• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිබිල් සිත්තම නිමි

July 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිබිල් සිත්තම නිමි
Share on WhatsAppShare on Facebook

සිබිල් වෙත්තසිංහ මහත්මිය එහෙම නැත්නම් සිබිල් නැන්දා ගැන ලංකාවේ කාටවත් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. කුඩා දරුවකුගේ පටන් මැදි වයස දක්වා ඕනෑම කෙනෙක් සිබිල් නැන්දා ගැන දන්නවා. ඇය දශක හතකට ආසන්න කාලයක් ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් අපමණ කාර්යභාරයක් ඉටු කළා. ලෝකයට යහපත් පරපුරක් දායාද කරන්න ඇය ගත්ත ක්‍රියාමාර්ගය අති විශිෂ්ටයි.
ලංකාවේ හැමෝගෙම ආදරය දිනා ගෙන හිටිය සිබිල් නැන්දා පසුගිය ජුනි මස 30 වැනිදා රාත්‍රියේදී අප අතරින් සමුගෙන ගියා. දින කිහිපයක් තිස්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරෙදි තමයි ඇය ජීවිතයෙන් සමුගත්තේ. ඒ වන විට ඇය 93 වැනි වියේ පසු වුණා.
දකුණු ලකේ ගාලු පුරයේ සිට අවුරුදු පහළොවේදී චිත්‍ර සහ කතන්දර කලාවට පිවිසුණු සිබිල් වෙත්තසිංහ මහත්මිය ලංකාවේ බොහෝ දෙනෙක් දැන ගත්තේ 1956දි. ඒ “කුඩ හොරා” ළමා කතා පොතත් එක්ක. එහි ඇතුළත් වූ චිත්‍ර සහ කතාව ළමා පරපුරට අලුත්ම අත්දැකීමක් වුණා. එම කෘතියට ජාත්‍යන්තර සම්මාන පවා ලැබුණා වගේම 1987 වසරේදී ජපානයේ වැඩියෙන්ම අලෙවි වූ විදෙස් කෘතිය බවට පත්ව තිබුණේ සිබිල් නැන්දගේ “කුඩ හොරා”. ඒ විතරක් නෙවෙයි “කුඩ හොරා” චීනය, කොරියාව, නෝර්වේ, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් ගණනාවක මුද්‍රණය කර තිබීමත් අපේ පුංචි ලංකාවට ලැබුණු ගෞරවයක්.
සිබිල් නැන්දගේ චිත්‍ර කතා බලන්න ළමා පරපුර වගේම තරුණ, වැඩිහිටි පරපුරත් එක වගේම ආස කෙරුවා. පුංචි තිරය ඉදිරියේ සිබිල් නැන්දගෙන් චිත්‍ර ඉගෙන ගන්න ඒ දවස්වල පුංචි පැටව් මඟ බලමින් හිටිය හැටි අපට මතකයි. ළමයින් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි ලංකාවේ කාන්තා පරපුර වෙනුවෙනුත් චිත්‍ර කලාව හරහා ඇය ලබා දුන් දායකත්වය ඉතාම සුවිශේෂීයි.
සිබිල් නැන්දා ගැන තව කතා කරන්න දේවල් ගොඩක් තිබුණත් මේ ඒකට වෙලාව නෙවෙයි. නමුත් පසුගිය කාල වකවානුවේදී ඇය සම්බන්ධ වූ සුවිශේෂී කාර්යභාරයක් පිළිබඳවත් මෙහිදී සඳහන් කළ යුතුමයි. දශක හතක් පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ළමා පරපුරට කතා කෙරුව ඇය 90 වැනි විය පසු කරමින් සිටියදීත් ඒක නතර කෙරුවේ නැහැ. ඒ වගේම කාලයෙන් කාලයට අලුත් වන තාක්ෂණය එක්කත් ඇය හරි හරියට වැඩ කෙරුවා. 90 වැනි විය පසු කර සිටියදී ඇය සමාජ මාධ්‍ය ඔස්සේ අපූරු වැඩපිළිවෙළක් දියත් කෙරුවා. ඒ සඳහා ලංකාව පුරා කුඩා දරුවන් 20,000ක් යොදා ගන්න ඇයට පුළුවන් වුණා. ඒ සියලුම දෙනා එකතු කර ගනිමින් “කුඩා පුළිඟුව” කෘතියත් ඇය රචනා කළා. මේ වසරේ මුල් භාගයේදී තමයි එහි වැඩ කටයුතු අවසන් වුණේ. ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් කැප කළ බවට තවත් උදාහරණ ඕනෑ වෙන්නේ නැහැ.
කොහොම වුණත් මේ වෙද්දී අපි හැමෝම ආදරය කෙරුව සිබිල් නැන්දා අපි අතර නැහැ. ඇයට ආදරය කෙරුව හැමෝම එක්ක අපි ඇයට නිවන සුව ප්‍රාර්ථනා කරනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඕෂධී වියත්මඟට නැගේගේ නිළිකම උකසට තියලද

Next Post

ගස් ගල් වගේ ජීවත් වෙන්නේ හැඟීම් නැති මිනිස්සු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.