• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ළඟදිම මට පාරක බැහැලාවත් යන්න බැරිවෙයි…

May 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ළඟදිම මට පාරක බැහැලාවත් යන්න බැරිවෙයි…
Share on WhatsAppShare on Facebook

හැමදාම තනිකඩව ඉන්න බෑනෙ…
බනින්නේ මම චරිතය හොඳට කරන හින්දනෙ…

ඇය චණ්ඩ මාරුතයෙන් එන කුණාටුවක් වගෙයි. ඒ තරමට ගංගා කියන්නේ දුෂ්ට චරිතයක්. ‘සකර්ම’ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක හදවතට ළෙන්ගතු වන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන නුරානි තෙන්නකෝන්ට කාලෙකට පස්සේ අපි කතා කළා.

🔴 නුරානි ඉතින් කොහොමද?
මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නවා, කැම්පස් වහල නිසා. කොරෝනා ප්‍රශ්නයත් එක්ක හැම දේම නතර වෙලා. මාත් ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.
🔴 ඔබ දැන් අම්මා කෙනෙක් වෙලා කියලා ආරංචියි?
අම්මෝ, ඒ මම නෙවෙයි. මම නිරූපණය කරන ගංගා චරිතය තුළින් ආදරනීය පෙම්වතියක් වගේම බිරියක් ලෙස රඟපානවා. වෙනස්ම රංගන පරාසයක් දැකබලාගන්නට පුළුවන් ස්වාධීන රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන ‘සකර්ම’ ටෙලිනාට්‍ය නැරඹුවොත්. ගංගා චරිතය තවම ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැහැ.
🔴 ගංගා තුළින් ඔබ මොන වගේ ප්‍රතිචාරයක්ද බලාපොරොත්තු වන්නේ?
පාරක බැහැලාවත් යන්න බැරි විදියට මට ප්‍රේක්ෂකයන්ගෙන් දෝෂාරෝපණ අහන්න ලැබෙයි කියලා මම හිතනවා. මොකද ගංගා චරිතය සැරපරුෂ වැඩි චරිතයක්. සුබේගෙ බිරිය ලෙස තමයි මම රඟපාන්නේ. ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් ගංගා තුළින්.
🔴 මීට කලිනුත් ‘ඉත්තෝ’ ටෙලිනාට්‍ය තුළ ඔබ නිරූපණය කළ චරිතයට ලැබුණේ එවැනි ප්‍රතිචාර නේද?
ඔව්, මම හිතනවා ඊටත් වඩා ප්‍රතිචාර ලැබේවි මේ පාර. මොකද ඒ තරමටම මම දුෂ්ට චරිතයක් නිරූපණය කරන නිසා. ප්‍රෙක්ෂකයන් ඒ තරම් මට බණින්නේ මම චරිතය හොඳට කරන නිසා නේ. ඉතින් ඔවුන්ගේ ප්‍රතිචාර මම සතුටින් භාරගන්නවා.
🔴 කොට්ටයක් බඩේ බැඳගෙන රඟපාන අත්දැකීම ගැන කතා කළොත්?
ඇත්තටම මම ඒ අත්දැකීම තවම විඳලා නැහැ. ඉතින් ගංගා චරිතය තුළින් මට වෙනස්ම අත්දැකීම් රාශියක් ලබාගැනීමට සිදුවුණා. සමහර අවස්ථාවල රූපගතකිරීම්වලදී බැණුම් අහන අවස්ථාත් තිබුණා. කොහොම හරි ඉතින් ගංගා චරිතයට සාධාරණයක් කළයි කියලා මම විශ්වාස කරනවා.
🔴 ඉදිරි නිර්මාණ තුළ පෙම්වතියගේ චරිත ඔබට මඟහැරේවිද?
‘සකර්ම’ ටෙලිනාට්‍යයේ මම පෙම්වතිය ලෙස රඟපානවා. ඉදිරි නිර්මාණවල වැඩිහිටි චරිත සඳහා මාව ගැළපෙනවා නම් අධ්‍යක්ෂවරුන් ඊට මාව තෝරාගනීවි. මම එහෙම චරිත තෝරා බේරාගැනීමක් කරන්නේ නැහැ. මට කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. හැබැයි දුර බැහැර නිර්මාණ සඳහා මම සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක් වන නිසා.
🔴 ඒ කියන්නේ ඔබ ඕනෑම චරිතයක් කිරීමට සූදානමින්ද ඉන්නේ?
අපි රඟපෑවාට අවසානයේ පාරේ බැහැලා යන්න ඕනෙ. ඉතින් මගේ පෞද්ගලික ජීවිතයට හානියක් වන විදියේ චරිත නිරූපණය කිරීමට මම යන්නේ නැහැ. මට වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මගේ රඟපෑමේ වෙනසක් දැනෙන විදියේ චරිත නිරූපණය කිරීමට තමයි කැමැති.
🔴 නුදුරු දිනෙකදී කලා ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරියක් වීමට සූදානම් වන බව ආරංචියි?
ඔව්, ඒක තමයි මගේ හීනය. අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් රඟපානවා. මොකද එතකොට තවත් ගොඩක් පහසුයි රඟපෑම් කටයුතුවලට. මොකද හැම දෙයක් ගැනම දැනුමක් තිබෙන නිසා. තවම මම ඒ ගැන හදාරමින් තමයි ඉන්නේ.
🔴 නුරානි විවාහයට සූදානම් වන බවට කටකතාවක් පැතිරෙනවා?
ඔව් ඉතින් හැමදාම තනිකඩවම ඉන්න බැහැනේ. මේ අවුරුද්දේ විවාහ වීමට තමයි සැලසුම තියෙන්නේ. මේ කොරෝනා ප්‍රශ්නය නිරාකරණය වුණොත් ඒ සුන්දර දවසත් ඉතා ඉක්මනින් උදාවේවි. එහෙම නොවුණොත් විවාහය තව කල් යාවි.
🔴 ඔබේ ආදරණීය පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්ද?
අපෝ නැහැ. එහෙම කෙනෙක් මම කසාද බඳින්නේ නැහැ. මොකද එතකොට ප්‍රශ්න වැඩියි. ඔහු කලාවට සම්බන්ධ නැහැ. කලා නිර්මාණ රසවිඳිනවා. කලාකාමී හදවතක් ඔහුට තියෙනවා. මගේ වැඩකටයුතු සඳහා ඔහුගෙන් උපරිම නිදහසක් වගේම සහායක් ලැබෙනවා.
– වසන්ත විතාණගේ

SendShareShare
Previous Post

සිගරට් බොන අයට කොරෝනා හැදුණොත් ඉවරයි!

Next Post

රඟපාලා හොඳම නිළිය සම්මානය ගන්නවා…

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.