• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇක්ට් එකට වඩා රිදම් එකට කැමැති ජූඩා…

October 20, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ඇක්ට් එකට වඩා රිදම් එකට කැමැති ජූඩා…
Share on WhatsAppShare on Facebook

රංගනය කියන්නේ අමුතු දෙයක්…

මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ,’ ‘පාර දිගේ’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක් ඔබට තිළිණ කළ සද්ධා සූරිය මංගල බණ්ඩාර නම් ප්‍රවීණ තිරපිටපත් රචකගේ ආදරණීය පුත් ඉඳුවර සූරියබණ්ඩාර මේ දිනවල විකාශය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘ජූඩා’ ලෙසින් ඔබට සමීප වෙනවා. ඉතින් අපි ‘ජූඩා’ගේ රංගන චාරිකාව ගැන කතාබහකට මුල පිරුවා.

ඉතින් කොහොමද..?
හොඳින් ඉන්නවා කලා කටයුතු කරගෙන.

ඔබට ‘සූරිය’ කියලා කතා කරන්නද ‘ජූඩා’ කියලා කතා කරන්නද?
මාව ගොඩාක් දෙනෙක් දැනහඳුන ගත්තේ ‘ජූඩා’ ලෙසින් තමයි. අදටත් පාර තොටේදී මාව කවුරු හරි දැක්කොත් ‘ජූඩා’ කියලා තමයි කතා කරන්නේ. ඉඳුවර සූරිය බණ්ඩාර නමත් මතු වුණේ ‘ජූඩා’ නිසයි. ඉතින් මම ‘ජූඩා’ට කැමැතියි.

ඉතින් කියමුකො බලන්න ‘පාරදිගේ’ – ‘ජූඩා’ වුණේ කොහොමද කියලා?
නළුවෙක් වෙන්න මගේ හිතේ ආශාවක් තිබුණේ නැහැ. මගේ තාත්තා තමයි සද්ධ සූරිය මංගල බණ්ඩාර කියන්නේ. ඔහුගේ මගපෙන්වීම යටතේ තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ප්‍රසන්න මහාගමගේ සර් යටතේ රංගන පිළිබඳව අවුරුද්දක් විතර හැදෑරුවා. ඉතින් ඔහොම කාලය ගෙවාගෙන යනකොට හිතට පොඩි ආශාවක් ආවා රඟපාන්න.

ඔබේ පළමු රංගනය ප්‍රේක්‍ෂකයන්ට විඳීමට හැකිවුණේ ‘පාරදිගේ’ හරහා. ඉතින් ඒ වෙනස් අත්දැකීම ඔබට දැනුණේ කොහොමද?
රංගනය කියන්නේ අමුතු දෙයක්. එය හිතන තරම් කරන්න පහසු දෙයක් නෙවේ. රඟපානවා කියල නිකම් ආවාට ගියාට රඟපාන්න බැහැ. චරිතය හොඳට තේරුම්ගෙන ඒ තුළ ජීවමාන රංගනයක් කිරීමයි වැදගත්. ඉතින් ‘ජූඩා’ චරිතය පැහැදිලිව කිවුවොත් මට අභියෝගයක් වුණා. හිතේ බයක් තිබුණා මට කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් සියලුමදෙනාගෙන් ලැබුණු සහයෝගය එක්ක මගේ අඩුපාඩුකම් හදාගෙන ‘ජූඩා’ට සාධාරණයක් කිරීමට මම උත්සාහ කළා.

ඔබ රංගනයෙන් වාගේම පසුබිම් සංගීතයෙන්ද ‘පාරදිගේ’ට දායකත්වය සපයනවා?
මම මුලින්ම ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයට තමයි පසුබිම් සංගීතයෙන් සම්බන්ධ වුණේ. මම පොඩි කාලේ ඉඳලම උත්සාහ කළේ මගේ
හැකියාවෙන් ඉදිරියට යන්න. මම රඟපෑමට වඩා කැමැත්තක් තිබුණේ සංගීත පැත්තට තමයි. ඒ ආශාවත් එක්ක තමයි ටෙලිනාට්‍යවලට පසුබිම් සංගීතයෙන් සම්බන්ධ වුණේ. පිටපත හොඳට කියවලා, බලලා මොන වගේ රිදම් එකක්ද කියලා තේරුම් අරගෙන එයට ගැළපෙන විදියට සංගීතය සපයනවා.

‘ජූඩා’ගේ ඉදිරි සැලැසුම කොයි වගේද?
චිත්‍රපට අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. මගේම රංගනයත් වගේම සංගීතයත් මුසුකොට හොඳ නිර්මාණයක් කිරීම තමයි මගේ මීළඟ පියවර.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දිව දෙකේ ශ්‍රීලනිපය හදන්නේ ආණ්ඩුව විනාශ ‌කරන්න! වහාම තීන්දුවක් ගන්න! ආණ්ඩුවේ පසුපෙළ සටන අරඹයි! (VIDEO)

Next Post

බඩු මිල ගැන හිනා වෙවී උත්තර දුන් මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරය ගැන අහපු ගමන් පැන දුවයි! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.