මෙරට සිනමා ඉතිහාසයේ මේ දක්වා පැවති සියලුම ආදායම් වාර්තා කෙටිම දින සංඛ්‍යාවකින් බිඳහෙලූ, ධර්ම යුද්ධය -2 සිනමාපටය දින 50 ක් තුළ , ප්‍රේක්ෂක නැරඹුම් වාර මිලියනයක් සමගින් , ලක්ෂ පන්දාහක වාර්තාගත ආදායමක් මේ වන විට උපයා ඇත .
ආරම්භයේදීම වැඩිම සිනමා ශාලා ප්‍රමාණයක ප්‍රදර්ශනය ඇරඹූ පළමු සිංහල චිත්‍රපටය ලෙස ද නව වාර්තාවක් තැබූ ධර්ම යුද්ධය -2 මේ වන විටත් දිවයින පුරා සිනමා ශාලා 85 අතිසාර්ථක අන්දමින් තිරගත වෙයි.
පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙසින් ප්‍රේක්ෂක ආකර්ෂණයට හා ආදරයට පාත්‍ර වූ ධර්ම යුද්ධය -2 අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි. සුනෙත් මාලිංග ලොකුහේවා විසින් අනුවර්තනීය තිර පිටපත ලියූ ධර්ම යුද්ධය -2 , මහරාජා මාධ්‍ය ජාලයේ සාඩම්බර නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වී ඇත. බිමල් ජයකොඩි , දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා ,විනුම් වින්සදී , කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ , අශාන් ඩයස්, කුමාර තිරිමාදුර , දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් විශාල පිරිසක් මේ සඳහා දායකත්වය දක්වා ඇත .











