• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොමඩි කරනවා කියන්නේ මාරම වැඩක්…

November 16, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කොමඩි කරනවා කියන්නේ මාරම වැඩක්…
Share on WhatsAppShare on Facebook

දිගටම ජෝක් එක්ක වෙයිද කියන එකයි බය…
මුලදි මුලදි කළේ පොඩි කෑලි…
තවම පෙම්වතියක් වෙලත් නෑ…

පසුගිය දිනවල කා අතරත් කතාබහ වෙන සුවිශේෂී චරිතයක් තමයි ‘අනා.’ ඇත්තටම කවුද මේ ‘අනා’ කියන්නේ. ඇය අපට හමුවන්නේ හර්ෂ උඩකන්දගේ ‘ලොක්කි’ ටෙලිනාට්‍ය තුළින්. විවිධ චරිත නිරූපණය කරමින් කලාවේ දිගු ගමනක් යෑමට සිහින දකින මොහොතක ‘අනා’ ලෙසින් ඔබට සමීප වුණු ඇය තමයි ඩිලුක්ෂි වීරපෙරුම. ‘ලොක්කී’ තුළ ‘අනා’ ජීවය දුන්න විදිය ගැන අපි මේ විදියට ඇය සමග කතා කළා…

ඩිලුක්ෂි මේ දවස්වල ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. කියමුකෝ බලන්න ඒ ගැන..?
ඔව්. ‘ලොක්කි’ ටෙලිනාට්‍යයේ මම වෙනස්ම විදිහේ චරිතයක් තමයි රඟපෑවේ. මම හිතන්නේ ‘ලොක්කි’ ටෙලිනාට්‍යය බැලුවනම් ඒ වෙනස තදින්ම දැනෙයි. මම නිරූපණය කරන ‘ප්‍රවීනා’ චරිතයට විවිධ නම්වලින් මාව අමතනවා. ‘චූටි’ කියනවා එහෙමත් නැත්නම් ‘අනා’ කියනවා.

‘ප්‍රවීනා’ තුළින් ඉස්මතු වුණු දෙබසක් නේද ‘අනා’ කියන්නේ?
ඔව්… මම ඉතින් ඉංග්‍රීසි වචන දාලා කතා කරන කෙනෙක්. ඒ චරිතය තුළ ‘ප්‍රවීනා’ට ලොකුවට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ කියන වචනවලින් වැඩිපුරම මගේ කටින් පිටවෙන්නේ ‘අනා’ කියන වචනය. දැන් ඉතින් හැමෝම මාව අඳුරන්නේ ‘අනා’ කිවුවොත් තමයි. මාක්ස් දාලා එළියට බැස්සත් මාව අඳුරගන්න පුළුවන් තත්ත්වයක් දැන් උදාවෙලා.

ඔබව ගොඩදෙනෙක් දැන හඳුනන්නේ දඟකාර චරිත තුළින්. නමුත් ‘ප්‍රවීනා’ චරිතය තුළින් ඔබේ රංගනය වෙනස් පැත්තකට යොමුවෙනවා?
ඇත්තටම… එවැනි චරිතවලින් මිදෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා. හිතුවේ නැහැ මම මෙවැනි චරිතයක් රඟපායි කියලා. ඒ වගේම කොමඩි චරිතයක් නිරූපණය කිරීම මටත් ලොකු අභියෝගයක් වුණා. මට ආරාධනා කළාට පස්සේ මම මේ චරිතය කරන්න බැහැ කිවුවා ඒ තිබුණු අභියෝගයට ඒත් මට සියලුම දෙනාගෙන් ලැබුණු සහායත් එක්ක ‘ප්‍රවීනා’ට සාධාරණයක් කරන්න පුළුවන් වුණා. මොකද මිනිසුන් හිනස්සන්න හැමෝටම බැහැ.

ඉදිරියේදී ඔබව විකට රංගන ශිල්පිනියක් වෙයිද මේ යන විදියට..?
මටත් ඒක තමයි තියෙන බය. හැබැයි. ඒ විදියට මම යන්න ගියොත් මට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම තවම පෙම්වතියගේ චරිතයක් රඟපාලා නැහැ. ගොඩාක් ආශාවෙන් ඉන්නවා එවැනි චරිතයක් නිරූපණය කිරීමට. මේනක රාජපක්‍ෂ අධ්‍යක්‍ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයේ මම ගැමි චරිතයක් නිරූපණය කරනවා. එයත් මට වෙනස්ම අත්දැකීමක්. මම හිතනවා මාව කොටුනොකර විවිධ චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබෙයි කියලා.

‘ඇවිද්ද පය දහස් වටී’ කියනවා වගේ ඔබ ආපු මේ ගමන සුන්දර ගමනක් නෙවෙයි නේද?
මම ලොකු කට්ටක් කාලා තමයි මේ ගමන ආවේ. මම මුල් කාලයේ සුළු චරිත පවා රඟපෑවා. එහෙම කළේ මට රංගනය කියන දේ ඉගෙනගන්න ඕනෑ නිසා. කවදාහරි දවසක වේදිකාවේ මට සම්මානයක් ගන්න වාසනාව ලැබුණොත් මම බය නැතුව එදාට කියනවා මම මේ ආපු ගමන කොයි වගේද කියලා.

සමහර අවස්ථාවල ඩිලුක්ෂි’ව ප්‍රතික්‍ෂේප කරපු වාර අනන්තයි නේද?
සම්මුඛ පරීක්‍ෂණවලට ගියාම මම කළුයි, එහෙමත් නැත්නම් මම කොටයි කියලා ඒ චරිතයට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්‍ෂේප වුණා. අපේ ටැලැන්ට් එක නෙවේ බැලුවේ. අභ්‍යන්තරය බලලා තමයි චරිතවලට තෝරාගන්න උත්සාහ කළේ. ඒ අවස්ථාවලදී මට ගොඩාක් දුක හිතුණා එහෙම කියද්දී.

සංවේදී කෙනෙක් කොහොමද මේ විදියට මිනිසුන් සතුටු කරන්නේ?
මගේ සාමාන්‍ය ජීවිතය මෙයට වඩා ගොඩාක් වෙනස්. ගෙදර මගේ කාමරයට ගියාම තමයි මගේ සැබෑ ස්වරූපය ඉස්මතු වෙන්නේ. නමුත් එළියට ආවට එයට වඩා වෙනස් විදියට මම ජීවත් වෙන්නේ. මිනිසුන් විවිධ ප්‍රශ්නවල ඉන්නේ ඉතින් මම කොහොමද මගේ වේදනාවක් ඒ අයට කියලා තවත් අසරණ කරන්නේ.

‘ලොක්කි’ සමග බැඳුණු බැඳීම කොයි වගේද?
අම්මෝ… මෙච්චර කාලෙකට මේ තරම් එකමුතුව, සතුටින් වැඩ කරපු කණ්ඩායමක් මට හමුවෙලාම නැහැ. කිසිම කෙනෙක් අපහසුතාවන්ට පත්කළේ නැහැ ‘ලොක්කි’ කණ්ඩායම. අපි හරිම සතුටින්, එකා වගේ වැඩ කළා. ‘ලොක්කි’ සාර්ථක නිර්මාණයක් වීමට විශේෂ හේතුව මෙයයි. හර්ෂ උඩකන්ද ඇතුළු සියලුමදෙනාට ස්තුති පුද කරනවා. මාව මේ නිර්මාණයට තෝරාගත්ත එකට. මොකද මාව ගොඩාක් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න ලැබුණේ ‘ලොක්කි’ ටෙලිනාට්‍යය හරහායි. මගේ වාසනාවකට මේ නාට්‍යයට මාව තෝරාගත්තේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අද වෙළෙඳපොළ අයාලේ! හාල් 140යි! අපි මළත්-ආණ්ඩුව විනාශ වුණත් IMF එකට නම් යන්නෙ නෑ! (VIDEO)

Next Post

ලැජ්ජයි! මෙහෙම උද්ඝෝෂණ තව දෙක තුනක් කළා නම් සජිත්ට විපක්ෂනායකකමත් නැති වෙනවා! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.