“දරුවනේ” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වූ ඇය පසුකාලීනව හිරු අවුරුදු කුමරිය විදියට අභිෂේක ලබනවා. ඒ ලබාගත් කිරුළ දෝත දරාගෙන කලාවේ විවිධ ඉසව් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යන පූජනි භාග්‍යා ඇගේ කලා දිවියේ වගතුග අප සමඟ මෙලෙස දිගහැරියා.
මේ දවස්වල එක දිගට වැඩ කියන්නේ?
ඔව්. මේ දවස්වල එකදිගට වැඩ කරගෙන යනවා. “හුස්මක් තරමට” ටෙලිනාට්‍යයේ පියෝනා චරිතය දැන් බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා. වෙලාවකට පියෝනා දඟකාරයි. තවත් වෙලාවකට ඇය සංවේදී චරිතයක් බවට පත්වෙනවා. එයට අමතරව නාලන් මෙන්ඩිස්ගේ “නෑනලා” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයත් රඟපානවා. තවත් අලුත් ප්‍රධාන චරිතයක් රඟපානවා. තවත් අලුත් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපානවා. විවේකයක් නැහැ කලාව එක්කම තමයි.
හැබැයි භාග්‍යාට මේ වරම ලැබුණේ හිරු කුමරිය වුණු නිසා නේද?
2018 හිරු අවුරුදු කුමරිය හරහා මට ටෙලිනාට්‍ය ගණනාවකින් ආරාධනා ලැබුණා. ඉන්පසු “ඉරුදේව” ටෙලිනාට්‍යයේ අමිතාගේ චරිතය රඟපෑවා. ඒ කිරුළ ලැබීමත් මට ලොකු සතුටක්.
ගොඩදෙනෙක් උත්සාහ කරන්නේ එවැනි කිරුළක් ලද සැණින් ජනප්‍රිය තරුවක් වෙන්න නේද?
මගෙත් ලොකු ආසාවක් තිබුණ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. සනත් අබේසේකරගේ “ගුත්තිල” චිත්‍රපටයේ මල් මදිරා චරිත නිරූපණය කළා. එයට අමතරව කිත්සිරි හේවාගමගේ අධ්‍යක්ෂණය කරන “බැක්ටු ඉස්කූල්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම රඟපානවා. එහිදී මගේ පෙම්වතාට රඟපාන්නේ කිත්සිරි හේවාගමගේ පුතා. අපි දෙන්නම සිනමාවට අලුත් නිසා වැඩ කිරීමේදී ලොකු පහසුවක් දැනුණා. ඉතින් මමත් කැමැතියි සිනමා තාරකාවියක් වෙන්න. සමහර අවස්ථාවල මට හොඳ චිත්‍රපට ගිලිහුණා. ඒ චිත්‍රපට අධ්යක්ෂවරු අලුත් මුහුණු හොයන කොට මම ටෙලි නාට්‍යවල කැපී පෙනෙන චරිත වූ නිසා.
කලාව නිසා අධ්‍යාපන කටයුතු මඟහැරුණා නේද?
එක දිගට වැඩ කරන්න ලැබුණු නිසා මම කරන්න හිටිය මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න බැරි වුණා. ඒ නිසා උපාධි කටයුතු වෙනුවෙන් ලබන වසරේ මහන්සි වෙනවා.
ඔබ දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක්. ඒ ගැනත් කියන්න?
අධ්‍යාපනය හදාරන කාලේ ඉඳලා මම ක්‍රීඩාවට ගොඩාක් දක්ෂයි. මම ක්‍රීඩාව පැත්තෙන් ජයග්‍රහණත් කළා. හැබැයි දැල්පන්දු ක්‍රීඩාවට මම ලොකු උනන්දුවක් දක්වනවා. ඒ පැත්තෙන් ඉදිරියට යන්න මගේ ලොකු ආසාවක් තියෙනවා.
කලා ක්ෂේත්රය ගැහැනු ළමයෙක්ට සුදුසු තැනක් නොවේ කියල කතාවක් තියෙනවා. එහෙම ප්‍රශ්න ඔබට තිබුණාද?
තාත්තා නම් තදින්ම විරුද්ධ වුණා මම කලාවට එන එකට. මොකද වරදකට නෙමේ අපිට තියෙන ආදරය නිසා. ඔවුන් කැමැති නැහැ නමට හානියක් වෙනවාට. අදටත් තාත්තා මම අඳින, පලඳින ඇඳුම් ගැන පවා සැලකිලිමත් වෙනවා. මගේ වැඩවලදී අම්මාත් මාත් එක්ක ඉන්න නිසා දැන් නම් කිසි අවුලක් නැහැ.
සමහරුන්ට ගෙදරට වඩා නීති-රීති දාන්නෙ පෙම්වතා. ඔබට ඔහුගෙන් බලපෑම් නැතිද?
මට එහෙම කෙනෙක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ.
ජනප්‍රියතාවත් එක්ක ආදරයක් නැහැ කිව්වොත් කට්ටිය පිළිගනීවිද?
මමත් ආදරය කළා. ඒත් ආදරය වේදනාවක්. එය මෝඩකමක් කියලා මම දැන් හිතනවා. මායාවෙන් පිරුණු ආදරයට රැවටෙනවාට වඩා හොඳයි මවුපියන්ගෙ තුරුලෙ විඳපු ආදරයත් එක්ක තවත් කාලයක් මෙහෙම ඉන්න එක.
ප්‍රථම ආදරය තවම හිතින් අමතක කරන්න බැරිද?
මම හිතන්නේ ඒක මට විතරක් නෙමේ. කාටවත් ප්‍රථම ආදරය අමතක කරන්න බැරිව ඇති.
ඒ කියන්නෙ ගෙදරින් යෝජනා ගේනකම්ද බලාගෙන ඉන්නේ?
ගෙදරින් මට යෝජනා ගේන්නේ නැහැ. මොකද මම දඟ චරිතයක් නිසා. බලමුකො කාලයත් එක්ක එයට පිළිතුරු ලැබෙයි.
වසන්ත විතාරණගේ