• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගස් ගල් වගේ ජීවත් වෙන්නේ හැඟීම් නැති මිනිස්සු

July 4, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ගස් ගල් වගේ ජීවත් වෙන්නේ හැඟීම් නැති මිනිස්සු
Share on WhatsAppShare on Facebook

‘කොවිඞ්-19’ උවදුරත් සමඟ යම් පමණකට අඩාළ වී ගිය බොහෝමයක් දේ අතර ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවද ප්‍රධානය.
එලෙසම රූගත කිරීම් අතරමඟ නතර වූ නිසාවෙන් එම කාල සීමාව තුළ විකාශය වෙමින් තිබූ ටෙලි කතාද වැඩි හරියක්ම දින නියමයක් නැතිව අවසානයක් නොදැකම නතර විය.
‘කොවිඞ්-19’ උවදුර නිසා සිදුවූ යම් හොඳ දේ අතර ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්‍ෂකයනටද එක හොඳක් සිදුවිය.
ඒ ඉතාම උසස් ගණයෙහිලා ගත හැකි ගුණාත්මක පැරැණි ටෙලිනාට්‍යය නැවැත දැකගැනීමේ භාග්‍යය උදාවීමය.
‘ඇහි පිල්ලමක් යටද’ එයින් එකකි. එහි වයලීනයක් සමඟ හරිම ළබැඳියාවකින් කල් ගෙවන ‘භක්ෂි’ නම් සංගීත ගුරුවරියගේ චරිතයට ජීවය දුන්නේ හිමාලි සිරිවර්ධනය.
‘ඇහිපිල්ලමක් යට’ ගැන කෙටි සමාලෝචනයක යෙදෙන්නටත්, වසර ගණනකට පෙරාතුව නිර්මාණය වූ ඒ කදිම ටෙලියෙහි ‘වෙනස්ම රිදම්’ එක ගැන කතා කරන්නටත් හිමාලි සමඟ මොහොතකට හෝ ‘හාට්’ විශේෂාංගය වෙනුවෙන් අප නතර වූ විනාඩි ගණනක මිහිරයි මේ ඔබ හමුවේ ගෙවී යන්නේ.
කොහොමද හිමාලි ජීවිතේ?
ජීවිතේ සුන්දරයි, ගෙවල්වලට කොටුවෙලා හිටිය කාලේ හෙමින් හෙමින් ඉවරයක් වෙනවා. ආයෙමත් කලාකරුවන් ලෙස අපි වැඩ කරන්න පටන් අරගෙන… ඉතින් සතුටුයි, ඇත්තටම.
මේ දිනවල ඔබේ පැරැණි ටෙලිනාට්‍ය කිහිපයක්ම නැවැත විකාශය වෙනවා?
ඔව්… මට ඒක ලොකු සතුටක්. සතුටට හේතුව එදා ඒ ටෙලිනාට්‍ය ප්‍රචාරය වෙනකොට මට ලැබුණු ප්‍රතිචාරවලට වඩා වැඩි ප්‍රතිචාරයක් මට අද ලැබනෙ නිසයි. ‘සඳගලතැන්න,’ ‘රතු අහස’ සහ ඇහිපිල්ලමක් යට’ ටෙලිනාට්‍ය නිර්මාණයන් ප්‍රේක්‍ෂකයනට මෙතරම් සමීප වීම සිතට දැනෙන ආස්වාදයද අසීමිතයි.
‘ඇහිපිල්ලමක් යට’ මඳක් වෙනස් ආරක ටෙලි නිර්මාණයක්?
ඔව්… ප්‍රදීප් ධර්මදාස නම් අධ්‍යක්‍ෂවරයා සතු නිර්මාණ කාර්යයන් බොහෝ විට අන් චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුනට වැඩිය වෙනස්. ඔහුගේ ‘රිදම්’ එක වෙනත් නිර්මාණ අතර යම් වෙනසක් මතුකර පෙන්වනවා.
කැමරාකරණය, සංගීතය, දෙබස් හුවමාරුව, ලොකේෂන් තෝරා ගැනීම වාගේම ඇඳුම්-පැලඳුම්ද නිර්මාණය වෙනුවෙන් ඔහු භාවිතයට ගන්නේ කලාත්මක බවක් ආරූඪ වන ආකාරයටයි.
වයලීනය සමඟ තනිවූ ‘භක්ෂි’ නම් සංගීත ගුරුවරියකද ඒ රිදම් එකේ කොටසක්?
අනිවාර්යයෙන්ම ‘භක්ෂි’ හරිම හැඟීම්බර චරිත නිරූපණයක්.
ප්‍රදීප් ධර්මදාස නම් කලාකාරයාගේ අනුදැනුම මත ‘භක්ෂි’ගේ සමීපතම හිතවතිය වයලීනය, භක්ෂි ඇගේ දුක, සතුට, උපේක්‍ෂාව සියල්ල ලෝකයට පෙන්වන්නෙ වයලීනයේ වාදනය අතරිනුයි.
භක්ෂි අඬන හැටි, සිනාසෙන හැටි වාගේම සුසුම් හෙළන ආකාරයද ප්‍රේක්‍ෂකයා දකින්නේ වයලීනයේ වාදනය තුළින් තමයි.
ඔබ ඒ වයලීනය වයන්නේ ඇත්තටමද?
අනේ ඔව්.., කවුරුත් ප්ලේ කරන වාදනයකට අත එහා මෙහා කරන්න මම කැමැති වුණේ නැහැ. ප්‍රදීප් ධර්මදාස නම් අධ්‍යක්‍ෂවරයාද කීවේ මම වයලීන වාදනය ඉගෙන ගන්නවා නම් හොඳයි කියලයි.
නැටුම් ශිල්පය ගැන හදාරා තිබුණාට වයලීනය වයන දැනුමක් මට තිබුණේ නැහැ. ගුරුවරයකු හමුවේ වයලීනය වයන ආකාරය ප්‍රගුණ කළාට පසුව තමයි මම භක්ෂි නම් සංගීත ගුරුවරිය ලෙස වයලීනය අතට ගත්තේ. සමහර විට මම එය ඇත්තටම ප්ලෙ කරන නිසාම වෙන්නැති එතරම් අපූරුවට භක්ෂිගේ හැඟීම් ප්‍රකාශනය ප්‍රේක්‍ෂකයා වෙත විකාශය වූයේ.
ඒ කියන්නේ ඔබ ‘භක්ෂි’ ගේ චරිත නිරූපණය ගැන තෘප්තිමත්?
ප්‍රේක්‍ෂකයන් මා වෙත දක්වන ප්‍රතිචාර හමුවේ මම භක්ෂි ගැන තෘප්තිමත් වෙනවා.
අනෙක් කාරණය ‘ඇහිපිල්ලමක් යට’ ටෙලිනාට්‍යය මීට අවුරුදු දහයකට පමණ පෙර කළ නිර්මාණයක්. ඒ කාලේ මම ටෙලි කලාවට පැමිණි අලුතම තමයි ප්‍රදීප් ධර්මදාස විසින් මට මේ සඳහා ආරාධනය ලැබුණේ.
අලුත් නිළියක ලෙස මා තුළ රංගනය ගැන ප්‍රේක්‍ෂකයන්ගේ සිත් අවදි වීම ගැනත් එදාට වඩා අද එය විකාශය වන විට මා ලබන අසීමිත ප්‍රතිචාරය ගැනත් මම සතුටු වෙනවා.
තවත් කාරණයක් අමතක නොකර කියන්නටම ඕනෑ.
‘ඇහිපිල්ලමක් යට’ ටෙලිනාට්‍යය රූගත කළේ සොඳුරු වටපිටාක. ප්‍රේක්‍ෂකයා ඒ සුන්දරත්වය දෑසින් අත්විඳින තරමට එය රූගත කරන විට අපි හැමෝම බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නා.
ඇති පදමට කඳු නැග්ගා. ඒ තරමටම පල්ලම් බැස්සා. ඒත් තත්පරයකට තද සුළඟ, තව වෙලාවක කඩින්කඩ වැස්ස. අදාළ දර්ශනයට අවැසි අය හෙවණකට මුවා වෙලා රඟපානව. අනෙක් අය වැස්සට තෙමෙනවා.
ඇත්තටම ප්‍රේක්‍ෂකයනට සොඳුරු නිර්මාණයක් දායක කරන්නට ‘ඇහිපිල්ලමක් යට’ ඉඳගෙන අපි හැමෝම යම් කටුකත්වයකට මුහුණ දුන්නා.
කූඩැල්ලෝ කරදර කළේ නැද්ද හිමාලි?
මගේ අම්මෝ… ලොකුම කරදරය දුන්නේ එයාලා තමයි. සමහර වෙලාවට ඩයලොග්ස් පවා අමතක වෙනවා. කොතැනක හරි ටික වේලාවක් ඉඳගෙන හරි, හිටගෙන හරි හිටියොත් මෙන්න වදේ කූඩලු යාළුවො 50ක්, 60ක් විතර කකුල වටේ. අපි තිසුරිලා හූ කියලා කෑගහගෙන ඈතට දුවන්නේ.
විනෝදයක් දුන්නේ කූඩලු යාළුවන්ගේ ඒ සිදුවීම්?
අපූරු විනෝදේ. දැනටත් ඇඟ හිරිවැටෙනවා මතක් වෙනකොට.
කොයිතරම් කටුක වුණත් ‘කදිම’ ටෙලි නිර්මාණයක අපූර්වතම ආශ්වාදය ඔබ ඇතුළු හැමෝම අත්වින්දා?
හරියටම හරි ඔබේ ඒ පැහැදිලි කිරීම.
බොහොම අඩුවෙන් දෙබස් කියපු, ඇඟට නොදැනෙන්න රංගනයෙන් අප හැමෝම දායක වුණු, ප්‍රදීප් ධර්මදාස නම් ඒ කලාකරුවාගේ අසාමාන්‍ය රිදම් එකට ඔහුගේ ආභාෂය මත මම ඇතුළුව සියලුම රංගවේදීන් දැක්වූ දායකත්වය හරිම අපූරුයි.
ඒ නිසාම වෙන්නැති ‘කොවිඞ්-19’ උවදුරින් මතු වූ විරාමය මැද විකාශය කරන්නට ‘ඇහිපිල්ලමක් යට’ තෝරා ගන්නටද ඇත්තේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිබිල් සිත්තම නිමි

Next Post

රැල්ලට යන්නැති චන්ද්‍රකුමාර

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.