• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොරෝනා සමඟ විරාමෙට කොටුවුණු කලාකරුවන්ට වැදුණු මරු පහර…

June 19, 2021
in Heart
Reading Time: 8 mins read
A A
කොරෝනා සමඟ විරාමෙට  කොටුවුණු කලාකරුවන්ට වැදුණු මරු පහර…
Share on WhatsAppShare on Facebook

ඔක්කොම කොට උඩද?
රැලි, විරාම ඉවරවෙද්දි කලාවේ රතු කට්ට පනීද?

2020 අවුරුද්ද සහමුලින්ම උඩු යටිකුරු කොට දැමූ ‘කොවිඩ්-19’ උවදුර ගෙවී යමින් තිබෙන 2021 අවුරුද්දටත් සියලු ලෝක වාසීනට අමතක නොවන අගුළු දැමීමක් කොට අවසානය. තරාතිරමක් නොවූ ඒ අගුළු දැමීම තුළ පීඩාවට පත්වූවන් අතර කලාකරුවන්ද සුවිශේෂීව දැක්විය හැකිය. පැය ගණනෙහි වැය අනුව වැටුප් ලබන වෘත්තීය කලාකරුවන් නිවෙසට කොටුව සිටීම යම් අවදානමක් නොවේද?

සත්තකින්ම එය අවදානමකි.., දැයක් පිනවන කලාකරුවන් මෙවැනි අවදානමකට මැදි වන විට ඔවුනට යම් අත්වැලක් විය හැකි ක්‍රමවේදයක් රජය විසින් සැලසිය යුතුද? නැතිනම් එය කලාකරුවන් විසින්ම විසඳා ගතයුතු ගැටලුවක්ද? කොයික, කෙලෙසක වුවද.., කොරෝනා විරාමය නිසා සියල්ල අතරමග නවතා දැමීමෙන් කලාකරුවනට සිදුව ඇති ව්‍යසනය ගැන කතාබහ කරන්නට ජනප්‍රිය රංගනවේදීන් කිහිපදෙනෙකු සොයා ‘මව්රට’ කළ කතාබහක තොරතුරු මෙසේ සනිටුහන් කරන්නෙමු.

පළමුව අප හා කතාබහට මැදි වූයේ ‘ලංසුපතිණියෝ’ හරහා ‘කෙහෙල් සුසාව’ කදිමට රඟදැක්වූ සාරංග දිසාසේකරය.

මේක හොඳ පාඩමක්…

ඉතින් සාරංග.., කොරෝනා විරාමය තුළ බොහොමයක් වූ කලාකරුවන් නොසිතූ ලෙස පීඩාවට පත්වෙලා.
මේ ගැන යමක් ඔබට කියන්නට තියෙනවද?

අනිවාර්යයෙන් මේ ගැන කතා කරන්නටම ඕනෑ… අනෙකුත් සාමාන්‍ය උදවිය වාගේම කලාකරුවන්ද කොරෝනා විරාමය නිසා යම් පීඩනයකට හසුව සිටිනවා.

මෙතැනදී ඇතැමුන් ආර්ථික වශයෙන් යම් තැනක සිටියද තවත් ඇතැම් දෙනාට එවැනි ස්ථාවරයක් නැහැ. සංචරණ සීමා දැමීම වැරැදියයි රජයට චෝදනා කරන්නට බැහැ. නමුත් සංචරණ සීමාවට මැදිව සිටින්නන්ගේ ඕනෑ එපාකම් ගැනද යම් මැදිහත් වීමක් සිදුවිය යුතුයි. ඒ මැදිහත් වීම හිටි අඩියේ කරන්නට බැරි බව දන්නවා. නමුත් කලාකරුවන් වෙනුවෙන් යම් සුබසාධනයක් වැනි යමක් ගොඩනඟන්නට පුළුවන් නම්.., එහෙමත් නැතිනම් එවැනි මෙහෙවරක් මීට පළමුව දියත්කර තිබුණා නම් කොරෝනා විරාමය ඔවුනට අවදානමක් නොවෙන්නට තිබුණා.

ඒ වාගෙම මේ සංසිද්ධිය කලාකරුවනටත් යම් පාඩමක් සඳහා කදිම අත්දැකීමක් වග සිතට ගතයුතුය කියාද මෙහිදී අවධාරණය කරන්නට ඕනෑ. රූගත කිරීම් අඩාළ වීම, වෙනත් විවිධ වූ සංදර්ශනයන් අඩාළ වීම අපි හැමෝටම සිදුවූ ව්‍යසනයක්. හැබැයි මෙතැනදී අප සිතට ගතයුතුයි අපි හරි හම්බ කරනා යමක් ඉතුරු කර ගැනීම මේ වාගේ අවස්ථාවක කොයිතරම් වටිනවාද කියලා.

රජයටද වගකීමක් තියෙනවා බොරු වියදම් කපා හැරලා කලාකරුවන්ට යම් සුබසාධනයක් සැලසිය යුතුය කියා.

ටෙලි කලාකෙත රනින් හැඩ කළ සොඳුරු තාරකාවක වූ තිසුරි යුවනිකා අපේ කතාබහට සේන්දු වුණේ වෙනම කෝණයක් හරහායි. දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේදීම වාගේ තිසුරි රංගනයෙන් තාවකාලිකව ඈත්ව සිටියේ විශේෂයෙන්ම තම අම්මා නිසයි.., තිර පිටපත් කිහිපයක්ම කනගාටුවෙන් වුවද තිසුරි ප්‍රතික්‍ෂේප කොට තිබුණේ අවදානමට පළමුව සූදානම හොඳ යැයි සිතුණු නිසයි.

අපි ටිකක් ඉවසමු…

‘නිර්මාණ කිහිපයක්ම අතහැර දැමුවේ කොරෝනාවට එරෙහි විය හැකි පෙර සූදානමක් නිසාද තිසුරි..?
‘මව්රට’ අපි ඇගෙන් කතිකාවට අවැසි ආරම්භය සෙව්වේ ඒ ප්‍රශ්නය හරහායි.

සත්තකින්ම ඔව්.., ඇයි අපි දැන දැනම අවදානමකට යන්නේ… අනෙක ටෙලිනාට්‍යයක චරිතයකට දෙකකට වැඩිය මට විශේෂයෙන්ම මගේ අම්මගේ ජීවිතේ වටිනවා. රූගත කිරීමකට ගිහින් මම කොරෝනාව සමග පොසිටිව් වුණොත් මගේ අම්මට මොනවා වෙයිද? ඇයට යම් අනතුරක් වුණොත් මට කවදාවත්ම සමාව දෙන්නට බැරිව යාවි…’

ඒ කියන්නේ සංචරණ සීමාව නිසා කලාකරුවන් මුහුණ පා සිටින අවදානමට වඩා මේ විරාමය යහපත් බවද තිසුරි…?
නැහැ… මට එහෙම කියන්න අයිතියක් නැහැ. මම එහෙම කියන එකත් සාධාරණ නැහැ. මොකද පැය ගණනේ වැටුපට රූගත කිරීම් සිදුවන නිසා මේ විරාමය කලාකරුවනට විශාල පාඩුවක්. අනෙක ආර්ථික තත්ත්වය අතින් එකිනෙකා වෙනස්. ඒ හින්දා මේ ක්‍රමය හොඳය කියා මට ඔවුන්ට චෝදනා කරන්න බැහැ. මම කියන්නේ මගේ අදහස ගැන… මගේ පවුල් පරිසරය අනුව මම ගත්ත තීරණය ගැන.

සමහර විට ෂූටිං ගියාය කියලා මට කොවිඩ් පොසිටිව් එකක් කවදාකවත් ඇති නොවෙන්නත් පුළුවන්. නමුත් පරිස්සම කියන එක මේ අවස්ථාවේ මට වටිනවා. අවදානමක් වෙන්නට පළමුව මම සූදානමට යොමු වුණේ ඒ නිසයි.

මමම මගේ ජීවිතයෙන් ඉවසීමට ඉල්ලලා හිටියා. අපි ටිකක් ඉවසමු… පස්සේ හැමදේම යහපත් වේවි කියලා මගේ යටිසිත කළ ඉල්ලීමට මම එකඟ වුණා.

යම් රජයකට අවනත වෙනවාට වඩා අපි වෛද්‍යවරුන් ගන්නා පියවර සමග එකඟ විය යුතුයි.
වෘත්තීය කලාකරුවනට මෙය විශාල පාඩුවක්, පීඩාවක්, ඒත් මොන දේ කරන්නත් අපි අපේ ජීවිතය ඉතිරිකර ගතයුතු බව හැඟීම්බරව වාගෙම අවධාරණයෙන් සිතට ගනිමු.

හැඩකාර යෞවනියක ලෙස ටෙලි සිනමාවට පැමිණි වොල්ගා කවදත් වාසනාවන්ත නිළි තාරකාවක වූවාය. එහෙම කියන්නේ, බොළඳ පෙම්වතියගේ චරිතයට පමණක්ම කොටු නොවුණු වොල්ගා කරා විවිධ ආකාරයෙන් චරිත නිරූපණයන් හඹා ආ නිසාය. නිවෙසටම කොටු වී ගෙවන දිවි රටා බෝරිං නිසා දෝ මන්දා වොල්ගා අප හා කතාබහට වැටුණේ සිත්තැවුලෙන් වාගේය.

අපි මේ තරම් අසරණ වෙන්න ඕනේ නැහැ…

පාරදිගේ රූගත කිරීම්වලට කොරෝනා බැරියරය වැටුණු නිසා ඔබ සිත් පීඩාවෙන් ඉන්න බව ආරංචියි වොල්ගා..?
අනේ ඔව්… ඇත්තටම හරිම කනගාටුයි… හරිම කඩිනමින් කෙරුණු ‘පාර දිගේ’ රූගත කිරීම් හිටි හැටියේම අඩාළ වුණා. ඒ වාගෙම තවත් ටෙලිය රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව තිබුණා. ඇත්තටම කොරෝනා වසංගතය හැමෝගෙම සතුට නැති කරපු වසංගතයක්.

අනෙක සංචරණ සීමාව සහ අනෙකුත් නීති, රීති ගැන අපට රජයට දොස් පවරන්න බැහැ… මොකද මේ වසංගතයට අවශ්‍ය වෛරසය මුදාහැරියේ ජනාධිපති ගෝඨාභය හෝ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස නෙවෙයි. ඒ වගේම සංචරණ සීමාව දැමීමේ වගකීම ගත්තේ රටේ වෛi සංගමය. ඒකට ඔවුනට අයිතිය තියෙනවා. ඒ නිසා කොයිතරම් පාඩු, සිත් පීඩා සිදු වුවත් දරාගත යුතුයි. අපට වඩා සංගීත ක්‍ෂේත්‍රයේ නියැළෙන කලාකරුවන්ට මෙම විරාම කාලය හරිම අයහපත්.

හැබැයි… ලෝකේ තියෙන වාසනාවන්තම රැකියාව මම හිතන විදියට රඟපෑමයි. උදේට නිවෙසින් පිටව වාහනයට යන මම රූගත කිරීම් කරලා එන්නේ හවස් යාමෙටයි. එයින් මා ලද තෘප්තිය අප්‍රමාණයි. නීති, රීතිවලට වාගේම සෞඛ්‍ය උපදෙස්වලට අප හිස නැමිය යුතුමයි. ඒත් ඉහත තෘප්තිය සහ කාර්යබහුල බව ජීවිතයට තාවකාලිකව හෝ අහිමි වීම ගැන මම ලොකු දුකකට පත්ව සිටිනවා. ඒ කනගාටුව මිල මුදල් ගැන නෙවෙයි. මගේ ආධ්‍යාත්මික සතුට ගැනයි.

යම් ව්‍යසනයකදී භාවිතයට ගැනීමට මිල මුදල් ටිකක් ඉතිරිකර ගැනීමට කලාකරුවන් වූ අප දැනගත යුතුයි. අපට සිදුවන සමහර දේට වගකිව යුත්තේ අපිම තමයි. කලාකරුවා කියන පුද්ගලයා අසරණ විය යුතු නැහැ කියලයි මම හිතන්නේ. කාගේවත් සුබ සාධනයක් මත යැපෙන්න තරම් කලාකරුවන් අසරණ විය යුතු නැහැ.

කොරෝනා විරාමය ගැන කලාකරුවන් කරන සංවේදී විග්‍රහයට දසුන් පතිරණත් ‘මව්රට’ සමග එකතු වුණා. ‘තණමල්විල කොල්ලෙක්’ සමග ‘පොඩි හාමුදුරුවෝ’ වූ දසුන් පතිරණ ‘ගිරිදේවි’ ටෙලි කතාවේ ‘නැන්දට’ පෙම් කරන ‘පුංචි බෑණා’ වුණේ ප්‍රේක්‍ෂක සිත් තුළ සදානුස්මරණීය වෙමිනුයි. වැඩ්ඩෙක් වෙච්චි දසුන් කොරෝනා විරාමය ගැන කලාකරුවකු විදියට කතා කළේ මෙහෙමයි.

රතු කට්ට පනින තැනක් ආවදාට මොනවා වෙයිද දන්නේ නැහැ…

කලාව කියන්නේ බොහොමයක් මිනිසුන්ට රසවත් ආහාරයක් වගේ දෙයක්. කුසට ගින්දර දැනෙන වෙලාවට මොනවා හෝ යමක් බඩට දාගන්නවා වාගේ තමයි. හිතට, මනසට මිහිරක් ළංකර ගන්න ඔවුන් කලාව නරඹනවා. නැත්නම් අහනවා. කොරෝනා විරාමය තුළ වුණත් බලන්න කන්න මොනවා හරි පුළුවන් විදියට බෑග් එකට එකතු කර ගන්න හැමෝම ගෙදරට කොටුවී සිටින පීඩාව අවම කර ගන්න ටී.වී. බලනවා. ඔවුන් නරඹන ඒ කලාව ඔවුනට බෙදා දෙන්නෙ කවුද.., තවත් එවැනිම පිරිසක් වූ ‘කලාකරුවන්…’ චිත්‍රපට, ටෙලිනාට්‍ය නැත්නම් ඇත්තටම මිනිස්සු අද මොනවා කරයිද? කියලා හිතෙනවා.
එච්චරටම මිනිසුන් පිනවන ඒ කලාකරුවන් ඇත්තටම අද ඉහත කී අර මිනිසුන් වාගෙම ගෙදරට කොටුවෙලා. රූගත කිරීම් ඇනහිටලා… ආදායම් මාර්ග නතර වෙලා, ඇත්තටම එය ඛේදජනකයි නේද?

අලුත් ටෙලිනාට්‍ය දෙක තුනක වැඩ අතරමග නතර වෙලා ගියා… මගේ හිතට ලොකු සහනයක් වුණේ, මම ඉතාම ආත්ම තෘප්තියෙන් කළ අරුණ ජයවර්ධනයන්ගේ ‘මාරියන්’ චිත්‍රපටයේ වැඩ කටයුතු කොරෝනා තුන් වැනි රැල්ලත් එක්ක අවසන් වෙච්චි එකයි. නැත්නම් ඒකත් හබක්. ජනමාධ්‍ය ඔස්සේ වගකිව යුත්තන් නිතර ජනතාව දැනුවත් කරවනවා. ඉවසන්න, ගෙදර ඉන්න, පරෙස්සම් වෙන්න කියලා. හැබැයි කලාකරුවකු ලෙස දසුන් පතිරණ කියන මට එපාම කරපු දේ වෙන්නේ ගෙදරට කොටුවෙලා ඉන්න එක තමා.

ආරක්‍ෂක අංශය වාගෙම සෞඛ්‍ය සේවාවත් දෙන ඒ අවවාද වැරැදි නැහැ. හැබැයි ඉතින්, විරාමය කියන සීමාවේ රතු ඉර පනින තැනක් ආවදාට මිනිස් හැඟීම්වලට මොනවා වෙයිද දන්නැහැ. කොරෝනා විරාමයෙන් පීඩාවට පත්වෙච්චි කලාකරු විදියට මම මෙහෙම කියනවා. කොරෝනාව සමග විරාමයකට නොයා… පරෙස්සම සමග කටයුතු කරන්නට හැකි හොඳ විකල්පයකට යන්න තියෙනව නම් ඒක වඩා හොඳ වේවි.

මම එහෙම කියන්නේ, කොටු වීමේ හෝ අගුළු දැමීමේ සීමාව සාමාන්‍ය මිනිසුන් වාගෙම කලාකාරයන්වත් තදින් පීඩාවට පත්කරවන නිසයි.

බොහොමයක් වූ රූපවාහිනී චැනල් හරහා ආලින්දයට එබී බලන නළු පිරිස අතර විශ්ව කොඩිකාරත් අනිවාර්යයෙන් ඉන්නවා. අලුත් ටෙලිනාට්‍ය දෙකකත්, ‘කියාදෙන්න ආදරේ තරම්’ සහ ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් අඩාළව තිබෙන නිසා විශ්ව කොඩිකාරත් මේ දවස්වල ඉන්නෙ ගෙදරට කොටුවෙලා.

කොටු වීම ආශිර්වාදයක් වගේ…

කොහොමද විශ්ව… කොරෝනා විරාමය නිසා ගෙදරට කොටුවන දින ගණන එන්න එන්න කල් යනවා නේද..?
විශ්ව කොඩිකාරව අපි කතාවට ඈඳා ගත්තේ එහෙමයි…

රූගත කිරීම් නම් ඔක්කොම අඩාළයි තමයි, හැබැයි ඉතින් ගෙදරට කොටු වීම නම් එතරම් පීඩාවක් වෙලා නැහැ. එක් එක් අය හිතන විදිය ඒ ඒ අයට අදාළයි.

ඇත්තෙන්ම මට නම් මේ කොටු වීම එක අතකට මොකක්දෝ ආශීර්වාදයක්ද මන්දා කියලා හිතෙනවා. හැම මොහොතකම මම තැන දෙන්නේ පළමුව මගේ පවුලටයි. මගේ දයාබර බිරිය අනුරාධී සහ දරුවන් දෙදෙන සමග මම මේ දිනවල හරිම නිස්කලංක ජීවිතයක් ගෙවනවා. සත්තකින්ම ඒ ආශ්වාදය හරිම අපූරුයි.

ඒ වාගේම යම් ව්‍යසනයකදී කලාකරුවන් තමන්ටය කියා කිසියම් මුදලක් ඉතිරි කර ගැනීමද හරිම වැදගත්. රජය කලාකරුවනට සැලකිය යුතු බව වෙනම කතාවක්. හැබැයි කලාකරුවන් කිසිවෙක් මත යැපෙන්නට අවැසි නැති බව අප හැමෝම සිතට ගත යුතුයි.

– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජබෙ රෙදි ගලවන්න ගිහින් ආණ්ඩුව රෙදි ගලවගත් හැටි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

විමල්ට තවත් ෂොට් එකක්! පැල්පිටත් එක්ක පැටලුණු විමල්ගේ ‘පොස්පේට්’ කොටස ජනපති ගලවයි!! ගැසට් එක ඊයේ රෑම ගහයි!!!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.