• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලෙකු නළුවෙක් වෙන්න සම්මාන ගන්න උණක් මට නැහැ…! ලොකු සීන්නම් ඇත්තේම නෑ…! එයාලා මන් දිහා අමුතු විදියට බැලුවේ…! සමහරු හරිම කුහකයි… බොරුවට ලොකු සීන් පෙන්නනවා…! ලොකු කලකිරීමක් දැනෙන්නේ…! දර්ශන් තවරාජා I Sri Lanka Latest News

February 15, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ලෙකු නළුවෙක් වෙන්න සම්මාන ගන්න උණක් මට නැහැ…! ලොකු සීන්නම් ඇත්තේම නෑ…! එයාලා මන් දිහා අමුතු විදියට බැලුවේ…! සමහරු හරිම කුහකයි… බොරුවට ලොකු සීන් පෙන්නනවා…! ලොකු කලකිරීමක් දැනෙන්නේ…! දර්ශන් තවරාජා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිරු ටීවී එකේ විකාශය වන ‘රොන් සොයා’ ටෙලියෙ ‘රාජු’ ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා. ආටා එකක් හයර් කරන, කොණ්ඩෙ මුඩු කරලා කපාපු නපුරු පෙනුමක් තියෙන වත්තක කොල්ලෙක් විදියට රඟපෑවට ටෙලිය රසවිඳින තරුණ කෙල්ලො රාජුට හරි මනාපයි. මගතොටක හමුවුණොත් හැමෝම වාගෙ ‘අන්න රාජු…’ කියලා මහ හයියෙන් කෑගහනවලු.Sri Lanka Latest News

ඇත්තටම රාජු ඒ තරම්ම ජනප්‍රියද?
ඔව්. රොන් සොයා ටෙලියෙ රාජු ඒ තරම්ම ජනප්‍රියයි. ඒ හින්දමයි ‘හාට්’ එක වෙනුවෙන් පිළිසඳරකට එන්න කියලා ඔහුට ආරාධනා කළේ. ඉතින් ඔන්න රාජු ගැන කතා කරන්න රාජුට රඟන දර්ශන් තවරාජා බොහොම සුහදව ‘හාට්’ එකත් එක්ක හදවතින්ම එක්වුණා.
ඉතින් දර්ශන් කොහොමද මේ දවස්වල ඔයාගෙ අලුත් තොරතුරු?
‘රොන් සොයා’ ෂූටින් එක යනවා. ඒ අතර තවත් අලුත් ටෙලියකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙත් ෂූටින් ළඟදිම පටන් ගනීවි. ඒ අතර චැට් ෂෝවලට ලැබෙන ආරාධනාවලටත් පුළුවන් විදියට සහභාගි වෙනවා. ඔන්න ඔය විදියට තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ.
‘රොන් සොයා’ රාජු හිතුවෙ නැති විදියට ජනප්‍රිය වෙලා?
ඔව් නේ. මටවත් හිතාගන්න බැහැ. ඒ තරමට ප්‍රේක්ෂකයෝ රාජුට කැමැති වුණේ කොහොමද කියලා. මගතොටකවත් යන්න බැහැ. ‘අන්න රාජු’ කියලා හැමෝම කෑගහනවා. ෂූටින් බලන්න එන අයත් වැඩ ඉවර වෙන වෙලාව අල්ලලා කතාබහට එනවා. ත්‍රීවීල් එකේ ඉඳගෙන සෙල්ෆි ගහනවා. ෆොටෝ ගන්නවා ජාති ජාති වැඩ.
දර්ශන් කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ? සමහර විට ඒක වදයක් කියලා හිතෙනවද?
අයියෝ නැහැ. මම කොහොමද එහෙම හිතන්නේ. මුළු හිතින්ම මම ආසයි ඔවුන් මට දක්වන ඒ ආදරයට. ඔවුන් මට කැමැති නිසයි මම අද මෙතැන ඉන්නේ. කවදාවත් මම හිතුවේ නෑ මෙහෙම ආකර්ෂණයක් මට ලැබේවි කියලා.

රඟපාන්න ආවේ එහෙම ආකර්ෂණයක් ජනප්‍රියත්වයක් බලාගෙන නෙවෙයිද?
අවංකවම කියනවා නම් එහෙම ජනප්‍රිය වෙන්න උණක් තිබුණේ නැහැ. ලොකු නළුවෙක් වෙන්න, සම්මාන ගන්න, අනිත් අයට වඩා ෆස්ට් වෙන්න කොහොමවත් හීන, ටාර්ගට් වගේ ඒවා තිබුණේ නෑ. ලොකු සීන් බලාපොරොත්තු තිබුණේ නැහැ.
නළුවෙක් වුණේ අහම්බෙන්. මුලින්ම ආවේ ශක්ති ටීවී එකේ ප්‍රසන්ටර් කෙනෙක් විදියට. ඉන් පස්සේ සිරස ටීවී එකේ සුපර් ස්ටාර් ෂෝවල ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදියට වැඩ කරන්න චාන්ස් එක ලැබුණා. ඔහොම යන අතරේ තිළිණ බොරලැස්ස අයියගෙන් ආරාධනාවක් ආවා ‘හිතුවක්කාරි’ ටෙලියේ රඟපාන්න.
නළුවෙක් වෙන්න පුළුවන්ද, රඟපාන්න පුළුවන්ද කියන කාරණය ගැන මට ඒ හැටි නිනව්වක් දැනුණේ නැහැ. ඒත් මියුසික් වීඩියෝවල ඉඳලා තියෙන නිසා ඒක ඒ හැටි අවුලක් වෙන එකක් නැහැ කියලත් හිතුණා. ඒ හින්දා හිතුවක්කාරි භාරගත්තා. වැඩේ නරක නැහැ. මට පුළුවන් තාලෙට ෆස්ට් කැරැක්ටර් එක කළා.
පළමු ටෙලියට ආවේ දුෂ්ටයාගේ චරිතයෙන්. අදටත් ලැබෙන්නෙ එහෙම චරිත නේද?
ඒක නම් එහෙම තමයි. මට වැඩිපුර ලැබෙන්නේ එනිමිගෙ චරිත. එහෙමත් නැත්නම් රවුඩි ටයිප් චරිත. මගේ මුහුණ ඒ වගේද දන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. එහෙමත් නැත්නම් මම වත්තක හැදුණු කොල්ලෙක් නිසා මගේ පෙනුම ඒ විදියට හැමෝටම පේනවා ඇති.
නිතර කියන වත්තක හැදුණු කොල්ලෙක් කියන කතාව ඔබේ නළුකමට හොඳ මදි නේද දර්ශන්?
ඇයි එහෙම කියන්නේ මම, අපි ඉපදුණු තැන. හැදුණු තැන. අපේ පවුල ගැන කොතැනක හෝ කියන්න මම මැළි වෙන්නේ නැහැ. අනෙක මම රඟපාන චරිත ලස්සන ගැම්මට කරන්න ඒ වත්තේ කොල්ලෙක් කියන බැක්ග්‍රවුන්ඩ් එක මට කොයි තරම් අත්වැලක් සහ අත්දැකීමක් වුණාද?
විශේෂයෙන්ම ‘සී යූ’ සහ ‘රොන් සොයා’ ටෙලිඩ්‍රාමාවලට අලුතින් යමක් මවාගන්න මට වුවමනා වුණේ නැහැ. ‘රොන් සොයා’ ටෙලියේ රාජු කියන්නේ මගේ ඇත්ත ජීවිතේ කොටසක් වගෙයි. රාජු කෙනෙක් හදන්න ඕනෙ වුණේ නැහැ. අලුතින් රඟපෑමක් කරන්න ඕනෙ වුණේ නැහැ. ස්ක්‍රිප්ට් එක අතට ගත්තම ඒක හිතට දැනුණා.
‘සී යූ’ ටෙලිනාට්‍යය හරහා ඔබ හිට් වුණේ ශලනි තාරකාගේ ප්‍රවීණත්වය නිසාද?
ඊට වඩා ඉහළම තලයේ ඉන්න කෙනෙක්. ඒ අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියයි. මම ඈ සමග ‘හිතුවක්කාරි’ ටෙලියේ රඟපෑවා. හැබැයි සෙට් එකේදි කවදාවත් ෂූටින් කරන අතරතුරදී මට ඇයව මූණට මුණගැහුණෙ නැහැ. සෑහෙන වෙලා හරිම වුවමනාවෙන් බලා හිටියා එතුමිය ළඟට යන්න. අනේ ඈ හරිම සරල නිහතමානී කෙනෙක්. මං එක්ක හරි සමීපව කතා කළා. ලොකු ගමනක් යන්න වාසනාව ලැබෙන්න කියලා ආශීර්වාද කරලා සුබ පැතුවා. තව කතාවක් මෙතැනදි කියන්න ඕනෙ. මම නළුකමට එන්න කලින් ජොබ් එකක් කළා. ෂූටින්වලට බිසී වෙනකොට ඒක හරියට කරගන්න බැරි වුණ නිසා අයින් වෙන්න සිද්ධ වුණා. මගේ අම්මා ඇතුළුව පවුලේ අය මට දොස් කියන්න ගත්තා නළුකම ගන්නත් කලින් ඇයි ජොබ් එක අතහැරියේ, ඔයාට මේ ගමන ෂුවර් එකක්ද කියලා සැකෙන් වගේ කතා කළා. ඔය අතර ඔන්න හිතුවක්කාරි ටෙලිගාස්ට් වෙන්න ගත්තා. මූණට මූණ හමු නොවුණට එහි මම හිටපු සමහර සීන්වල නිළි රැජින මාලනී ෆොන්සේකා ඉන්න කොටස් තිබුණා. මේක දැකලා ගෙදර අය මාර විදියට සර්ප්‍රයිස් වුණා.
හරිම හැඟීම්බර කතාවක් දර්ශන්. කොහොමත් නවකයන්ට වැඩිය ප්‍රවීණයෝ නිරහංකාරයි නේද?
ඒකටත් තියෙනවා කතාවක් කියන්න. මම ඉස්සෙල්ලා නිළි රැජින මාලනී ෆොන්සේකා ගැන කතාවක් කිව්වේ ‘මව්රට’ පත්තරේට. දැන් මේ කියන්න යන කතාවත් මුලින්ම කියන්නේ ‘මව්රට’ටයි. මතක ඇතුව දාන්න. මොකද කියනවා නම් හැම ප්‍රවීණ කලාකාරයෙක්ම මාලනී ෆොන්සේකා මහත්මිය වගේ නිහතමානී හෝ සුහද නැහැ. සමහරු හරිම කුහකයි. බොරුවට ලොකු ඔළුවක් පෙන්නනවා.
දවසක් මොකක් හෝ උත්සවයකදී ප්‍රවීණයෝ තුන්දෙනෙක් මට මුණගැහුණා. මම හරි ආසාවෙන් එයාලා ළඟට කතා කරන්න ගියේ මම එයාලගේ රසිකයෙක් නිසයි. හිතාගන්නවත් බැරි විදියටයි ඔවුන් මට ප්‍රතිචාර දැක්වූයේ. හරි ලොකු සීන් එකේ හිටපු ඒ කට්ටිය මං දිහා බැලුවෙ නිකන් අමුතු විදියටයි. හරියටම එයාලා එක්ක කතා රන්න මම සුදුසු නැහැ වගෙයි හැසිරුණේ. මට හරි ලැජ්ජා හිතුණා. මම කලකිරුණා. එදායින් පස්සේ ප්‍රවීණ කලාකාරයො කියන පිරිසව දැක්කම පාඩුවේ ඉන්න හුරු වෙන්න තරම් ඒ සීන් එක මගෙ හිතට වැදුණා.
කලකිරීම් කනගාටු කලා ලෝකෙ තියෙනවා දර්ශන්. ඒත් හැමෝම එහෙම නැහැ?
ඔව්. මාලනී ෆොන්සේකා මහත්මිය ඊට හොඳ ආදර්ශයක්. මම තවමත් හැමදාමත් ඇයට ගරු කරනවා.
ඉතින් දර්ශන් තව යමක් තියෙනවද කියන්න?
ඔව්. හේමාල් අයියා එක්ක ෆිල්ම් එකක රඟපාන්න ආසයි. ඔහු මාර හොඳ මනුස්සයෙක්. අපි කලින් ආවා කියලා අපි පොඩි මිනිස්සු කියලා ලොකු සීන් එයා ළඟ නැහැ.
එයා දන්නවා මගේ ආසාව. හිත හොඳ කොල්ලෙක් අලුතෙන් ෆිල්ම් එකක රඟපාන්න ලැබුණොත් හේමාල් අයියා ඒ හැමෝගෙන්ම අහනවා මූට දෙන්න චරිතයක් නැද්ද මේකේ, මගේ දුෂ්ටයට හරි කමක් නැහැ කියලා කියනවා. මමමයි එයාට කිව්වේ දුෂ්ටයට හරි කමක් නෑ කියලා. බලමු ඒ බලාපොරොත්තුව කවදා හරි ඉෂ්ට වේවි කියලා හිතනවා.
අනිවාර්යයෙන් ඒ ප්‍රාර්ථනාව ඉටුවේවි දර්ශන්. සුබ පතනවා ඔබේ ඉදිරි කලා ජීවිතයට.
‘මව්රට’ටත් ස්තුතියි මට ආරාධනා කළාට.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

මගේ හීන එකින් එක හරි ලස්සනට මම ඇත්ත කරගන්නවා…! හැමතැනම ඉන්නේ වීරයෝ…! වීරවරියෝ පිරුණු වෙනස් හැඩයක වැඩක්…! මනීෂා චංචලා I Sri Lanka Latest News

Next Post

ඉස්කෝලේදී ටීචර්.. සෙට් එකේදී නිළිය.. දෙකම බැලන්ස් එකේ කරන හර්ෂිකා…! රියල් ලයිෆ් එකේ මම මීට වඩා ලස්සනයිලු…! උගන්නනවා වගේම ඉගෙනත් ගන්නවා…! හර්ෂිකා රත්නායක I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.