• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගැහැණු ළමයිහි කුසුම් වුණු කොන්වන්ට් එකේ පොඩි කෙල්ල

September 26, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ගැහැණු ළමයිහි කුසුම් වුණු කොන්වන්ට් එකේ පොඩි කෙල්ල
Share on WhatsAppShare on Facebook

පාසල් යන බාලිකාවක සමයේදී සිනමාවට පය තැබූ නිළි කැළ අතර වසන්ති චතුරාණිද එක් සුවිශේෂී අයෙකි. එය වඩා සුවිශේෂී වූයේ ගම්පහ සිරිකුරුස බාලිකාවේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ කලාත්මක ඇසට ඇගේ සොඳුරු බව අහඹුවක සේ හසුවීමය. සුමිත්‍රා පීරිස් නම් කලාකාරියගේ සිත් කොනක නිදා හුන් ‘ගැහැනු ළමයි’හි දුප්පත් කුසුම්ට ජීවය දුන් වසන්ති චතුරාණි නම් වූ පියකරු නිළි තාරකාව එයට පසු සිංහල සිනමාවට තවත් එක් වසන්තයක්ම වූවාය. ‘වසන්ති දැන් කෝ, මේ දවස්වල මොකද කරන්නේ?’ යන සිතුවිල්ලත් සමඟ වසන්ති ගැන තොරතුරු දැන ගන්නට එය සිත්කලු කතිකාවක් ලෙස ‘හාට්’හි සටහන් කරන්නට අපට දැනුණු සොඳුරු පිපාසයක උනන්දුවයි මේ ඔබ ඉදිරියෙහි අකුරු වන්නේ.
ඉතින් වසන්ති, ඔබ සුවෙන් සතුටෙන් ඇතැයි කියා සිතනවා?
ඔබ හරි. උණක්, හෙම්බිරිස්සාවක් ඇරුණු කොට මම සුවෙන් සතුටෙන් දවස ගෙවනවා.
ඇයි මේ දවස්වල ඔබ වැඩි කලබලයක් නැත්තේ?
මම කොහොමත් කවදාවත් කලබල කළ කෙනෙන් නම් නෙමෙයි.
කලබලයක් යැයි අදහස් කළේ ටෙලි තිරයෙහි හෝ චිත්‍රපටයක ඔබ පේන්න නොසිටි නිසයි?
ටෙලි තිරයෙහි හෝ සිනමාවෙහි නිතර පෙනෙන්න ඕනෑය කියා හැම නිර්මාණයක්ම බාරගන්නා පුරුද්දක් මා තුළ තිබුණේ නැහැ. චිත්‍රපට වාගේම ටෙලිනාට්‍ය කලාවේදීන් මම හැමදාමත් තිර පිටපතක් සඳහා මගේ කැමැත්ත දුන්නේ එම චරිතය මට ගැළපෙනවා නම් හෝ එහි මට කරන්නට යමක් තියෙනවා නම් පමණයි.
ඉතින් ඒ නිසා ඔබේ ප්‍රශ්නයට මම දිය යුතු සුදුසුම උත්තරය වන්නේ මට හරි යන හොඳ චරිතයක් සඳහා කිසිවකු මට ආරාධනා කරනාතුරු විවේකීව මම බලා සිටිනවා කියන එක පමණයි. ඒ වාගේම මම නිහඬවම සිටියාය කියලා කියන්නත් බැහැ. මොකද පසුගිය දවස්වල මම මගේ අටවැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය වූ සකුණ පියාපත්හි වැඩකටයුතු නිම කිරීමේ මෙහෙවර තුළ මඳක් අවිවේකීව සිටියා.
‘සකුණ පියාපත්’ ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම්?
මාධ්‍ය හරහා අවස්ථා කිහිපයකම මම ‘සකුණ පියාපත්’ ගැන කතාකර තිබුණා. ඒ නිසා කෙටියෙන් ඒ පිළිබඳව සඳහන් කරන්නම්. අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයක් තුළ එය අධ්‍යක්ෂණය කළේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුයි. වෙනත් ගමක සිට අලුත් ගමක් සොයා පදිංචියට පැමිණෙන පවුලක් වටා ගෙතුණු එම කතන්දර මම ඇතුළුව ග්‍රේස් ආරියවිමල්, මේනකා පීරිස්, ජෙහාන් අප්පුහාමි යන රංගවේදීන් ප්‍රධාන චරිතයන් රඟපානවා.
දැන් එය විකාශනය සඳහා සූදානම්?
ඔව්. ස්වාධීන රූපවාහිනියෙහි ‘සකුණ පියාපත්’ නුදුරු දිනයක විකාශනය වේවි.
ටෙලිනාට්‍ය 8ක් නිෂ්පානය කළ ඔබේ ඊළඟ වෑයම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමද?
තවම එහෙම සූදානමක් නැහැ. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරනවාට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ වෙනස තුළ බොහෝ වගකීම් සහ භාරදූර කාර්යයන් තියෙනවා. චිත්‍රපට නිෂ්පාදනය සඳහා අතගැසිය යුත්තේ ඒ සියල්ල තුළ නිවැරැදි මෙහෙවරක නියැළීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්පූර්ණ කරගෙනයි. තවමත් ඒ ප්‍රතිපාදන මා සතුව ඇතැයි මම සිතන්නේ නැහැ.
නිළියක වූයේ කුඩාකල සිට ඔබ දුටු හීනයක් සැබෑ කරගන්නද?
රඟපාන්නට පුංචිම පුංචි හීනයක් මගේ හිත් කොනක තිබුණා. හැබැයි එය යම් ඉලක්කයක් ජය ගැනීමේ සීමාව නම් පසුකර තිබුණේ නැහැ. තවත් පැහැදිලිව කියනවා නම් නිළියක වන උමතුවක හෝ විශාල බලාපොරොත්තුවක මම කවදාවත් සිටියේ නැහැ. ඒ ඇයිද? මම හැදුණේ යම් නීතිමය පරිසර රටාවක් තුළයි. තනියම ගමනක් යන්නටවත් ඒ දවස්වල මට නිදහසක් තිබුණේ නැති තරම්.
එච්චර සීමාවන් තුළ සිරවී සිටි ඔබ ගැහැනු ළමයිහි කුසුම් වූයේ කොහොමද?
මාව ගැහැනු ළමයිහි කුසුම් කළා මිසක මම ගැහැනු ළමයිහි කුසුම් වූයේ නැහැ. හැබැයි මම අදටත් ගැහැනු ළමයිහි කුසුම් මා වෙත පැමිණීම ගැන ඉතා දැඩි ආත්ම තෘප්තියක් අත්විඳිනවා. මට තවමත් පුදුමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් නම් ඒ අපූරු කලාකාරිය ගම්පහ හෝලික්‍රොස් කොන්වන්ට් එකට ආවා. අහම්බෙන් වාගේ මාව තෝරා ගත්තා. එයට පසු මගේ ගෙදරිනුත් කොන්වන්ට් එකෙනුත් අවසර අරගෙන මාව කුසුම්ගේ චරිතය වෙත අරන් ගියා. අද මාව මෙහෙයවූ ආකාරය වගේම මා තුළ සැඟව සිටි රංගන ශිල්පිනියව විශ්වයට මුදාහැරපු ආකාරය හරිම අනභිවනීයයි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරු ඔබ වටා එක්රොක් වූයේ ඒ අනභිවනීය බව නිසාද?‘
මං හිතන්නෙ එහෙමයි. කුසුම් නිසා මා ලද වාසනාව අසීමිතයි. ඉතාම උසස් මට්ටමේ ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරුවන් මා සොයා ආවේ මම නොසිතූ ලෙසයි. කොයි චිත්‍රපටයද තෝරාගන්නේ කොයි එකද මම ප්‍රතික්ෂේප කරන්නේ කියන තරමට මට චිත්‍රපට සඳහා ඇරයුම් ලැබුණා.
චිත්‍රපට තෝරා බේරා ගැනීම තුළ ඔබ සීමාවන් හදාගත්තේ ඒ හින්දද?
එයද එක් හේතුවක් වුණා. ඒ වගේම තිර පිටපත් බාර ගැනීමේදීද මට නොගැළපෙන චරිත හෝ දර්ශන ඇත්නම් මම එය ඉතා සුහදව ප්‍රතික්ෂේප කළා.
‘ගඟඅද්දර’ නිර්මලාද, ‘ගැහැනු ළමයි’හි කුසුම් තරමට ඔබේ සිනමා දිවිය වර්ණවත් කළා?
සත්තකින්ම ඔව්. නිර්මලා අතපත්තු කියන ඒ සංකීර්ණ චරිත නිරූපණය ජනාධිපති සම්මානය මගේ දෝතට ගෙනත් දුන්නා.
ඔබ කැමැතිම චරිත අතර ප්‍රථමයාව සිටින්නේ ගැහැනු ළමයිහි කුසුම්ද? ගඟ අද්දරහි නිර්මලාද?
ඔවුන් නිසා මා ලද ජනතා ආදරය, ගෞරවය වගේම වාසනාවද අසීමිතයි. ඒ නිසා ඔවුන්ව වර්ගකර දැක්වීම සිතට දුකක්.
රංගවේදිනියක ලෙස ඔබ ලද දෑ බොහෝමයි. ලබාගන්නට තවත් යමක් වේ නම් ඒ කුමක්ද?
ජාත්‍යන්තර සම්මානයක් දෝතින් තුරුළු කර ගැනීමේ ආසාවක් මා තුළ තියෙනවා. ඒ වෙනුවෙන් හොඳ චරිතයකට දායකත්වය දෙන්නට මම බලා සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත්ගේ විපක්ෂය පණ මදිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

අඟල් 12 පොල් 60යි: අඟල් 13ට වැඩි 70යි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.