• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කිසිවක් තෝරගත්තෙ නැහැ

May 2, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මම කිසිවක් තෝරගත්තෙ නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ චරිත මාව හොයාගෙන එනවා…

⬤ ප්‍රේක්ෂකයන්ට ඕනෙ චරිතයක දක්ෂ නිරූපණයක් මිස ශාන්තුවරයන් නෙමෙයි…

⬤ මතුපිටින් අතගානවට වඩා ගැඹුරින් හැදෑරීම සාර්ථකයි…

‘නාඩගම්කාරයෝ’ ගැන කතාබහ කරන එක දැන් දැන් අපේ ටෙලි ප්‍රේක්‍ෂකයන් අතර විලාසිතාවක් තරමට ජනප්‍රිය වෙලා. විසිතුරු ආටිෆිෂල් නැති, බොරු සෝභන ඇඳුම් පැලඳුම් හෝ යාන-වාහන නැති, ගමයි – පන්සලයි නියරයි කෙතයි පමණක්ම නිතර ඇසට හසුවන ‘නාඩගම්කාරයෝ’ මෙච්චරටම ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වුණේ කොහොමද? එයට හේතු පාඨ බොහෝ කියන්නට පුළුවන. ඒ බොහෝ හේතු පාඨ අතර එකක් වනුයේ, එහි රංගනයෙහි යෙදෙන නළු නිළියන්ගේ අතිවිශිෂ්ට රංගනයයි. සරා, කවඩියා, මුදලාලි සහ තවත් සාර්ථක චරිතයන් සමූහයක් අතර මාස්ටර් ද හරි කදිම චරිතයකි. මාස්ටර් වෙනුවෙන් චරිත දායකත්වය තිළිණ දෙන්නේ, වේදිකාවේ මෙන්ම ටෙලි තිරයේද අමතක නොවන මතකයන් රසික සිත් මත අතුරා තැබූ ප්‍රසන්නජිත් අබේසූරියයි. ‘නාඩගම්කාරයෝ’ ගැන පමණක් නොවේය… ප්‍රවීණ රංගවේදී ප්‍රසන්නජිත් අබේසූරියගෙන් තව බොහෝ තොරතුරු දැනකියා ගන්නට ඔහු වෙනුවෙන් අප වෙන් කළ හදවත කොනක එක් කොටසක් අලංකාර වචන සමූහයකින් සපිරුණේ මෙලෙසින්ය.

🔴 කොහොමද ඉතින් ජීවිතේ… කලා කටයුතු අතර මේ දවස්වල කාර්යබහුලද?
ඔව්… බොහොම කාර්යබහුලව තමයි දවස ගෙවී යන්නේ.., එක පැත්තක ‘නාඩගම්කාරයෝ’ රූගත කිරීම්… අනෙක් පැත්තේ ‘සකූගේ කතාව’ දෙවැනි පියවර. ‘සකූගේ’ ලෝකය ලෙස විකාශනය ඇරැඹීමට නියමිතයි. ඒ සියල්ල මැද විශ්වවිiාල නැවත ආරම්භ වීම නිසා දේශන කටයුතු අතරද කාලය ගෙවී යනවා.
🔴 වෘත්තීය සහ කලා කටයුතු අතර කාලය බෙදා ගැනීම අවහිර ඇති නේද?
පාසල් යන කාලේ ඉඳලම මම කාලය කළමනාකරණය කිරීමට ඉතා හොඳින්ම හුරුව සිටිය කෙනෙක්. විවිධ රැකියාවල නිරත වූයේද අධ්‍යාපන කටයුතු අතරමයි. ඉතා හොඳින් වෙහෙසක් නොදැනෙන විදියට සියල්ල වරදක් හිස්තැනක් නොවන විදියට ඉටු කළා.
ටෙලි කතා කිහිපයකම වාගේ මාස්ටර්ලාගේ චරිත තෝරා ගත්තේ ඔබ සත්‍ය ජීවිතයේ විශ්වවිiාල කථිකාචාර්යවරයකු වූ නිසාද මම කිසිවක් තෝරා ගත්තේ නැහැ. චරිත මා සොයා එනවා. කළ හැකි හොඳ යමක් වේ නම් මම එය බාර ගන්නවා. එච්චරයි.
🔴 කොතැනක හෝ කියා තිබුණා ඔබ.., චරිත තෝරා බේරා ගැනීමට පරෙස්සම් වෙනවා කියලා?
ඔව්… ඒක ඇත්ත. මම චරිත බාර ගන්නේ හොඳින් හොයා බලලයි.
🔴 ඒ තෝරා ගැනීම සිදුවන්නේ ඔබ කථිකාචාර්යවරයකුගේ වෘත්තිය හොබවන නිසාද?
නැහැ… මම චරිතයක් තෝරා බේරා ගන්නේ මටම ආවේණික වූ අනන්‍යතාවයක් මතයි. චරිතය කුමක්ද… ඒ වටා වූ සිදුවීම් මොනවද, කළ හැකි යමක් වේද… සමාජයට දෙන්නට හැකි පණිවුඩය කුමක්ද. ප්‍රේක්‍ෂකයනට මෙය මතකයේ තියෙන චරිතයක් වෙයිදැයි යන කරුණු කාරණාවන් ගැන මම විමසිලිමත් වෙනවා.
🔴 රංගනයට ඔබ පා තැබුවේ මේ හැටි දුර ගමනක් යන්න නෙවෙයි?
මම පළමුව ප්‍රසිද්ධ රංගනයට යොමු වුණේ වේදිකාව තුළිනුයි. ඒ එක්දහස් නවසිය හැත්තෑ හයේදී වාගේ. එතැනදී මට ඉලක්ක හෝ බලාපොරොත්තු තිබුණේ නැහැ. අන්තර් පාඨශාලීය නාට්‍ය තරග හරහා තමයි ප්‍රසිද්ධ වේදිකාව තරණය කළේ. ටිකක් කරනවද? දිගටම රැඳෙනවද යන දෙගිඩියාවක් එතැන තිබුණේ නැහැ. හැබැයි මගේ ලොකු භාග්‍යයකට වාගේ මට වේදිකාවේදී ප්‍රවීණයන්ගේ ඇසුර ලැබුණා. එහිදී ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, පරාක්‍රම නිරිඇල්ල, සෝමලතා සුබසිංහ, ආර්. ආර්. සමරකෝන්, ජයලත් මනෝරත්න යන විශිෂ්ටයන් මාව ඔවුන්ගේ නිර්මාණයනට දායකකර ගත්තා. ඒ අතර ගාමිණී හත්තෙටුවගමගේ වීදි නාට්‍ය කලාවටද මම යොමුවුණා. ඔය සියල්ල සමග කාලය ගතවන විට මට දැනුණා ‘කලාව සහ රංගනය කියන්නේ’ මම හිතුවාට වඩා පුළුල් පරාසයක් තියෙන විෂයක් කියලා. මට පිපාසයක් ඇති වුණා, තව තව රංගනය ගැන අත්දැකීම් ලබන්නට. අන්න ඒ නිසා මම වේදිකාව සහ වීදිනාට්‍ය කලාව තුළ හොඳ පන්නරයක් ලබාගත යුතු යැයි යන සිතුවිල්ල තුළ මගේ ගමන දිගුවක් ලෙස ආරම්භ කළාය කිව්වොත් හරි. රංගනය පමණක්ම නෙවෙයි, නිෂ්පාදනය, රචනය, අධ්‍යක්‍ෂණය යන විෂයන් හරහාද මගේ හැකියාවන් මුවහත්කර ගත්තා. ඒ මුවහත් කිරීම තුළදීද ප්‍රවීණයන් විවිධ ශෛලියන් ගැන දැනුම ලබාගන්නට පුළුවන් වුණා.
🔴 ‘දුක්ගන්නා රාල’ නිර්මාණය වූයේ ඒ පන්නරය හරහාද?
‘දුක්ගන්නා රාල’ නිර්මාණයට පළමුව මම එක්දහස් නවසිය අසූහත අවුරුද්දේ ‘රාජ්‍ය රංග කලා ආයතනයට සම්බන්ධ වෙලා නාට්‍ය සහ රංග කලාව ගැන තව තවත් අංගසම්පූර්ණව හදාරන්නට ගත්තා.
🔴 කුලුඳුල් නිර්මාණය වූ දුක්කගන්නා රාල’ සාර්ථක වූයේ ඒ හැදෑරීම මතද?
ඔව්… මං හිතන්නේ, මතුපිට අතගෑමකට වඩා යමක් ගැඹුරින් හැදෑරීම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙනවා. ‘දුක්කගන්නා රාල’ රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණා. ඒ විතරක් නෙවෙයි. මහාචාර්ය රංජනී අබේසේකර එම නාට්‍ය පිටපත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇමෙරිකන් යුනිවර්සිටිවල හොඳ නිෂ්පාදනයක් ලෙස එය කලඑළි දැක්වූවා. මෑතකදී දුක්ගන්නා රාල ප්‍රංශ භාෂාවටද පරිවර්තනය වෙමින් තිබෙනවා.
🔴 ටෙලි තිරයට හිත ගිය කාරණය ගැන කියනවා නම්?
පළමු ආරාධනය ලැබුණේ ශාන්ත සොයිසාගෙන්. ස්වාධීන රූපවාහිනියේ ‘සත්සර රංගන’ සහ ‘අන්දර වැට’ සඳහා.
🔴 වඩාත්ම කතාබහට ලක්වුණේ ‘සකූගේ කතාවේ’ මාමා නිසා නේද?
ලොකු වැරැදීමක්. පළමුව කතාබහට ලක්වුණේ ‘වසුදා’ ටෙලිනාට්‍යයේ දුෂ්ටයාගේ චරිතයයි.
🔴 ‘වසූදා’ට ඔබ කරන දුෂ්ටකම් නිසා ප්‍රේක්‍ෂකයන් ඔබට වෛර කළා නේද?
වෛරයක් ඇති නොවුණා නෙවෙයි. හැබැයි පැහැදිලිවම සිද්ධ වුණේ ‘වසූදා’ කෙරෙහි ප්‍රේක්‍ෂකයන් දක්වපු අනුකම්පාව නිසා ‘වසූදා’ නොසිතූ ලෙස ජනප්‍රිය වීමයි. ප්‍රේක්‍ෂකයන්ගේ ඒ අනුකම්පාව ‘වසූදා’ට ලැබුණේ මගේ චරිතය හරහා සිදුවූ දුෂ්ටකම් නිසයි. ඒ දවස්වල මඟතොට හමුවන මිතුරන් කියනවා ඔයා ‘වසූදා’ට කරන දුෂ්ටකම් නිසා ඇය ජනප්‍රිය වෙනවා නේදැයි කියලා. ප්‍රේක්‍ෂකයාට අවැසි වන්නේ චරිතයක දක්‍ෂ නිරූපණය මිස ශාන්තුවරයන් නෙවෙයි.
🔴 ඒ නිසා වෙන්නැති ටෙලි තිරය තුළ ඔබට පැමිණි ආරාධනා අසීමිත වුණේ?
වෙන්න පුළුවන්. නාලන් මෙන්ඩිස්, වසන්ති චතුරාණි, ප්‍රේම කුමාර ජයවර්ධන සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි ප්‍රවීණයන් මා සොයා පැමිණීම මට සතුටක් වුණා.
🔴 ‘නාඩගම්කාරයෝ’ නිසා මඟතොටේ යන්නට බැරිලු නේද? ඒක මහා ආශ්වාදයක්, ප්‍රේක්‍ෂකයන් අප වටා පවුරු බැඳගැනීම කෙතරම් ආත්ම තෘප්තියක්ද? ‘සකූගේ’ ලෝකය හරහා ඒ පවුර තවත් දැඩි වේවි?
බොහෝ විට එය එලෙස සිදුවේවි. ‘සකූගේ කතාව’ යන දවස්වල කවුරුත් මාව ඇමැතුවේ ‘සකූගේ මාමා’ කියලා තමයි.
🔴 ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට අතගහන්නෙ කවදාද ඔබ?
ඒ ගැන නම් තවම හිතක් ඉපදිලා නැහැ. කතා වස්තු තිබුණත්, එයට අවැසි පසුබිම තිබුණත් ටෙලිනාට්‍ය නිර්මාණයට තවම අතගහන්න හිතුවේ නැහැ. හැබැයි හතළිස් වසරක වේදිකා නාට්‍ය කලාව අළලා නාට්‍ය උළෙලක් සංවිධානය කරන්නට තිබුණු ආසාව කොරෝනා උවදුර නිසා යටපත් වුණා. සියල්ල සමථයකට පත්වූ පසුව නැවැත ඒ ගැන හිත යොමු කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මට අඳින්න තිබ්බ සරමක් කොයිවෙලෙත් කඩන් වැටෙනවා

Next Post

දිස්ත්‍රික්ක 4ක තවත් ගම් 7ක් වහයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.