• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොල්ලෙක් විදියට සමාජයේ පයගහල ජීවත් වෙනවා…

September 16, 2021
in Heart
Reading Time: 4 mins read
A A
කොල්ලෙක් විදියට සමාජයේ පයගහල ජීවත් වෙනවා…
Share on WhatsAppShare on Facebook

හැදෑරීමක් නැත්නම් පැවැත්මක් නැහැ…

මේ දිනවල ‘පෝර්ක් වීදිය’ තුළින් ඔබට සමීප වන ‘කසුන්’ අනංගයෙක් බවට පත්වෙලා. ආදරය කරමින්, ආදරය මුළාවක් කරන තරුණයෙක් බවට පත්වෙලා. ඉතින් මෙයට පෙරත් විවිධ නිර්මාණ තුළින් ඔහුගේ දක්‍ෂතාවන් දැකගන්නට ලැබුණා. නමුත් කාලෙකට පසු තාරුක නැවැත රඟපෑමට ඇවිත්. දිගු නිහැඬියාවකට පසු රඟපෑමට ආපු ඔහු සමග අපි කතා කළා.

තාරුක ඉතින් කොහොමද?
මේ දවස්වල නම් වෙනදාටත් වඩා ඉතාමත් සැලකිල්ලෙන් ජීවිතයට ආදරය කරන නිසා පරෙස්සමට වැඩ කරගෙන යනවා.

තාරුක සහ ‘කසුන්’ අතර ලොකු වෙනසක් ඔබ දකිනවද?
අනිවාර්යයෙන්ම… තාරුක කියන්නේ ගොඩාක් සරලව හිතන, පාඩුවේ ඉන්න කෙනෙක්. ‘කසුන්’ වගේ අනංගයෙක් නෙවේ.

‘කසුන්’ චරිතය නිරූපණය කිරීමම ඔබට, ඒ කියන්නේ හාත්පසින්ම වෙනස් වෙන්න ඇති?
සමාජයේ ජීවත්වන කෙනෙක් මම. ‘කසුන්’ලා වගේ මිතුරන් පවා මම ආශ්‍රය කරනවා. ඉතින් කොල්ලෙක් ලෙසට මම මේ සමාජයේ පයගහලා ජීවත් වෙන නිසා එතරම් අපහසුවක් වුණේ නැහැ ඒ චරිතය නිරූපණය කරන්න.

‘පෝර්ක් වීදිය’ අනෙකුත් නිර්මාණවලට වඩා වෙනස් ස්වරූපයකින් කතාවෙන නිර්මාණයක්?
ඔව්… ‘කොවිඞ්’ එක්ක රටේ සියලුම ජනතාව රැකියා ප්‍රශ්නත් එක්ක ලොකු අරගලයකට මුහුණ පෑවා. ඉන්පසු ජනතාව උත්සාහ කළේ ඔවුන්ගේ ආර්ථිකය ගොඩනඟාගන්නේ කොහොමද, ඒ ප්‍රශ්න සඳහා මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් එවැනි සිදුවීම් මාලාවක් ගැන තමයි ‘පෝර්ක් වීදිය’ ටෙලිනාට්‍ය හරහා අපි කතා කිරීමට උත්සාහ ගන්නේ.

‘පෝර්ක් වීදිය’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් බහුතරයක් සිදුවන්නේ එළිමහනේ. ඉතින් ‘කොවිඞ්’ ප්‍රශ්න එයට බලපෑවද?
සමහර අවස්ථාවල රූපගත කිරීම් නතර කරන්න සිදුවුණු අවස්ථා තිබුණා. දර්ශන තල සඳහා අවසර ලබා ගැනීමට සිදුවුණු අවස්ථාවලදී අපිටත් ප්‍රශ්න මතු වුණා. රටේ මානසිකව පීඩා විඳින ජනතාවගේ හිතට සැහැල්ලුවක් ගෙන දෙන්න තමයි අපි සියලුමදෙනා කැපකිරීමක් කරන්නේ. ඉතින් අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරන්නේ මේ නිර්මාණය කරගෙන යෑමට අපිට සියලුම දෙනාම සහාය වෙන්න කියලා.

ඔබ මේ රඟපෑමට සම්බන්ධ වෙන්නේ හැදෑරීමක් ඇතිවයි. නවක ශිල්පීන්ට හැදෑරීමක් අත්‍යවශ්‍යමද?
අනිවාර්යයෙන්… ඕනෑම ක්‍ෂේත්‍රයකට සම්බන්ධ වෙනවා නම් ඒ පිළිබඳ හැදෑරීමක් තිබිය යුතුයි. මොකද නැතිනම් පැවැත්මක් නැහැ. මමත් ‘දුරුතු’ සිනමා රංග පාසලෙන් හැදෑරීමක් කරලා කට්ටක් කාලා තමයි ආවේ. දැන් ඉන්න අය ටික් ටොක් කරලා නළු වරම් ගන්න දඟලනවා. හැබැයි එය පැවැත්මක් ලෙසට මම දකින්නේ නැහැ.

මේ දවස්වල නිතර දෙවේලේ ඔබව අපිට සමීප වෙනවා. එය ගැන යමක් කිව්වොත්?
සමහරු කියනවා නිතර දෙවේලේ දකින කොට ප්‍රේක්‍ෂකයින්ට එපා වෙයි කියලා. නමුත් දැන් තිබෙන මේ තරගකාරිත්වයත් එක්ක මෙහෙම හරි මට මගේ දක්‍ෂතාවය පෙන්නන්න ලැබීම ලොකු වාසනාවක් ලෙසයි මම හිතන්නේ. මේ චරිතයට මාව තෝරා ගත්ත ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සාලින්ද රත්නායකට වගේම ටෙලිනාට්‍යයේ පිටපත් රචක අසංක සායක්කාර අයියාට ස්තුතිය පුද කරනවා.

පසුගිය කාලේ පැවැති ‘රයිගම්‘ සම්මානයක් ඔබට ගිලිහී ගියා නේද?
මට ඒ අවස්ථාව සම්මානයකට වඩා වටිනවා. ලසිත කාරියවසම්ගේ ‘අවලෝකනය’ ඒකාංගික ටෙලිනාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ නිර්මාණයට ජනාධිපති සම්මාන පවා ලැබුණා. ඉතින් ප්‍රධාන චරිතය නිරූපණය කිරීම මට ලැබීමත් වටිනවා ඒ නිර්මාණයේ.

වර්තමානයේ රංගන ශිල්පීන් ක්‍ෂේත්‍රයේ අය සමග හාදකම් පවත්වනවා. ඒත් ඔබේ ආදරය වෙන පැත්තකට යොමුවෙලා?
මම එදා ඉඳලා හිතාගෙන හිටියේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේ නැහැ කියලා. ක්‍ෂේත්‍රයේ ඉන්න හැමෝම මට මගේ සහෝදරයෝ වගේ. ඉතින් මාව තේරුම් ගත්ත පෙම්වතියක් මට හමුවුණා. එයා දැැන් ගුරුවරියක් ලෙසට කටයුතු කරනවා.

දැන් පවතින තත්ත්වයත් එක්ක රඟපෑම වෘත්තියක් ලෙසට කිරීම අසීරු දෙයක් බවට පත්වෙලා නේද?
මම කොහොමත් රඟපෑම වෘත්තියක් ලෙසට කළේ නැහැ. මම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. නමුත් කොරෝනා ප්‍රශ්නත් එයට බලපෑවා. ඉදිරයේදී එය වැඩිදියුණු කරගන්න තමයි සැලසුම.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

‘යුගදනවි’ අමෙරිකාවට දීමෙන් රටම අනතුරක! ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයකින් අනතුරු ඇඟවීමක්!

Next Post

කබ්රාල්ට විරුද්ධව සජබෙ නීතිමගට! පැන්ෂන් එක මිලියන 194ක්! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.