• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගිරයි ප්‍රියයි එක්වෙලා දාපු අලුත්ම සෙල්ලම

July 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
ගිරයි ප්‍රියයි එක්වෙලා දාපු අලුත්ම සෙල්ලම
Share on WhatsAppShare on Facebook

ප්‍රහසන කලාව කියන්නේ අපේ රටට අලුත් දෙයක් නෙවෙයි. වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා ප්‍රහසන කලාව අපිට හැමදාම සමීප වුණා. ඒ හරහා ජනප්‍රිය වුණු රංගන ශිල්පීන් බොහොමයකුත් අපේ රටේ ඉන්නවා. ඒත් පසුගිය වකවානුවෙදි මේ ප්‍රහසන කලාවට අලුත් ජවයක් එකතු වුණා. ඒ තමයි සමාජ මාධ්‍ය. විශේෂයෙන් ශදම ඔමඉැ. ඒ හරහා මේ කලාව නව මානයකට රැගෙන ගියා වගේම අලුත් ශිල්පීන් පිරිසකුත් ඒ වැඬේට එකතු වුණා. ගිරිරාජ් කෞෂල්‍ය සහ ප්‍රියන්ත සෙනවිරත්න කියන්නේ අපේ රටේ ප්‍රහසන කලාවේ පුරෝගාමීන් දෙන්නෙක් කිව්වොත් ඒක වැරැදි නැහැ. දශක ගණනාවක් පුරා වේදිකාව, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා අපිට සමීප වුණු මේ දෙන්නා පසුගිය දවසක අලුත් වැඩකට අත ගහලා තිබුණා. ගිරා අසඑය ප්‍රියා යූටියුබ් නාළිකාව ආරම්භ කිරීම තමයි ඒ අලුත් වැඬේ. යූ ටියුබ් හරහා අලුතින් ප්‍රහසන කලාවට එකතු වුණු ශිල්පීන් අතරට දැකලා පුරුදු මුහුණු දෙකක් එකතු වීම බොහෝ දෙනකුට අලුත් අත්දැකීමක් වෙලා තියෙනවා. හැබැයි විවිධ අවස්ථාවල මේ දෙන්නා ඉදිරිපත් කළ ප්‍රහසන කොටස් පසුගිය කාළේ පුරාම යූටියුබ් හරහා බොහො දෙනෙක් නැරඹුවා. කොහොම වුණත් මේ අලුත් වැඬේ ගැන දැන ගන්න අපි ප්‍රියන්ත සෙනවිරත්නට කතා කළා.
ගිරාටයි ප්‍රියාටයි ඇයි එකපාරටම ශදම ඔමඉැ එන්න හිතුණේ.
පසුගිය කාලේ පුරාම අපේ ඒවා වෙන වෙන අය ශදම ඔමඉැ දැම්මනේ. ඒවා බොහෝ දෙනෙක් නැරඹුවා. ඉතිං අපි හිතුවා අපේම කියලා වැඩක් පටන් ගන්න.
ඇයි මේ වැඬේ මේ කාලෙම පටන් ගත්තේ?
හේතු කිහිපයක් තියෙනවා. අපිටත් මේ ටිකේ විවේකයක් ලැබිලනේ තියෙන්නේ. ඒ වගේම අපේ රසිකයොත් මේ දවස්වල වැඩිපුර ඉන්නේ ගෙවල්වල. ඒ හින්දා තමයි මේ වැඬේ මේ කාලෙම පටන් ගත්තේ.
කොහොමද අලුත් වැඬේට ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් බොහොම හොඳයි. හැබැයි අපේ වැඬේ හොඳද නැද්ද කියන එක බලන අයම තමයි තීරණය කරන්න ඕනෑ.
එතකොට කොහොමද මේ වැඬේ සිද්ධ වෙන්නේ. කවුද මේකේ තිර පිටපත ලියන්නේ?
ගිරිරාජ් තමයි පිටපත ලියන්නේ. අපි දෙන්නා එක්ක කතා කරලා රඟපානවා.
මේ වැඬේට සම්බන්ධ වෙන කණ්ඩායම ගැන කතා කළොත්?
එහෙම ලොකු කණ්ඩායමක් නැහැ. කැමරා ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ආලෝක මල්ලි ඉන්නවා. අපේ පවුල් දෙකේ කට්ටිය තමයි මේ වැඬේට අවශ්‍ය ඉතිරි සහයෝගය ලබා දෙන්නේ.
ඉදිරියට මේ වැඬේ කොහොමද කරන්න හිතා ගෙන ඉන්නේ?
සතියක් ඇර සතියක් හැම සිකුරාදටම අලුත් වීඩියෝ එකක් දාන්න තමයි අපි දැනට හිතා ගෙන ඉන්නේ.
ඒ කියන්නේ මේ දවස්වල වෙන වැඩ කරන්නෙම නෑ කියන එකද?
මෙහෙමයි. වේදිකා නාට්‍ය තවම පෙන්වන්නේ නැහැනේ. ඒ හින්දා විවේකයක් තියෙනවා. මම රඟපෑව අකුරු මැකී නෑ කියන ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම ගිරිරාජ් අධ්‍යක්ෂණය කරපු අතුරු මිතුරු කියන චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. ඊට අමතරව මම රඟපෑව පාස්පෝට් චිත්‍රපටයත් ඉදිරියේදි දැක ගන්න පුළුවන් වේවි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පිරිමි හිත් පිස්සු වට්ටපු අහිංසක ඕලු

Next Post

‘නාකොටික්’ එක්ක කුඩු බිස්නස් කළ වෙළේසුදාගේ ගෝලයා මන්නාරමෙන් ඉන්දියාවට පනී!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.