• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දික්කසාද වුණු මේධා කොල්ලෙක් බඳීද?

October 3, 2020
in Heart
Reading Time: 2 mins read
A A
දික්කසාද වුණු මේධා කොල්ලෙක් බඳීද?
Share on WhatsAppShare on Facebook

කලා ක්‍ෂේත්‍රයේ වැඩ
කරන අපේ කලා ශිල්පීන්ට ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ කටකතාවක් හදන්නට. ඉතින් එහෙම කටකතාවක් ප්‍රවීණ කලා ශිල්පිනියකටත්
පසුගියදා අන්තර්ජාලයේ පැතුරුණා. ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව ළාබාලතම තරුණයෙක් විවාහ කරගත්තා වගේ රංගන ශිල්පිනී මේධා ජයරත්නත් ළාබාලතම තරුණයෙක් විවාහ කරගත්ත කියලා. හැමදාමත් අපට ළෙන්ගතු ඇය ඒ කිසිවක් වසන් නොකර ඇත්ත කතාව අපට පැවැසුවේ මේ විදියට.
මේධා නැවැතත් හදිසියේම විවාහ වුණු බව කතාවක් පැතිරගෙන යනවා, ඇත්තද මේ කතාව?
කවුද ඔය බොරු කතා ගොතන්නේ?
එතකොට ළාබාලතම තරුණයෙක් එක්ක විවාහ වුණු කතාව බොරුවක් කියලා කියලද කියන්නේ?
ඔයා කියන්නේ මම කරපු වෙඩින් පොටෝ ෂූට් එක ගැන වෙන්න ඇති. තරුණ නිරූපණ ශිල්පියකුගේ ලොකු ආශාවක් තිබිලා තියෙනවා මම එක්ක ‘ෆ්‍රී ෂූට්’ එකක් කරන්න. ඉතින් ඔහුගේ ආශාව මම ඉටුකළා. ඉතින් ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නේ මම හදිසියේම දික්කසාද වෙලා නැවැත විවාහ වුණා කියලා.
ඉතින් ඔබත් අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හැරියා නේද?
ඔව්. ඉතින් මම දිනුල රාජපක්‍ෂ නිරූපණ ශිල්පියා සමඟ කතාබහ කරන එක වීඩියෝ පටයක් මුදා හැරියා. ඉතින් මමත් දාපු නිසා හිතලා තියෙන්නේ ඔය විදියට තමයි.
ගොඩදෙනෙක් මට සුබපැතුම් එකතු කළා. ඒත් මම ඒවාට රිප්ලයි කරන්න ගියේ නැහැ. ඔවුන්ට ස්තුතිය පුදකළා. සමහරු කියන්න ගත්තා මමත් සමිතා මුදුන්කොටුව මහත්මිය වගේ ළාබාල කෙනෙක් විවාහ කරගෙන කියලා. ඔය විදියට විවිධ කතා පැතුරුණා. මම ඒ කිසිවකුට උත්තර බඳින්න ගියේ නැහැ.
මේධා හදිසියේම දික්කසාද වුණේ ඇයි?
ඒ ගැන දැන් මම කතා කරන්න කැමැති නැහැ. අපි නීත්‍යනුකූලව දික්කසාද වෙලා ඉන්නේ.
එතකොට දරුවන් බලන්න එහෙම යන්නේ නැතිද?
දික්කසාද වුණා කියලා අපි අතර කිසිම හිත් අමනාපකමක් නැහැ. දරුවන් ගැන මම හොයා බලනවා. දරුවොත් මට කතාබහ කරනවා මම දරුවන්ගේ අම්මා නිසා. දරුවෙක්ට මවුපියන්ව අමතක කරන්නත් බැහැ. ඒ වගේම මවුපියන් අතර මොන ප්‍රශ්න තිබුණත් දරුවෝ අමතක කරන්නත් බැහැ.
ඔබේ සැමියා නිර්මාණය කළ ‘කකුළුවෝ සහ මකුළුවෝ’ ටෙලිනාට්‍යයට ඔබ රංගනයෙන් දායක වුණා. ඒත් ඔබ ඒ ටෙලිනාට්‍යයේ නැහැ කියලා ආරංචියි?
මම නිරූපණය කළ චරිතයෙන් මාව ඉවත් කරලා එයට වෙන කෙනකු සම්බන්ධ කරගත් බව ආරංචියි. නිර්මාණය ඔහුගේ. ඉතින් එයට මට මොනවත් කියන්න බැහැ.
ඉදිරියේදී ඔහුගේ නිර්මාණයට ආරාධනා කළොත් ඔබ සම්බන්ධ වෙනවාද?
ඔහු මට ආරාධනා කළොත් මම සම්බන්ධ වෙනවා. වෘත්තිය එක්ක මගේ කිසිම හිත් අමනාපකමක් නැහැ. ඔහු විතරක් නෙවේ කවුරු කතා කළත් මම නිර්මාණයකට සම්බන්ධ වෙයි. මොකද මම ජීවත් වෙන්නේ මේ වෘත්තියෙන් නිසා.
සැලැසුමක් නැතුව ජීවත් වීම පහසු කටයුත්තක් නෙවේ නේද මේධා?
මගේ ජීවිතයේ එදා ඉඳලා කිසිම සැලැසුමක් නැහැ. සරලව ජීවත් වෙනවා. කිසි බලාපොරොත්තුවක් නැහැ. එහෙම කටයුතු කරද්දි හරිම සැහැල්ලුයි. මිනිසුන්ගේ ජීවිතවලට කාලෙන් කාලෙට විවිධ ප්‍රශ්න එනවා. මටත් ආවා. ඒ සියල්ලට මමත් මුහුණු දුන්නා. කාලය තමයි ඒ සියල්ලට විසඳුම.
ඔබේ ඉදිරි දිවි ගමන තනිකඩ ගෙවන්නද අදහස?
එය ගැන මම හිතලා නැහැ. විවාහ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. කාලය ඒ හැම දේටම පිළිතුරු දෙයි.
තනිකඩව ගෙවන ජීවිතයත් එක්ක විවාහ යෝජනා එහෙම එන්නැද්ද?
මොකද නැත්තේ. විදේශීය රටවලින් මට ඇරැයුම් එනවා. දරුවන් දෙන්නත් එක්ක බාර ගන්න කැමැතියි කියලා. විදේශීය රටවලින් විතරක් නෙවෙයි ලංකාවේත් ඔය වගේ ඇරැයුම් ආවා. මම කෙල්ල කාලෙවත් ඔය විදියට ඇරැයුම් ඇවිල්ලා නැහැ. දැන් තමා ආදර ඇරැයුම් එන්නේ. ඇයි කියලා මටවත් හිතාගන්න බැහැ ඉතින්.
කලා ක්‍ෂේත්‍රයේ රංගන ශිල්පිනියන්ගෙන් අල්ලස් ගන්නවා කියන්නේ ඇත්තද?
මොකද නැත්තේ. මගෙනුත් විවිධ දේවල් බලාගෙන නිර්මාණවලට සම්බන්ධ කරන්නත් බලන් හිටියා. ඉතින් වැඩ කරන්න පහසු නිර්මාණකරුවන් තෝරා බේරාගෙන තමයි මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.
මේ දවස්වල ඔබගේ රංගන කටයුතු කොහොමද සිදුවන්නේ?
‘මඩොල් කැලේ වීරයා’ සහ ‘අකුරු මැකී නැහැ’ ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා. අලුත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණා. ඉදිරියේදී එයටත් සම්බන්ධ වෙනවා.
සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයක් නිසා මේධාව ඉදිරියේදී වේදිකාවෙන් අපට දැකගන්න පුළුවන් වෙයි නේද?
බුද්ධික දමයන්තගේ අලුත් වේදිකා නාට්‍යයකට මට ආරාධනා කලා. ගොඩාක් ආශාවෙන් හිටියේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමට. ඒත් කොරෝනා ප්‍රශ්නය නිසා ඒ දේවල් කල්ගියා. ඒ වගේම රජිත දිසානායකගේ වේදිකා නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න ආශාවක් තිබෙනවා. ඒත් කවදා ඉෂ්ට වෙයිද කියලා දන්නේ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අඩි සියයක් උස තනි කළු ගලක හදපු කෛලාෂ් දේවාලය ශිව දෙවියන්ගෙ හාස්කමක්ද

Next Post

ඒරාෂ්ටක රාක්ෂයෙක් නොවේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.