• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් අසූවයි… තාම ලස්සනයි…! කෙල්ල කාලේ විජය එක්ක නටපු නැටුම් ගැන බියුලා කියයි…! විජය දැක්කාම ගැස්සිලා ගියා…! මාලිනී එක්ක අපේ මොන ලස්සනක්ද…! ඒවා ජරා ගොසිප්…! බියුලා ඩයස් I Sri Lanka Latest News

January 31, 2026
in Heart
Reading Time: 7 mins read
A A
දැන් අසූවයි… තාම ලස්සනයි…! කෙල්ල කාලේ විජය එක්ක නටපු නැටුම් ගැන බියුලා කියයි…! විජය දැක්කාම ගැස්සිලා ගියා…! මාලිනී එක්ක අපේ මොන ලස්සනක්ද…! ඒවා ජරා ගොසිප්…! බියුලා ඩයස් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට දශක කිහිපයකට කලින් සිංහල සිනමාව තුළ රසකාමී මං සලකුණක් තැබූ හැඩකාර නිළියක් සිය අසූවැනි උපන් දිනය හරි ජයට සැමරුවා. සමස්තයක් විදියට ගත්තම බොහොමයක් නිළියන් වයස හංගන්න හදනකොට මේ සුරූපිනිය ‘මට දැන් අසූවයි’ කියලා ඉටිපන්දම් පොකුරක් නිවලා කේක් ගෙඩිය කපන්න ලංකාවට ආවේ කැනඩාවේ ඉඳලයි. ජයට ගත්ත උපන්දින පාටියේ ෆොටෝස් ටිකක් ෆේස්බුක් එකට වගේම සෝෂල් මීඩියාවලත් මුදාහැරියේ ඇගේ ඥාති දියණියකගෙ මනාපෙටයි.
හීනෙකින්වත් හිතපු නැති විදියට ෆොටෝස් ටික ගින්දර ගානට වයිරල් වුණා. සිය ගානක් කමෙන්ට්ස් වැටුණේ හරිම ආදරණීය විදියටයි. ඇයවත් හිතුවෙ නැහැ අවුරුදු පනස් ගානකට පස්සේ තම රුව දැකපු ප්‍රේක්ෂකයන් තමන් වෙනුවෙන් මේ තරමට ප්‍රතිචාර ද්කවයි කියලා.Sri Lanka Latest News

කවුද ඉතින් මේ කියන නිළිය?
ඈ බියුලා ඩයස්. එහෙමත් නැත්නම් බියුලා ඩයස් කරුණාරත්න. තවත් විදියකට කියනවා නම් 1974 තිරගත වෙච්ච ‘දුලීකා’ චිත්‍රපටයේ දුලීකාට රඟපෑවේ ඇයයි. ජෝතිපාලගේ හඬට ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ ගීතය සිංහල සිනමාවේ කඩවසම්ම නළුවා වූ විජය කුමාරතුංග ගැයුවේ මේ දුලීකා වෙනුවෙනුයි.
බියුලා ‘හාට්’ එකේ කතාබහකට එකතු කරගන්න හිතට ආව අදහස මුදුන්පත් කරගන්න උදව් කෙරුවේ නප්‍රිය නිළි නිලන්ති ඩයස්. ඉහත සඳහන් කළ බියුලාගේ ඥාති දියණිය ඇයයි. ඉතින් මේ පෙළගැසෙන්නේ බියුලා සමග ගෙවීගිය සොඳුරු නිමේශයක කතාබහයි.

ආයුබෝවන් ඔබට කොහාමද? ඉතින් ඔබේ තොරතුරු?
මම බොහොම සතුටින් ඉන්නවා. මේ දවස්වල නම් හුඟක්ම කාර්යබහුලයි. ටීවී චැනල්වලින් කතා කරනවා. පත්තරවලින් කතා කරනවා. යූටියුබ් චැනල්වලින් ඇවිත් ප්‍රෝග්‍රෑම් කරනවා. වැඩ ගොඩයි.

නිලන්ති නිකමට වගේ දැම්ම ෆොටෝස් ටික මෙහෙම වයිරල් වෙයි කියලා හිතුවේ නැහැ නේද?
කොහොමවත් හිතුවේ නැහැ ඇත්තටම. නිලන්ති මගෙන් ඇහුවා මේවා නිකමට වගේ දාමුද ෆේස්බුක් එකට කියලා. මමත් ලොකුවට නොහිතා හා කියලා කිව්වා. අන්තිමට වුණේ නොහිතපු දෙයක්. අවුරුදු පනස් ගණනකට පස්සේ බියුලා ඩයස් කියන නිළිය හොඳටම බිසී වුණා. මම විතරක් නෙවෙයි. අපේ නිලන්තිත් බිසී වුණා. ඈ හරහා තමයි හැමෝම මාව කන්ටැක්ට් කරගත්තේ. දැන් ඉතින් ඇයටත් මාව එක්කාසු කරගෙන හැම තැනම යන්න වෙලා. ඇයි ඉතින් මම තාම හරියට දන්නේ නැහැ මෙහෙ පාරවල්. හරි වැඩක් තමයි එයාටත් වුණේ.

අවුරුදු 80 උපන්දිනය සමරන්න විශේෂයෙන්ම කැනඩාවෙ ඉඳන් ලංකාවට එන්න හිතුවේ ඇයි ඔබ?
ඒක මම මගේ රටට දුන්න පොරොන්දුවක්. ජීවත්ව හිටියොත් නිරෝගීව හිටියොත් අනිවාර්යයෙන් ලංකාවට ඇවිදින් මගේ පවුලේ අය එක්ක ඒ උපන්දිනය සමරනවාමයි කියලා හිතුවා. 78 උපන්දිනයටත් මම ලංකාවට ඇවිදින් උපන්දිනය පුංචියට සමරලා යන්න ගියා. 80 උපන්දිනය ලොකුවට මේ විදියට ගන්න එදා ඉඳන්ම හිතේ තිබුණා.
අපේ පවුලේ මාත් එක්ක පස්දෙනෙක් ඉන්නවා. එයාලා හැමෝම වගේ තම තමන්ගෙ දූදරුවො එක්ක රට රටවල ඉන්නවා. මම තමයි පවුලේ ලොකු අක්කණ්ඩි. මම හැමෝටම කල් තියාම ආරාධනා කෙරුවා. උපන්දින පාටියට එන්නම ඕනෑ කියලා. නිලන්තිත් ඒ හැම ප්ලෑන් එකකටම මට ෆුල් සපෝට් එක දුන්නා.

ආරාධනාව පිළිඅරගෙන ඒ හැමෝම ආවද ඉතින් දුරබැහැර ඉඳන්?

මොනවද මේ කියන්නේ. ඒ හැමෝම ආවා. පාටිය ලොකුවට ගත්තා. මගේ රටට දුන්න පොරොන්දුව අපූරුවට හිතුවටත් වැඩිය හොඳට ඉෂ්ට වුණා.

ෆොටෝස් ටිකත් හිතුවට වැඩිය වයිරල් වුණානේ නේද?
ඒකනෙ කියන්නේ. කවුද හිතුවෙ අවුරුදු පනස් ගණනකට පස්සෙත් බියුලා ඩයස් කරුණාරත්න කියන නිළිය මෙහෙම ෆොටෝස් ටිකක් හින්දා ෆේමස් වෙයි කියලා. අනෙක මම මොනවද කළේ? බොහොම ටිකයි සිනමාව වෙනුවෙන් කළේ. ඒ සුළු දේ මගේ ප්‍රේක්ෂකයන්ට මේ තරමට මතක හිටීවිය කියලා නිකමටවත් හිතුවේ නැහැ. මොකද 1974 හෝ 76 අවුරුදුවල විතරයි මම රංගනයත් එක්ක හිටියෙ. ඉන් පස්සේ කැනඩාවට ගියේ පදිංචියටමයි.

ඒ හදිසි අතුරුදන් වීම ගැන කතා කරමු. දුලීකාට රඟපාපු කැට් අයිස් තියෙන ලස්සන කෙල්ල කෝ කියලා ප්‍රේක්ෂකයෝ හෙව්වා?
ඔව්. එහෙම වුණාය කියලා ආරංචි වුණා. රංගනයට ආවා. ඒ සැණින්ම කැනඩාවට යන්න ගියා. හරි හදිසියටයි හැම දේම සිද්ධ වුණේ.

ඇයි එහෙම වුණේ? විවාහයට පස්සේ හස්බන්ඩ් බපෑමක් කළාද?
අයියෝ නැහැ. එතකොට බඳින්න හිතලාවත් නැහැ. ඒකට හේතුව වුණේ නිළියක් වෙන්න, නිළියක් විදියට ජනප්‍රිය වෙන්න මට ඕනෙ වුණේ නැහැ. එහෙම හීනයක් හිත අහලකවත් තිබුණේවත් නැහැ.

නිළියක් වෙන්න හීන නොදැක්කා නම් රඟපාන්න ආවේ ඇයිද දන්නේ නැහැ?
අහන්නකො ටිකක්. ඒ කතාව තමයි මේ කියන්න යන්නේ. නිළියක් වෙන්න ආසා නැති වුණාට මම ඩාන්සින්වලට පිස්සු වැටිලා හිටියා. කොටහේන ගුඩ් ෂෙපර්ඩ් එකේ ඉගෙනගන්න කාලේ බැලේවලටත් හිටියා. ඩාන්සින් ෂෝවලටත් හිටියා. උඩරට පහතරට නැටුම් සේරම ඉගෙනගත්තා. අනෙක ඩාන්සින්වලට මම හරිම ටැලන්ටඩ්.
ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ තරුණ වයසෙදිම ‘අබිරහස’ ෆිල්ම් එකට ආරාධනා ලැබුණා. රඟපාන්න නෙවෙයි. බැලේ ඩාන්ස් එකකට පෙනීඉන්න කියලා. මම ඉතින් ඩාන්සින්වලට මනාපයිනේ. ගියා ඉතින් ඒ ආරාධනාව පිළිඅරගෙන. ඩාන්ස් එකත් හොඳටම තිබුණා කියලා හැමෝම වගේ කිව්වා. එතැනින් හැම දේම ඉවරයි කියලා හිතුවා.

හැමෝම හොයන්න ගත්තා හැඩට නටන මේ ලස්සන කෙල්ල කවුද කියලා?

හරියටම හරි. අලුත් මුහුණ කවුද කියලා හැමෝම හොයන්න ගත්තා. කේ.ඒ.ඩබ්. පෙරේරා මහත්තයා ‘දුලීකා’ ෆිල්ම් එකට අලුත් නිළියක් හොයන්නෙ ඔය අතරෙයි. මං ගැන දැනගෙන ඔහු මාව හොයාගෙන ආවා.

විශිෂ්ට ගණයේ ප්‍රවීණයකුගෙන් ආරාධනයක්?
සත්තකින්ම ඔව්. හැබැයි ගත් කටටම මම ‘බැහැ’ කිව්වා. මොකද කියනවා නම් ඩාන්සින්වලට මිසක් ඇක්ටින්වලට මනාපයක් තිබ්බෙ නැහැ. ඒත් ඉතින් අපේ අම්මා එතැනදී මට බල කළා. ඇයි මේ තරම් හොඳ අවස්ථාවක් අතහරින්නෙ කියලා. ඔන්න ඉතින් අම්මගෙ බලකිරීමට අම්මා එක්කම ෂූටින්වලට එනවා.

හාහා පුරා කියලා රඟපාන්න ලැබෙන්නෙ සිංහල සිනමාවේ කඩවසම්ම නළුවා එක්කයි?
ඔව්නෙ. එදා තමයි ඔහුව ෆස්ට් ටයිම් හරියටම දැක්කෙ සහ මේ විජය කියලා හඳුනාගත්තේ. දැක්කම හිත ටිකක් ගැස්සුණා වගේ දැනුණා. අප්පා මෙයාගේ ලස්සන කියන සිතුවිල්ල තරුණ කෙල්ලක් හැටියටම හිතට ඒ මොහොතෙ දැනුණා. ඔහු නිහතමානීව සුහදව කෝඩුකාර මාත් එක්ක රඟපෑවා.
සෙට් එක්දි රිලැක්ස් එකේ රඟපාන්නේ කොහොමද කියන එක කියලා දුන්නා. අපි හොඳ යාළුවො වුණා.

ඒ යාළුකමේ හොර අල්ලන්නද දන්නෙ නැහැ නිළි රැජින මාලනී ෆොන්සේකා නිතර සෙට් එකට ආවාය කියන්නේ?
පත්තරකාරයන්ගේ නරක ගොසිප් වෙන්නැති ඒවා. මාලනී ෆොන්සේකයි විජය කුමාරතුංගයි ආදරය කරපු කාලෙ තමයි මං හිතන්නේ ඒක. ඈ සෙට් එකට එනවා විජයව හම්බවෙන්න. ඇගේ ලස්සන ආශ්චර්යයක් කියලයි සජීවීව ඇයව දැකපු පළමු දවසෙම මට හිතුණේ. අනේ අපේ මොන ලස්සනක්ද එහෙම බලනකොට. එතැනින් පස්සේ මමත් විජයත් මාලනීත් හැමදාටම හොඳම යාළුවො විදියට සුහදව හිටියා. ඇගේ වියෝව අහපු වෙලාවේ මට හරියට දුක හිතුණා ඇත්තමයි.

විජය කුමාරතුංගගේ අකල් මරණය ඔබට ඊට වැඩිය ලොකු ෂොක් එකක් වුණාලු?
අනේ දෙවියනේ. හිතාගන්නත් බැරිව ගියා. ඔහු මොන තරම් තරුණයිද එතකොට. අනෙක ඔහු හැකි හැම මොහොතකම අපේ පවුලෙ අය සමග සුහදව හිටියා. කැනඩාවට ආවොත් අපේ ගෙදර ඇවිදින් යන්නේ. මරණයට දවස් කිහිපයකට කලින් විජය මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා ‘බියුලා මම ටික දවසකට ඇවිත් යන්න එනවා. අපි කට්ටියම හොඳට එන්ජෝයි කරන්න පුළුවන් පාටියක් ප්ලෑන් කරන්න’ කියලා.

පාටි එකක් නෙවෙයි එහෙ මෙහෙ ඇවිදින්න යන්නත් පවුලෙ කට්ටිය එක්ක හොඳ ටි්‍රප් ටිකක් ඕගනයිස් කරලයි තිබුණේ. ඔහුගේ මරණය ආරංචි වුණාම මට දරාගන්න බැරි වූණා. දවස් ගානක් යනකල්ම මම ෂොක් වෙලා හිටියා. අනේ ඔහු මොන තරම් හොඳ යාළුවෙක්ද? කවදාවත් ඔහුගේ සුහද හිනාව අමතක වෙන්නේ නැහැ. ඒ මිත්‍රකම අමතක කරන්නත් බැහැ.

දුලීකා රඟපෑවට පස්සේ ‘කැට් අයිස්’ තියෙන ලස්සන නිළියට ප්‍රේම ආරාධනා හෝගාලා ආවයි කියනවා?
ලියුම් මලු ගණන් ගෙදරට ආවේ හිතාගන්න බැරි වුණා. මහා ලොකු නිළියක් නොවෙච්ච මට කොහොමද මෙහෙම ආකර්ෂණයක් ලැබුණේ කියලා.

ඒ තරම් ආකර්ෂණයක් තියෙද්දිත් ඇයි හදිසියෙම රට දාලා යන්න ගියේ?
ටාගට් එක හෝ හීනය වුණේ නිළිකම නෙවෙයි. ඊට වඩා වගකීම් සහ ඉලක්ක ජීවිතයට තිබුණා. ඒ නිසාම රැකියාව වෙනුවෙන් කැනඩාවට ගියා.

ඒ තීරණය ගැන අද දුකක් දැනෙන්නේ නැද්ද?
එහෙම දුකක් නම් නැහැ. මට ලස්සන පවුලක් ඉන්නවා. මගේ මහත්තයා ටේ‍රවර්. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව මැරි කරලා එයාට දරුවෙකුත් ඉන්නවා. මම ආච්චි කෙනෙක්. මගේ ජීවිතය සතුටින් පිරුණු එකක්.

80ක් වයස ලස්සන ආච්චි. කොහොමද මෙහෙම තරුණ විදියට ඉන්නේ,
අනේ මන්දා. හැමෝම අහනවා. දෙන්න උත්තරයක් හිතාගන්න බැහැ. දෙවියන්ගේ ආශීර්වාදය තමයි.

තව මොනවද ඔබට කියන්න තියෙන්නේ?
දශක ගානක් ගියත් රසිකයන් මට දැක්වූ ආදරණීය ප්‍රතිචාරවලට ස්තුති කරන්න ඕනෙ. මමත් ඔවුන්ට ආදරෙයි කියන එකත් කියන්න. මට වාගෙම සතුට සැනසීම ඒ හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

ඉන්දියාවේ වැවකින් සිංහල විහාරයක් මතුවෙයි! Sri Lanka Latest News

Next Post

සියල්ල අත්‍යවශ්‍ය සේවා කරයි! අනුර අතිවිශේෂ ගැසට් එකක් ගහයි! විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා-ඉන්ධන- ඛනිජ තෙල් නිෂ්පාදන-ගෑස් සැපයීම හෝ බෙදාහැරීම-රෝහල්-බෙහෙත් ශාලා-මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය-විදුලි සංදේශ-ජල සැපයීම-බැංකු-කෘෂි ආදී ඔක්කොම ඇතුළත්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.