• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

House Full බෝඩ් සිංහල සිනමාවට ආවේ කොහොමද

March 1, 2020
in Heart
Reading Time: 1 min read
A A
House Full බෝඩ් සිංහල සිනමාවට ආවේ කොහොමද
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාවේ ප්‍රථම කතා නාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් පසුව මෙරට බොහෝ චිත්‍රපට බිහිවිණි. මේ අතර අප සමාජය තුළ සිදුවූ සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට කීපයක්ම අපට එදා මෙදාතුර නැරැඹීමට හැකි විය. දශක ගණනාවක් තුළ තිරගත වූ සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අතර House Full පුවරුවට නිවනක් නොතිබුණේ ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ ‘හිතුවොත් හිතුවාමයි’ හා ටයිටස් තොටවත්ත මහා අධ්‍යක්ෂණය කළ ‘මරුවා සමඟ වාසේ’ යන චිත්‍රපට දෙක වීම විශේෂත්වයකි. එම චිත්‍රපට දෙකම 77 වර්ෂය තුළ තිරගත වීම තවත් විශේෂත්වයකි.

සියලුම ආසන පිරී ඉතිරී යෑමෙන් එදා දුටු House Full පෙරළිය සිනමා රසිකයන්ගේ ඒ අතීත මතකය තුළ අදටත් නිසැකවම රැඳී ඇත.

70 දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය අවධිය බව අවිවාදයෙන් පිළිගැනෙන්නෙකි. එම කාලය තුළ ලාභ ලබන කර්මාන්තයක් ලෙස සිනමාව පවත්වාගෙන යෑමට පුරෝගාමී වූ වෙළෙඳ චිත්‍රපට ප්‍රවණතාවේ ප්‍රමුඛයන් අතර ඉදිරියෙන්ම සිටි සිනමා නිර්මාණකරුවෙකි ලෙනින් මොරායස් මහතා. ඔහු ‘සූරයන්ගෙත් සූරයා’ චිත්‍රපටයේ සිට ‘යුගයෙන් යුගයට’ යන චිත්‍රපටය දක්වා සිනමා නිර්මාණ ගණනාවක් මෙරට සිනමාවට දායාද කළේය.

ඔහුගේ සිනමා නිර්මාණ සියල්ලම කාමුක දර්ශනවලින් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව විනෝදාස්වාදය ශිෂ්ට සම්පන්න ලෙස ප්‍රේක්ෂකයා වෙත කාන්දු කර තිබූ බව නොරහසකි. ඔහු දායාද කළ සිනමා නිර්මාණ ගොන්න අතර වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ්‍යධඹීෑ ත්‍ඹඛඛ පුවරුවට නිවනක් නොදුන්නේ ‘හිතුවොත් හිතුවාමයි’ චිත්‍රපටය විය හැක.

එම සිනමා පටයට පාදක වූයේ කලත්තෑවේ අපරාධ කැලැත්ත මෙහෙයවූ සොයිසාගේ ජීවිත කතාවයි. මෙහි සොයිසාගේ චරිතයට පණ පෙවීමට ප්‍රතාපවත් රංගන ශිල්පියකු සොයා ගැනීමට ලෙනින් මොරායස්ට සිදුවිය. එයට සුදුසුම නළුවා වෙනින් කවුරුවත් නොව විජය කුමාරණතුංගයන් යැයි ඔහු තීරණය කර ‘සොයිසා’, ‘ඉන්ස්පෙක්ටර් රාමනායක’ හා ‘චුක්කි’ යන චරිත නිරූපණය කිරීමට විජය කුමාරණතුංගයන්ටම භාර කළහ.

70 දශකයේ අවම පහසුකම් මැද නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ඉහත කී චරිතවලට පණපෙවූ විජය කුමාරණතුංගයන්ගේ දැවැන්ත රංගන රටාව වර්තමානය තුළ බිහිවන සිනමා නිර්මාණවල දකින රංගනයන් සමඟ සසඳන විට ඉතා ඉහළ මට්ටමක එදා එය තිබූ බව සඳහන් කළ යුතුමය.
නිෂ්පාදක ලුසී ජේජ්ය. ගී පද රචනා ජෝර්ජ් ලෙස්ලි හා ඔගස්ටස් විනයාගරත්නම්ගෙනි. ගීත ගායනා කළේ එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොළ, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක ආදීන් විසිනි. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායකයන්ය. ප්‍රධාන චරිත කීපයක් විජය කුමාරණතුංගයන් නිරූපණය කළ අතර ශ්‍රියානි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, ඩොමී ජයවර්ධන ආදීහු සෙසු චරිත නිරූපණය කළහ.

රජයේ චිත්‍රපට අංශයට එක්වී එහි සංස්කරණ ශිල්පියකු ලෙස කලක් කටයුතු කර පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ටයිටස් තොටවත්තයන් ප්‍රථම වරට ‘රේඛාව’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

සිනමාපට කීපයක්ම සංස්කරණය කළ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන්නේ ‘චණ්ඩියා’ චිත්‍රපටයයි. ඉන් නොනැවතී ‘හෙවන’, ‘හාර ලක්ෂය’, ‘සිහසුන’, ‘සාගරිකා’, ‘මංගලා’, ‘මරුවා සමඟ වාසේ’, ‘හඳයා’ වැනි නිර්මාණශීලී චිත්‍රපට ගණනාවක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී. එම චිත්‍රපට කීපය අතරින් මෙරට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කළ ‘මරුවා සමඟ වාසේ’ සිනමා පටය එදා අතිශයින් ජනප්‍රිය වූවකි.

සිනමා අඹරේ රංගධරයන් බහුතරයක් මෙහෙයවා ඇති තොටවත්තයන් විජය කුමාරණතුංගයන් මෙහෙයවූ මුල් අවස්ථාව වන්නේ ‘මරුවා සමඟ වාසේ’ සිනමා පටය තුළින්ය. එයට පෙර තොටවත්තයන් නිර්මාණය කිරීමට සූදානම් වූ ‘පුරන් අප්පු’ චිත්‍රපටයට විජය තෝරාගෙන සිටි බව හා එහි පුහුණුවීම් කළ තොරතුරු හා ඡායාරූප පුවත්පත් මඟින් දැක ඇත. එම චිත්‍රපටය නිමාවී ප්‍රදර්ශනය වූවා නම් විජය සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය තොටවත්තයන්ට හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.

සිරිපාල හෙවත් මරුසිරාගේ චරිතයට විජය යොදාගෙන ගොඩනැඟූ එම දැවැන්ත සිනමා නිර්මාණය කලාත්මක සිනමා පටයක් ලෙස ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූවකි. 77 වර්ෂයේදී සිනමා හල්වල ්‍යධඹීෑ ත්‍ඹඛඛ පුවරුවට නිවනක් නොදුන් එම චිත්‍රපටය නැරැඹීමට ජනගඟ ඇදුණේ මහ වරුෂාව මැද සමාජයේ යහපත් මිනිසකු ලෙස ජීවත් වූ සිරිපාල පසුව අංගුලිමාලයකු ලෙසින් පැමිණීමත් අතර වූ විජයගේ රංගන පරාසය ඉතාමත් ප්‍රබලය. එවැනි ගැඹුරු චරිතයක් නිරූපණය කිරීම වෙනුවෙන් රංග කුසලතා :ධක්‍ෂක්‍* සම්මානයද විජයට හිමිවිය. නිෂ්පාදනය හේවා කුරුප්පු විසිනි. ගී සංකල්පනා කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්තිද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධනගෙනි. පසුබිම් ගායනා එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, අල්හාජ් මොහිදීන් බෙග්, ලතා වල්පොළ, මිල්ටන් මල්ලවආරච්චි, එම්.එස්. ප්‍රනාන්දුගෙනි. සංගීතය අර්නස්ට් සොයිසාගෙන්ය. මෙහි සිරිපාල හෙවත් ‘මරුසිරා’ගේ චරිතය විජය කුමාරණතුංග නිරූපණය කළ අතර ගීතා කුමාරසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර, බන්දුල ගලගෙදර ආදීහු රංගනයෙන් දායක වූහ.
ගාමිණී වර්ණපුර

SendShareShare
Previous Post

මෛත්‍රීගේ සුරේන්ට යනඑන මං නැති‌ කොට TNA එක අද යාපනයෙන් සටනට බහී

Next Post

ඇස් රවටන කේන්දරේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.