• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

”චිත්‍රපට සීයක් දෙසීයක් කරපු නිළියක් නෙවෙයි මම – මාව මතක හිටින යමක් මම කළා…” – මැණික් කුරුකුලසූරිය I Sri Lanka Latest News

December 15, 2024
in Heart
Reading Time: 3 mins read
A A
”චිත්‍රපට සීයක් දෙසීයක් කරපු නිළියක් නෙවෙයි මම – මාව මතක හිටින යමක් මම කළා…” – මැණික් කුරුකුලසූරිය I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක මුහුණු පොත හරහා සක්මන් කරනකොට අසුරු සැණින් හිත රැඳුණු පෝස්ටුවක් ළඟ ඇඟිලි තුඩු රැඳුණා. එතැන තිබුණේ ‘සසීමා’ ටෙලි නාට්‍යයේ ලස්සන සින්දු කිහිපයක මතක් කිරීමක් ගැනයි. ප්‍රවීණ කලාකරුවන් වූ ජැක්සන් ඇන්තනී එක්ක පාලිත සිල්වා ‘දෑස පියාගත් කල’ සින්දුව කියන ෆොටෝ එකක්. ඒ මතක් කිරීම තුළ මුදාහැර තිබුණත් ඊට අදාළව සටහන් වුණු කමෙන්ට්ස්වල නම් වැඩිහරියක්ම තිබුණේ සුසීමාට රඟපෑ මණික් කුරුකුලසූරිය ගැන සටහන්. (Sri Lanka Latest News)

මැණික් කියන්නේ නිළි පවුලක්ම සිනමාවට තිළිණ කරපු කුරුකුලසූරිය පවුලේ ‘බඩපිස්සි’. තවත් විදියකට කියනවා නම් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා එක්ක 60 දශකයේ අගභාගයේදී ජෝඩු පැටන් එකට රඟපෑ ජීවරාණි කුරුකුලසූරියගේ පොඩි නංගි.

හිතක් පහළ වුණා මැණික්ව හොයාගෙන ගිහින් ‘මව්රට’ හාට් පිටුවට එක්කගෙන එන්න.

කොහොම අතාරින්නද එයාව. මැණික් කියන්නේ සිංහල සිනමාවේ 80 දශකය වර්ණවත් කරන්නට දායක වුණු ලස්සනම නිළි කෙල්ලක්.
ඉතිං මැණික් කොහොමද?

දැහැමින් සෙමෙන් සතුටින් ඉන්නවා.
අලුත් තොරතුරු?
ම්… අලුත් කියන්න නම් දෙයක් නැහැ. අක්කලාව බලලා එන්න පිටරට සංචාරවල යනවා. උත්සවවලට යනවා. ටි්‍රප් යනවා. ඕවා තමා ඉතින් තොරතුරු.
කලා ලොවෙන් ලැබෙන ආරාධනාවලදිත් උත්සවවලට යනවා?
ඔව්. හරිම සතුටුයි. තවමත් අපිව එහෙම මතක තියෙන එක ගැන. ඔයාලට වුණත් මට කතාකරන්න හිතුණෙ තවමත් අපේ නම අමතක නැති නිසානෙ.
මුහුණු පොතේ ඔයා විටින් විට සැරිසරනවා?
මටත් ආරංචියි ඒ ගැන.
80 දශකය වර්ණවත් කරපු සිනමා නිළියන් අතර ඔයා අතිශයින්ම ජනප්‍රියව හිටියා?
ඇත්තටම ඒක සිනමා වසන්තයක්. දින ගණන් දීගන්න බැරි තරමට අපට වැඩ. නිළියෝ මහ ගොඩක් එක මිටට ඒ දශකයේ අලුතෙන් ආවත් අපි කාටවත් කා එක්කවත් තරගයක් තිබුණෙ නැහැ. ඒ තරමට අපි හැමෝටම චිත්‍රපට පෝලිමට තිබුණා.
ඒ වසන්තයට ආරම්භය දුන්නේ තනි තරුවෙන්ද?
නැහැ. මම ආයෙම ආවේ සුනිල් ආරියරත්නගේ ‘බඹා කෙටූ හැටි’ ෆිල්ම් එකෙන්. ගෝඩ් කිං සැණකෙළිය, අහස් ගව්ව ෆිල්ම්වල හැත්තෑ ගණන්වල රඟපාලා ඉගෙනීමේ වැඩවලට බාධා වෙන නිසා සිනමාවෙන් අයින් වුණා. ආයෙම ආවේ 81 ‘බඹා කෙටූ හැටි’ ෆිල්ම් එකෙන්. ඩිරෙක්ටර්ගේ ආරාධනයට තමයි ආවේ.
හිතපු නැති විදියට ඒ නැවත පැමිණීම තුළ ඔබ ෆේමස් වුණා?
ඔව්. නොහිතපු විදියට ෆිල්ම්ස් එන්න ගත්තා. සතුටක් දැනුණා දිගින් දිගටම රඟපාන්න. ප්‍රවීණ, නවක කියන හැම නළුවෙක් එක්කම වාගේ රඟපෑවා.
රන් දම්වැල් ෆිල්ම් එකෙන් පස්සේ සනත් ගුණතිලක සමග ජෝඩු විලාසිතාවක් හැදුණා?
ඔයාලා වගේ පත්තර කට්ටිය තමයි ඒ ෆැෂන් මැව්වේ. ඒත් මතක හැටියට වැඩියෙන්ම රඟපෑවේ ජීවන් කුමාරණතුංග එක්ක.
හැම ෆිල්ම් එකක්ම බාරනොගන්න තරමට ඔබ ආඩම්බර වුණා?
ආඩම්බරකමක් නම් නෙවෙයි. මම මටම කියලා හදාගත්ත සීමා තිබුණා. ස්ක්‍රිප්ට් බාරගත්තේ ඒ සීමාවේ හිටගෙනයි.
ඔබටම කියලා නියම වෙච්ච මිලකුත් තියෙන්න ඇති?
මට විතරක් නෙවෙයි, හැම නිළියකටම නළුවෙකුටම නියම වෙච්ච යම් මිලක් තිබුණා. අපිට ලොකු වටිනාකමක් තිබුණා. සිංහල සිනමාව වසන්තයක් වූ ඒ සමයේ පත්තරවල පළවන අපේ හැම පින්තූරයක්ම අපට ප්‍රිය කරන රසික රසිකාවියෝ එකතු කළා. පොත්වල ඒවා අලවලා හරි පරිස්සමට තියාගත්තා. අනේ ඇත්තමයි ඒ යුගය හරිම සුන්දරයි. මතක් කරද්දිත් හිතට තවමත් දැනෙන්නේ පුදුමාකාර සතුටක්.
අද සිංහල සිනමාව ගැන ඔබ ඉන්නේ සිත්තැවුලකද?
හොඳ චිත්‍රපට ඉඳහිට හෝ හැදෙනවා. ඒත් අර අපි කතා කළ වසන්තය ආයෙම එන්න නම් සමහර විට කාලයක් ගතවේවි.
ඒ කාලේ ඔබව දැකගන්න තරුණ ගැටවරයෝ ගේට්ටුව ළඟ පොරකෑවලු?
ගැටවරයෝ විතරක් නෙවෙයි, ගෑනු ළමයිනුත් ඇවිත් ගෙදර ගේට් එක ළඟ බලාගෙන ඉන්නවා මම එළියට එනකල්.
ඒක වධයක් වුණේ නැද්ද?
ඒක ආශ්වාදයක් වුණා. අදටත් ඒ ආශ්වාදය සිහිකරලා සතුටක් ලබනවා.
‘සුසීමා’ ටෙලියෙන් ඔබ පුංචි තිරයටත් වසන්තයක් වුණා?
ඇයි ‘රන් කහවණු’ ටෙලිය? ඒකත් මාරම හිට් වුණා. අදටත් ප්‍රේක්ෂකයන් ඒ ගැන කතාබහ කරන එක ලොකු සතුටක්.
ආයෙම රඟපාන්න එනවද ටෙලියකට ආරාධනා ආවොත්?
හිතලා බලන්න ඕනෙ. එක පාරටම ඔව් කියන්නෙ කොහොමද ඉතින්.
අම්මා කෙනකුට රඟපාන්න අකැමැති ඇති ඔබ සමහර විට?
එකපාරටම ඕවට උත්තර දෙන්න බැහැ. එකපාරටම ඔව්, නැහැ, බැහැ කියන්නත් බැහැනෙ නේද?
‘සැමීගේ කතාව’ ෆිල්ම් එකේ කාලෙකට පස්සේ රඟපෑවා.
ඔව්. ඒ 2011 අවුරුද්දේ. ඉතාම හොඳ නිර්මාණයක්. මට ලැබුණු චරිතයත් එහෙමයි. හිත හිත ඉන්න කාලයක් ඕනෙ වුණේ නැහැ. ආරාධනාව බාරගත්තා.
තනි තරුවේ නිළි තුන් කට්ටුව. කාලෙකට පස්සේ හමුවුණාලු?
ඔව්. මීට අවුරුද්දකට දෙකකට කලින් ගෝතමී ලංකාවට ආපු වෙලාවේ මමයි නදීකයි ගෝතමී එකට එකතු වුණා. තනි තරුවේ 82 රඟපෑවට පස්සේ අපි ඇත්තටම හොඳම යාළුවෝ වුණා. එදා අපි හරියට විනෝද වුණා. ෆොටෝස් එහෙමත් මහ ගොඩක් ගත්තා. ඒ යාළුකම හරිම සුන්දරයි. හැමදාමත් ඒ බැඳීම එහෙමමයි.
තව මොනවද ඔබට කියන්න තියෙන්නේ?
මම චිත්‍රපට සීයක් දෙසීයක් කරපු නිළියක් නෙවෙයි. එහෙම ටාගට් එකකට යන්න මට ඕනෙ වුණෙත් නැහැ. හැබැයි මම මාව මතක හිටින යමක් කළා. ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම මම මගේ පවුලේ අය සමග සතුටින් ජීවත් වෙනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කපූර්ලා මෝදි එක්ක පොලිටික්ස්වලට බැහැලද? Sri Lanka Latest News

Next Post

කියවලා බලලා අඬලා එළියට ඇවිත් මේ දවස්වල පෙන්නන ‘ගුරුගීතය’ චිත්‍රපටය ගැන ඉතා කෙටියෙන් ලාල්කාන්ත ලස්සන විචාරයක් දෙනවා! ඇත්තටම ඔය අපබ්‍රංස ලියන මහලොකු නම් තියෙන විචාරකයන්ට වඩා ලාල් හොඳයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.