• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගොසිප් නොවදින විදියට ජීවත්වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ…

June 15, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ගොසිප් නොවදින විදියට ජීවත්වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ…
Share on WhatsAppShare on Facebook

අලුත් පරපුරට අවස්ථාවක් දෙන්නෙ නැහැ…
මේ වගේ පහත් වැඩ කරන්නෙ ඇයි කියලා හිතාගන්න බැහැ…
ටෙලිනාට්‍ය හදලා ගෙදර තියාගන්න කවුද කැමති…

මේ දවස්වල හදවිල අරණ විසල් පූර්ණජිත් ලෙස ඔබට සමීප වන ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ගිවන්ත අර්ථසාද්. ඔහුට මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ මඩ ප්‍රහාරයක් පැතිර යනවා. ඉතින් ඔහු මේ ප්‍රශ්නයට මුහුණ දෙන විදිය ගැන දැනගන්න ඔහුට කතා කරන්න අපි හිතුවා.

🔴 ගිවන්තට එරෙහිව මේ දවස්වල මඩ ප්‍රහාරයක් යනවා නේද?
ඔව් නේ… ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන විසල්ගේ චරිතයට තමයි එවැනි මඩ ප්‍රහාරයක් සිදුවන්නේ. ඔය දේවල් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ජනප්‍රිය ඕනෑම කෙනකුට මුහුණ දෙන්න වෙන් දේවල්. විසල් ජනප්‍රිය ගායකයෙක්. ඉතින් නෙත්මිගේ ආදරයට මම ආදරය කරන්නෙ නැති නිසා නෙත්මි කණ්ඩායමක් සමග එකතු වෙලා කරන දෙයක් තමයි මේ දවස්වල විකාශය වෙන්නේ.

🔴 ඔබටත් සාමාන්‍ය ජීවිතයේදී මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවද?
අපේ මට එහෙම වෙලා නැහැ. මම සියලු දෙනා සමග සහයෝගයෙන් වැඩකරන කෙනෙක්. ගොසිප් එකක් නොවදින විදියට ජීවත් වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ. අනෙක මේ ගොසිප් ගහන අය මොනව බලාපොරොත්තුවෙන් එවැනි පහත් වැඩ කරනවද කියලා හිතාගන්න බෑ.

🔴 හැබැයි ඉතින් විසල්. නෙත්මිට ආදරය කරලා පසුකාලකදී හඬකට වශී වෙලා ඒ ආදරය පසුපස යන එක හරිද?
නෙත්මිට වඩා නදීගේ තිබෙන හැකියාව වගේම ඇගේ ගතිගුණ, අහිංසකකමට විසල්ගේ හිත යනවා. හැබැයි ඉතින් අවසානයේ විසල්ට නෙත්මිගේ ආදරය නැවත ලැබෙනවා.

🔴 ඔබ රංගන ශිල්පියකු වගේම තවත් පැත්තකින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කළා. ඉතින් ‘කාසි’ ඔබේ කුළුඳුල් නිර්මාණය, එය තවම අපට දැකගන්න ලැබුණේ නැහැ?
ඔව්, මමත් ගොඩක් ආශාවෙන් හිටියේ ‘කාසි’ විකාශය වෙනකම්. ඒ වගේම එය විකාශය කරගැනීමට ගොඩක් මහන්සි වුණා. ඒත් තවම විකාශය කරගන්න බැරි වුණා. මං වගේම මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් නිර්මාණ කරලා ඒවා විකාශය කරගන්න බැරිව ගෙදර තියාගෙන ඉන්නවා.

🔴 ඒ කියන්නේ ඔබ නැවත නිර්මාණයක් කරන අදහස හිතින් ඇත්හැරලාද?
ඔව්, ඉතින් නිර්මාණ කරලා ගෙදර තියාගන්න කවුද කැමැති. දැන්නම් මම ඒ අදහස අත්හැරලා තියෙන්නේ. ආශාව, හැකියාව තිබුණට අලුත් පරපුරට අවස්ථාවක් දෙන්නේ නැත්නම් ඔවුන්ගේ හැකියාවන් යටපත් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. මේ නිර්මාණකරණයට ක්‍රමවේදයක් අනුව හොඳ සැලසුමක් තිබුණොත් ගොඩ බොහෝ දෙනකුට ඔවුන්ගේ නිර්මාණ විකාශය කරගන්න දොර විවර වෙයි කියලා මම හිතනවා.

🔴 ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන කෙනෙක් බව අපි දන්නවා. රටේ තිබෙන කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්නේ කොහොමද?
ඔව්, ඒක තමයි ලොකුම ප්‍රශ්නය. මේ ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක් වෘත්තීය ශිල්පීන් ලෙස කටයුතු කරනවා. ඒ සියලු දෙනාටම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවෙලා. මේ අවස්ථාවේ සියලු දෙනාට සහනදායී පිළිවෙතක් ලැබෙනව නම් වටිනවා.

🔴 මේ දවස්වල ඔබේ වැඩකටයුතු කොහොමද?
නිර්මාණ වැඩකටයුතු කරන්න බැරි නිසා ගෙදරට වෙලා තමයි කාලය ගෙවෙන්නේ. කරපු නිර්මාණ තිබෙනවා ඉදිරියේදී විකාශය වීමට. පසුගිය දවස්වල නිශාන්ත ප්‍රදීප් අධ්‍යක්ෂණය කළ ‘මොනර දැල’ චිත්‍රපටයට සම්බන්ධ වෙලා හිටියේ.
–වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජනපතිගෙන් දෙමළ සන්ධානයට හදිසි කැඳවීමක්!

Next Post

මව කොරෝනාවෙන් මියයයි! ගයත්‍රි ඩයස් හඬමින් වීඩියෝවක් නිකුත් කරයි!! (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.