• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිදහස ඕනෙ නම් මං ඒක ගන්නවා…! මගේ විදිය ඒකයි…! සප්නා පාදුක්ක ! Sri Lanka Latest News

October 26, 2025
in Heart
Reading Time: 2 mins read
A A
නිදහස ඕනෙ නම් මං ඒක ගන්නවා…! මගේ විදිය ඒකයි…! සප්නා පාදුක්ක ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඉරගිනි මද්දහනේ’ ජයංගා. ඕනෑම දෙයක් ඕනෑම කෙනකුට මූණටම කියන කට සැර කෙල්ලක්. ආලවන්ති ටෙලියෙ චමෝදි කියන්නෙත් දඩබ්බර වැඩ කරන කොල්ලෙක් වගේ කෙල්ලෙක්. මේ චරිතවලට පණ දෙන්නෙත් සැබෑ ජීවිතය තුළ රිලැක්ස් එකේ ඉන්න කැමැති සරල විදියට හිතන තරුණ කෙල්ලක්. ඈ සප්නා පාදුක්ක. හාට් එකේ අපි සප්නගෙ හදවතට එබෙන්නයි මේ ලකලෑස්ති වෙන්නේ.Sri Lanka Latest News

ඉතින් සප්නා අපි ටිකක් කතා කරමු. කොහොමද තොරතුරු?
වරදක් නැහැ ෂූටිං ඩබිං මැද කාලය ගෙවිලා යනවා.
මොනවද කියමු බලන්න මේ දවස්වල වැඩ?
ටෙලි ඩ්‍රාමා දෙකකම ෂූටිං යනවා. ආලවන්ති සහ රට පවුල. ඒ අතර රාස් ෆිල්ම් එකේ ෂූටිනුත් තිබුණා.
රාස් ෆිල්ම් එක ගැන පසුගිය ටිකේ කිහිප දෙනෙක්ම කතා කළා?
ඔව්. රාස් කියන්නේ අලුත් තාලේ ලස්සන වැඩක්. චිත්‍රපටය ආවම බලන්නකො.
චිත්‍රපටයක රඟපාන්න ලැබුණු එක සතුටක්ද සප්නා?
ඔව්. ඒක ලොකු සතුටක්. ඒ වගේම මේ මගේ දෙවැනි ෆිල්ම් එක. මීට කලින් ජැෆ්නාවල රූගතකිරීම් තිබුණු ‘කාදල් ක්‍රයිම්’ කියන සිංහල-ටැමිල් මික්ස් ෆිල්ම් එකක රඟපෑවා. ටැමිල් ඇක්ටර්ස්ලත් ඒකේ හිටියා. තවම ඒක හෝල්වලට ආවේ නැහැ. ටේ්‍රලර් එක නම් ඇවිත් තියෙන්නේ. ටේ්‍රලර් එක බලන අයට තේරේවි ‘කාදල් ක්‍රයිම්’ එක කොයි තරම් ලස්සන නිර්මාණයක්ද කියලා.
බොහොම සතුටින් සප්නා ‘කාදර් ක්‍රයිම්’ චිත්‍රපටය ගැන කතා කරනවා?
‘කාදල් ක්‍රයිම්’ චිත්‍රපටයේ මම වැඩ කළේ ලොකු සතුටකින් තමයි. ඉන්දියන් ඇක්ටර්ස්ලත් හරිම සුහදව සහයෝගයෙන් අපිත් එක්ක වැඩ කළා. එයාලගෙන් අපට ඉගෙනගන්න හුඟක් දේවල් තිබුණා.
සප්නා වැඩිපුර කැමැති සංකීර්ණ චරිතවලටද?
එහෙමම කියලා නැහැ. විනෝදකාමී සරල චරිත වගේම සංකීර්ණ චරිතත් කරනවා. පාර දිගේ, ආලවන්ති ටෙලි වගේම ඉරගිනි මද්දහන වැනි ටෙලිවලත් රංගනයෙන් දායක වුණා.
සැර චරිතයි දඩබ්බර චරිතයි තමයි වැඩිපුර දැක්කේ?
මට ලැබුණු විදිය එහෙමයි. ආරාධනා ලැබුණු හැටියට භාරගත්තා. ඒ වගේම ඒ චරිතවලට අවශ්‍ය සාධාරණය කරන්න උපරිම උත්සාහ ගත්තා.
උත්සාහය සාර්ථක වුණා කියලා හිතනවද?
ලැබෙන ප්‍රතිචාර අනුව එහෙම හිතෙනවා. ඉරගිනි මද්දහනෙ ජයංගා ගැනත්, ආලවන්ති ටෙලියෙ චමෝදි ගැනත් හැමෝම මග තොටේදි කතාකරනවා. ඒ ප්‍රේක්ෂක ආදරය ගැන දැනෙන සතුට අප්‍රමාණයි.
විලාසිතා නිරූපණය ගැනත් සප්නා උනන්දුයි කියලා ආරංචියි?
ඔව්. මොඩ්ලින් කියන්නේ මම ආසම සබ්ජෙක්ට් එකක්. කාලවේලාව මදි නිසා තමයි තවම ඒ ගැන උනන්දුවක් දක්වන්න හිතුවේ නැත්තේ. හැබැයි කොහොම හරි මොඩ්ලින්වලට තියෙන ආසාවත් ඉටුකර ගන්නවා.
පාරදිගේ සහ ආලවන්ති ටෙලිවලට වැඩිය ඉරගිනි මද්දහනේ ජයංගා ගැන ප්‍රේක්ෂකයො කතා කරනවා?
ඔව්. හැමෝම වාගේ වැඩිපුර කතා කළේ ජයංගාගේ චරිතය ගැනයි. ප්‍රේක්ෂකයෝ මුහුණු පොතේ පවා ජයංගාගේ චරිතයට සිදුවන අසාධාරණකම් ගැන හුඟක් දුක්වෙන ආකාරයේ කමෙන්ට්ස් දාලා තිබුණා. මටත් වඩා ඔවුන් ඒ ගැන හිතට අරන් තිබුණා. එතැනදී මම දැනගත්තා මම හරියටම ජයංගාට අවැසි කාර්යභාරය කරලා තියෙනවා කියලා.
සැර සහ දඟකාරව කරන චරිත රටාවෙන් මිදුණොත් හොඳයි නේද?
දැනටමත් මිදිලයි ඉන්නේ. ‘රාස්’ ෆිල්ම් එකේ මම කරන්නේ අහිංසක ආදරණීය චරිතයක්. ඒ වගේම ඒක ප්‍රධාන චරිතයක්. ඒ වගේම මේ විදියට ආදරණීය චරිත කරනවා කියන එකේ තේරුම සැර, දඟකාර චරිත ආයම කරන්නේ නැහැය කියන එක නෙවෙයි. විවිධ චරිත නිරූපණය තුළ තමයි සාර්ථක නිළියක් වෙන්න පුළුවන් වෙන්නේ.
ඉරගිනි මද්දහනට පසු ඔබ ටික කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියා?
මට පොඩි රිලැක්ස් එකක් ඕනෙ වුණා. ඒකට හේතුවක් නැහැ. මගේ විදිය ඒකයි. නිදහස ඕනෙ වුණොත් විවේකයක් ඕනෙ වුණොත් ඒක අත්විඳිනවා.
කලා ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ද?
ඉතා තෘප්තිමත්. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය සතුටක්. හැබැයි හිතපු තරම් මේ ගමන ලෙහෙසි පහසු නැහැ. කැපවීම නිර්මාණශීලීත්වය හරහා සියුම්ව මේ ගමන පරිස්සමට යායුතුය කියන එක තේරුම් ගන්නවා නම් හැම දේම සාර්ථක වේවි.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

වැලිගම සභාපති ලසන්තගේ ඝාතනයට CIDය තුන්දෙනෙක් කැකිරාවේදී අල්ලයි! I Sri Lanka Latest News

Next Post

පොලිස් ඇමැති කරපු කතාව ගැන කනගාටුයි! ඉල්ලපු ආරක්ෂාව දුන්නා නම් වැලිගම සභාපති අදත් ජීවතුන් අතර! වහාම නගරාධිපතිවරු-සභාපතිවරු-මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.