ලංකාවේ බලශක්තිය සඳහා ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය අතර යුද්ධයක් නිර්මාණය වෙද්දී රුසියාව ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් සඳහා වූ සිය කැමැත්ත යළි ප්‍රකාශ කොට තිබේ. ලංකාවේ රුසියානු තානාපතිවරයා පසුගියදා සඳහන් කර තිබුණේ න්‍යෂ්ටික බලාගාර යෝජනාව සම්බන්ධයෙන් විදුලිබල ඇමැතිවරයා සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. රුසියාව මේ යෝජනාව ගෙන ආවේ පසුගිය රනිල්ගේ ආණ්ඩු කාලයේය. ඇමෙරිකානුවාදී රනිල්ගේ ආණ්ඩුවට වඩා වාමවාදී ජවිපෙ ආණ්ඩුවක් සමග තම යෝජනාවලිය ඉදිරියට ගෙන යෑම ලෙහෙසි වනු ඇතැයි රුසියාව කලින් සිතන්න ඇත. එහෙත් අනුර කුමාර රුසියානු ජනාධිපති රුසියාවේ බි්‍රක්ස් සමුළුවට සහභාගි වන ලෙස කළ පළමු ආරාධනාවම ප්‍රතික්ෂේප කළේය.Sri Lanka Latest News
රුසියාව සහ ජවිපෙ අතර සම්බන්ධය ජවිපෙ නායකයාගේ කාලය දක්වා දිව යන්නකි. 1960දී විජේවීර එවක සෝවියට් දේශය අගනුවර වූ මොස්කව්හි පැටි්‍රක් ලුමුම්බා පීපල්ස් ෆ්‍රෙන්ඩ්ෂිප් විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා වූ ශිෂ්‍යත්වයකට අයැදුම් කරන්නේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුගේ උදව්වෙනි. 1963දී ඔහු ලෙඩ වී රෝහල්ගත විය. අධ්‍යාපන කටයුතු සඳහා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති බවත්, ඔහු විවේක ගතයුතු බවත් මොස්කව් ඉස්පිරිතාලයෙන් ඔහුට උපදෙස් දුණි.
ලංකාවට ආ විජේවීර සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදය සමග වෛර බැඳගත්තේය. ඔහු ලංකාවේදී චීන කොමියුනිස්ට් ලයින් එක ලංකාවේ ප්‍රවර්ධනය කරන්න පටන් ගත්තේය.
විජේවීර සෝවියට් කොමියුනිස්ට්වාදයට වෛර කළේ සෝවියට් දේශය ලංකාවේ වාමාංශික පක්ෂ සමග පැවැති සමීප සම්බන්ධය නිසා විය හැකිය. 1971 ජවිපෙ කැරැල්ල අවස්ථාවේදීත් සෝවියට් දේශය සහාය දුන්නේ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ වාමාංශික ආණ්ඩුවටය. සෝවියට් දේශය මැතිවරණවලදී ආධාර කළේත් ඔවුන්ටය.
ජවිපෙ රුසියාව ගැන සැකයෙන් බලන්නේ ජවිපෙ නායක විජේවීරගේ මේ ඉතිහාසය නිසාද දන්නේ නැත. විජේවීර සහ ජවිපෙ ප්‍රධාන හතුරු වූයේ සෝවියට් දේශයේ ආධාර ලබපු ලංකාවේ වාමාංශික පක්ෂය. මේ නිසා ජවිපෙ චීනයට මෙන් රුසියාවට සමීප නැත. රුසියාව සහ මිත්‍ර වී ඇමෙරිකාව තරහා කරගන්නවාට වඩා රුසියාව මගහැරීම හොඳ යැයි ජවිපෙ ආණ්ඩුව හිතනවා විය හැකිය.










