• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා බය අලියටද-දුරකතනයටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 6, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
රාජපක්ෂලා බය අලියටද-දුරකතනයටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ තොණ්ඩමාන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය රනිල්ට සමඟි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලන හිටපු යූ.ඇන්.පී. මන්ත්‍රිවරයෙක් හමුවිය.
“මිනිස්සු ඡන්දය දෙන්නේ ලකුණට ආ…”
ඔහු මන්ත්‍රිවරයාට කීවේය. මන්ත්‍රිවරයා මේ කතාව දැන්වීම් ප්‍රචාරක ආයතනයක සේවය කරන මිතුරෙකුට කීවේය.
“මචං රනිල්ගේ කතාව හරියට අර කොම්පැනි කඩාගෙන ගියාම මුල් කොම්පැනිය දාන ඇඞ් එකක් වගෙයිනේ…”
ඔහු කීවේ හිනාවෙමිනි. කතාව ඇත්තය. මෙරට ප්‍රධාන පෙළේ නිෂ්පාදිත සමාගම් දෙකඩ වූ විට මව් සමාගම ප්‍රචාරය කරන දැන්වීම්වල ප්‍රධානතම තේමා පාඨය මෙන්න මේ වගේය.
“නම බලලයි ගන්න ඕනෑ…”
“නම කියලාම ඉල්ලන්න…”
මේ පාර මහ ඡන්දෙට රනිල්ගේ යූ.ඇන්.පී.යත් මේ කතාවම කියනු ඇත.
“අනුකරණවලට නොරැවටෙන්න. නම බලල කතිරය ගහන්න…”
යූ.ඇන්.පී.ය කියන්න යන්නේ මේ කතාවය.
“යූ.ඇන්.පී.කාරයෝ දෙයිද…?”
ඇත්තටම රනිල්ගේ කතාව හරිය. යූ.ඇන්.පී.ය කියන්නේ කොම්පැනියක් වගේය. යූ.ඇන්.පී.කාරයෝ බලන්නේ කොම්පැනියට වැඩ කරලා ලාභ ලබන්නටය. ඩී.ඇස්. සේනානායක මේ පක්ෂය හැදුවේ ඒ වගේ අච්චුවකය. යූ.ඇන්.පී.කාරයෝ විපක්ෂයේ ඉන්න කැමැති පක්ෂයක් නොවේ. යූ.ඇන්.පී.කාරයන්ට ලාභ ලබන්න ආණ්ඩුවක් ඕනෑය. ඩී.ඇස්., ඩඞ්ලි, සර් ජෝන්, ජේ.ආර්., ප්‍රේමදාස යන මේ හැමෝම මේ ටික තේරුම් ගත්හ. තේරුම් ගෙන ඔවුන් දතකෑවේ කොහොම හරි යූ.ඇන්.පී.කාරයන්ට ආණ්ඩුවක් හදලා දෙන්නටය. අදත් යූ.ඇන්.පී.යේ ඉන්නේ ඒ යූ.ඇන්.පී.කාරයමය. ඔවුන්ට ඕනෑ ඔවුන්ගේ ජනාධිපතිවරයෙක්ය. ඔවුන්ගේ ආණ්ඩුවක්ය. යූ.ඇන්.පී.කාරයන්ට එහිදී පක්ෂයට වඩා වටින්නේ බලයය. 1994 දී ඔවුන් පක්ෂය කඩාගෙන ගොස් රාජාලියාගෙ පක්ෂය හදා යළිත් පක්ෂයටම ආ ගාමිණී දිසානායක වටා එකතු වූයේ ආණ්ඩුවක් හදන්න පුළුවන් ඔහුට බව දැනගෙනය. ඒ වෙලාවේ යූ.ඇන්.පී.කාරයාට ප්‍රේමදාසවත් පක්ෂයත් ආරක්ෂා කළ රනිල්ව අමතක විය. එකල වසර 17කට පසුව බලය ගත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගාමිණීට අල්ලස් චෝදනා දමා පන්න පන්නා ගහනකොට යූ.ඇන්.පී.කාරයා හිතුවේ චන්ද්‍රිකා බය ගාමිණීට කියාය. චන්ද්‍රිකා ගාමිණීට බය ගාමිණීට ඡන්දය දිනන්න ආණ්ඩුවක් හදන්න හයිය තියෙන නිසාය කියන එක ගමේ යූ.ඇන්.පී.කාරයන්ටත් තේරුණි.
මේ යූ.ඇන්.පී.කාරයන්ම 2006 පුංචි ඡන්දයේදී කොළඹ නගර සභාවට යූ.ඇන්.පී.ය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වූ විටදී ත්‍රිරෝද රථ රියැදුරකු නායකත්වය දුන් ස්වාධීන කණ්ඩායමට ඡන්දය පාවිච්චි කළේ කොළඹ නගර සභාව දිනාගන්නටය. එම ස්වාධීන කණ්ඩායමේ ලකුණ වූයේ කණ්ණාඩියය. යූ.ඇන්.පී.කාරයෝ පළමු වරට වෙනත් ලාංඡනයකට ඡන්දය දුන්නේ 2006 කොළඹ නගර සභා ඡන්දයේදීය. මේ යූ.ඇන්.පී.කාරයන්ම 2010 අලියා සහ යූ.ඇන්.පී.ය අමතක කොට හංසයාට කතිරය ගැහුවේත් යූ.ඇන්.පී.කාරයන්ට කිසිම සම්බන්ධයක් නැති ජෙනරාල් සරත් ෆොන්සේකා යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් හදල දෙයි කියන බලාපොරොත්තුවෙන්ය. ෆොන්සේකා යූ.ඇන්.පී.කාරයකු හෝ දේශපාලනඥයකු නොවුණත් රාජපක්ෂලා පරද්දලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න ඔහු හයිය ඇති අශ්වයෙක් යැයි යූ.ඇන්.පී.කාරයෝ සිතූහ.
2015 දීද යූ.ඇන්.පී.කාරයන් අලියා සහ යූ.ඇන්.පී.ය අමතක කොට හංසයාට කතිරය ගසා ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රිපාලව ජනාධිපති කළේ මෛත්‍රිපාල රාජපක්ෂලා පරාජය කොට යූ.අන්.පී.යට ආණ්ඩුවක් හදල දෙයි කියන විශ්වාසයෙන්ය.
යූ.ඇන්.පී.කාරයෝ කියන්නේ මෝඩයින් නොවේ. ඔවුහු හොඳට හතුරාව හඳුනති. 1956 සිට 2005 දක්වා යූ.ඇන්.පී.කාරයන්ගේ හතුරා වූයේ බණ්ඩාරනායකවරුන්ය. යූ.ඇන්.පී.කාරය හැම තිස්සෙම බලන්නේ බණ්ඩාරනායකලා වැඩියෙන්ම බය කාටද කියාය. ඔවුන් 1960 සහ 1965 ඩඞ්ලිටත්, 1977 ජේ.ආර්.ටත්, 1988 ප්‍රේමදාසටත්, 1994 ගාමිණීටත්, 1999 රනිල්ටත් ඡන්දය දුන්නේ එහෙම ඉවකින්ය. 2005 සිට යූ.ඇන්.පී.කාරයා බලන්නේ රාජපක්ෂලා බය කාටද කියාය.
ඇත්තටම 2005 සිට 2015 තෙක් රාජපක්ෂලා වැඩියෙන්ම ගැහුවේ රනිල්ටය. රාජපක්ෂලා වැඩියෙන්ම බය රනිල්ට බව ඔවුන් හඳුනාගෙන රනිල්ව ආරක්ෂා කළේ රනිල්ට දිනන්න බැරි වුණත් රාජපක්ෂලා පරාජය කොට ආණ්ඩුවක් හදන්න රනිල්ට පුළුවන් කියන විශ්වාසයෙන්ය. 2010 ජනාධිපතිවරණයේදී රාජපක්ෂලාගේ හතුරා වූයේ ෆොන්සේකා වුණත් රාජපක්ෂලා පහර දුන්නේ ෆොන්සේකාට සහ රනිල්ට එකට තියලාය. 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂලාගේ හතුරා මෛත්‍රිපාල වුණත් රාජපක්ෂලා පහර දුන්නේ මෛත්‍රි සහ රනිල්ව එකට තියලාය. හේතුව ෆොන්සේකාවත් මෛත්‍රිපාලවත් ජනාධිපති අපේක්ෂකත්වයට ආනයනය කළේ රනිල් බව ඔවුන් දැන සිටි නිසාය. ඔවුන් අපේක්ෂකයන් වුණාට ඔවුන්ව දිනවන පක්ෂය වූ යූ.ඇන්.පී. නායකයා රනිල් බව ඔවුහු තේරුම් ගෙන සිටියහ. ඒත් 2019 ජනාධිපතිවරණයේදී එය වෙනස් විය. සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න රනිල් අකමැති බව ඔවුහු තේරුම් ගෙන සිටියහ. සජිත්ට දිනන්න රනිල් ඕනෑ නැති බවත්, ඔවුහු දැන සිටියහ. ඔවුන් කළේ රනිල්ට හොඳ කියල සජිත්ට ගහන එකය. රාජපක්ෂවරු ජනාධිපතිවරණයේදී සජිත්ට වැටෙන්නම ගැසූහ.
2019 ජනාධිපතිවරණය පරාජයට පසු සජිත්ට වෙන්නේත් 2010 ෆොන්සේකාට වෙච්ච දේම යැයි රාජපක්ෂවරු සිතූහ. ඒත් රාජපක්ෂවරුන්ට වැරදුණේ එතැනය. සජිත් කියන්නේත් රනිල් වගේම නොම්මර එකේ යූ.ඇන්.පී.කාරයෙකි. සජිත්ගේ පියා ප්‍රේමදාස යූ.ඇන්.පී.කාරයන් අදහපු නායකයෙකි. ෆොන්සේකා ඒ කාලේ පිටගම්කාරයෙකි.
“ඒත් සජිත්ට පුළුවන්ද යූ.ඇන්.පී.කාරයන්ව දුරකතනයට හරවා ගන්න…?”
ඒක බලන්න වෙන්නේ ඡන්දයේදීය. හැබැයි කලින් කීවා වගේ යූ.ඇන්.පී.කාරයන් මෝඩයන් නොවේ. 2019 ජනාධිපතිවරණයට පසු සිද්ධ වුණ දේවල් සිද්ධ වුණේ ඔවුන්ගේ ඇස් පනාපිටමය. රාජපක්ෂ ආණ්ඩුව දින්න විගස දඩයම් කරන්න පටන් ගත්තේ සමඟි ජන බලවේගයේ නායකයන්වය. පළමුව රන්ජන්ව අත්අඩංගුවට ගත්තේය. ඉන් පසු චම්පිකව අත්අඩංගුවට පත්විය. දැන් රාජිත අත්අඩංගුවේය. මංගලගෙන් ප්‍රශ්න කෙරුණි. ෆොන්සේකාගෙන් ප්‍රශ්න කෙරුණි. මේ හැමෝම සමඟි ජන බලවේගයේය. රාජපක්ෂවරුන්ට දුවන්න ගහන්නේ ඔවුන්ය. දිනල මාස දෙක තුනෙන් රටේ ජනාධිපතිට එරෙහිව උසාවියේ නඩු දැම්මේ සමඟි ජන බලවේගයය. මෙලෙස ජනාධිපතිවරණයක් පරාජය වූ විගස බය නැතිව ජනාධිපතිට එරෙහිව නඩු දැම්මේ 1988 බණ්ඩාරනායක මැතිනියත්, 2010 ෆොන්සේකාත් විතරය. අද රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ආණ්ඩුවේ සහ ආණ්ඩුවට කඬේ යන මාධ්‍යයත් පන්න පන්නා ගහන්නේ සමඟි ජන බලවේගයට සහ එහි නායකයන්ටය. සාමාන්‍යයෙන් රටේ විපක්ෂ නායකයාගේ ප්‍රකාශවලට ජනාධිපතිගේ තරමටම ප්‍රසිද්ධියක් දීම මාධ්‍ය සම්ප්‍රදායකි. ඒත් ආණ්ඩුවට කඬේ යන පුද්ගලික මාධ්‍යයවත් විපක්ෂ නායක ලෙස සජිත්ගේ ප්‍රකාශවලට තැනක් දෙන්නේ නැත. 1994 සිට බණ්ඩාරනායකවරුත්, රාජපක්ෂවරුත් රනිල්ට ගහපු ගැහිල්ල අද ගහන්නේ සජිත්ටය. විටෙක ‘පුතාණෝ’ කියයි. තවත් විටෙක ‘මෝඩ පුතාණෝ’ කියයි. තවත් විටෙක දොස්තර කියයි.
මේවාට රනිල්ගේ යූ.ඇන්.පී.යට හරි චූන්ය.
“සජිත් ඉවරයි…”
හොඳට නානවා…”
හැබැයි යූ.ඇන්.පී.කාරයා කියන්නේ රනිල්ට කොටියා කියල ගහද්දීත්, ප්‍රභාකරන්ගේ මල්ලි කියල ගහද්දීත්, මිස්ටර් බීන් කියල ගහද්දීත්, රනිල්ට බෑ කියල ගහද්දීත් රනිල්ව අත්නොහැර රනිල් එක්ක හිටපු එවුන් ටිකක් බව රනිල්ගේ යූ.ඇන්.පී.යටම අමතක වී ඇත. යූ.ඇන්.පී.කාරයා ‘රියල් යූ.ඇන්.පී.ය’ හොයන ලිට්මස් ටෙස්ට් එක හතුරාගේ ප්‍රහාරය බව ඔවුන්ටම අමතකය. අපි තමයි රියල් යූ.ඇන්.පී.කාරයෝ කියල කියන්න නම් රනිල්ගේ යූ.ඇන්.පී.ය කරන්න ඕනෙ ආණ්ඩුවේ ගුණ කියල ආණ්ඩුව ලවා සජිත්ට ගස්සව ගන්න එක නොව ආණ්ඩුවට ගහල ආණ්ඩුවේ නොම්බර එකේ හතුරා වෙන එකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මොන හයිකාරයා ආවත් පතෝලයා බය නෑ

Next Post

දංකොටුව පෝසිලේන් නව වාෂ්ප ආශ්වාශක නිෂ්පාදනය සෞඛ්‍ය ආයතනයට පිරිනමයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.