• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටයි අංකල් ලංකාවේ නම් ආයෙ ඉපදෙන්න එපා!

November 6, 2024
in Heart
Reading Time: 3 mins read
A A
ටයි අංකල් ලංකාවේ නම් ආයෙ ඉපදෙන්න එපා!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සිනමාවේ බොහෝ කලාකාරයන් ගැන කතාකරන්නේද සම්මාන පුදන්නේද ඔවුන් මියගියාට පසුවය. එහෙමත් නැත්නම් රෝද පුටුවට හෝ ඇඳට වැටුණාට පසුවය. (Sri Lanka Latest News)

එවැන්නක් එලෙස සිදුවන්නේ ඇයිද කියන ප්‍රශ්නයට අදටවත් පැහැදිලි උත්තර නැත. ඒවාට උත්තර හොයලා ඵලකුත් නැත. එලෙසම ඒ සංසිද්ධීන් අතර කඩිමුඩියේ මේ කෙටි සටහනක් ලියන්නට තනන්නේද කිසිදුම අගැයීමකට ලක් නොවුණු තවත් එක් ඇසූපිරූ තැන් සපිරි අද්විතීය පුද්ගලයෙක් ගැන කියන්නටය.

ඒ, ප්‍රවීණ නිර්මාණකරු ටයිටස් තොටවත්තයන්ය.
උප්පැන්නයේ හැටියට ඔහුගේ නම තොටවත්තගේ දොන් මැනුවෙල් ටයිටස් ද සිල්වාය. හැට හැත්තෑව දශකවල සිනමාවට එනකොට ඔහු ටයිටස් තොටවත්ත විය. තව ටික කලකින් ටයි මහත්තයා විය.

‘හඳයා’ ළමා චිත්‍රපටය හැදුවාට පස්සේ ‘ටයි මාමා’ විය. කාටූන් කලාව හරහා ‘දොස්තර හොඳ හිත’ව ටීවී එකට ගෙන එනකොට ඔහුට ‘ටයි අංකල්’ කියන්නත් හුරු පුරුදු විය. ඉංග්‍රීසියෙන් යන කාටූන් කලාව සිංහල බසට හරවා කුඩා දරුවන්ගේ සිත් පිනවීමේ සොඳුරු කාර්යයට පළමුව උරදුන්නේ ටයිටස් තොටවත්තයන්ය.

නිර්මාණකරුවකු ලෙස ටයිටස් තොටවත්ත සූරීන් සිංහල සිනමාවට ආවේ අධ්‍යක්ෂණය සහ තිර නාටක කලාව හරහාය. සටන්කාමී වාණිජ චිත්‍රපට මෙන්ම නිර්මාණශීලී චිත්‍රපට කලාව තුළද ඔහු සිය ප්‍රතාපවත් ප්‍රතිරූපය තනාගත්තේය. චිත්‍රපට අධ්‍යක්ෂණය වාගේම සංස්කරණය සහ තිර රචනය තුළ සිය හැකියාව මොනවට මෙහෙයවූයේය. සංස්කරණ ශිල්පියකු ලෙස ඔහු මුල් අවදියේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට සම්බන්ධ විය. එවක ඔහුගේ හිතැති සගයන් අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් සුවිශේෂව සිටියහ. ‘රේඛාව’ වැනි විශිෂ්ට ගණයේ නිර්මාණයක් බිහිවූයේ ඒ මිතුරුකම හරහාය. ඒ, 1956 අවුරුද්දය.

එයට පසු තොටවත්තයන් වැඩිපුරටම ඇබ්බැහිව සිටියේ සංස්කරණයටය. එය ඔහුට ප්‍රිය විය.
‘මරුසිරා’ යන නම ආරූඪ කරගත් සිරිපාලගේ චරිතය අලළා අමරනාත් ජයතිලක, ‘සිරිපාල සහ රන්මැණිකා’ හදන කොට ටයිටස් තොටවත්ත 1977දී ‘මරුවා සමග වාසේ’ හැදුවේය. ‘සිරිපාල සහ රන්මැණිකා’ සේම ‘මරුවා සමග වාසේ’ද ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ අතර, බොක්ස් ඔෆිස් වාර්තා බිඳදැමීමටද සමත් විය.

දරුවන් වෙනුවෙන්ම වූ නිර්මාණ කාර්යයට ඔහු අතගැසුවේ ‘හඳයා’ තුළිනි. ‘හඳයා’ සිංහල සිනමාවට සුන්දරතම මතකයක් එක්කළ සිනමා පටයක් වූ අතර, ළමයින් වෙනුවෙන් තැනූ ඒ සොඳුරු නිර්මාණය ඇස්වලින් දකින්නට දරුවන් සේම වැඩිහිටියන්ගෙන්ද සිනමාහල් පිරී ඉතිරී ගියේය. ඒ අතර එය බොක්ස් ඔෆිස් වාර්තාවලින්ද බොහෝ සිනමා පටයන්ට අභියෝගයක් විය. සම්මාන පිට සම්මාන ලැබීම අතින්ද හඳයා සුවිශේෂ වාර්තා තැබුවේය.

රූපවාහිනිය ලංකාවට ආවාට පසුව මේ සොඳුරු නිර්මාණකරුවා එයටද එබිකම් කළේය. ලස්සන ටෙලි කතා තැනුවේය. ඒ අතර ‘රන් කහවණු’ ප්‍රාසාංගික සහ ‘පින් මඳ පුතුන්’ ඒකාංගික ටෙලි කතා සුවිශේෂ විය.

ඔහු ගෙන ආ කාටූන් කලාව අතිශයින්ම මනහර වූයේය. ‘හා හා හරි හාවා’, ‘දොස්තර හොඳ හිත’ ‘ලොකු බාස් පොඩි බාස්’ වැනි තව තව ඔහුගේ නිර්මාණශීලීත්වයෙන් මැවුණු කාටූන් කතා බලන්නට පොඩි දරුවන් විතරක් නොව පැන්ෂන් ගෙන ගෙදරට වී සිටින වැඩිහිටියන්ද මැද සාලේ අසුන් ගත්හ. 80-90 ආච්චිලා සීයලාද එහි සිටියහ.

ෂර්වුඩ් වනාන්තරයේ වීරයා වූ ‘රොබින්’ චරිතය ඇසුරෙන් නිර්මාණය වූ ‘ෂර්වූඩයේ රොබින්’ කතා මාලාව ඔහු ශ්‍රී ලංකේය ළමා පරපුරට දායාද කළ අමරණීය නිර්මාණයකි. අදටත් ඒ සොඳුරු මතකයන් අපගේ හිත්වල නොමැකී තිබේ. එසේම සම්භාව්‍ය බටහිර නවකතා ඇසුරෙන් නිර්මාණය වූ රූපවාහිනී චිත්‍රපට රැසක් ඔහුගේ කඬකැවීම් දායකත්වය යටතේ එකල ජාතික රූපවාහිනියෙන් විකාශය විය.

සරලව දිවි රටාව ගෙනගිය ටයිටස් තොටවත්ත නම් මේ සරල සොඳුරු ටයි මාමා සිදුකළ කලාකාමී මෙහෙවර මේ යැයි ප්‍රමාණ කරන්නට බැරි තරම්ය.
ඒ අමිල මෙහෙවර වෙනුවෙන් එතුමන්ට දුන් අගය ගැන සෑහීමකට පත්වන්නට පුළුවන්ද? බැරිය කිව්වත් ටයි මහත්තයා එහෙම පඬුරු පාක්කුඩම් බලාපොරොත්තු වූ මහත්මයකු නොවීය. ඒත් ඔහු වෙනුවෙන් මීට වැඩි යමක් කළ යුතුව තිබිණි.

ඒ හින්දා අපි ඔහුටත් මෙහෙම කියමු.

‘ටයි මහත්තයා කලාකාරයෙක් විදියට නම් ලංකාව වගේ රටක ආයේ ඉපදෙන්න එපා….’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කිව්වේ නම් ආපු ගමන් ලයිට් බිල අඩු කරනවා කියලා! දැන් කියනවා ලයිට් බිල අඩු කරන්න අවුරුද්දක් ඕන කියලා! Sri Lanka Latest News

Next Post

තෙල් මිල අඩු කරන්න බෑ කියලා සභාපති කිව්වේ පට්ටපල් බොරුවක්! මේ සභාපතිටයි අධ්‍යක්ෂවරයෙකුටයි බරපතළ චෝදනා තියෙනවා! ඒවා වෝහාරික විගණනයෙන් හෙළිවුණා! වෘත්තීය සමිති නායක ආනන්ද පාලිතගෙන් බරපතළ චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.