• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ රෙදි ගලවන්න ගිහින් ආණ්ඩුව රෙදි ගලවගත් හැටි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 19, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
සජබෙ රෙදි ගලවන්න ගිහින් ආණ්ඩුව රෙදි ගලවගත් හැටි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘රනිල් ලබන සතියේ පාර්ලිමේන්තුවට එනවා…’
‘ස.ජ.බ. මන්ත්‍රිවරු පිරිසක් රනිල් සමග එකතු වෙනවා…’
‘ස.ජ.බ. දෙකඩ වෙනවා…’
‘රනිල් විපක්‍ෂ නායක වෙනවා…’

මේ මහින්දානන්ද අලුත්ගමගේ පහුගිය ජුනි 08 පාර්ලිමේන්තුවේදී තළු මර මරා උද්දාමයෙන් කී කතාවය. ඔහු පමණක් නොව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරුන් ඒ සතිය පුරාම කයිය ගැහුවේ ඔහොමය.

එහෙම උද්දාමයෙන් කයිය ගහපු අලුත්ගමගේ පසුගිය සතියේ දුක හිතෙන කතාවක් කීවේය. ඒ තෙල් මිල වැඩි කිරීම පිළිබඳව තෙල් ඇමැති උදය ගම්මන්පිල වගකීම බාර ගෙන ඉල්ලා අස්විය යුතු යැයි පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කී කතාවට උත්තරයක් දෙමිනි.

‘මම දන්නේ නැහැ පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පිටුපස ඉන්නේ කවුද කියලා. ආණ්ඩුව විසින් ගත් සාමූහික තීරණයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පසුපස අදෘශ්‍යමාන බලවේගය කවුද කියා මම දන්නේ නැහැ…’

මේ මහින්දානන්ද අලුත්ගමගේ දුන්න උත්තරයය. පොදුජන පෙරමුණු පක්‍ෂ මහ ලේකම් සාගර කාරියවසම් උදය ගම්මන්පිලට අස්වෙන්න යැයි කීමෙන් පක්‍ෂය ඇතුළේ අර්බුදයක් තියෙනවා නේදැයි මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයට නාමල් රාජපක්‍ෂ දුන්නේත් අපූරු උත්තරයකි.

‘පක්‍ෂය ඇතුළේ ප්‍රශ්න මාධ්‍ය හරහා කතා කරල වැඩක් නැහැ. ඒවා පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ කතා කරන්න ඕනෑ…’

මේ නාමල් දුන්න උත්තරයය. දැන් පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් මාධ්‍ය මේ ප්‍රශ්නය ඇහුවාම ඔවුන් කියන්නේ අපේ පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්, ඒ නිසා පක්‍ෂය ඇතුළේ විවිධ මත තියෙනවා කියාය.

‘රනිල් ඇවිල්ලා ස.ජ.බ. කඩනවා කියා හුරේ දමපු පොදුජන පෙරමුණට මොකද මේ වුණේ..?’

ඕකට කියන්නේ තමන්ගේ ඇඟේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ රොඩ්ඩ ගැන කතා කරනවා කියාය.

පොදුජන පෙරමුණේ ලොකු අර්බුදයක් තිබේ. ඒ පොදුජන පෙරමුණේ හවුල්කාර පක්‍ෂ සහ පොදුජන පෙරමුණ අතරය. මේ අර්බුදය අද ඊයේ අර්බුදයක් නොව ඉතිහාසගත අර්බුදයකි. 1956 බලයට ආ බණ්ඩාරනායකත් මේ අර්බුදයට මුහුණ දුන්නේය. බණ්ඩාරනායකටත් ප්‍රශ්න ආවේ හවුල්කාර පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ පක්‍ෂයෙනි. පිලිප් ගුණවර්ධනට එරෙහි වූ බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ නායකයෝ කැරැලි ගහන්න පටන් ගත්හ. පිලිප්ගේ පැත්ත ගන්නවාද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ පැත්ත ගන්නවාද කියා හිතාගන්න බැරිව බණ්ඩාරනායක හිටියේ දෙලොවක් අතරය. බණ්ඩාරනායක ඝාතනය නොවුණා නම් ඒ ආණ්ඩුව ඉවර වන්නට නියමිතව තිබුණේ ඒ අර්බුදයෙනි.

1960 බලයට ආ බණ්ඩාරනායක මැතිනියත් මේ අර්බුදයට මුහුණ දුන්නාය. ඇය පිහිටු වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ ලංකා සමසමාජ පක්‍ෂ නායක ඇන්. ඇම්.ට, කොල්වින්ලාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ කැරැලි ගහන්න පටන් ගත්හ. ඒ වේලාවේ මැතිනිය ගත්තේ ඇන්. ඇම්ලාගේ, කොල්වින්ලාගේ පැත්තය. ප්‍රතිඵලය සී. පී. ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් යූ.ඇන්.පී.යට එක් වී ආණ්ඩුව කඩා බිඳ දැමීමය.

1970 යළි බලයට ආ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව දෙවැනි වරටත් මේ අර්බුදයට මුහුණ දුන්නාය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සහ ලංකා සමසමාජ පක්‍ෂයේ ඇන්. ඇම්., කොල්වින්ලාත්, කොමියුනිස්ට් පක්‍ෂයත් අතර මතු වූ අරගලයය. ඒ වේලාවේ මැතිනිය ගත්තේ ශ්‍රී ලංකා නිදහහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ පැත්තය. ඇන්. ඇම්.ලා, කොල්වින්ලා කොමියුනිස්ට් පක්‍ෂයේ වික්‍රමසිංහලා ආණ්ඩුවෙන් ඉවත් වූහ. ආණ්ඩුව 77 ඡන්දයට ගියේ හතර ගාතෙන් වැටිලාය.

1994 බලයට ආ චන්ද්‍රිකා 2001දී ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වෙන්න ගිහින් මේ අර්බුදයටම මුහුණ දුන්නාය. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම් එස්. බී. ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ ආණ්ඩුවෙන් ඉවත් වූහ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටුණි.

2005 බලයට ආ මහින්දටත්, 2008 අය-වැය වේලාවේ මේ අර්බුදයටම මුහුණ දීමට සිදුවිය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ 2008 අය-වැයට විරුද්ධව ඡන්දය දෙන්න සූදානම් වීමෙන්ය. එතැනදී මහින්ද ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ කොට ආණ්ඩුව බේරා ගත්තේය. යළිත් මහින්දට 2015දී මහින්දගේ සහෝදරයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු සන්ධානයේ හවුල්කාර පක්‍ෂ අතර අර්බුදයකට මුහුණ දීමට සිදු විය. මහින්ද සහෝදරයන්ගේ පැත්ත ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ නායක මෛත්‍රිපාල හවුල්කාර පක්‍ෂ වූ හෙළ උරුමය සහ යූ.ඇන්.පී.යෙන් කැඩී ආ 17 කල්ලියේ ප්‍රබලයන් සමග විපක්‍ෂයට එක් විය. මහින්ද පරාජය විය.

දැන් යළිත් අලුත් වටයකින් බැසිල් රාජපක්‍ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නවකයන් සහ හවුල්කාර විමල්ලාගේ, ගම්මන්පිලලාගේ පක්‍ෂ අතර අර්බුදයක් හටගෙන තිබේ. මේ අර්බුදය 2015 අර්බුදයේම දිගුවකි. 2015 මහින්දගේ සහෝදරයන්ට එරෙහි කැරැල්ලේ විමල්ලා, උදය ගම්මන්පිලලා, වාසුලාත්, මෛත්‍රිපාලලා, චම්පිකලා එක්ක සිටියහ. ඒත් ඔවුන් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද අත හැර ගියේ නැත. 2015 මහින්ද විපක්‍ෂයට ගිය පසුත්, මේ අර්බුදය මෙලෙසම තිබුණි. බැසිල් හදපු පොදුජන පෙරමුණට මේ හවුල්කාර පක්‍ෂ කැමැති නොවීය. ඒත් 2019 ජනාධිපතිවරණය දිනන්න හැමෝම එක් වූහ. අර්බුදය යළි කරළියට ආවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් විමල්ලා, උදයලා දෙවැනි, තුන්වැනි තැනට ඇද වැටුණාට පසුවය. ඊට කලින්ම විමල්ලාට, උදයලාට දුන්න ඇමැතිකම් ගැන ඔවුන් සෑහීමකට පත් නොවීය. අර්බුදය රටටම පෙනුණේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න බැහැ යැයි විමල්ලා, උදයලා, වාසුලා කී කතාවත් සමගය.

2015 අර්බුදය වේලාවේ බැසිල්ට ටීම් එකක් හිටියේ නැත. ටීම් එක මහින්දගේය. ඒත් 2020 මහ මැතිවරණයේදී බැසිල් ඔහුටම අවනත ටීම් එකක් හදා ගත්තේය. පක්‍ෂයද තමන්ගේ දේශපාලන සේප්පුවේ ආරක්‍ෂා සහිතව තබා ගත්තේය. තෙල් මිල වැඩි වීමේ ප්‍රශ්නයේදී බැසිල්ගේ ටීම් එක බය නැතිව ගම්මන්පිලට ගහන්නේ ඒ හයිය හිතට අරගෙනය. 2015දී මහින්ද ගත්තේ බැසිල්ගේ පැත්තය.

‘මේ වේලාවේ කාගේ පැත්ත ගනියිද..?’

අපේ පක්‍ෂය කඩන්න ආ තොපිට වැඩක් දෙනවා කියා චූන් වී දැන් සමගි ජනබලවේගය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක් අස්සන් කරන්න පටන්ගෙන තිබේ. මේ විශ්වාසභංගය හරියට 2019 ගම්මන්පිලලා නායකත්වය දී රවී කරුණානායකට ගෙන ආ විශ්වාසභංගය වගේය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව ඇතුළේ එවකට මුදල් ඇමැති රවි විරෝධී පිලක් ඉන්නා බව එවකට ඒකාබද්ධ විපක්‍ෂය ඉවෙන් මෙන් වටහා ගත්තේය. 2016 ජුනි මාසයේ ඒකාබද්ධ විපක්‍ෂය රවීට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේය. ඒත් රවී ඒ විශ්වාසභංගය තුනෙන් දෙකෙන් ජය ගත්තේය. ඒකාබද්ධ විපක්‍ෂය වැටුණේ නැත. 2017 යළිත් ඒකාබද්ධ විපක්‍ෂය රවීට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවේ මෛත්‍රිපාලට, රවීට මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කර ගන්න වුවමනාවක් ඇති බව දැන දැනමය. විශ්වාස භංගයට පෙර රවී ඉවත් විය. මෛත්‍රිපාලත්, යූ.ඇන්.පී.යත් අතර අර්බුදයේ ආරම්භය එතැනය.

‘ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේදී බැසිල් පිල මොනවා කරයිද..?’

‘රවීට මෙන් ගම්මන්පිලට ඉවත් වෙන්න කියයිද..?’

‘නැතිනම් තෙල් මිල වැඩි කිරීමේ වගකීම බැසිලුයි, ආණ්ඩුවයි කරේ දමාගෙන ගම්මන්පිලව වීරයෙක් කරයිද?’

එදා රවීට එරෙහි විශ්වාසභංගයේ මහ මොළකරුවන් අතර ගම්මන්පිල හිටියේ නොම්බර එකටය. තුනෙන් දෙකක බලයක් සහිත කළු ගලක් වන් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න ගම්මන්පිලලාට පිස්සු යැයි එදා ඒකාබද්ධ විපක්‍ෂයට මිමුනුවේය. හැබැයි ගම්මන්පිලලා ඒ කළු ගල පුපුරවන පළමු වෙඩි නූල පත්තු කළේය.

‘සමගි ජනබලවේගය ඒ ගම්මන්පිලගේ වෙඩි නූල, කළු ගලක්වන් තුනෙන් දෙකේ රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව පත්තු කරයිද..?’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සුදත්ගෙන් ‘වසංගත රෝග’ ගලවා ‘ඩෙංගු’ දෙයි!

Next Post

කොරෝනා සමඟ විරාමෙට කොටුවුණු කලාකරුවන්ට වැදුණු මරු පහර…

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.