• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැඩවලින් King වුණ සුපිරිම ඛාන්

May 3, 2020
in Heart
Reading Time: 1 min read
A A
වැඩවලින් King වුණ සුපිරිම ඛාන්
Share on WhatsAppShare on Facebook

“මුළු ජීවිතයම එක අතකට අත්හැරීම තමයි.
මට හිතෙන්නෙ එහෙමයි.
ඒත් දුකට හේතුව නම්,
එකම එක මොහොතක
ඉඩක් නොතබාම යන්නට වීමයි”

ඉර්ෆාන් එහෙම කියන්නෙ ඔහු රඟපෑ Life of Pi චිත්‍රපටයේ දෙබසක. දෛවයේ සරදමක්දෝ ඔහු, ඔහුගේ ජීවිතයට සමුදෙන්නෙත් ඒ විදිහටමයි.

1967 ජයපූර්හි සාමාන්‍ය පවුලක උපත ලබන සහබ්සාඞ් ඉර්ෆාන් අලී ඛාන්, අති දැවැන්ත, දිදුලන ඉන්දීය සිනමා කර්මාන්තය ඇතුළෙ නළුවෙක් විදිහට ජීවිතය හමාර කරයි කියල කවුරුත් හිතන්න නැතුව ඇති. හමේ වර්ණය, ලස්සන, හිනාව ප්‍රමුඛ කරගත් සිනමාවක් ඇතුළෙ ඒ කිසිවක් නොමැතිව නළු සිහිනය සැබෑ කරගන්න ඉර්ෆාන් විප්ලවයක් කරනව විතරක් නෙමෙයි, අන්තිමේදී ඒ අතර තමාගේ නම ඉහළින්ම සටහන් කරගන්නත් ඉර්ෆාන්ට හැකියාව ලැබෙනව. “මිනිස්සු දකින්න කැමැති මගේ වැඩ, මගේ මූණ නෙමෙයි” එහෙම කියන ඉර්ෆාන් හිමින් තමන්ගෙ ගමන යනව. ඔහුගේ ඒ ගමනේ සාර්ථකත්වය කෙතරම්ද කියනවනම් ඉන්දීය අගමැතිවරය පවා ඔහුගේ වියෝව වෙනුවෙන් ශෝක පණිවුඩක් තියනව.

“ඉර්ෆාන් ඛාන්ගේ අභාවය ලෝක සිනමාවට හා කලාවට වූ අහිමිවීමකි. විවිධ මාධ්‍යයන් ඔස්සේ ඔහු කළ විවිධාකාර රංගනයන් නිසා ඔහු අප මතකයේ සදා රැඳෙනු ඇත. මාගේ සිතුවිලි ඔහුගේ පවුලේ අය, මිතුරන් හා ඔහු අගය කරන්නන් සමග ඇත. ඔහුගේ ආත්මය සුවපත් වේවා” මේ ඉන්දීය අගමැති ඔහුගේ ට්විටර් ගිණුමේ ඉර්ෆාන් ගැන සටහන් කර තිබූ ආකාරයයි.

කෙනෙක්ගෙ ජීවිතය වෙනස් වෙන මොහොත මොකක්ද කියල හරියට කියන්න කාටවත්ම බෑ. ඒත් ඉර්ෆාන්ගෙ ජීවිතයෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ එම්.ඒ. උපාධිය සඳහා මුම්බායට පැමිණීමත් සමඟ. උපාධිය හදාරමින් සිටින අතරතුර ඉර්ෆාන්ට රංගනය පිළිබඳ හදාරන්න ඉන්දීය ජාතික නාට්‍ය පාසලේ ශිෂ්‍යත්වයක් හිමිවෙනව. එයින් ලැබෙන පන්නරයෙන් සිනමාව සඳහා මුල්පොත තබන ඉර්ෆාන් තම සිනමා ගමන නොසිතූ විදිහට නතර කරන්නෙ ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පවා පිදුම් ලබල. ඉන්දීය රජය විසින් පුදකරනු ලබන ඉහළම සම්මානයක් වන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් 2011 වසරෙදි ඔහු පුද ලබන්නෙ ඉන්දීය සිනමාවට හා කලාවට දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන්.
ඉන්දීය ජාතික නාට්‍ය පාසලේ රංගනය හැදෑරීමෙන් පසු ‘චානක්‍ය’, ‘භාරත් ඒක් කොජ්’, ‘බනේගි අප්නි බාත්’, ‘චන්ද්‍රකාන්ත’, ‘ස්ටාර් බෙස්ට්සෙලර්’ වැනි ජනප්‍රිය ප්‍රසංග රැසකට සහභාගි වෙන්න ඉර්ෆාන්ට අවස්ථාව ලැබෙනව.

“කවුරුහරි සිනමා ශාලාවෙන් එළියට ආවට පස්සෙ ඔහුට මගේ රංගනය ගැන ආයෙ ආයෙ මතක් වෙන්නැත්නම් අන්න එතනදි මට මං ගැනම අවුල් යනවා” එහෙම කියන ඉර්ෆාන්ගෙ සිනමා ගමන ආරම්භ වෙන්නෙ 1988 මිරා නයාර් අධ්‍යක්ෂණය කළ ‘සලාම් බොම්බේ’ චිත්‍රපටයෙන්. මුල්කාලීනව දුෂ්ට චරිත හා සහාය චරිත රඟපාන ඔහු 2004දි ටිග්මන්ෂු දුලියා අධ්‍යක්ෂණය කළ Haasil චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම දුෂ්ට නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මාන හිමිකරගන්නව. එතැනින් ආරම්භ වන ඔහුගෙ සම්මාන දඩයම අවසන් වෙන්නෙ 2018 ‘හින්දි මීඩියම්’ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි ෆිලිම් ෆෙයාර් සම්මානය හිමිකර ගැනීමෙන්. දුෂ්ටයාගෙන් ඇරැඹි සිනමා ගමන ඔහු හොඳම නළුවාගෙන් අවසන් කරන්නෙ ‘ෆිල්ම් ෆෙයා’ සම්මාන 4ක්, ‘ඉන්දීය ජාතික’ සම්මානයක් ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන 30කට වැඩි සංඛ්‍යාවක් තමන් සතුකරගෙන.

“මට මිනිසුන්ව පිනවීමට අවශ්‍යය. එහෙත් ඒ යම්කිසි ගැඹුරක් සමඟය” කියූ ඉර්ෆාන් තම දශක තුනක් තරම් වන රංගන දිවිය තුළ ‘හසීල්’, ‘මැක්බූල්’, ‘ලයිෆ් ඉන් මෙට්‍රෝ’, ‘පාන් සිං තෝමාර්’, ‘ද ලන්ච්බොක්ස්’, ‘හයිඩර්’, ‘පිකු’ සහ ‘තල්වාර්’ වැනි ජනප්‍රිය බොලිවුඞ් චිත්‍රපට වගේම ‘ද නමේසේක්’, ‘ද ඩාර්ජිලිං ලිමිටඞ්’, ‘ස්ලම්ඩෝග් මිලියනය’, ‘ලයිෆ් ඔෆ් පයි’ සහ ‘ජුරාසික් වර්ල්ඞ්’ වැනි හොලිවුඞ් චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට තම රංගනය දායකත්වය ලබාදෙනව.
2018 වර්ෂයේ ඉර්ෆාන් ඉතාම දුර්ලභ ගණයේ පිළිකා රෝගයකින් පීඩා විඳින බව දැනගන්නව. පිළිකා මාරයාව පරද්දන්න ඔහු එංගලන්තයේ රෝහලකින් පවා ප්‍රතිකාර ලබාගත්තත් ඔහුට පුළුවන් වෙන්නෙ තාවකාලිකව ඒක යටපත් කරගන්න විතරයි. මහ බඩවැලේ ඇතිවුණ ආසාදනයක් හේතුවෙන්

පසුගිය අප්‍රේල් 28 වැනිදා මුම්බාහි රෝහලකට ඇතුළත් වන ඔහුට නැවත ගෙදර එන්න ලැබෙන්නෙ නෑ. ඊට දින තුනකට පෙර මෙලොව හැර දමා යන තම මවගේ දේහය පවා දැකගන්නට නොලැබුණු ඉර්ෆාන් ඇයව බැලීමට මෙන් අප්‍රේල් 29 වැනිදා මෙලොවින් නික්ම යනව. බිරිඳ සුපාතා සිඞ්කාර්ට හා පුතුන් දෙදෙනා වන බාබිල් සහ අයන්ට නැවත තම රුව සිනමා පටයකින් පමණක් දැකීමට ඉඩ සලස්වා ඔහු තම සිනමා ගමන මෙන්ම ජීවන ගමනද නිමා කරනවා.
“ඇදහිය නොහැකි දක්ෂතාවයක්. කරුණාවන්ත සගයෙක්. සිනමා ලෝකයට දැක්වූ විශාල දායකත්වයක්. ඔහු ඉතා ඉක්මනින් අප හැර ගියේය. ඔහු අපට විශාල රික්තයක් නිර්මාණය කරයි,” ‘පිකු’හි ඔහු සමඟ වැඩ කළ සුපිරි නළු අමිතාබ් බච්චන් ඉර්ෆාන් ගැන ට්විටර් පණිවුඩයක් තබා තිබුණේ එසේය.
ඉතින් ඉර්ෆාන් ‘ලොව ඇත්තේ යෑම් ඊම් පමණය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය” ඔබට සුබ ගමන්.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මධුසමයට සුබ ග්‍රහ යෝග

Next Post

චීනය එදා වගේම අදත් කරන බොරුව

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.