස අවුරුදු දහනවයක, විස්සක වූ මා ‘කුසලා’ගේ චරිතයට යොමුවුණේ වයස එකොළහක දැරියක ලෙසයි.

රටක් නැළවූ ‘චංචල රේඛා’හී ‘දං චූටි’ත් එහෙමයි නේද?
ඔව්… ‘දං චූටි’ත් හරිම ළාබාල දැරියකගේ චරිතයක්. තව එවැනි චරිත කිහිපයක්ම ලැබුණා මතකයි.

‘විරාග’යේ ‘බතී’ගේ චරිතයට පළමුව තෝරා ගැනුණේ ඔබවයි..?
ඔව්… ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘විරාගය’ නිර්මාණය කරන්නට සූදානම්ව සිටි අවස්ථාවේදී, පසු කලෙක ඔහු ඒ තීරණය වෙනස් කළා. හැබැයි එතුමා ‘නදීකා ගුණසේකර’ව අතහැරියේ නැහැ. ‘බැද්දේගම’ ‘හින්නිහාමි’ ලෙස ඔහු ඉදිරියේ රඟපෑමේ වාසනාවන්ත වරම මට හිමිවුණා. මගේ සිනමා දිවියෙහි හැරැවුම් ලක්ෂ්‍යය ‘හින්නි හාමිගේ’ දුෂ්කර චරිත නිරූපණය බව කියන්නටම ඕනෑ. එයට පසු සුමිත්‍රා පීරිස් ‘යහළු යෙහෙළි’ සඳහා මාව තෝරා ගැනීමද සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්.

‘මලට නොඑන බඹරු’ ඔබ අතින් රිජෙක්ට් වූයේ එය ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ නිර්මාණය වූ නිසාද?
අම්මාගේ තීරණය වූයේ එය මට කිසිසේත්ම නොගැළපෙන චරිතයක් බවයි. එය නිෂ්පාදනය කළේද අම්මාට සමීප හිතවතෙක්. හැබැයි අම්මා ඔහු හමුවේ ඉතාම කාරුණිකව එය ප්‍රතික්‍ෂේප කළා.

අම්මා කැමැති වුණා නම් ඔබ එහි රඟපානවද?
නැහැ… එය මට නොගැළපෙන බව මමද දැනගෙන හිටියා. එය ඉතාම උසස් ගණයේ නිර්මාණයක්. නමුත් මගේ රංගන ශෛලිය තුළ වූ යම් සීමාවන් නිසා එය අතහැර දැමීමට සිදුවූවා.

ඔබ සම්භාවනීය චිත්‍රපට සේම වාණිජ රැල්ල තුළද සාර්ථක වූවා?
ඔව්… අහිංසක ආඩම්බරයකින් මම කියනවා, එය ඉතා දුර්ලභව කලාකරුවකුට හෝ කලාකාරිනියකට ලැබෙන වාසනාවක්. නිහාල්සිංහ, ලෙස්ටර් පීරිස්, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර සහ සුනිල් ආරියරත්න යන විශිෂ්ට ගණයේ ප්‍රවීණයන් වාගෙම සේන සමරසිංහ, තිලක් වේහැල්ල, ලෙනින් මොරායස් වැනි ‘බොක්ස් ඔෆිස්’ චිත්‍රපට නිර්මාණකරුවන්ද මගේ නිළි ජීවිතයේ සාර්ථකත්වයට හේතු වුණා… ඒ අතර චංචල රේඛා, වජිරා, ඔබ මට විශ්වාසයි, රන් හදවත, ඇය ඔබට බාරයි වගේම යුගයෙන් යුගයට විශේෂයි. ලෙනින් මොරායස්ගේ ‘යුගයෙන් යුගයට’ චිත්‍රපටය තුළ විජය සමග මා රඟන ජනප්‍රිය ගීත 8ක් තිබුණා.

බොක්ස් ඔෆිස් වාර්තා තැබූ බැප්ටිස්ට් ප්‍රනාන්දුගේ ‘ටිකිරා’ චිත්‍රපටය ඔබ රිජෙක්ට් කළ හේතුව?
ඉහතක මා ඔබට කී සීමාව එතැනදී ද බලපෑවා. නිරුවත හෝ පහත් දර්ශන නැතුව ගියද ‘ටිකිරා’ මට නොගැළපෙන බව මා මෙන්ම අම්මාද තීරණය කර තිබුණා. හැම චරිතයම මට හරිය කියන හැඟීම තුළ මම කවදාවත් හිටියේ නැහැ. කෙසේ වුණත් ජෙනීටා සමරවීර එය ඉතාම මනබඳනා ආකාරයට රඟපාලා තිබුණා. සමහර විටෙක එය මට වඩා දක්ෂව ඇය නිම කළා මං හිතන්නේ.

ඔබට මඟහැරුණු ඔබ රඟපාන්නට මනාපයෙන් සිටි යම් අධ්‍යක්‍ෂවරයකු එවකට හිටියාද?
ඔව්… ධර්මසේන පතිරාජ නම් අසමසම නිර්මාණකරුට මාව මඟහැරී ගියා. ඔහු මාව ඔහුගේ ඉතා අලංකාර නිර්මාණයක් සඳහා නම්කොට තිරපිටපතද බාර දීමට නියමිතව තිබුණා. නමුත් අවාසනාවකට එය මඟහැරී ගියා.

ඔබෙන් ගිලිහුණු චරිතය ලැබුණු නිළියගේ නම කියන්න පුළුවන්ද?
චරිතය මවෙතින් ගිලිහී යෑමක් එතැන සිදුවූයේ නැහැ. නිර්මාණය කරන්නට නියමිතව තිබූ චිත්‍රපටය නිෂ්පාදන අංශයේ ගැටලුවක් මත දින නියමයක් නැතිව කල්ගියා. ඉන්පසු එය එහෙම්මම යටපත් වුණා. ‘කනගාටුයි නදීකා.., ඔයාටයි මටයි වැඩ කරන්නට තිබූ අපූරු අවස්ථාවක් මඟ ඇරුණා නේදැ’යි කියා පතිරාජ නිතර ඒ ගැන දුක්වුණා.

රඟපාන්නට කැමැති නළුවකු එවකට ඔබට සුවිශේෂීව සිටියාද?
නැහැ… ජෝඩු ක්‍රමයට එකම නළුවකු සමග රඟපෑමේ විලාසිතාවට මා මැදිව සිටියේ නැහැ. අහවල් නළුවා මට අවශ්‍ය’යැයි මම කිසිදුම නිෂ්පාදක හෝ අධ්‍යක්‍ෂවරයකුට කීවේද නැහැ.
බොහෝ විට සමහර ජනප්‍රිය නිළියන් රඟපාන්නට බැහැයි කියා රිජෙක්ට් කරන නළුවන් සමගද මම රඟපෑවා. ඒ වාගෙම කවර් පේජ්වල පවා මගේ අබියස සිටින නළුවා ප්‍රවීණද, ආධුනිකද කියන කාරණය මට කිසිවිටෙක අදාළ වූයේ නැහැ.

ඔබ ප්‍රධාන චරිත රඟපෑ තිලක් වේහැල්ලගේ ගුණාත්මක නිර්මාණයක් තිරගත නොවී සැඟව ගියා නේද?
අතිශයින්ම කනගාටුදායක සිදුවීමක්. ‘සුවඳ මලකි විස කටුවකි’ නම් ඒ අපූරු චිත්‍රපට කතාවේ මා සමග ලකී ඩයස් සහ ක්ලීටස් මෙන්ඩිස් රඟපෑවා. එය සරත් අල්විස්ගේ නිෂ්පාදනයක්.
කුමක් හෝ හේතුවකට එය ප්‍රදර්ශනය වූයේ නැහැ. ළඟකදී ආරංචියක් ආවා සරත් අල්විස්ගේ පුතා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා උත්සාහ ගන්නවාය කියා. ඇත්තටම එය ඉතාම හොඳ උත්සාහයක්. දෑස් දල්වා මම බලාගෙන ඉන්නවා තරුණ අවධියේ මම රඟපෑ, තිරගත වෙනවා දැක ගන්නට බැරිව ගිය ඒ අලංකාර සිනමාපටය දැකගන්නට ලැබේවාය කියා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රටවල් 3කින් හාල් ගේන්න ආණ්ඩුව සූදානම් වෙයි!

Next Post

ගුරුවරුන්ගෙ සටන ආණ්ඩුවේ රොෂාන්ට පෙනෙන හැටි සහ විපක්ෂයේ ෆොන්සේකාට පෙනෙන හැටි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.