• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමදාම පේන කෙනෙක් වෙන්න මම කැමැති නැහැ…

May 22, 2021
in Heart
Reading Time: 2 mins read
A A
හැමදාම පේන කෙනෙක් වෙන්න මම කැමැති නැහැ…
Share on WhatsAppShare on Facebook

බය, චකිතය, ලැජ්ජාව වගේ හැම දෙයක්ම එදා දැනුණා…
කොහොම හරි ඒකට හුරු වුණා…

රාවණා කියන්නේ අපේ රටේ හැදුව දැවැන්ත ටෙලිනාට්‍යයක්. එහි රංගනය සඳහාත් විශාල පිරිසක් එකතු වෙලා හිටියා. ඒ හරහා බොහෝ නවක ශිල්ප ශිල්පිනියන් කිහිප දෙනකුත් අපිට හඳුනාගන්න ලැබුණා. ප්‍රාර්ථනා සෙව්වන්දි ඒ අතර ඉදිරියේම හිටිය ශිල්පිනියක්. රාවණා හරහා ප්‍රාර්ථනා බොහෝ දෙනාගේ ආදරය දිනාගන්න සමත් වුණා. රාවණා ගැන වගේම එතැනින් පස්සේ කලා කටයුතු ගැන දැනගන්නත් එක්ක අපි ප්‍රාර්ථනා එක්ක දොඩමලු වුණා.

🔴 බොහෝ දෙනා ප්‍රාර්ථනාව හඳුනා ගත්තේ රාවණා ටෙලිනාට්‍යයෙන්. ඒත් ඔබේ මුල්ම ටෙලිනාට්‍ය රාවණා නෙවෙයි?
ඔව්. ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලිනාට්‍යයෙන් තමයි මම රංගනයට එක්තු වුණේ. ඒ ටෙලිනාට්‍යයේ කුමාරිකාවගේ චරිතයකට පණ පොවන්න මට අවස්ථාව ලැබුණා. ඒත් බොහෝ දෙනා මාව හඳුනාගත්තේ රාවණා හරහා.
🔴 රංගන ශිල්පිනියක් වෙන එක අද කාලේ බොහෝ තරුණියන්ගේ සිහිනයක්. ප්‍රාර්ථනාත් ඒ සිහිනය දැකපු කෙනෙක්ද?
අපෝ නැහැ. මම නිළියක් වෙන්න හීනෙන්වත් හිතුව කෙනෙක් නෙවෙයි. ඇත්තම කිව්වොත් මට පාසල් යන කාලේ ඒ වගේ ලැබුණු ආරාධන ප්‍රතික්ෂේප කරලත් තියෙනවා. පාසල් යන කාලෙත් මම සංගීතය තමයි හැදෑරුවේ.
🔴 එහෙනම් ඔබට හොඳට සිංදු කියන්නත් පුළුවන් ඇති?
සිංදු කියන්න පුළුවන්. ඒ වගේම මම පාසල් තූර්ය වාදක කණ්ඩායමත් නියෝජනය කළා. සංගීතය පැත්තෙන් පාසල් යන කාලේ ගොඩක් දේවල් කළා.
🔴 සංගීතයත් එක්ක හිටපු ප්‍රාර්ථනා නිළියක් වුණු විදිය ගැනත් අපි කතා කරමු?
ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්න කාලේ මට ගොඩක් නිරූපණ අවස්ථා සඳහා ආරාධනා ලැබුණා. මගේ උස තමයි ඒකට බලපෑවේ. මුලින් මම ඒවට සහභාගි වුණේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි. ඒත් ඒ අවස්ථාවල මට ජයග්‍රහණ ලැබෙද්දි ඒ ගැන ආශාවක් ඇති වුණා. ඒ විදියට නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරද්දි තමයි සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය ගැන දැනගන්න ලැබුණේ. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.
🔴 ජීවිතේ පළමුවරට කැමරාවක් ඉදිරියේ රංගනයේ නිරත වෙනකොට දැනුණු හැඟීම මොන වගේද?
ඒ අත්දැකීම නම් තවමත් මතකයි. මොකද නිරූපිකාවක් විදියට කැමරාවට මුහුණ දෙනවාට වැඩිය ඒක වෙනස්. බිය, චකිතය, ලැජ්ජාව වගේ හැම දෙයක්ම එදා දැනුණා. කොහොම හරි ඒකට හුරු වුණා.
🔴 රාවණා කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කළ දැවැන්ත නිර්මාණයක්. ඒකෙදි ඔබට ලැබුණු අත්දැකීම මොන වගේද?
ඇත්තටම රාවණා ටෙලිනාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න ලැබුණු එක මගේ භාග්‍යයක්. ඒ වෙද්දි රංගනය පැත්තෙන් මම ඒ තරම් හොඳ මට්ටමකත් නෙවෙයි හිටියේ. ඒත් රාවණා අධ්‍යක්ෂ තුෂාර අයියා ගුරුවරයෙක් වගේ හැමදෙයක්ම මට කියලා දුන්නා. ඒකෙදි මම රඟපෑවේ සෙන්පතිණියකගේ චරිතයක්. එතැනදි සුකුමාල කාන්තාවක් කියන තැනින් වෙනස් වෙන්න මට සිද්ධ වුණා. මම ඇවිදින විදිය පවා වෙනස් කරන්න සිද්ධ වුණා. රාවණා මගේ ජීවිතේ වෙනස් කළා කිව්වොත් හරි.
🔴 ‘රාවණා’ ටෙලිනාට්‍යයේදී ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?
‘රාවණා’ ටෙලිනාට්‍යයේ අදියර දෙකේදිම මට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. රාවණා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන වීර චරිතයක්. ඒ හින්දා ඒ ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් උනන්දුවෙන් නැරඹුවා. ඒ ආදරය අපිටත් ලැබුණා. විශේෂයෙන් කුඩා ළමයි මගේ චිත්‍ර පවා ඇඳලා තිබුණා. ඒ ආදරය ගැන හරිම සතුටුයි.
🔴 අවසන් වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන ඇහුවොත්?
රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යන්න නම් රංගනය හදාරන්න ඕනෑ කියලා මම හිතනවා. ඒ හින්දා ළඟදිම රංගනය හදාරන්න පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මට ඕනෑ හැමදාම පේන නිළියක් වෙන්න නෙවෙයි. ඉඳහිටලා පේන ඒත් හැමදාම රසිකයන්ගේ මතකයේ රැඳෙන නිළියක් වෙන්නයි. පේන්න නැති වුණාම මෙයා කෝ කියලා මිනිස්සු කතාවෙන විදියේ නිළියක් වෙන්නයි මම කැමැති.
– චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ෆේස්බුක් පෝස්ට් දැමූ රාජ්‍ය නිලධාරියකු CIDය අත්අඩංගුවට ගනී

Next Post

24 දා සුළි කුණාටුවක්! 25-26 තද වැසි!!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.