• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට පිරිමි ගොඩක් එක්ක ගැවසෙන්න වුණා…

May 11, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මට පිරිමි ගොඩක් එක්ක ගැවසෙන්න වුණා…
Share on WhatsAppShare on Facebook

මට ලැබුණේ පුදුම ආරක්ෂාවක්…

මේ ආදර කතාවේ ඇය ‘ජනනි’. ජනනිගේ ආදරය හිමිවන්නේ ඔස්කාටයි. නමුත් ජනනි ආදරය කළ පෙම්වතා සමග නෙවෙයි ඇයට පසුකාලීනව විවාහ වීමට සිදුවන්නේ. අවසානයේ ජනනිගේ පිවිතුරු ආදරයට කුමක් වේවිද කියා දැනගැනීමට ‘කලම්බු’ චිත්‍රපටය නරඹන්න වෙනවා. ඒත් රටේ අතිවුණු වසංගත තත්ත්වයත් එක්ක සියලුම සිනමා ශාලා වසා දැමුවා. නුදුරු දිනෙකදී ඔබට ජනනිගේ ආදර කතා රසවිඳීමට අවස්ථාව උදාවේවි. සිනමාවෙන් දිගු ගමනක් යෑමට සිහින දකින ශානිකා නිරෝෂණී ඇයගේ කුලුඳුල් සිනමා රංගනය ගැන කතා කිරීමට අපිත් එක්ක එකතු වුණේ මේ විදියටයි.

🔴 ශානිකා දැන් සිනමා තාරකාවක් නේද?
මගේ එකම බලාපොරොත්තුව තිබුණෙත් සිනමා තාරකාවක් වෙලා සිනමාව වෙනුවෙන් මට කළ හැකි උපරිම සහාය ලබාදෙන්න තමයි. කලම්බු චිත්‍රපටය හරහා මගේ ඒ සිහිනය සැබෑ වුණා.

🔴 අනියම් ප්‍රේම කතාවකට පැටලුණු බව ආරංචියි?
කලම්බු චිත්‍රපටයේ තමයි මම අනියම් ප්‍රේම සම්බන්ධයකට පැටලුණේ. පෙම්වතා විදියට රඟපාන්නේ හේමාල් රණසිංහ. මම ජනනිගේ චරිතය නිරූපණය කරන්නේ. ජනනි එක් දරු මවක්. විවිධ බාධක එක්ක තමයි ජනනිගේ ආදරය චිත්‍රපටය පුරා දිගහැරෙන්නේ.

🔴 හේමාල් රණසිංහ සමග රඟපාන්න ඔබේ හිතේ ලොකු ආශාවක් තිබුණා නේද?
මම හේමාල්ව අඳුනන්නේ ඔහු රඟපාන්නත් කලින්. එදා ඉඳලා ඔහු සමග චිත්‍රපටයක රඟපාන්න ලොකු ආශාවක් තිබුණා. ඒත් මම කවදාවත් හිතුවේ නැහැ මගේ පළමු චිත්‍රපටයේම ඔහු සමග රඟපාන්න ලැබෙයි කියලා.

🔴 ඔබ මේ ක්ෂේත්‍රයට නවකයෙක්. ඔබට ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන සහාය ගැන කතා කළොත්?
කලම්බු චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයක් විදියට මම රඟපාන්නේ. පිරිමි ගොඩක් එක්ක වැඩිපුර ගැවසෙන්න වුණා මට. චිත්‍රපට කණ්ඩායමේ සියලුම දෙනාගෙන් මට ලැබුණේ පුදුම ආරක්ෂාවක්. ඒ වගේම ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහායත් කිසිදා අමතක කරන්න බැහැ.

🔴 දිගටම සිනමාවේ රැඳෙන්නද ඔබේ අදහස?
සිනමාව පැත්තෙන් තමයි ඉදිරියට යන්න අදහසක් තියෙන්නේ. ඒ අතරතුර හොඳ ටෙලි නාට්‍යයකින් ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා.

🔴 කලා ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක් විවාහයෙන් පස්සේ කලාවෙන් ඈත්වෙනවා. ඔබ විවාහයෙන් පස්සේ තමයි කලාවට සම්බන්ධ වෙන්නේ?
මගේ මවුපියන්, මගේ සැමියා මම කලාවට ලොකු කැමැත්තක් දක්වන බව දන්නවා. ඉතින් මට පවුලේ කිසිම කෙනෙක්ගෙන් තහංචියක් නැහැ. ඒ සියලු දෙනාගේ සහාය ඇතිව තමයි මම මේ ගමන යන්නේ.

🔴 කලම්බු චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතරතුර සිනමා ශාලා වසාදැමූ එක ගැන හිතේ පුංචි දුකක් ඇති නේද?
ඒ ගැන නම් ගොඩක් කනගාටු වෙනවා. මම චිත්‍රපටයට සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි කලම්බු චිත්‍රපටය තිරගත වුණේ. ඒත් රටේ සියලු දෙනාම මේ වෙලාවේ ආරක්ෂා විය යුතුයි. මේ ප්‍රශ්න අවසන් වුණු පසු කලම්බු චිත්‍රපටය නැවත තිරගත වෙයි. මොනවා කරන්නත් කලින් අපි සියලු දෙනාට නිදහසේ හුස්ම ගැනීමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුයි. මමත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් ආරක්ෂාකාරීව වැඩ කටයුතු කරන්න කියලා තමයි.

🔴 ඔබේ අනාගත සැලසුම්?
මගේ එකම සිහිනය හොඳම නිළිය සම්මානය ගන්න එක තමයි. ඒ තැනට මම එනවා. ඒ වගේම හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට අදහසක් තිබෙනවා. චිත්‍රපට දෙකකින් මට ආරාධනා ලැබුණා. මේ කොරෝනා ප්‍රශ්නය නිසා මම කල් ඉල්ලුවා.
-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජනපති මාධ්‍ය ඒකකයේ කතාව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරයි

Next Post

කලකට පසු ගම්මන්පිල එළියට එයි: එන්නත් දීම ගැන කතා කරයි (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.