• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාගෙවත් බලපෑමකට යට වෙලා ගෙවන
ජීවිතයට වඩා මේ ජීවතය සැහැල්ලුයි…

June 3, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කාගෙවත් බලපෑමකට යට වෙලා ගෙවනජීවිතයට වඩා මේ ජීවතය සැහැල්ලුයි…
Share on WhatsAppShare on Facebook

මට ඒ වෙනස තදින්ම දැනුණා…
මම කිසිම දේකට බය කෙල්ලෙක් නෙවෙයි…

ක්‍රීඩිකාවක් ලෙස තණනිල්ලේ දුවපැන්න ඇය පසුකාලීනව රිදී තිරයේ නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළා. එලෙස තමන්ගේ උත්සාහයෙන් යකඩ ගැහැනියක් ලෙස ශක්තිමත්ව ජනප්‍රිය රංගන ශිල්පීන් අතරට එකතු වුණු ඇය අයේෂා මධුෂානිය. මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක විවිධ චරිත තුළින් ඇයගේ රංගනයන් දැකගන්න පුළුවනි. ඉතින් කාලෙකට පස්සේ ඒ සුන්දර රුවැත්තිය සමග අපි කතා කළේ මේ විදියට.

🔴 අයේෂා මේ දවස්වල පොලිස් ස්ථානාධිපතිවරයකුගේ ආදරයක් සොයමින් සැරිසරන බව දකිනවා?
ඔව්. ඒ අයියාට මම පොඩි කාලේ ඉඳලම ආදරය කළා, අයියා අපේ ඥාති සහෝදරයෙක් නිසා. ඒත් අයියා මට ආදරය කරන්නේ නැහැ. අයියාගේ තාත්තා හොඳ පොලිස් ස්ථානාධිපතිවරයෙක්. ඔහුගේ මරණයට සාධාරණයක් කිරීමේ අරමුණෙන් අයියත් පොලිසියට බැඳෙනවා. අයියාගේ තාත්තාගේ මරණය කරපු අය දන්නේ අම්මා විතරයි. ඉතින් අම්මා මට ගොඩාක් සමීප නිසා අයියා උත්සාහ කරන්නේ මම ලවා අම්මාගෙන් තාත්තා මැරුවේ කවුද කියලා දැනගැනීමටයි. මම අයියාට ගොඩක් සමීප වෙනවා. ඉතින් මේ කතාව ඔය විදියට ගලාගෙන යනවා. ඉදිරියට සිදුවෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් සියත රූපවාහිනියේ විකාශ වන ‘එන්කවුන්ටර්’ ටෙලිනාට්‍යය නරඹන්න වෙනවා.

🔴 ඔබ නිරූපණය කළ අනෙකුත් චරිතවලට වඩා තනුජා චරිතය තුළ ඔබේ වෙනසක් දකිනවා. ඔබට ඒ වෙනස දැනුණාද?
ඔව්, මටත් ඒ වෙනස තදින්ම දැනුණා. මොකද මම මෙච්චර කල් රඟපෑවේ ඉහළ පැලැන්තියේ චරිත. එහෙමත් නැතිනම් දඟකාර චරිත. ඉතින් චාමර අයියා මාව තනුජා තුළින් වෙනස්ම පැතිකඩකට ගෙන ගියා. මම ගැමි චරිතයක් කරන පළමු අවස්ථාව තමයි මේ. ඉතින් තනුජා තුළින් මම ගොඩක් සංවර වුණා. මොකද මම පොඩ්ඩක් දුවපැනලා දඟලලා ඉන්න චරිතයක් නිසා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා.

🔴 තනුජා චරිතයට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාරය කොයි වගේද?
ලැබෙන ප්‍රතිචාර හොඳයි. මම හොඳට රඟපානවා කියනවා, අහිංසක විදියට.

🔴 ඔබට තිබෙන සුන්දර පෙනුමත් එක්ක චිත්‍රපට සඳහා යොමුවීමට තවම අවස්ථාව ලැබුණෙ නැද්ද?
ඔය දේ මට බොහෝ දෙනෙක් කියලා තියෙනවා. මගේ තියෙන පෙනුමත් එක්ක සිනමාවට තමයි හයරියන්නේ කියලා. මම චිත්‍රපට සඳහා නර්තනයෙන් දායක වෙලා තිබෙනවා. හොඳ චරිතයක් තුළින් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මගෙත් ලොකු ආශාවක් තිබෙනවා. ඒ අවස්ථාව ලැබෙන තුරු මම ටෙලිනාට්‍ය රංගනයේ නිරත වෙලා ඉන්නවා.

🔴 ක්ෂේත්‍රයේ තාරකාවක් වීමට අයේෂා සිහින දැකපු කෙනෙක් නෙවෙයි. නමුත් ඔබ අද ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා?
ඇත්තටම ඔව්. මම අහම්බෙන් ආපු ගමනක් තමයි මේ. මම ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරපු කෙනෙක්. මට මෙය විස්මයජනක දෙයක් ලෙස තමයි දැනෙන්නේ. මම තවමත් හිතනවා මේ තැනට ආවේ කොහොමද කියලා.

🔴 ඔබට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක ආදර ඇරයුම් ගලාගෙන එන්න ඇති. දැන් ඔබ පෙම්වතියක්ද?
මම ආදරය කළා. ඒ වගේම ආදරයත් එක්ක මම දුක් වින්දා. විඳින ලොකුම වේදනාව ආදරය. ඒ දුක විඳලා එය බිඳවැටුණාම පිරිමි පාර්ශ්වය හරි, ගැහැනු අපි වැරැදියි කියලා ඇඟිල්ල දිගු කරනවා. ඒත් ගැහැනියට මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතන්නෙ නැහැ. මම දැන් තනිකඩව සරල ජීවිතයක් ගෙවනවා. මට මේ නිදහස හිතට සතුටක්. තවත් බැඳීමක් ඇතිකරගෙන විඳවනවාට වඩා.

🔴 ඔබ හිතනවද මේ ගෙවන ජීවිතය සතුටක් කියලා?
අනිවාර්යයෙන්ම තව කෙනකුගේ බලපෑම්වලට යටත් වෙලා ගෙවන ජීවිතයට වඩා මේ ජීවිතය සැහැල්ලුයි. මම කවදාවත් කාටවත් වැරැද්දක් කරලා නැහැ. මගේ සතුට කෙතැනද තියෙන්නේ, අන්න එතැන මගේ සතුට තියෙන්නේ. මම බැඳලා දුක් විඳිනවට වඩා මෙහෙම ඉන්න එක සතුටක් කියලා තමයි මම හිතන්නේ.

🔴 මෙහෙම නිදහසේ කිරිල්ලියක් වගේ සැරිසරන්න බය නැද්ද? වර්තමාන සමාජයේ අහන්න ලැබෙන දේවල් එක්ක?
එහෙම මගේ හිතට බයක් දැනෙන්නේ නැහැ. මෙච්චර කාලයක් මට එහෙම ප්‍රශ්න වෙලත් නැහැ. මම ගෙදරින් ආවේ මේ නිදහස හොයාගෙන. මගේ පවුලේ අයටත් මං ගැන විශ්වාසයි. පොළොවේ පය ගහලා සාධාරණ විදියට ජීවත් වෙන්න මට ආත්ම ශක්තියක් තියෙනවා. මම කිසිම දේකට බය වෙන කෙල්ලෙක් නෙවෙයි. සමහර ගැහැනු ළමයි කියනවා සමාජයෙන් කරදරයි කියලා. ඕවා බොරු කතා. තමන් හරියට හිටියොත් අපේ ඇඟට කිසිම කෙනකුට අත තියන්න බැහැ.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අදත් මිලිමීටර් 150 ඉක්මවන වැසි!

Next Post

අමෙරිකාව ලංකාවට හදිසි ආධාර ගුවන්ගත කරයි!

MORE NEWS

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.