දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ කැඳවීමකට අනුව මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිත බව දැනගන්න ඇත.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ පහේ නියෝජිතයන් මෙම සාකච්ජාවට සහභාගී වනු ඇති බව වාර්තා වේ.










