• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

FM මාෆියාවයි CD මාෆියාවයි සංගීත ලෝකය විනාශ කළා…

May 8, 2021
in Heart
Reading Time: 5 mins read
A A
FM මාෆියාවයි CD මාෆියාවයි සංගීත ලෝකය විනාශ කළා…
Share on WhatsAppShare on Facebook

බැළුම්ගලේ සිංහ කොඩියක් ගහන එක මගේ හීනයක්…

ලංකාවේ මුල්ම සිඩි එක ගැහුවේ මම…

රාජු බණ්ඩාර කියන නම ඇහුව ගමන් එක සැරේටම අපට මතක් වෙන ගීත කිහිපයක්ම තියෙනවා. හැබැයි ඒ ගීත සියල්ලම මේ වෙද්දි දශක කිහිපයක් පැරැණියි. හරියටම කිව්වොත් රාජු බණ්ඩාර ගායන ශිල්පියාගේ පළමු ඇල්බමයේ ගීත තමයි අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට නව නිර්මාණ කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අහන්න ඕනෑ කලාකරුවන් අතර රාජු බණ්ඩාරගේ නමත් ඉදිරියේම තියෙනවා. ඒ ප්‍රශ්නය විතරක් නෙවෙයි තවත් ප්‍රශ්න ගොන්නක් හිතේ තියාගෙන තමයි අපි රාජු බණ්ඩාරයන්ට කතා කළේ.

🔴 පසුගිය දවසක සමාජ මාධ්‍ය වෙතට එකතු කරලා තිබුණු අලුත් වීඩියෝව ගැන කතා කරලම අපි වැඩේ පටන් ගමු?
නිදහස් දවස වෙනුවෙන් පසුගිය පෙබරවාරි 04 වැනිදා මම සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් එකතු කළා. ඒක තමයි අන්තිමට කෙරුව වැඩේ. ඒක හැබැයි අලුත් සිංදුවක් නෙවෙයි. මීට අවුරුදු 07, 08කට කලින් ගායනා කළ එකක්. දෙල්තොට චන්ද්‍රපාල මහත්මයා රචනා කළ ඒ ගීතය මමමයි සංගීතවත් කළේ.

🔴 ඇයි ඒ ගීතය නිදහස් දවසෙම නැවත එළියට දාන්න හිතුවේ?
ඒක ඇත්තටම දේශාභිමානී ගීතයක්. ලංකාවේ සුන්දරත්වය පෙන්වන දර්ශන තමයි ඒ රූප රචනාවට ඇතුළත් වුණේ. ඒ වගේම ඒ ගීතය අවසානයේ මගේ හිතේ තියෙන ලොකු හීනයක් එළියට දාන්නත් මට පුළුවන් වුණා. ඒත් ඒ හීනය තවමත් සැබෑ වෙලා නැහැ.

🔴 මොකක්ද ඒ හීනය. අපි ඒ ගැනත් කතා කරමු?
කෑගල්ල, මාවනැල්ල ප්‍රදේශවලට පේන බැළුම්ගලේ සිංහ කොඩියක් දාන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේක දැන් කාලෙක ඉඳන් තියෙන බලාපොරොත්තුවක්. ඇත්තටම මගේ අම්මා හින්දා තමයි මේ බලාපොරොත්තුව මට ඇති වුණේ. ඉස්සර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී කාලේ ඔය බැළුම්ගලේ ඉංග්‍රීසි කොඩිය ලෙළදුන්නා කියලා අම්මා මට කියලා තියෙනවා. ඒ කතාව ඇහුව දවසේ ඉඳන් මේ ගලේ සිංහ කොඩිය ලෙළදෙන හැටි බලන්න මට ආශාවක් තියෙනවා. ඒ ආශාව තමයි නිදහස් දවසේ එළියට දැම්ම ගීතයේදී ආර්ට් වර්ක් එකක් හරහා හරි සැබෑ කර ගත්තේ.

🔴 රූප රචනාව අලුත් වුණාට ඒ ගීතයත් පැරැණි එකක්නේ. එතකොට කවදාද අන්තිමට ගීතයක් අලුතින් එළියට දැම්මේ?
මගේ අන්තිම ගීත ඇල්බම් එක නම් එළියට දැම්මේ 2008 අවුරුද්දේ. ඊට පස්සේ අලුත් ගීත කිහිපයක් නිර්මාණය කළා. ඒ වගේම මගේ මුල් ගීත කිහිපයක් නව සංගීතයට නැවත නිර්මාණය කරලා නව පරපුර අතරට පත් කළා. ඒවත් ගොඩක් ජනප්‍රිය වුණා. මං හිතන්නේ “දන්නවාද ඔයා” සහ “හිත හදාගෙන මගේ” කියන ගීත දෙක තමයි මම අන්තිමට එළියට දැම්මේ. ඒ අතරින් දන්නවාද ඔයා කියන ගීතයට වීඩියෝවක් පවා නිර්මාණය කළා.

🔴 2008 අවුරුද්දෙන් පස්සේ ඇත්තටම ඇයි ගීත නිර්මාණය කරන එක නැවතුණේ?
එතැනින් පස්සේ ගීත ඇල්බම් කරලා වැඩක් නැති වුණානේ. මම අන්තිමට කෙරුව ඇල්බම් එකත් මට විකුණාගන්න බැරි වුණා. ඒ වෙද්දි මම ගීත එකතු හතරක් කරලා තිබුණා. ඒ ගීත එකතු හතරම රුපියල් 60කට මිලදී ගන්න පුළුවන් තත්ත්වයක් තමයි ඒ වෙද්දි වෙළෙඳපොළේ තිබුණේ. ඉතිං කොහොමද අපි නව නිර්මාණ කරන්නේ.

🔴 නමුත් ඔබේ මුල්ම ගීත ඇල්බම් නිකුත් වෙද්දි ඔය වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ වගේම සී. ඩී. ගැන කතා කිරීමේදී ඔබ පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයකුත් තියෙනවා. ඒ ගැනත් මතක් කරමු?
මම මුලින්ම ගීත එකතුවක් කළේ 1993 අවුරුද්දේ. ඒකේ නම රන් සීනු. ඒ ඇල්බම් එක මම කැසට් එකක් වගේම සී. ඩී. එකක් විදියටත් එළියට දැම්මා. ඒක තමයි ලංකාවේ ගායන ශිල්පියෙක් නිර්මාණය කළ මුල්ම සී. ඩී. එක. ඒ වෙද්දි වෙනත් ආකාරයේ තැටි වර්ග ඇවිත් තිබුණත් සී. ඩී. තැටි ලංකාවේ තිබුණේ නැහැ.

🔴 කොහොමද ඒ සුවිශේෂී අවස්ථාව ඔබට ලැබුණේ?
ජර්මනියේ හිටිය මගේ හිතවතුන්ගේ උදව්වෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. කැසට් එක ලංකාවේ නිෂ්පාදනය වුණත් ඒ සී. ඩී. එක නිෂ්පාදනය වුණේ ජර්මනියේදී. මගේම නිර්මාණයක් වුණත් ඒ සී. ඩී. ලංකාවට ගේන්න මට බද්දකුත් ගෙවන්න වුණා.

🔴 ඔබ ගායන ශිල්පියෙක් වෙන්න කලින් ඉතාම දක්ෂ වාදක ශිල්පියෙක්. අපිට මතක විදියට බේස් ගිටාරය තමයි ඒ කාලේ නිරන්තරයෙන් ඔබේ අතේ තිබුණේ?
බේස් ගිටාරය අතට ගන්න කලින් මම ලීඩ් ගිටාර් ශිල්පියෙක්. අවුරුදු දෙකහමාරක්, තුනක් විතර මම නුවර ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදක ශිල්පියා විදියට කටයුතු කළා. ඊට පස්සේ තමයි මට කැලැරන්ස් විජේවර්ධනයන්ගේ මදාරා සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මදාරා තමයි ක්ලැරන්ස් අයියා හැදුව අන්තිම සංගීත කණ්ඩායම. රූකාන්ත, මරියසෙල් වගේ බොහෝ දෙනෙක් ඒ කණ්ඩායමේ හිටියා. අපි ඒ කාලේ ප්‍රසංග සඳහා ඇමෙරිකාවට පවා ගියා.

🔴 මම නිවැරැදි නම් එතැනින් පස්සේ ඔබ ෆෝචූන් එක්ක එකතු වෙනවා?
මදාරා කණ්ඩායමේ බිඳ වැටීමත් එක්ක මම සංගීතය ගැන කලකිරුණා. ඊට පස්සේ වෙනත් රැකියාවක් කරමින් ඉන්න අතරේ තමයි මට ස්ටැන්ලි පීරිස් මහත්මයා ෆෝචූන් කණ්ඩායම සඳහා ආරාධනා කළේ. ඒ වෙද්දි කීර්ති පැස්කුවෙල් මහත්මයා සුපර් ෆෝචූන් හදාගෙන යන්න හිටිය කාලේ. ඒ හින්දා ෆෝචූන් කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා බවට පත්වෙන්න මට පුළුවන් වුණා. එතනදි තමයි බේස් ගිටාරය මගේ අතට ආවේ. එහෙම ඉන්න ගමන් ගීත කිහිපයක් නිර්මාණය කර ගත්තා. ඇල්බම් එක නිකුත් කරලා ගායන ශිල්පියෙක් බවට පත්වෙනකම්ම මම ෆෝචූන් කණ්ඩායමේ හිටියා.

🔴 පළමුවැනි ඇල්බම් එකෙන් පස්සේ කාලය ගැන කතා කළොත්?
මගේ දෙවැනි ඇල්බම් එක කරද්දි මම ටිකක් ජනප්‍රියයි. ඒ හින්දා ඒ සඳහා නිෂ්පාදකයෙකු පවා සොයා ගන්න මට පුළුවන් වුණා. ඒ අතර කාලයේදී මම සන්ෆ්ලවර් එක්ක මගේ මුල් ගීත නැවත ගායනා කළා. කොහොම වුණත් දෙවැනි ඇල්බම් එක එද්දි අපේ කලා ලෝකය එෆ්. එම්. මාෆියාව ගිල අරගෙන තිබුණේ. ඒ අයට සල්ලි දීලා ගීත ප්‍රචාරය කරවා ගන්න ඕනෑ යුගයක් ඇති වෙලා තිබුණේ. ඒවට කැමැති වුණේ නැති හින්දා මුල් ගීත එකතුව තරම් අනෙක් ගීත ජනතාව අතරට ගියේ නැහැ.

🔴 එෆ්. එම්. චැනල් ඒ තරම් බලපෑමක් ගායන ශිල්පීන්ට සිදු කළාද?
ඔව්. ඒක විශාල බලපෑමක්. ඒ මාෆියාව අදටත් වෙනස් වෙලා නැහැ. මේ ඊයේ පෙරේදා එක්තරා යොවුන් එෆ්. එම්. චැනල් එකක අලුත් ශිල්පියෙක් ගායනා කරන මගේ ගීතයක් ප්‍රචාරය වුණා. මම ඒ ගැන ඒ ආයතනයෙන් ඇහුවම ඒ අය කියනවා කවර් එකක් වෙන්න ඇතිලු. කවර් එකක් නෙවෙයි මොකක් වුණත් මගේ අවසරය නැතිව කොහොමද එහෙම සිංදු කියන්නේ. කිව්වත් ප්‍රසිද්ධ මාධ්‍යයක ඒවා ප්‍රචාරය කරන්නේ කොහොමද. ඒ මාෆියාව අදටත් වෙනස් වෙලා නැහැ කියලා මම කියන්නේ ඒකයි.

🔴 මාධ්‍ය වගේම ඒ ශිල්පියාත් කරලා තියෙන්නේ වැරැද්දක් නේද?
ඔව්. ගායන ශිල්පියෙක් වුණාම පරපෝෂිතයෙක් වෙන්න හොඳ නැහැ. මං කියන්නේ හැමදාම අපි විතරක් මේකේ ඉන්න ඕනෑ කියන එක නෙවෙයි. අලුත් පරපුරේ ඉතාම හොඳ දක්ෂයෝ ඉන්නවා. මොකද මමත් රියැලටි වැඩසටහන් විනිශ්චය කරලා තියෙනවනේ. ඒවයේ හුඟක් දක්ෂයෝ ඉන්නවා. හැබැයි මේ වගේ වැඩක් කරද්දි අඩුම ගානේ මගෙන් ඒ ගැන අහන්න හරි යුතුකමක් ඒ ශිල්පියාට තියෙන්න ඕනෑ.

🔴 ගායක ගායිකා සංගමයෙන් මෙවැනි දේවල්වලට මැදිහත් වෙනවා නේද?
ඒ මැදිහත් වීම හරියට වෙන්නේ නැහැ. මොකද ඒකට ඒ තරම් මැදිහත් වීමක් කරන්න බලයක් නැහැ. මේ දේවල් ගැසට් හරහා නීතිගත වෙලා හරි විදියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න නැහැ. ඒත් තවම එහෙම වෙන්නේ නැහැ.
අවසන් වශයෙන් මෙහෙම අහන්නම්. කවදාදා ආයේ ඔබගේ අලුත් ගීතයක් අපට අහන්න ලැබෙන්නේ?
දැන් මම මටම කියලා යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කරන්න වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඒ හරහා අලුත් නිර්මාණ කිහිපයක්ම රසිකයන්ට දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එහි තාක්ෂණික වැඩ කටයුතු අවසන් වුණු ගමන්ම අලුත් ගීතයකින්ම චැනල් එක එළියට දාන්න තමයි මම හිතාගෙන ඉන්නේ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගිය මාසෙ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ නොගිය ලොක්කො 4 දෙනා…

Next Post

ඉන්දියාවේ පාරවල් පුරා මිනී පිච්චෙද්දී මෝඩි බිලියන 10ක ‘ටජ්මහලක්’ හදයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.