• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පිරිමි හිත් පිස්සු වට්ටපු අහිංසක ඕලු

July 18, 2020
in Heart
Reading Time: 2 mins read
A A
පිරිමි හිත් පිස්සු වට්ටපු අහිංසක ඕලු
Share on WhatsAppShare on Facebook

ඇගේ ‘සිනාව’ දුටු දනන් සිත දැහැන්ගත කරවන තරමට සොඳුරු විය. විටෙක ඈ ‘වරාමලක්’ ලෙස ඔහේ සුළඟට පාව යන මුදු සිතැති බරිත නිරූපණයක නියැලුණාය. ඕලු යන නාමය ඇයට සුවිශේෂී විය. ඕලු ක්‍රියේෂන් නමින් ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයක් ඈ වෙතින් බිහි වූයේ එනිසා වන්නට ඇත. කවුද මේ ‘ඈ…’ මේ කියන ඈ ‘මජුලා කුමාරිය…’ මීට වසර ගණනකට පෙරාතුව ‘ඕලු’ ටෙලි කතාව තුළන් රසික සිත් අමන්දානන්දයක ගිල්ලවාලූ ලස්සන ටෙලි නිළිය ඇයය.
කොහොමද මංජුලා ඉතින් ජීවිතේ?
සතුටුනි දවස් ගෙවී යනවා, මා අරඹයා… මා වටා සිදුවන දේ ගැන මම තෘප්තිමත්.
‘සිහින ගෙනෙන කුමාරියේ’ තුළින් නැවැත ඔබ ටෙලි කලාවට නැවැත ඇවිදින්?
සුහද ආරාධනයක් මතයි එය සිදුවුණේ. ඒ වගේම ඒ චරිතය මම බාර ගත්තෙ බොහොම සතුටින්.
කාලයක් ටෙලිනාට්‍යවලින් බැහැරව සිටියා ඔබ?
ඔව්… මට මගේ පුංචි දරුවන් සමඟ නිතර රැඳෙන්නට ඕනෑ වුණා. මවකගේ සෙනෙහෙස දරුවකුට අවශ්‍යයම කාලයේ එතැන හිස්තැනක් නොතියන්න, ඔවුන් සමඟ නිතර රැඳෙන්නට මට ඕනෑ වුණා.
නැවැත ටෙලි කලාවට අවතීර්ණ වීමෙන්, ඔබ ඉහත කී හිස් බව දරුවනට ඇති වන්නේ නැතිද?
මගේ ජීවිතයේ පළමු තැන මගේ පවුල, ටෙලි කලාව එහි දෙවැනි තැන, නැවැත එයට යොමුවුණේ කාලය පමණට වඩා වැය නොකරන යම් සීමාවන් තුළයි. ඒ වගේම ගිවිසුම් සඳහා මම අත්සන් තබන්නේ හොඳින් හිතාමතා තෝරා බේරාගත් ටෙලි නාට්‍යවලට පමණයි.
ඒ කියන්නේ දිගින් දිගටම ඔබට ආරාධනා ලැබෙනවා?
ඔව්… ආරාධනා ලැබෙනවා. හැබැයි දුර බැහැරක යායුතු සමහර රූගත කිරීම් නිසා ඇතැම් ආරාධනාවන් ප්‍රතික්‍ෂේප කරන්නට සිදුවෙනවා.
රඟපෑමේදී කවදත් ඔබ තුළ යම් සීමාවන් තිබුණා?
සත්තකින්ම, මම රංගනය සඳහා යොමුවුණේ යම් සීමාවන් මතයි. එම සීමාවන් නිසා පසුගිය කාලයේ ඉතා හොඳ මට්ටමේ නිර්මාණ මගෙන් ගිලිහී ගියා.
ඒ ගැන පුංචි හෝ කනගාටුවක් දැනෙන්නෙ නැද්ද?
කනගාටුවක් දැනෙනවා.., හැබැයි ප්‍රේක්‍ෂකයන් ‘මංජුලා කුමාරි’ කියන රංගවේදිනිය ගැන මවාගෙන සිටින ප්‍රතිරූපයටත් මවක සහ හොඳ බිරියක ලෙස මා මගේ පවුල මුල්කොට තබාගෙන සිටින ප්‍රතිරූපයටත් කිසිදුම පලුද්දක් කරන්නට ඒ කනගාටුව ප්‍රබල වුණේ නැහැ.
ප්‍රේක්‍ෂකයන් හමුවේ ඔබේ ප්‍රතිරූපය ගොඩනැඟුණේ ‘ඕලු’ ටෙලි කතාවෙන්?
හරියටම හරි.., ඕලු මගේ ජීවිතයට ගෙන ආ වාසනා මහිමය අසීමිතයි. ‘ඕලු’ කියන්නේ මගේ රංගන ඉසව්වේ හැරවුම් ලක්‍ෂ්‍යයි.
වාස්තු විiාව ඔස්සේ ඔබ වංහුං හෙව්වලු ‘ඕලු’ යන නම ඔබට ‘ලකී’ද කියලා.
ඔව්. ඕලු කියන නම මට ලොකු ලක්එකක් කියන සිතුවිල්ල මට අනුමානයක් විදියට දැනිලා තිබුණා. එය තහවුරු කරගැනීමට වුවමනා නිසා මම ඒ ගැන ඇස්ට්‍රොලොජිවලින් එහෙමත් හොයලා බැලුවා. කාරණය ඇත්තක් බව තහවුරු වුණා.
‘ඕලු’ කියේෂන් බිහිවුණේ ඒ තහවුරු වීම හරහාද?
ඔව්… ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයක් පටන් ගන්න මගේ හිතේ පුංචි හීනයක් තිබුණා. ගැළපෙන නමක් ගැන හිතන කොට මගේ මනසේ නිතර ලැගුම් ගෙන ඉන්න ‘ඕලු’ මට ඒ සඳහා අවශ්‍ය හොඳම උත්තරය දුන්නා.
‘ඕලු’ ක්‍රියේෂන් ආයතනය සාර්ථකද?
අති සාර්ථකයි. ‘ඕලු ක්‍රියේෂන්’ අනුසාරයෙන් බිහිවූ ප්‍රවීණ ටෙලි නිර්මාණයන් කිහිපයක් සම්මානයටද පාත්‍ර වුණා.
තවමත් බොහෝ ප්‍රේක්‍ෂකයන් ‘ඕලු’ට ප්‍රතිචාර දක්වනවා?
ඔව්, මගතොටේ යන විට වුණත් මාව දකින කෙනෙක්. අද වුණත් ළඟ ඉන්නා කෙනකුට මාව පෙන්නන්නේ අන්න ‘මංජුලා කුමාරි යනවා’ කියල නෙවෙයි. ‘අන්න ඕලු යනවා’ කියලයි. ඇත්තෙන්ම අවුරුදු 10කට වැඩිය ඈත මතකයක තවම මම ‘ඕලු’ ලෙස ඔවුන්ගේ සිත තුළ ඉන්නවා කියන එක මට ආඩම්බරයක්. ඒ වගේම සතුටක්.
‘ඕලු’ට පෙම් කරන්නට බොහෝ අය ඒ දවස්වල පෙරුම් පිරුවලු?
විදේශගතව ඉන්න අය පවා ලියුම් ගෝනි ගණන් එව්වා. යන යන තැන ප්‍රේක්‍ෂකයන් මාව වටකර ගත්තා. රූගත කිරීම් කරන්නට පවා සමහර විට අපහසු වෙන තරමට ඒ තැන්වලට බාල, තරුණ, වැඩිහිටි හැමෝම මාව සොයාගෙන ආවා. අන්තිමේදී නාට්‍ය අධ්‍යක්‍ෂතුමා කිව්වා ‘මංජුලා මේ වැඬේ ටිකක් කට්ටියට පහදවන්න, නැත්නම් සූටින්වලට බාධාවක් වෙයි කියලා.
විවාහ යෝජනා පවා ආවේ ‘ඕලු’ගේ අහිංසක පෙනුමට නේද?
ඔව්… ඒ ගැමි අහිංසක පෙනුමට තමයි හැමෝම ආදරය කළේ. මල් වැටුණු අත්බෝරිච්චි ගවුම ඇඳලා, කොණ්ඩ දෙක ගොතලා හිටපු මගේ ඒ චාම් ප්‍රතිරූපය තරුණ පිරිමි හිත්වලට ලොකු ආකර්ෂණයක් වුණා. ඒ නිසා තමයි මාව විවාහකර ගන්නට කැමැතිති කියලා ඔවුන් යෝජනා ගෙන ආවේ.
ඒ ඒක යෝජනාවකට හෝ කැමැති නොවුණේ ඇයි මංජුලා…?
විවාහ කරගත්තේ රසිකයෙක්ම තමයි. චානුක කියන්නේ ‘ඕලු’ගේ අහිංසක ප්‍රතිරූපයට බොහෝ ඇලුම් කළ රසිකයෙක්. පළමුව අප හොඳ මිතුරන් වුණා. ඉන්පසු තමයි එය ආදරයකට හැරුණේ. චානුකගේ ගෙදර ඒ දවස්වල ගිය වේලාවක මම දැක්කා ඔහුගේ කාමරය සහ ඇඳුම් අල්මාරිය පුරාම මගේ පින්තූර අලවලා තියෙනවා. එදා ඒ මොහොතේ මට මා ගැන මහා ආඩම්බරයක් දැනුණා කිව්වොත් හරි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කලාකරුවන්ට අතහිත දෙන දොළමුල්ල

Next Post

ගිරයි ප්‍රියයි එක්වෙලා දාපු අලුත්ම සෙල්ලම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.