• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉම්රාන්ග‌ේ පාකිස්තානයට අද වෙලා තියෙන දේ

May 31, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ඉම්රාන්ග‌ේ පාකිස්තානයට අද වෙලා තියෙන දේ
Share on WhatsAppShare on Facebook

‘පාකිස්ථානය තම රටෙහි වෙසෙන හින්දූන්ට සලකන අන්දම දැක බලා ගැනීමට අවශ්‍ය නම් පාකිස්ථානයට ඇවිත් පාකිස්ථානය තම රටේ වෙසෙන සුළු ජාතීනට සලකන අන්දම සියැසින්ම දැක බලා ගන්න’ යැයි පාකිස්ථානයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන හිටපු අස්මා ජහාන්ගිර් කීවේය.
පාකිස්ථානයේ වෙසෙන ශිව භක්තිකයින් (හින්දූන්) කිසිම දිනෙක තමන්ට හිරිහැරයක් වෙන බවට පැමිණිලි කරන්නේ නෑ. ඔවුන් ඉන්දියාවේ වෙසෙන තම ඥාතීන් සමගද සම්බන්ධතා පවත්වනවා. මේක තමයි වර්තමාන තත්ත්වය යැයි ඔහු වැඩිදුරටත් කීවේය.
එහෙත් කෙරෝනා වෛරසය ඔඩු දුවා ඇති මේ දිනවල පාකිස්ථානයේ සුළු වාර්ගිකයන් (ජාතිකයන්) කියන්නේ පුණ්‍යායතනවලින් පාකිස්ථානයට ලැබෙන ආහාර ද්‍රව්‍ය තමන්ටත් ක්‍රිස්තු භක්තිකයින්ටත් නොලැබෙන බවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආගමික නිදහස කොමිසම පවසන්නේ කොවිඞ් වෛරසය තදින්ම පැතිරී යන මේ සමයේ හින්දුන් සහ ක්‍රිස්තියානි වැනි ආගමික වශයෙන් සුළුතරයකට ආහාර ද්‍රව්‍ය නොලැබෙන බව කියන පුවතින් තම කොමිසම මහත් දුෂ්කරතාවට සහ හිරිහැරයට පත් වූ බවත් එම අසත් ක්‍රියාව ගර්හා කළ යුතු එකක් බවත්ය.
පාකිස්ථානයේ ආගමික සුළුතරයට ප්‍රචණ්ඩත්වය, ඝාතනය, නීත්‍යානකූල නොවන ඝාතන, පැහැරගෙනයාම්, ලිංගික අතවර (දූෂණ) සහ බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හරවා ගැනිම වැනි අමානුෂික හිරිහැරවලට මුහුණදීමට සිදුව ඇතැයි 2019 දී නිකුත් කෙරුණු යුරෝපීය සංගම් පාරලිමේන්තු වාර්ථාවේ සඳහන් වේ. පාකිස්ථානි හිනදූන් (පාකිස්ථානයේ වෙසෙන ශිව භක්තිකයන්) කිතුණුවන් සික්වරුන් අහමදාගමිකයන් සහ ෂියාස්වරුන් මේ අන්දමින් කලාපයේ වින්දිතයන් පිරිස බව එම වාර්ථාවේ අවධාරණය කර තිබේ. වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් අන්දමට හින්දුන්ගේ කෝවිල් කඩා බිඳ දැමීම එදිනෙදා සාමාන්‍ය සිද්දියක් වී ඇත. ඉස්ලාම් භක්තතිකයන් විසින් බලහත් කාරයෙන් අත් පත් කර ගනු ලබන කෝවිල් සහ කිතුණු දේවස්ථාන වෙනුවෙන් අලුත් ඒවා ඉදිකර දෙන බවට බලදාරින් දෙන පොරොන්දු පොරොන්වලටම සීමාවී ඇතැයි පෙන්වා දෙන වාර්ථාව මේ නිසා සුළු ආගමික කණ්ඩායම් අතර භීතිය වැපිරී ඇතැයිද කියයි.
පාකිස්ථානය මුස්ලිම් ජාතිකයන්ට පමණක් අයත් යැයි කියන මතය කරපින්නාගත් ඇතැම් අන්තගාමී පිරිස විසින් සෙසු ලබ්ධිකයෝ තර්ජනයට පත්කරනු ලබත්. මුස්ලිමුන්ට පමණක් අයත් යන පිරිස වෙසනෙ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් නොවන පිරිසට ඒ සඳහා වෙනම වාර්ෂික බද්දක් ද පනවා තිබේ. එම බද්ද නොගෙවන පිරිස් ප්‍රදේශයෙන් පලවා හැරීමටද, පහර කනු ලැබීමටද අතුරුදන් කරවනු ලැබිමටද පාත්‍ර වන්නෝය.
පාකිස්ථානය ඉන්දියාවෙන් බෙදා වෙන් කෙරුණු 1947දී රටේ (පාකිස්ථාන) ජනගහනයෙන් සියයට විසි තුනක් (23%) මුස්ලිම් නොවන පිරිස් වූහ. වර්ථමානයේ එම ප්‍රතිශතය සියයට තුනත් හතරත් (3-4%) අතර ප්‍රමාණයේ පවතී. මුස්ලිම් නොවන පිරිස් සලකනු ලැබෙන්නේ රාජ්‍ය (පොදු) අයිතිවාසිකම් අහිමි පිරිසක් වශයෙනි. ක්‍රිස්තියානි, හින්දු, අහමදාගමිකයන් සහ ෂික් යන සුළු ආගමික කණ්ායම් තමන්ගේම නිවෙස් තුළදීම මරා ගෙන මැරෙන බෝම්බ කණ්ඩායම්වලට නිරතුරු ඉලක්ක වන්නෝය. ඔවුහු සිය ආගමික වතාවත්වල යෙදෙන කල්හි පවා ඝාතනයට ලක්වෙති.
මුස්ලිම් නොවන කාන්තාවන්ගේ ආරක්‍ෂාව සැපයීමට පවා රජයට නොහැකිවීම ලජ්ජා සහගත කරුණකි. ඔවුහු පැහැර ගෙන යනු ලැබීමට, බලයෙන් ඉස්ලාම් ආගමට බඳවා ගැනීමට සහ බලහත්කාර විවාහයකට ඇතුළත් කිරීමට නිරන්තරයෙන් පාත්‍ර වෙති.
මාපිය වැඩිහිටි ආරක්‍ෂාව යටතේ සිටින නිවෙසින් හෝ කම්හල් කාර්යාල වැනි සේවා ස්ථානයක සිටියදී හෝ අතුරදන් වන මුස්ලිම් නොවන ස්ත්‍රීන් සහ යුවතියන් එ සේ අතුරුදන්වී ටික කලෙකට පසුව මුස්ලිම් ආගම වැළඳගත් කෙනකු සේ හෝ මුස්ලිම් ජාතිකයකුගේ භාර්යාවක් වශයෙන් හෝ සමාජයට පැමිණේ.
මේ තිරස්චීන ක්‍රියාදාමයේ නිර්මාපකයන් මුස්ලිම් අන්තවාදීන් බව හඳුනාගෙන තිබේ. ඔවුන්ගේ අරමුණ බලහත්කාර විවාහවලන් හෝ බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට බඳවා ගැනීමේන් හෝ මුස්ලිම් සංඛ්‍යාව වර්ධනය කිරීමයි. මුස්ලිම් නොවන තරුණියෝ නිරන්තරයෙන්ම ලිංගික අතවරයට ලක් වෙති. එහි ඉලක්කය ඇය දූෂණයට ලක් වූ මුස්ලිම් තරුණයා විසින් විවාහ කර ගනු ලැබීමය.
අහමදාගමිකයන් දෙදෙනකු (2) සහ ෂියාවරුන් විසිඅට (28) දෙනකු ඉස්ලාම් භක්තිකයන් නොවීමේ හේතුවෙන් ඝාතනය කෙරී ඇති අතර ෂියාවරුන් පනස් හත් දෙනකු (57) සහ එක් ක්‍රිස්තු භක්තිකයකු 2019 වර්ෂය තුළ තුවාල ලබා ඇතැයි ඉස්ලාමාබාද්හි ආරක්‍ෂක සහ අධ්‍යයන කේන්ද්‍රය 2019 වර්ෂය වෙනුවෙන් නිකුත්කර ඇති අලුත්ම වාර්ථා වේ දැක්වේ.
අහමදියාවරුන්ගේ පල්ලි පහකටත් (5) හින්දුවරුන්ගේ කෝවිල් දෙකකටත් (2) ක්‍රිස්තු භක්තිකයන්ගේ පල්ලියකටත් (1) දෙදහස් දහඅටේ (2018) වර්ෂයේ අගෝස්තු සිට අන්තවාදීන් පහරදී තිබේ. තමන් ගේ ශුද්ධස්ථානවලට පහර දුන් බවට අහමදාවරුන්ට එරෙහිව පැමිණිලි දහතුනක්ද (13) ක්‍රිස්තු භක්තිකයිනට එටරහිව පැමිණිලි නමයක්ද (9) හින්දුවරුනට එරෙහිව පැමණිලි දෙකක්ද (2) ශියාවරුනට එරෙහිව පැමිණිල්ලක්ද (1) අන්තවාදීන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
සියලුම සුළුතර කණ්ඩායම් ආරක්‍ෂා කරන බවට පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් 2020 පෙබරවාරි මාසයේ දි සපත කර ඇත්තේ ය. එහෙත් ආගමික සුළුතරයට විශේෂයෙන් හින්දුවරුනට තවමත් තාඩන පිඩන අඛණ්ඩව එල්ල වේ.
පාකිස්ථානයේ මානව අයිතිවාසිකම් කොමසමේ වාර්තා අනුව සෑම වර්ෂයකම හින්දු සහ ක්‍රිස්තියානි කාන්තාවන් දහසකට (1,000) වැඩි සංඛ්‍යාවකට සිය ආගම අත හැර ඉස්ලාම් ආගම වැළඳ ගන්නා ලෙසට බල කරනු ලබන බව පෙනේ. සින්ද් පළාතේ පමණක් දෙදහස් දහනමයේ (2019) වර්ෂයේ දී හින්දු යුවතියන් පනස් දෙනකු (50) ඉස්ලාම් ආගමට බලෙන් බඳවා ගනු ලැබ ඇත.
පන්ජාබ් ආණ්ඩුවේ බලවතකු වන ෆයියාස් උල් හසන් හින්දූන් ’හුජ්ජ (මුත්‍රා) බොන්නන්’ ලෙසට ප්‍රසිද්දියේ අපහාස කිරීමෙන් පසු ඔහුට සමාව ගැනීමට සිදුවී තිබේ. ඔහු ආණ්ඩුවෙන් දෙදස් දහ නමයේ (2019) මාර්තු පස් වැනිදා (5) ඉල්ලා අස්වුවත් මාස හතරකට (4) පසු ජූලි පස් (5) වැනිදා යළිත් ආණුඩුවට එක් වූවේය. මෙසේ අසාම් කාන් ස්වාතිද අහමදියාවරුනට ප්‍රසිද්දියේ අපහාස කෙළේය. මේ තත්ත්වය සුළුතර කණ්ඩායම්වල මවිතයට හේතුවක් වී තිබේ. තම පක්‍ෂයේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරීන් ගේ හැසිරීම් රටාව හෝ පාලනය කිරීමට නොහැකි අගමැති ඉම්රාන් ඛාන් රටේ සුළුතරයේ ආරක්‍ෂාව සලසන්නේ කෙ සේ දැයි ප්‍රශ්නයක් නැගී තිබේ.
සුළු කණ්ඩායම්වලට කෙරෙන අයුක්ති සහගත ක්‍රියා ගණන් ගත යුතු ලෙස ආණ්ඩුව නොසලකන්නා සේ ම පීඩිතයනට (ආගමික සුළුතරයට) පිඩා කිරීම සඳහා රජයේ හමුදාද පාර්ශවකරුවන් වේ.
සුන්නි මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක කෙරෙන්නේ ෂියා සහ අහමදියා කණ්ඩායම් මර්ධනය කිරීමටය.
පාකිස්ථානයේ නීති තිබේ. එහෙත් ඒවා ක්‍රියාත්මක කෙරෙන්නේ සළුතරය මර්ධනය කිරීමටය. මේ සමාජ ගත මතයයි. ඉන්දීය අගමැති මෝදි සහ ඔහුගේ ආණ්ඩුව ඉන්දියාවේ වෙසෙන මුස්ලිමුන්ට හිරිහැර කරන බව අගමැති ඉම්රාන් ඛාන්ගේ මතයයි.
ඉම්රාන් ඛාන් බොරු කීමේ ප්‍රඥයකු බවද ඔහු ඉන්දියාවට සාහසික අන්දමින් සැලකීමට සැලසුම් ක්‍රියාත්මක කරන්නකු බවද ලෝකය දනි. පාකිස්ථානයේ සුළු ආගමික කණ්ඩායම් වශයෙන් සැලකෙන ක්‍රිස්තියානි, හින්දු, අහමදාගමිකයන් සහ ෂික් යන සුළු ආගමික කණ්ායම් කුරිරු වධ බන්ධනයට පත් කෙරෙන බවත් ඔවුන් ඝාතනය කරනු ලබන බවත් ලෝ වැස්සා දැන ගත යුතුවේ.
මේ අද පාකිස්ථානයේ තත්ත්වයයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සමිතට සෙට්වුණු 21 කොල්ල කවුද?

Next Post

ක්‍රිකට් මාෆියාව ගැන මහ‌ේල කතා කරයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.