• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මහින්දට 50යි; මටත් දැන් 50යි

June 20, 2020
in Heart
Reading Time: 1 min read
A A
මහින්දට 50යි; මටත් දැන් 50යි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ඇරඹිලා දැන් දශක හතරකට වැඩියි. ඒත් ඒ මුල් යුගයේ විකාශනය වුණු ටෙලි නාට්‍යවලට තමයි අදටත් බොහෝ දෙනෙක් කැමැති. වර්තමානයේ නිර්මාණය වෙන බොහොමයක් ටෙලි නාට්‍යවලට වඩා 80 දශකයේ නැත්නම් 90 දශකයේ නිෂ්පාදනය වුණු ටෙලි නිර්මාණ ගව් ගණනක් ඉදිරියේ පසු වන බව තමයි වැඩි දෙනකුගේ අදහස. එම නිර්මාණ නැවත විකාශන වීමේදී අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙන්නෙත්, අන්තර්ජාලය හරහා එම නිර්මාණ හොයා ගෙන නරඹන්න වැඩි දෙනෙක් පෙළෙඹෙන්නෙත් ඒ හින්දයි. ඒ විශිෂ්ට නිර්මාණවල වටිනාකම එදාට වැඩිය අද දැනෙන බවත් හැමෝගෙම අදහස වෙලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මා අධ්‍යක්ෂණය කළ “දඬුබස්නාමානය” කියන්නෙත් එදා වගේම අදටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව හිමි වන ටෙලි නාට්‍යයක්. අන්තර්ජාලය හරහා විශාල ජනප්‍රියත්වයක් අදටත් “දඬුබස්නාමානයට” හිමි වෙලා තියෙනවා. 1994දී තමයි
“දඬුබස්නාමානය” මුල් වරට විකාශනය වෙන්නේ. ඒ අතරේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ මුල් වරට පැවැති සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍යය විදියට තේරෙන්නෙත් “දඬුබස්නාමානය”. ඒ වගේම හොඳම නළුවා ඇතුළු එදා මෙදා තුර ඉතිහාසයේ ටෙලි නාට්‍යයකට හිමි වුණු වැඩිම සම්මාන ප්‍රමාණය එදා “දඬුබස්නාමානය”ට හිමි වෙනවා. “දඬුබස්නාමානයේ” හේතුපාල ගුරුන්නාන්සේ ලෙස රඟපෑ බුද්ධදාස විතානආරච්චි තමයි ඒ සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානයට හිමිකම් කියන්නේ. පළමුවැනි සුමති ටෙලි සම්මාන උළෙල පවත්වලා දැන් අවුරුදු 25ක් ගත වෙලා. බුද්ධදාස විතානආරච්චි මහත්මයට දැන් ඒ අතීතය දැනෙන්නේ කොහොමද? ඒ ගැන දැන ගන්න අපි ඔහුට කතා කළා. සාමාන්‍යයෙන් මාධ්‍යයට නිතර අදහස් දක්වන්න කැමැති කෙනෙක් නොවුණත් මවුරට වෙනුවෙන් ඒ අතීතය නැවත මතක් කරන්න එතුමා කැමැති වුණා.
පළමුවැනි සුමති සම්මාන උළෙලේ හොඳම නළුවා විදියට සම්මාන ලැබීම අද ඔබට දැනෙන්නේ කොහොමද?
ඒ සම්මානය ලැබිලා වසර 25ක් ගත වෙලා තිබුණත් ඒක හරිම නැවුම් දෙයක් විදියට තමයි මට තවමත් දැනෙන්නේ. මොකද මට ඒක මුළු ජීවිතේටම ඇති. හොඳම නළුවා සම්මානය ඊට පස්සේ කවදාවත් මට ලැබිලත් නැහැ. ඒ හින්දා හේතුපාල ගුරුන්නාන්සේගේ චරිතයට හොඳම නළුවා විදියට මට ලැබුණු සම්මානය අදටත් ඉතාම නැවුම් විදියට සිහිපත් කරන්න මට පුළුවන්.
ඊට පෙර පැවැති උන්ඩා සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය හිමි නොවුණු බුද්ධදාස විතානආරච්චිට සුමති සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය ලැබීම සම්බන්ධයෙන් ඒ කාලේ මාධ්‍ය ඔස්සේ යම් කසුකුසුවක් ඇති වුණා නේද?
ඔව්. සුමති සම්මාන උළෙලට පෙර පැවැති උන්ඩා සම්මාන උළෙලේදීත් හොඳම නළුවා විදියට මාව නිර්දේශ වුණා. නමුත් මාත් එක්ක එකට දඬුබස්නාමානයේ රඟපෑ ශ්‍රියන්ත මෙන්ඩිස්ට තමයි ඒ සම්මානය හිමි වුණේ. එතැනින් පස්සේ ඒ ගැන යම් කතාබහක් ඇති වුණා. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතින් ඒ ගැන විශාල වශයෙන් කතා කළා. බුද්ධදාස කියන නමට ඔවුන් සම්මාන ලබා නොදෙන බවට මතයක් ඔවුන් ගෙන ගියා. බුද්ධදාස නැතිව ජේසුදාස වුණා නම් මට ඒ සම්මානය හිමි වන බවත් ඔවුන් කිව්වා. ඊට පස්සේ සුමති සම්මාන උළෙලේදී මට සම්මාන ලැබීම හරහා ඒ පිරිස උත්තේජනය වුණා. ඒ අය ඒකට අනවශ්‍ය උද්යෝගයක් ඇති කරන්න කටයුතු කළා. ඇත්තටම එතැනදි ආගම සම්බන්ධ කිසිම දෙයක් සිදු නොවුණු බව මම හොඳින්ම දැන සිටියා. ඒ වගේම මා සමඟ එකට ටෙලි නාට්‍යයේ රඟපෑ සහෝදර නළුවකුට හොඳම නළුවා සම්මානය හිමි වීම පිළිබඳ මම ඉතාම සතුටු වුණා. නමුත් එක්තරා පිරිසක් හින්දා ඒ ගැන යම් සමාජ කතාබහක් ඇති වුණා.
විකාශනය වෙලා වසර 25ක් ගත වෙලා තිබුණත් දඬුබස්නාමානය අදටත් එදා වගේම ජනප්‍රියයි. ඒ ප්‍රතිචාර ඔබටත් ලැබෙනවා ඇති?
ඔව්. එදාටත් වඩා හොඳ ප්‍රතිචාර අද ලැබෙනවා. මොකද අපේ තරුණ පරම්පරාවට එහි අපූරුත්වය තේරෙනවා. ඔවුන්ට ඒක දැනෙනවා. මොකද දැන් තියෙන ටෙලි නිර්මාණවලට වැඩිය ඒ කාලේ නාට්‍යවල කතාව ප්‍රබලයි. තිර පිටපත ප්‍රබලයි. සංගීතය ප්‍රබලයි. වර්තමාන නිර්මාණ රස විඳින කෙනෙක්ට ඒ කාලේ නිර්මාණයක් රස විඳිද්දී ඒ වෙනස ඉතාම හොඳින් දැනෙනවා. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය අපිට අද හොයා ගන්න බැහැනේ. ඉතිං ඒ වගේ කරුණු හින්දා වර්තමාන පරපුර ඉතාම ආදරයෙන් එදා නිර්මාණ වැලඳ ගන්නවා කියන එක තමයි මට තේරෙන්නේ.
එදා බිහි වුණු විශිෂ්ට නිර්මාණ වර්තමානයේ බිහි නොවන බව හැමෝම කියන දෙයක්. ඇයි අද ඒ විදියේ නිර්මාණ බිහි නොවෙන්නේ? ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට ඔබ ඒක දකින්නේ කොහොමද?
හොඳ නිර්මාණ බිහි නොවෙනවා නෙවෙයි. අපේ නිර්මාණකරුවන් අතින් ඒ වගේ විශිෂ්ට නිර්මාණ එකක් දෙකක් අදටත් බිහි වෙනවා. නමුත් බහුලව නැහැ. සරල සැහැල්ලු නිර්මාණ තමයි අද වෙද්දි බහුතරයක් නිර්මාණය වෙන්නේ. ප්‍රදර්ශනය සහ නිෂ්පාදනය අතර තියෙන ප්‍රශ්නය තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. අතීතයේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා වෙනම ආයතන තිබුණා. ඒ ආයතන මඟින් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය විකාශනයේදී වෙනත් ආයතනයක් මඟින් අනුග්‍රාහකත්වය ලබා දුන්නා. එතකොට ටෙලි නාට්‍ය විකාශනයේදී අදාළ ආයතනයේ දැන්වීම් පමණයි ප්‍රචාරය වුණේ. ඒත් අද වෙද්දී ඒක වෙනස් වෙලා. දැන් සල්ලි තියෙනවා නම් ඕනෑම කෙනකුට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. රූපවාහිනී නාළිකා විසින් තමයි ඒ ටෙලි නාට්‍ය විකාශනය සම්බන්ධ සියලු දේ තීරණය කරන්නේ. ටෙලි නාට්‍ය විකාශනය අතරේදී ඔවුන් දැන්වීම් විශාල ගණනක් ප්‍රචාරණය කරනවා. නමුත් නිර්මාණකරුවාට ලැබෙන්නේ ප්‍රමාණවත් මුදලක් නෙවෙයි. සමහර වෙලාවට නිෂ්පාදන වියදම පියවා ගන්නවත් ඒ මුදල මදි. ඒ හරහා හොඳ නිර්මාණ බිහි වෙන එක අඩු වෙනවා. ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය නරඹන එකෙන් ඉවත් වෙනවා. ඒ දේ තමයි අද වෙලා තියෙන්නේ.
මේ තත්ත්වය වෙනස් වෙන්න නම් මොකක්ද කරන්න ඕනෑ?
අද රටේ තියෙන තත්ත්වයත් එක්ක පෞද්ගලික නාළිකාවල කටයුතු සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්නේ නැහැ. රාජ්‍ය නාළිකා සම්බන්ධයෙන් එහෙම බලයක් තිබුණත් එහෙම කරන්නෙත් නැහැ. ඉදිරියේදී රාජ්‍ය නාළිකාවල තත්ත්වය වෙනස් වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මේක හරියටම වෙන්න නම් ඒ වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕනෑ. එහෙම වුණොත් රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාළිකා සියල්ල නියාමනය කිරීමේ අයිතියක් රජයට ලැබෙනවා.
අපි දන්න විදියට බුද්දධාස විතානආරච්චි කියන්නේ දේශපාලනය සමඟ කිට්ටු සම්බන්ධතා තියෙන චරිතයක්. ඉතිං ඒ සඳහා පෞද්ගලිකව මැදිහත් වෙන්න ඔබේ බලාපොරොත්තුවක් නැද්ද?
මෙහෙමයි. යම් යම් කාලවල මම දේශපාලනය සමඟ සෘජුව සම්බන්ධ වෙලා තියෙනවා. දේශපාලකයන් සමඟ කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා. ඒත් අදටත් මම කිසිම පක්ෂයක සාමාජිකයෙක් නෙවෙයි. කිසිම පක්ෂයක සාමාජිකත්වය අරගෙන නෙවෙයි මම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කළේ. ඒ කියන්නේ මම කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයකුට ගැතිකම් පෑවේ නැහැ. ඒ වගේම මම කිසිම දේශපාලකයකුගෙන් උදවු ලබා ගත් කෙනකුත් නෙවෙයි. අවශ්‍ය වෙලාවට මගේ විවේචන මම සිදු කරනවා. නමුත් මම කරන්නේ සාධනීය විවේචන කියන එක මාව දන්න දේශපාලනඥයෝ දන්නවා. මොකද ඔය ප්‍රතිරූපධාරීන් බොහෝ දෙනෙක් ලොකු වෙන හැටි පසුගිය පනස් වසර තුළ බලා හිටපු කෙනෙක් තමයි මම.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පසුගියදා තම දේශපාලන දිවියේ පනස් වසර සැමරුවා. ඒ වගේම බුද්ධදාස විතානආරච්චි මහත්මයගෙත් වෘත්තීය දිවියට වසර පනහ සපිරුණු බව දැන ගන්න ලැබුණා. අවසන් වශයෙන් අපි ඒ ගැන කතා කරමු.
ඔව්. මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරලා අඩ සියවසක් ගත වෙලා තියෙනවා. මම මගේ පළමු රැකියාවට ගියේ 1967දී. නමුත් 1970 වසරේදී තමයි මම කොළඹට එන්නේ. එදා ඉඳන් අද වෙනකම් විවිධ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වෙමින් මම මගේ වෘත්තීය දිවිය ගත කරලා තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට පිවිසෙන කාලයට සමාන්තරව තමයි මමත් මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ. ඒ නිසා ගෙවුණු වසර පනහ තුළ මේ රටේ සිදු වුණු හැම දෙයක්ම පිළිබඳ මට පැහැදිලි අවබෝධයක් තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මිනිස්සු ආදරය කළ ‘රේඛා’

Next Post

ලංකා ටයිල්ස් ඇමසොන් (AMAZON) හරහා ටයිල්ස් අලෙවි කරයි

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.