ආදරය වෙනුවෙන් ජීවිතය කැප කළ ඉරේෂ් විවිධ බාධක, කම්කටොලු මැද මුහුණට මුහුණ සටන් කරන්නේ ඔහුගේ සැබෑ ආදරය වෙනුවෙනි. එහෙත් පසුකාලීනව ඉරේෂ්ගේ ජීවිතයට අත්වන ඉරණම මොන විදියට විසඳේවිද කියා හරියටම දැනගැනීමට නම් මේ දිනවල සාර්ථකව තිරගත වන හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ Face to Face ක්‍රියාදාම චිත්‍රපටය නැරැඹිය යුතුමයි. එහෙත් ඊට පිළිතුරක් සොයාගන්නට අපි මුහුණට මුහුණ ගැටෙන ඉරේෂ් ලෙස චරිත මවන සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පි දිනෙත් ද සිල්වා අප සමඟ කතා කළා.
දිනෙත් මේ දවස්වල ආදරය වෙනුවෙන් මුහුණට මුහුණ සටන් කරනවා නේද?
Face to Face චිත්‍රපටය කරලා අවුරුදු තුනක් විතර වුණා. හැබැයි ගොඩදෙනෙක් දක්වපු අදහසක් තමයි කවදා චිත්‍රපටය කළත් අද කාලේ විදියට ගැළපෙන හොඳ චිත්‍රපටයක් දැකබලා ගන්න පුළුවන් වුණ බව. මේ දවස්වල දිවයින පුරා Face to Face තිරගත වෙන නිසා හොඳ ප්‍රතිචාර ලබමින් ඉන්නවා.
දිනෙත්ගේ බාහිර ස්වරූපය ගොඩක් බලපාන්න ඇති ඉරේෂ්ගේ චරිතය වෙනුවෙන්?
මම හිතන්නේ Face to Face චිත්‍රපටයේ අධ්‍යක්ෂ එදා මගේ දැකපු ප්‍රතිරූපය හරි විදිහට දැකලා ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද මම චරිතයක් වෙනුවෙන් මගේ බාහිර ස්වරූපය වෙනුවෙන් උපරිම මහන්සි වෙලා කැපවෙලා වැඩ කරනවා. මීට වසර තුනකට උඩදී මම කොණ්ඩය පවා වවලා හිටියේ. ඉතින් මේ චිත්‍රපටයේ ස්වරූප දෙකකින් මාව දැකගන්න පුළුවන් වුණ නිසා ප්‍රේක්ෂකයන්ට ඒ වෙනස හොඳට දැනෙන්න ඇති. හර්ෂට මම විශේෂ ස්තුතිය පුද කරනවා මා විශ්වාස කරලා මේ චරිතයට මාව තෝර ගත්ත එක ගැන. මම හිතනවා ඔවුන්ගේ ඒ විශ්වාසයට ඉරේෂ් හරහා හොඳ සාධාරණයක් කරන්න මට හැකිවෙන්න ඇති කියලා.
ගොඩදෙනෙක් පවසන විදිහට ෆේස් ටු ෆේස් ක්‍රියාදාම සටන් ජවනිකා වැඩිම චිත්‍රපටයක් ලෙසට හඳුන්වන්න පුළුවන්. දිනෙත් කියන නළුවා කැමරාවට ඒ සටන ප්‍රතිනිර්මාණය කරපු විදිහ ගැන කතා කළොත්?
ඇත්තටම සටන් ජවනිකා කරන්න අපි සටන් නළුවො නෙමෙයි. මම අංගම්පොර සටන් කලාව හැදෑරුව වෙනත් චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන්. නමුත් මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනෑ සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂ. ඔහුගේ ගෝල පිරිසත් මාවත් රැකෙන විදිහට පෙර පුහුණුවීම් ඇතිව සටන් කළා. හැබැයි අපි සටන් කළේ කැමරාවට. ඒ දේ ඔළුවෙ නැතුව සටනක් කරන්න බැහැ. සමහර අවස්ථාවල අපිට තැළීම්, සීරීම් වගේ බාහිර ප්‍රශ්නවලට පවා මුහුණපාන්න සිද්ධවුණා. හැබැයි ඒ කිසිවක් ගැන නොහිතා මුහුණට මුහුණ සටන් කරපු සටනේ ප්‍රතිඵල අපි හැමෝම භුක්ති විඳිනවා කියලා මට සතුටින් කියන්න පුළුවන්.
රොෂාන්, අනුජ්, කැලුම් ඔබේ සමකාලීන සහෝදර ශිල්පීන් මොවුන් ඔබට අභියෝගයක් කියලා හිතෙනවද?
අපි හතරදෙනාම සූරයෝ කියලා මම කිව්වොත් හරි. මොකද අපි හතරදෙනා අතර විශේෂ දක්ෂතා තියෙනවා. හැබැයි ඒ කාගේවත් දක්ෂතාවක් කාවවත් අනුකරණය කරන්නවත්, ඒ චරිතයත් අපිට අභියෝග කරන්නවත් බැහැ. මම හිතන්නේ නිර්මාණවලට තෝරගත් අධ්‍යක්ෂවරුන්ට ලොකු අභියෝගයක් ඇති කාවද තෝරගන්නේ කියලා. එතැනදී ඔවුන්ගේ හිතේ මැවෙන රූපය ඔවුන් ආරාධනා කරනවා ඇති.
හිතුමතේ යන ජීවිතේ ගැනත් මොහොතකට නතර වෙමුද දිනෙත්?
ඇත්තටම මම කලින් කිව්ව විදිහට මම ගොඩක් වාසනාවන්තයි. මට විවිධ චරිත කරන්න ලැබුණා. ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටයේ රඟපෑම නිසා.
වසන්ත විතාරණගේ











