• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉස්කෝලේදී ටීචර්.. සෙට් එකේදී නිළිය.. දෙකම බැලන්ස් එකේ කරන හර්ෂිකා…! රියල් ලයිෆ් එකේ මම මීට වඩා ලස්සනයිලු…! උගන්නනවා වගේම ඉගෙනත් ගන්නවා…! හර්ෂිකා රත්නායක I Sri Lanka Latest News

February 15, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ඉස්කෝලේදී ටීචර්.. සෙට් එකේදී නිළිය.. දෙකම බැලන්ස් එකේ කරන හර්ෂිකා…! රියල් ලයිෆ් එකේ මම මීට වඩා ලස්සනයිලු…! උගන්නනවා වගේම ඉගෙනත් ගන්නවා…! හර්ෂිකා රත්නායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වරෙක ඇය දරුවන්ට නාට්‍ය හා රංග කලාව උගන්වන ආදරණීය ගුරුවරියකි. තවත් වරෙක ඇය වේදිකාව සලිත කරවන, ටෙලි තිරය ආලෝකවත් කරන අතිදක්ෂ රංගනවේදිනියකි. හර්ෂිකා රත්නායක යනු වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ දැකිය හැකි දුර්ලභ ගණයේ කලාකාරිනියකි. රංගනය කියන්නේ හුදු ජනප්‍රියත්වය පසුපස හඹා යාමක් නොව, එය හැදෑරිය යුතු විෂයයක් බව ප්‍රායෝගිකවම ඔප්පු කරන ඇය සමඟ ‘හාට්’ අපි කළ හෘදයාංගම කතාබහයි මේ.Sri Lanka Latest News

ඉතින් හර්ෂිකා කොහොමද මේ දවස්වල?
ඇත්තටම මේ දවස්වල කලා කටයුතුත් එක්ක මම ටිකක් කාර්යබහුලයි. මොකද ටෙලි නිර්මාණ කිහිපයක රූගත කිරීම් එකවර ආරම්භ කළා. ඒ වගේම අලුත් නිර්මාණ කිහිපයකටත් රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් ඒ හැමදේම මම පිළිවෙළකට කළමනාකරණය කරගෙන යනවා. මේ දිනවල විකාශනය වන ‘ආලේ’ සහ ‘රොන් සොයා’ යන ටෙලි නිර්මාණ දෙක හරහා මම ප්‍රේක්ෂකයන් අතරට එනවා.
හර්ෂිකා නිළියක් වගේම ගුරුවරියක්…
ඔව්. මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරියක්. මගේ කාලයෙන් වැඩි හරියක් ගෙවෙන්නේ දරුවෝ එක්ක. ඉතිං මේ භූමිකාවන් දෙකම මම ආදරයෙන් වැලඳගෙන ඉන්නවා.
නිළියක් සහ ගුරුවරියක් කියන්නේ වෙනස්ම භූමිකා දෙකක්?
ඔව්, ඇත්තටම මේවා ක්ෂේත්‍ර දෙකක්. ඒ නිසාම මට පුළුවන් ඒවා වෙන වෙනම කළමනාකරණය කරගන්න. මේ දෙකම මගේ වෘත්තීන්. ඒ නිසා මම මගේ උපරිම කාලය වෘත්තීය මට්ටමෙන් ඒ සඳහා ලබාදෙනවා. පාසලේදී මම අතිශය වෘත්තීය මට්ටමින් වැඩ කරනවා වගේම, රංගන කටයුතුවලදීත් මම වේලාවට වැඩ කරන කෙනෙක්. මම මේ වෘත්තීන් දෙකටම ගොඩක් ආදරෙයි. ඒ නිසා පාසල් කටයුතු හෝ රංගන කටයුතු මඟහැරෙන්න දෙන්නේ නැතුව සමබරව පවත්වාගෙන යනවා.
ගුරුවරියක් වීම රංගනයට අත්වැලක්ද? නැතිනම් සීමාවක්ද?
කාලය ගැන බැලුවොත් එය රංගනයට යම් සීමාවක්. මොකද මම ගුරුවරියක් නිසා මගේ කාලයෙන් වැඩි කොටසක් දරුවන් සහ පාසල වෙනුවෙන් වෙන් කළ යුතුයි. ඒ නිසා ඇතැම් වැඩකටයුතු බාර නොගන්නා අවස්ථාත් තියෙනවා. නමුත් රංගන ශිල්පිනියක් විදිහට බැලුවොත් මම නිරන්තරයෙන් ඉගෙන ගන්නවා වගේම උගන්වනවා. ඒ අතින් ගුරුවරියක් වීම මගේ රංගන ජීවිතයට විශාල අත්වැලක් සහ පහසුවක් වෙනවා.

නර්තන සහ රංග වින්‍යාස ශිල්පිනියක් විදිහට පටන් ගත්ත මේ ගමනේ අද ඔබ ඉන්නා නැවතුම ගැන මතක් කළොත්?
මම විශ්වවිද්‍යාල උපාධියෙන් පස්සේ රංග වින්‍යාස ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් විදිහට මුලින්ම වැඩ ආරම්භ කළේ. රංගනයට අවතීර්ණ වුණේ වේදිකාවෙන්. වේදිකා නිර්මාණ සඳහා මම විශාල කාලයක් කැප කළා. ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයටත් පිවිසිලා දැන් අවුරුදු හයක් හතක් විතර වෙනවා.
‘ආලේ’ සහ ‘රොන් සොයා’ නිර්මාණවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. නිර්මාණ දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් ‘ආලේ’ නාට්‍යයේ කමෙන්ට්ස් කියවද්දී තේරෙනවා ප්‍රේක්ෂකයෝ ඒ කතාව කොයිතරම් දුරට තමන්ගේ හදවතට සමීප කරගෙනද කියලා. මවක් දරුවෙක් ගැන තියෙන බලාපොරොත්තුව ඔවුන් හොඳින් තේරුම් අරන් තියෙනවා. මේ ටෙලි නිර්මාණ දෙක නරඹන්නේ ප්‍රේක්ෂක පන්ති දෙකක්. පාර තොටේදී මුණගැසුණත් බොහෝ දෙනෙක් ආදරෙන් කතා කරනවා. ඇතැම් අය කියනවා ටෙලි නිර්මාණවලට වඩා මම සැබෑ ජීවිතයේදී සුන්දරයි කියලා. ඒ වගේ ආදරණීය ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
ඉදිරියේදී මම රංග වින්‍යාසයෙන් මෙන්ම රංගනයෙන් දායක වුණු ‘සූරිය සුළඟ’ සිනමා පටය තිරගත වීමට නියමිතයි. ඊට අමතරව රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ කිහිපයකුත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

ලෙකු නළුවෙක් වෙන්න සම්මාන ගන්න උණක් මට නැහැ…! ලොකු සීන්නම් ඇත්තේම නෑ…! එයාලා මන් දිහා අමුතු විදියට බැලුවේ…! සමහරු හරිම කුහකයි… බොරුවට ලොකු සීන් පෙන්නනවා…! ලොකු කලකිරීමක් දැනෙන්නේ…! දර්ශන් තවරාජා I Sri Lanka Latest News

Next Post

හදිසි නීතිය දාලා තියෙද්දී රට පුරා ත්‍රිවිධ හමුදාව කැඳවලා තියෙද්දී අධිආරක්ෂිත කලාපයක චිකාගෝ පන්නයේ ඝාතන කරන්නේ කොහොමද? වහාම පැහැදිලි කිරීමක් කරන්න! විපක්ෂනායක සජිත් නිවේදනයක් නිකුත් කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.