කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් මිශ්‍ර කර දීම ගැටළුවක් නොමැති බව විශේෂඥයින් සදහන් කර ඇති බැවින් මෙරට වෛද්‍යවරුන් ඒ පිළිබද අවසන් තින්දුවක් ගනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.
කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව වැඩිපිරිසකට ලබාදිම රජයේ උපායමාර්ගික සැලැස්ම බව අමාත්‍යවරයා සදහන් කළේය.
ඔහු මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
කොරෝනා මර්දනයට පළමු මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් එහි දෙවැනි මාත්‍රාව ලබාදෙන කාලසීමාව පිළිබද බිය විය යුතු නැතැයිද අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේය.
ශ්‍රී ලංකාවට ඉදිරියේදි ලැබිමට නියමිත එන්නත් ප්‍රමාණය පිළිබදවද උදය ගම්මන්පිළ මහතා කරුණු පැහැදිලි කළේය.










