• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජීවිතය ගෙවුණෙ සෙට් එකයි රූගතකිරීම් එක්කයි…

August 7, 2021
in Heart
Reading Time: 7 mins read
A A
ජීවිතය ගෙවුණෙ සෙට් එකයි රූගතකිරීම් එක්කයි…
Share on WhatsAppShare on Facebook

රඟපෑම වෙනුවෙන් ජීවිතයම කැපකළ කෙනෙක් මම…
ලැබුණු පිටපත් ගණන අසීමිතයි…
අන්තිමට මට මාවත් අමතක වුණා…

‘සබීතා පෙරේරා’ නම් සුරූපී නිළි තාරකාව ගැන පාඨක ඔබට හඳුන්වා දෙන්නට යමක් ඇත්දැයි නොදන්නෙමි.., කෙටියට යමක් ලියන්නේ නම්, ජේ සෙල්වරත්නම් තම නවතම නිර්මාණය සඳහා යොවුන් කෙල්ලක සහ කොල්ලකු හොයන විට ප්‍රේම් ජයන්ත්ගේ පුත් ජගත් රොහාන් සහ ස්ටැන්ලි පෙරේරාගේ දූ සබීතා පෙරේරා ඔහුට හමුවිය.
මේ අලුත් මුහුණ දෙක දමා ඔහු නිර්මාණය කළ පෙම් පුවත ‘සබීතා’ නමින් තිරගත වූයේ 1980 වසර වර්ණවත් කරවමිනි.

ඊස්ට්මන් වර්ණ චිත්‍රපට ඒ තරමට ප්‍රසිද්ධ නැති ඒ කාල වකවානුවේ කළු – සුදු සැලෝලයිට් පට හරහා නිර්මාණය වූ ‘සබීතා’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටු වූයේය. බොකුටු කොණ්ඩයක් තිබූ ලස්සන කොල්ලකු වූ ජගත් රොහාන් පළමු චිත්‍රපටයෙන්ම පල්ලම් බහිද්දී දුඹුරු ඇස් ඇති හැඩකාර කෙල්ලක වූ සබීතා පෙරේරා එක රැයින්ම සිංහල ‘රිදී තිරය’ දෙවනත් කළ සුපිරි තරුවක බවට පත්විය.

‘ආධුනික කෝඩකාරියකගේ නමින් ඔබ මේ චිත්‍රපටය නම් කරන්නට සිතුවේ ඇයිදැයි.., ජේ. සෙල්වරත්නම්ගෙන් සිනමා විචාරකයකු එහි මුහුරත් උළෙල මොහොතේ ඇසූ විට.., අනේ මන්දා… ඒ අලුත් මුහුණ මගේ ඇස් ඉස්සරහට පැමිණි මොහොතේ මම ඇගෙන් නම මොකක් දැයි ඇහුවා. ඈ අලංකාරව සිනාසී මට කිව්වා… ‘සබීතා’ කියා… එතකොටත් මම මගේ අලුත් චිත්‍රපටයට වෙනස් නමක් සොයමින් හිටියා. එක්වනම මට කියැවුණා ෂා… ඒ නම අපූරුයි. මගේ චිත්‍රපටයටත් ‘සබීතා’ කියලා නම තියමු කියලා.

අනුමානයට වාගේ ‘සබීතා’ පෙරේරා රඟපෑ පළමු චිත්‍රපටයටම ‘සබීතා’ කියා නම තැබීමට ජේ. සෙල්වරත්නම්ට සිතුණු සිතුවිල්ල ඔහුට මෙන්ම සබීතා පෙරේරාටද වාසනාව ගෙන ආවේ නොසිතූ ලෙසය. ඒ සටහන් වූයේ… එක්දහස් නවසිය අනූවේ පරණ කතාවකි.. මේ ‘දෙදහස් විසිඑකය.’ කාලය මොන තරම් වෙනස්කම් සිදු කළද, සබීතා පෙරේරාගේ ප්‍රතිරූපයට හෝ ජනප්‍රියත්වය වෙනස් වී නැත. ඈ… තවමත් ජනකාන්තය… සම්මානනීයය. ඉතින්.., හදවත ගැඹුරින්ම ඈ හා දොඩමලු වීමට සිතක් උපන්නේද ඈ සතු ඒ අද්විතීය බව නිසාමය.

පළමුව ස්තුති කරනවා, ‘හාට්’ සමග කතාබහට ඔබ පැමිණීම ගැන?
ස්තුතිය පිළිගන්නවා. මම කොහොමත් මාධ්‍ය සමග සුහදයි. මාධ්‍ය මඟහැරීමේ කලාවක් කවදාවත් මා තුළ තිබුණේ නැහැ.

ඔබේ නිහතමානී සුහද බව දෙන තොරතුරු අසා තිබෙනවා?
මඟතොටකදී ප්‍රේක්‍ෂකයනට වුණත් මම ඒ සුහද ප්‍රතිචාරය දක්වනවා. ඔවුන් මා වටකර ගනිද්දී මගේ දුක – සැප විමසද්දී මට දැනෙන සතුට හරිම ආත්මිකයි.

හැබැයි ‘රංගනය’ හිටි අඩියේ අතහැර දැමීමෙන් ඔබ ප්‍රේක්‍ෂකයට අසාධාරණයක් කළා නේද?
ඒක වැරැදි වැටහීමක්. මම රංගනය අතහැර දමා නැහැ. හොඳ නිර්මාණයක් සඳහා ආරාධනා ලැබුණොත් මම එය බාර ගන්නවා.

‘ඇඩ්‍රස් නැහැ’ චිත්‍රපටයට පසුව ඔබ රංගනයට තිත තැබුවේ නැතිද?
නැහැ… මෑතකදී මම ඉතාම ගුණාත්මක චිත්‍රපට නිර්මාණයකට දායක වුණා. ඉතාම ආශාවෙන් බාරගත් එම තිර පිටපතෙහි මා කළ රංගනය දැඩි කැපවීමක් මත කළයුතු චරිත නිරූපණයක් හා බැඳී තිබුණා. එහි මට හැකි උපරිමය මා කළේ ලොකු ආශ්වාදයකින්.

ඒ ගැන තොරතුරු ටිකක් කියමුද?
වරදවා හිතන්න එපා… ඒ ගැන කතා කිරීම මඳකට නතර කර දමනවා නම් හොඳයි. මොකද… තවම එය ‘ෆ්‍රෙස් රිලීස්’ කරලාවත් නැති නිසා.

‘පවුල’ යන බැඳීම තුළ සාර්ථක රංගනයක් කිරීමට වෙන්නැති ඔබ නිතර රංගනයට තිත තැබුවේ?
ඒ අදහස නම් හරියටම හරි.., කලාව වෙනුවෙන් ජීවිතය කැප කළ නිළියන් අතර මා ප්‍රමුඛව සිටිනවා… රංගනය වෙනුවෙන් කළ කැපකිරීම්ද අපමණයි. පුද්ගලිකය කියලා නිදහස් ජීවිතයක් මට තියෙනවා දැයි කියන කාරණය මගේ හිතට අමතක වන තරමට නිළියක ලෙස මම ඉතාම කාර්යබහුල වුණා. ලැබෙන තිරපිටපත් ගණන අසීමිත නිසා ඒ සඳහා කාලය වෙන්කර ගන්න ලොකු සටනක් කළා.

කෙටියෙන් කියනවා නම් ජීවිතයේ බොහෝ දවස් ගෙවුණේ ‘සෙට්’ එක සහ රූගත කිරීම් සමගයි. ඒ අසීමිත කලබලය තුළ මට සබීතා පෙරේරාව අමතකව ගිය වාරද අනන්තයි.
ඒ වාගේම මා දිනූ දේ.., මගේ ජීවිතයට ඒ කැපකිරීම තුළ මා ලබාගත් දේ හරිම අමිලයි… ඒ අමිල වටිනාකම තුළ ජීවිතය මට උරුම කළ නිරාමිස සතුට බුක්ති විඳින අතර, මට හිතුණා ජීවිතයට යම් අස්වැසිල්ලක්, විවේකයක් ලබාගත යුතුයි කියලා.

අන්න ඒ විවේකයේදී මම නැවැත සබීතා පෙරේරා කියන නිළියක නොවන සාමාන්‍ය චරිතයට සේන්දු වුණා… එතැනදී තමයි මගේම කියන ජීවිතය සමග විවාහය යන බැඳීම මට මුණගැහුණේ. එතකොට මට හිතුණා සාර්ථක බිරියක සහ මවක වීම තුළද මම පුද්ගලිකව මගේ ජීවිතය ජයගත යුතුයි කියලා. එයට අවැසි අස්වැසිල්ල ලබා ගන්නට තමයි මම දීර්ඝකාලීන රංගනයට තිත තැබුවේ.

විවාහය සුපිරි තරුවක ලෙස නම තබා ගැනීමට බාධාවක් කියන මතය තුළ ඔබ එදා හිටියා නේද?
නැහැ… මම එහෙම හිතුවේ නැහැ.., හැබැයි නිළි වෘත්තිය නිසා මගේ ජීවිතය තුළ වූ දැඩි කාර්යබහුල බව නිසා විවාහය ගැන මම හිතන අවස්ථා අවම වී තිබුණා.

කෙසේ හෝ ඔබ විවාහ වී මවකගේ සහ බිරියකගේ චරිතය හරි අපූරුවට දැන් රඟපානවා?
ඔව්… මගේ පවුල් ජීවිතය තුළ මා ඉතාම තෘප්තිමත්ව කාලය ගෙවනවා.

ටෙලි තිරය තුළද ඔබ ලද ජනප්‍රියත්වය අසීමිතයි?
සත්තකින්ම… රිදී තිරය තරමටම මම පුංචි තිරය තුළද ප්‍රේක්‍ෂකයනට සමීප වුණා. තෝරාබේරා ගන්නට බැරි තරම් ටෙලිනාට්‍ය පිටපත් මා වෙත ගලා ආවා… ඒ සමහර චරිතයන් හරිම ගුණාත්මකයි. මා අතහැර දැමූ සමාජ චරිත රඟපා ඒ ඒ රංගනවේදිනියන් හොඳම නිළියට හිමි සම්මාන ගන්නා අවස්ථාද මම දුටුවා.

එවැනි ගුණාත්මක චරිත ඔබ අතින් මඟහැරුණේ ඇයි?
පවුල යන බැඳීම තුළ මගේ භූමිකාවෙහි හිස්තැන් තබන්නට මට ලෝබ හිතුණු නිසා ඒ මඟහැරීම සිදුවුණා.

ඔබ අද ඒ ගැන පසුතැවෙනවද?
අපොයි නැහැ.., ජීවිතයේ පළමු තැන මා හැමදාමත් දුන්නේ මගේ පවුලටයි. හැමදේටම වඩා ඒ සොඳුරු පසන් නිවෙස මට ප්‍රථමයි.

ඔබ රඟපෑ චරිතයන් අතර හොඳම චරිත කිහිපයක් ගැන කතා කරනවා නම්..?
එය වර්ගීකරණය කිරීම අසාධාරණයි, නමුත් මේ මොහොතේ මගේ හිතට පැමිණි චරිත කිහිපයක් ගැන කතා කරන්න කැමැතියි.
‘සිසිල ගිනිගනී’ හී ඇනට් එහි පළමු පෙළ අතර සිටිනවා. දෙවැනි ගමන, විරාමය, ඇඩ්‍රස් නැහැ වැනි සම්භාවනීය චරිතයන් වාගෙම බඹසර බිසව්, සබීතා, නැවැත හමුවෙමු වැනි වාණිජමය චිත්‍රපට චරිතයන්ද මගේ මතකයෙහි සුවිශේෂීව තිබෙනවා. ඒ අතර මම තදින් ඇලුම් කරන ටෙලි චරිතයන්ද කිහිපයක් ගැන කතා කරන්නම ඕනෑ.

පිටගම්කාරයෝ හී යොවුන් ලියක අවධියේ සිට මහලු මවක වනතුරුම මා රඟපෑ චරිතයට මම හරිම ළැදියි. ඒ වාගෙම අකාල සන්ධ්‍යා, ඇසළ කළුවර ටෙලි කතාවන් තුළද මම හරිම ළෙන්ගතුව රඟපෑ චරිත තිබුණා. ඒ සියල්ල නැවැත විකාශනය වන සෑම අවස්ථාවකම මම නොවරදවාම නැරැඹුවා. තවමත් ප්‍රේක්‍ෂකයන් ඒ ඒ චරිතයන්ට දක්වන ඇල්ම මගතොටදී ඔවුන් දක්වන ප්‍රතිචාර ඔස්සේ අත්වින්දාය.

ඔය අතර සුදත් මහ දිවුල් වැවගේ, දන්දෙලු ගිනි’ ටෙලි කතාවද මගේ රංගන ජීවිතයේ සුවිශේෂීම සංධිස්ථානයක්… වාමාංශික කතා තේමාවක් රැගත් ඒ ටෙලිකතාවෙහි මා රඟපෑ චරිතය හරිම ප්‍රබලයි. චිත්‍රපටයකවත් මම එවැනි උද්වේගකර චරිතයක් රඟපාලා නැති තරම්.., එය නැවැත විකාශනය වනතුරු මම ආශාවෙන් පෙරුම්පුරා බලා සිටිනවා. ඒ වගේම එය නැවැත විකාශනය කරන්නැයි කියා මම රූපවාහිනි සේවයෙන්ද ඉල්ලා සිටියා. ළඟකදී ‘දන්දෙලු ගිනි’ නරඹන්නට හැකි වේයැයි සිතනවා.

‘සෙට්’ එකේදී ඔබ ඉතාම නම්‍යශීලී රංගනවේදිනියක්?
ඔව්… මා තුළ වූ යමක් අධ්‍යක්‍ෂවරයාට ගන්නට අවැසි නම් මම ඔහු හමුවේ ඉතාම සන්සුන්ව නම්‍යශීලීව ඒ සඳහා ඉඩ දෙනවා. ඒ වාගෙම අනෙකුත් සහෝදර ශිල්පීන්, ශිල්පිනියන් සමග සුහදව වැඩ කිරීමේ පුරුද්ද සහ හැකියාව මට කවදත් තිබුණා.

කොයිතරම් සුහදව හිටියත් යම් අසුන්දර අත්දැකීම්ද ඔබ අත්වින්දා?
ජනප්‍රිය සිනමා තරු කොයිකාටත් කටකතා සහ කැපිලි – කෙටිලි තිබුණා. එය එදත්, අදත්, හෙටත් එහෙමයි. ඉතින් මමද එයට බඳුන් වුණා. හැබැයි ඒ සියල්ලට මා දුන් උපේක්‍ෂාසහගත ප්‍රතිචාරය නිසා ඒ සියල්ල හරි ඉක්මනින් සමනයකට පත්වුණා.

IFA සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ‘විවේක් ඔබ්රෝයි’ ඔබේ රූ සපුව ගැන ප්‍රසිද්ධියේ වර්ණනා කළා?
එහෙම දෙයක් වුණාද? අනේ මට මතකත් නැහැ වගේ. මං ලස්සන යැයි ඔහු කීවා නම් ඇත්තටම එය සතුටක්.

ඔබ ගැන ඔබට හිතෙන විදිය පවසනවා නම්..?
‘සබීතා පෙරේරා’ ඇත්තෙන්ම වාසනාවන්තයි.., ඒ වගේම සරල ජීවිත රටාවක් තුළ ලද දෙයින් සතුටට පත්වීම තුළ මම තෘප්තිමත්ව සිටිනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විමුක්ති දේශපාලනයට! චන්ද්‍රිකා තැබූ ෆේස්බුක් සටහන!

Next Post

කිරිපිටිත් නැති වෙන ලකුණු…

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.