අමාත්‍ය විමල් වීරවංශ මහතා හා කර්මාන්ත අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතා අතර අර්බූදයට තුඩු දුන් ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
මෙතෙක් එම ආයතනය පැවතියේ විමල් වීරවංශ මහතාගේ යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ඇතිව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම ආයතන මාරු කිරීම සිදු කර තිබේ.
අනූෂ පැල්පිට මහතා විමල් වීරවංශ මහතා සමග කටයුතු කිරීමට අපහසු බව කියමින් ඊයේ දින සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ්ය.