• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතලා මතලා සාරංග ගහපු නියම ප්ලෑන්! Sri Lanka Latest News

September 27, 2025
in Heart
Reading Time: 2 mins read
A A
හිතලා මතලා සාරංග ගහපු නියම ප්ලෑන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාරංග දිසාසේකරත් එක්ක පොඩි කතාබහකට සෙට් වෙන්න ඕනෙ කියලා හිතුවේ මීට සති ගණනකට කලිනුයි. ඒ කාරණයට හේතුවක් වුණේ ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ගිටාර්’ ෆිල්ම් එක ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මැද තවමත් ප්‍රදර්ශනය වෙන නිසයි. ඒ විතරක්ම නෙවෙයි. සාරංග චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසිලාය කියන ආරංචියත් ‘හාට්’ එකට ආවා. ඉතින් ඔය කරුණු කාරණා ඔක්කොමත් එක්ක ඔන්න අපි සාරංගව කතාබහට එකතු කරගත්තා.Sri Lanka Latest News

ඉතින් සාරංග කොහොමද මේ දවස්වල තොරතුරු?
තොරතුරු අහනකොට නම් මුලින්ම කියන්න වෙන්නේ තරමක් බිසී කියලා තමයි.
අලුත් වැඩ කිහිපයකටම අතගහලා කියලයි ආරංචිය…?
ඔව්. මමයි දිනක්ෂියි රඟපෑමෙන් එක්වන ‘මිස්ටර් ඇන්ඩ් මිසිස්’ ෆිල්ම් එක නොවැම්බර් මාසේ මැද රිලීස් වෙනවා. ඒ අතර ‘පට්ටි ගෙදර’ ටෙලි ඩ්‍රාමා එකෙත් වැඩ කටයුතු අවසාන වුණා. අලුත් චිත්‍රපට දෙකක් 2026 අවුරුද්දෙ තිරගත කරන සූදානමක ඉන්නවා. ඕවා තමයි ඉතින් අලුත් වැඩ සහ අලුත් ආරංචිවලට තියෙන්නේ.
චිත්‍රපට අධ්‍යක්ෂණයටත් අතගැහුවා කියලා ආරංචියක් තියෙනවා?
ඔව්. හුඟ කාලයක ඉඳන් මගේ හිතේ තිබුණු සැලැස්මක් ඒක. හිතලා මතලා වැඩේ ලස්සනට ඕනෑකමින් කරන්න ඕනෙ නිසා ඒ සැලැස්මට ටිකක් කාලය දුන්නා. වෙලාව හරි කියලා හිතුණ තැනදී වැඩේට අතගැහුවා.
එච්චරට සැලසුම් කරලා අතගැහුව වැඩේ සාර්ථකද සාරංග?
පුළුවන් උපරිමයට හිතට අරන් නිර්මාණයට දායක වුණා. ඒ මෙහෙවර සාර්ථකයිද නැද්ද කියන උත්තරය දෙන්න පුළුවන් චිත්‍රපටය තිරගත වුණාට පස්සේ තමයි.
චිත්‍රපට දෙක ගැන විස්තර ටිකක් කියමුද?
විස්තර නම් රහසක් කරන්නයි අදහස. ඒක ආඩම්බරකමක් හෝ ලොකුකමක් නෙවෙයි. ඒත් ෆිල්ම් දෙකේ නම පවා තවම මීඩියාවලට දීලා නැහැ. ඒ නිසා දැනට ඒ ගැන කතාකරන එක නවත්වමු.
නළු නිළියන්ගෙ නම් ටිකවත් කියමු සාරංග?
ප්‍රවීණයෝ සහ නවකයෝ පිරිසක් රංගනයට දායක වෙනවා. ඒකත් අපි අවශ්‍ය වෙලාවට සඳහන් කරනවා නම් වඩා හොඳයි.
ෆිල්ම්වල ප්‍රධාන චරිතය කරන්නේ දිනක්ෂිද?
නැහැ. එයා ඒ ෆිල්ම් දෙකෙන් එකකවත් මේන් රෝල්ස් කරන්නේ නැහැ. එක ෆිල්ම් එකක විතරක් ආරාධිත රංගනයක් කරනවා. එච්චරයි.
දිනක්ෂිට සැලකිය යුතු චරිතයක් නුදුන්න එක අසාධාරණ නැද්ද?
එහෙම හිතන්න අවස්ථාවක් නැහැ මෙතැන. අනෙක මම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක දිනක්ෂි රඟපාන්න ඕනෙ කියලා නියමයකුත් නැහැ. ඇයටත් ඒක එහෙමයි.
ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා විදියට වසර කිහිපයකම ඔබ සම්මාන ගත්තා?
ඔව්. ප්‍රේක්ෂකයන්ට සමීප චරිත කළ නිසා මට ඔවුන්ගේ මනාපය ලැබුණා.
සාරංග අද මේ ඉන්නේ කවදාක හෝ හීනයක් ලෙස දැකපු තැනකද?
ජනප්‍රියම නළුවෙක් වෙන්න ඕනෙ කියන හීනය නම් මා තුළ කවදාවත් තිබුණේ නැහැ. මම ආවේ කලා පවුලකින්. මගේ තාත්තා, අම්මා, මාමා හැමෝම කලා පසුබිමක් තුළ නමක් හදාගත්ත ප්‍රවීණයන්. ඒ අයගේ ආභාෂය මට ලැබුණා.
පුංචි කාලේ ඉඳන්ම අම්මාගේ අතේ එල්ලිලා ගුවන්විදුලියේ වැඩසටහන්වලට ගියා. විශේෂයෙන් නළුවකු ලෙස මගේ මාමා ඩග්ලස් රණසිංහ දිහා බලනකොට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ප්‍රතිචාරය ඔහුට ලැබෙනකොට මම හිතුවා එදා මටත් නළුවෙක් වෙන්න ඇත්නම් කියලා. ඒ මිසක් ජනප්‍රියම නළුවා වෙනවා, සම්මාන ගන්නවා කියන හැඟීමක්, ටාගට් එකක් මට තිබුණේ නැහැ. හැබැයි අද මට ප්‍රේක්ෂකයන් දක්වන ඇල්මට ආදරයට මම කැමැතියි. ඒක මට ගෞරවයක්.
ඇතැම් පිරිස් ඔබටත් දිනක්ෂිටත් මඩ ගහනවා?
සෝෂල් මීඩියා කියන්නේ නිදහස් මාධ්‍යයක්. එහි නීති හෝ සීමාමායිම් නැහැ. ඕනෑම කෙනකුට තවත් අයකු ගැන ඕනෑම දෙයක් පළකරන්න මුදාහරින්න පුළුවන්. සමහර දෙනා අපට මනාපයි. තවත් පිරිසක් ඒ මනාපය නැහැ. ඒ වගේම තම මතය දැරීමේ අයිතිය ඔවුන්ට තියෙන්න පුළුවන්. අපට ඊට එරෙහි වෙන්න බැහැ.
දිනක්ෂි ව්ලොග් එකක කියලා තිබුණා විවේචන කියන්නේ සමහර අවස්ථාවල මෝටිවේෂන් එකක් කියලා?
ඒක එහෙම විය යුතුයි. විවේචනවලට සැලෙන්නෙකුට මේ ෆීල්ඩ් එකේ ඉන්න අමාරුයි. ඒ නිසා උපේක්ෂාවෙන් ඒවා එලෙස බැහැර කිරීම තමයි හොඳ.
කලාකරුවකු වීම ගැන ඔබ ආඩම්බර වෙනවද?
සත්තකින්ම ඔව්. ආඩම්බරය කෙසේ වෙතත් මම මා තුළ සිටින සාරංග දිසාසේකර කියන රංගන ශිල්පියා ගැන ඉතා තෘප්තිමත්. මා පැමිණි මග ගැන ආපසු හැරී බලන කල මට සතුටුයි.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

දිගටම වහිනවා! Sri Lanka Latest News

Next Post

ලංකාවේ බලශක්ති යුද්ධයට ඇතුළු වෙන්න ආණ්ඩුව රුසියාවට ඉඩ දෙයිද? Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.