වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා ගුරුවරුන් දියත් කර ඇති සටන සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ සරත් ෆොන්සේකා මහතා අදහස් පළ කර සිටියේය.
එහිදී රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ ගුරුවරු අසාධාරණ ලෙස කටයුතු කරන බවත්, තවදුරටත් ගුරුවරුන් ගෙදරට වී සිටීමට ගියහොත් දෙමව්පියන් ඔවුන් ගැන බලාගනු ඇති බවත්ය.
නමුත් ෆොන්සේකා මහතා සදහන් කර සිටියේ ගුරු ප්‍රශ්නය සාධාරණ බවත්, ඔවුන්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව විසදුම් ලබා දිය යුතු බවත්ය.










