• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මොන හයිකාරයා ආවත් පතෝලයා බය නෑ

June 6, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මොන හයිකාරයා ආවත් පතෝලයා බය නෑ
Share on WhatsAppShare on Facebook

‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය ගැන කතා කරන කොට අමතක නොකළ යුතු සුවිශේෂී චරිත කිහිපයක් තියෙනවා.
ඒ කිහිපයක් වූ චරිත අතර, පතෝලයාද සුවිශේෂීය.
‘තණමල්විල කොල්ලෙක්’ නරඹන බොහොමයක් දෙනා ‘පතෝලයා’ ගැන කතා කරන නිසා අපටද ඔහු ගැන කතා කරන්නට සිත් විය.
‘පතෝලයා’ ලෙස ඉතා සරල රංගනයක යෙදෙන අංජන ප්‍රේමරත්න ‘හාට්’ වෙත ගොඩවැදුණේද අප කළ ඒ සුහද ආරාධනය නිසාය.
ඉතින් අංජන, කොහොමද ජීවිතේ?
මේම්… වරදක් නැහැ. අපි ආයේ ටෙලිනාට්‍යවල වැඩ කරන්නයි සූදානම.
ඒ කියන්නේ කෝවිඞ් විරාමයට තිත තබන්නයි සූදානම?
ඔව්… සියල්ල සමථයකට පත්ව එන බැවින් නැවැත්වූ තැන සිට නැවැත වැඩකටයුතු අරඹන්නට ලකලැහැස්ති වෙනවා අපි.
අපි කිව්වේ, ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍ය කණ්ඩායමද?
නැහැ… නැහැ… ‘තණමල්විල කොල්ලෙක්’ රූගත කිරීම් අවසානයි. මම කතා කළේ මා රංගනය සඳහා එක්ව සිටි වෙනත් ටෙලි නාට්‍ය ගැනයි.
ඒ අතර, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අලුත්ම ටෙලිනාට්‍ය සහ ‘ඇය’ ටෙලිනාට්‍යන්වල වැඩකටයුතු පළමුව ඇරැඹීමට නියමිතයි.
පතෝලයා ගැන ටිකක් කතා කරමුද?
කතා කරමු, ඇත්තටම මේ වන විට බොහොමයක් වූ දෙනා ‘පතෝලයා’ ගැන කතාබහ කරනවා.
ඇත්තටම පතෝලයා කියන්නේ ඕනෑම ගමක වෙසෙන ඕනෑම මිතුරු කණ්ඩායමක නියෝජනයක් වූ සරල ගැමි චරිතයක්.
පතෝලයා කාටවත් බය නැහැ. ඕනෑම හයිරංකාරයෙක් ඉස්සරහ වුණත් ඇත්ත කතා කරනවා. තමන්ගේ යාළුවෙක් වෙනුවෙන් පණ ටික වුණත් දෙනවා. උණුවන හිතක් තියෙන හොඳ නරක හොඳින් හඳුනන පතෝලයා හිත හොඳ සරල ගැමියෙක්.
‘පතෝලයා’ ටිකක් විතර කලහකාරී වැඩි නැද්ද අංජන?
කලහකාරී නොවන කෙනකුට සාධාරණය වෙනුවෙන් හඬක් නඟන්න කවදාවත් බැහැ.
පතෝලයා කලහකාරී වෙන්නෙත් අයුක්තිය නුරුස්සන නිසයි.
‘තණමල්විල කොල්ලෙක්’ කතාවෙදී ‘පතෝලයා’ යන නම ප්‍රියන්තගේ චරිතයට ආරූඪ වුණේ ඇයි?
කතාවේ හැටියට ප්‍රියන්තගේ තාත්තට පතෝල වගාවක් තිබුණා. පුංචි කාලේ ප්‍රියන්තත් ඒ පතෝල වගාවට තාත්තා එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා ගමේ කොල්ලන් කාණ්ඩය අතර ඔහු ‘පතෝලයා’ වෙනවා.
‘පතෝලයා’ගේ චරිතය ඔබට ලැබුණේ රොෂාන් සමඟ තිබෙන ඇයි හොඳයිය නිසාද?
අපොයි නැහැ. එය වැරැදි වැටහීමක්. රොෂාන් අයියා කවදාවත් යාළුකමට චරිතයක් දෙන කෙනෙක් නොවෙයි. මම සහ රොෂාන් රවීන්ද්‍ර හොඳ යාළුවෝ. ඒක වෙනම කතාවක්. හැබැයි සුසිත විජයමුණිගේ සාර්ථක තිර පිටපතට අනුව රොෂාන් අයියා එයට අවැසි චරිත අනුව ඒ ඒ ගැළපීම කුමක් දැයි හොඳින් අධ්‍යයනය කළා. තිරපිටපත ඉල්ලන අය කවුද? අන්න ඒ අයව තමයි රොෂාන් රවීන්ද්‍ර කියන අධ්‍යක්‍ෂවරයා හොයාගෙන ගියේ. එතැනදී ඔහු නෑකම් හෝ මිතුරුකම් බලන්නට ගියේ නැහැ. අන්න ඒ නිසයි ‘තණමල්විල කොල්ලෙක්’ මේ තරමට සාර්ථක වුණේ.
ඔබ රඟපෑ වෙනත් වෙනත් චරිතයනට වඩා ‘තණමල්විල කොල්ලෙක්’හි ‘පතෝලයා’ ඔබට සුවිශේෂීද?
‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයම මට සුවිශේෂියි. එහි චරිත, අප හැමකෙනකුම දැඩි කැපවීමෙන් එයට එක්වූ ආකාරය, ‘කණ්ඩායමක්’ ලෙස මට ඔවුන් ගැන දැනුණු හැඟීම හරිම විශේෂයි.
රොෂාන්ගේ තේරීම හරහා ඔබ ඔහුට සාධාරණයක් කළාය කියන හැඟීම ඔබට දැනෙනවද අංජන?
අනිවාර්යයෙන්ම මම ඉන්නේ ඒ හැඟීම තුළමයි. දෙවැනි දවසේ රූගත කිරීම කළාට පස්සේ රොෂාන් අයියා මගේ ළඟට ඇවිදින් කිව්ව අංජන උඹව හදන්න දෙයක් නැහැ උඹ වැඬේ අල්ලගත්තා ඔහොම යං මල්ලි කියලා. ඇත්තටම මට ඒ මොහොතේ මාරම සතුටක් දැනුණා. සුසිත විජයමුණි පවා මට ඉතා සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූවා.
ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයත් ඒ වාගේම නොමඳව ලැබුණා?
ඉතාම නිහතමානීව කියනවා සමාජජාලා වෙබ් අඩවි හරහා පතෝලයට ලැබෙන ප්‍රතිචාරයන් අසීමිතයි. ඇත්තෙන්ම මට විශාල තෘප්තියක් දැනෙනවා.
කලාකාරයෙකුට ලබා ගන්නට පුළුවන් ලොකුම සම්මානයද ඒ ආධ්‍යාත්මික ආත්ම තෘප්තියයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිනමාවෙ වැඩදාපු සුලෝචනා ටෙලිවලින් හැඩ වෙයි

Next Post

රාජපක්ෂලා බය අලියටද-දුරකතනයටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.