• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

60 දශකයේ සිනමාකරුවෝ අගයති…

October 24, 2022
in Heart
Reading Time: 2 mins read
A A
60 දශකයේ සිනමාකරුවෝ අගයති…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සිනමා වංශකතාවේ ස්වර්ණමය යුගයක් වූ 60 වැනි දශකයේ සිනමාකරුවන් හට කෘතගුණ සැලකීම වෙනුවෙන් පිදෙන ‘සිල්වර් ස්ක්‍රීන්’ (Silver Screen) උපහාර පිදීමේ උළෙල පසුගියදා ඉතා උත්සවාකාරයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 60 දශකය යනු සිංහල සිනමාවේ නිර්මාණශීලී කලාකරුවන් රැසක් බිහිකරන ලද දශකයක් ලෙස සැලකෙයි. එසේම එම දශකය තවත් ජනප්‍රිය සිනමා කලාකරුවන් රැසක්ද බිහිකළ සමයක් විය. සිංහල සිනමාවට පසුගිය කාලයක් පුරා විවිධ අයුරින් විශාල මෙහෙවරක් ඉටුකරන ලද ‘සිල්වර් ස්ක්‍රීන් පදනම’ මෙම උත්සවය සංවිධාන කරන ලදී.

‘සිල්වර් ස්ක්‍රීන් පදනම (Silver Screen Foundation), මෙයට පෙර 50 දශකයේ සිනමා ශිල්පීන් වෙනුවෙන්ද උපහාර උත්සවයක් පවත්වනු ලැබීය. කෙසේ හෝ පසුගිය වසර 02කට වඩා කාලයක් පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් සිංහල සිනමාවේ බොහෝ කටයුතු අඩාළ විය. පසුගියදා පැවැති මෙම මහා උපහාර උත්සවයේදී 60 දශකය නියෝජනය කළ ප්‍රමුඛතම සිනමා ශිල්පීන් 30 දෙනකුට සම්මාන සහතිකපත් සහ මුදල් ත්‍යාගද පිරිනැමිණි. මෙහිදී අගැයීමට පාත්‍ර වූ ප්‍රවීණ, නිර්මාණශීලී සිනමාවේදිනියක වූයේ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියයි. එසේම 60 දශකය ඔපවත් කළ සිනමා ශිල්පිනියන් (රංගන ශිල්පිනියන්) තිදෙනකු වූ අනුලා කරුණාතිලක, නීටා ප්‍රනාන්දු සහ සුවිනීතා වීරසිංහද මෙහිදී සම්මානයට සහ අගැයීමට පාත්‍ර වූහ. සම්මානයට පාත්‍ර වූ සිනමා ශිල්පීන් 30 දෙනා අතරෙහි මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන සිනමා ශිල්පී සුමින්ද සිරිසේන සහ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන්ද වූහ. මෙම සිනමා ශිල්පීන් සියලු දෙනා බොහෝ සතුටින් යුතුව තමන්ට හිමි සම්මාන සහ මුදල් ත්‍යාගයන් ලබාගන්නා අයුරු දැකගන්නට ලැබිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වත්මන් සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ හිටපු අමාත්‍ය සහ ප්‍රවීණ සිනමා ශිල්පී ජීවන් කුමාරතුංගද සිනමා ශිල්පීන්ට උපහාර පිදීමට එක්වූහ. ‘සිල්වර් ස්ක්‍රීන් පදනමේ’ සභාපති ප්‍රමුඛ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සුනිල් ටී. ප්‍රනාන්දු මහතා සහ එම පදනමේ ප්‍රධාන ලේකම් ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මෙනවියගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ මෙම සිනමා ප්‍රණාම උළෙල සංවිධාන කෙරිණි. මෙම උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සිනමා ශිල්පීන් 30 දෙනා වෙනුවෙන්ම රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගද පිරිනැමිණි.

මෙම කර්තව්‍ය සඳහා විශාල ධනස්කන්ධයක් වැයකර ඇති අතර, ඒ සඳහා පෞද්ගලික දානපති ධන පරිත්‍යාගයන් ලබාදී ඇත. එහිදී සිංහල සිනමාවට බොහෝ ළැදියාවක් දක්වනු ලැබූ එස්. තරුමුරුගන් නමැති දෙමළ ජාතික ව්‍යාපාරිකයකුගේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රහය හිමිවී ඇත. සිංහල සිනමාවේ කලින් කලට නිරතව සිටි පැරැණි සිනමා ශිල්පීන් උදෙසා මෙලෙස අගැයීමක් සහ ප්‍රණාමයක් සිදුකළ යුතු යැයි මුලින්ම අදහසක් ඉදිරිපත් කර තිබුණේ මේ වන විට ජීවතුන් අතර නොමැති ප්‍රකට සිනමා ශිල්පියකු වන සුමිත් බිබිලේ මහතාය. ඔහු සිනමා රංගන ශිල්පිනී සනෝජා බිබිලේගේ පියාය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

තාත්තාගේ උපන් දිනය සමරන්න මහියංගනයට එන්න කිව්වේ මෙහෙම යන්නද මගේ රත්තරන් පුතේ?

Next Post

ඉන්දීය සම්භවයක් ඇති රිෂී බ්‍රිතාන්‍යයේ අගමැති පුටුවට!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.