• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටෙලි කරළියට ආපු අලුත්ම පෙම්වතා

October 24, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ටෙලි කරළියට ආපු අලුත්ම පෙම්වතා
Share on WhatsAppShare on Facebook

ඇතුගල්පුරවරයෙන් කලා ක්‍ෂේත්‍රයට තවත් තරුවක් පසුගියදා එකතු වුණා. මේ දිනවල ජාතික රූපවාහිනී සතියේ දිනවල 08.30 රාත්‍රියට විකාශය වන ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ දෙනුවන්ගෙ චරිතය තුළින් ඔබගේ නෙත ළඟ රැඳුණු දිලුම් විජේසිංහයි. ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ඒ සතුට ප්‍රථම වතාවට ජාතික පුවත්පතක් සමඟ බෙදා ගත්තේ මේ විදියට.
දිලුම් ඉතින් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල ඉතින් ආරක්‍ෂාකාරීව අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ දිලුම්ගේ චරිතයට ප්‍රතිචාරත් විඳිමින්. ඒ අතර ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා.
මේ ඔබේ පළමු ටෙලිනාට්‍ය ‘නෑනලා.’ ප්‍රධාන චරිතයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒ සතුට වචනයකට සීමා කරන්න බැහැ. ජීවිතයේ කිසිම දවසක මම හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට මේ වගේ වාසනාවක් පෑදෙයි කියලා. ඒ වගේම නාලන් මෙන්දිස් වැනි සුවිශේෂී නිර්මාණ අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතයක් ලැබීමත් ලොකු භාග්‍යයක් විදියට තමයි මම සලකන්නේ.
ඔබට ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ කොහොමද?
‘ඒ-ලෙවල්’ කළාට පස්සේ මට පොඩි ආශාවක් ඇතිවුණා. ඉතින් මම සම්මුඛ පරීක්‍ෂණ කිහිපයකට සම්බන්ධ වුණා. උදය ප්‍රසන්න අයියා හරහා තමයි මට මේ ටෙලිනාට්‍යයට සම්මුඛ පරීක්‍ෂණයට යෑමට අවස්ථාව ලැබුණේ. ඒත් මම හිතුවේ නැහැ මාව තෝරාගනීවි කියලා.
දෙනුවන්, ඇයි ඔය තරම් නෙත්මිට බොරු කරන්නේ?
ආදරය නැතිවෙයි කියා බයට තමයි දෙනුවන් බොරු කරන්නේ. දෙන්නට දෙන්නා අවංකව ආදරය කරනවා. උස්-පහත්, පන්ති-භේද එක්ක තමයි ප්‍රශ්නය මතුවන්නේ. දෙනුවන් කැමැති නැහැ දුප්පත් කියලා දැනගන්නවාට.
දිලුම්ගේ ජීවිතයටත් සමානකම් තිබෙනවාද දෙනුවන්ගේ චරිතය තුළ?
මගේ ජීවිතයටත් 60%ක් විතර සමානකම් තිබෙනවා. මගේ මවුපියන් පවා දුක්විඳලා තමයි අපිට ඉගැන්නුවේ. දෙනුවන්ට වගේම මගේ ජීවිතයෙත් ටාගට් තියෙනවා. මමත් මේ මහපොළොවේ ගැටෙමින් ජීවත් වෙන කෙනෙක් නිසා.
ඔබ දැන් සරසවි පෙම්වතෙක්. ඇයගෙන් මොන වගේ සහායක්ද ලැබෙන්නේ?
මම ටෙලිනාට්‍යයක වැඩ කළා කියලා මුලදි ඇයටවත් කිවුවේ නැහැ. ඇය අකැමැති වෙයි කියලා. ඒත් දැන්නම් එහෙම අකැමැත්තක් නැහැ. මගේ සියලුම වැඩකටයුතුවලට උදව් කරනවා. ඔය අතර පොඩි ඉරිෂියාවකුත් තියෙනවා. මම නැති වෙයි කියන බයට. මට බොරු ආදරයක් පෙන්වන්නයි. ජීවිතයේ සැබෑ ආදරය පෙන්වන්නට පෙම්වතියන් දෙන්නෙක් ඉන්නවා. එකක් ඉතින් විශේෂ අත්දැකීමක්.
දෙනුවන්ගේ අම්මා ලෙසට ඔබ සමඟ ප්‍රවීණ සම්මාන ලැබූ රංගන ශිල්පිනියක් වන දමයන්ති ෆොන්සේකා සමඟ රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
සිනමාවේ සක්විති රැජනිය මාලනී ෆොන්සේකා. ඇයගේ නැඟණිය දමයන්ති ෆොන්සේකා. ඉතින් එවැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් සමඟ ටෙලිනාට්‍ය චරිතයකින් පළමුවරට මගේ මවක් ලෙසට ඇයත් සමඟ සිටින්න ලැබීමත් පෙර පිනක්. ඇයත් ඇයගේ දරුවෙක්ව වගේ තමයි මට සලකන්නේ. ඉතින් මේ ‘නෑනලා’ කණ්ඩායමේ සියලුම දෙනාගේම ලැබුණු ශක්තියක ප්‍රතිඵලයකින් තමයි මම අද මේ වගේ තැනක ඉන්නේ. එය කවදාවත් මට අමතක වෙන්නැහැ.
ඉදිරියට කොහොමද ඔබගේ රංගන කටයුතු සැලසුම?
මම තවම ගොඩ ඉන්නේ. ඉතින් ගොඩ ඉඳලා බැහැ. රංගනය පිළිබඳ හැදෑරීමක් කරන්න ඕනෑ. මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර. තවම ඉතින් වෙන නිර්මාණවලින් ආරාධනා ලැබුණේ නැහැ. හෙමින් ගමනක් යනවා හොඳ වැඩටිකක් කරගෙන.
වඩාත්ම කැමැති ඔබ සිනමාවටද, එහෙමත් නැතිනම් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයටද?
ගොඩක්ම ආශාව තියෙන්නේ සිනමාවට. ඒත් අපි නොහිතන දේවල්නේ වෙන්නේ. මගේ දක්‍ෂතාව පෙන්වන්න පුළුවන් කුමන අංශයකින් මට ආරාධනා ආවත් මට එය කරන්න පුළුවන්. මම එය කරනවා. මොකද ගමනක් යන්නට කලින් යන පාර හරියට හදාගන්න ඕනෑ. එතකොට කිසිම බාධාවක් නැතුව මේ ගමන යන්න පුළුවන්.
පවුලේ විස්තර ගැන සඳහන් කළොත්
අම්මයි, තාත්තයි, අයියයි, මමයි තමයි. එයාලගෙන් කිසිම බාධාවක් නැහැ මගේ මේ වැඩකටයුතුවලට. මොකද මගේ පවුලේ අය දන්නවා මම වැරැදි දෙයක් කරන්නැති බව. ඉතින් එයාලා උපරිම නිදහස මට දීලා තියෙන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගයාන් – පූජනී හොරෙන්ම බැඳලා

Next Post

ශ්‍රී ලංකාවට නම තිබ්බෙ කවුද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.