• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගාමිණී – විජය සමඟ කරට කර සටන් කළ වීරයා

May 23, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ගාමිණී – විජය සමඟ කරට කර සටන් කළ වීරයා
Share on WhatsAppShare on Facebook

වාණිජ සිනමාවේ සිහින කුමාරයෙක්, වීරයෙක්, ජනප්‍රිය පෙම්වතෙක් බිහිවන එක බැලූ බැල්මට ප්‍රේක්ෂකයන්ට පේන්නේ හරිම ලේසි දෙයක් විදියට. කාත් එක්ක හරි සටනක් කරලා, මල් ගස් වටේ දුවලා හරි ලේසියෙන් සිනමාවේ වීරයෙක් වෙනවා කියන එක තමයි හැමෝම හිතන්නේ.

ගොඩක් අය හිතන විදියට කලාත්මක සිනමාවේ හැඟීම්බර චරිතයක්, ගැඹුරු අධ්‍යයනයක් කරලා රඟපාන එක බොහොම අසීරු දෙයක්. එහෙම රඟපාන අයට තමයි නළුවෝ කියන්නේ. ඒ තමයි පිළිගත්ත යථාර්ථය.
දශක ගණනාවක සිංහල සිනමාව තුළ ඔය දෙවර්ගයේම නළුවන්ගේ නම් කියැවෙනවා. ඒ අතර මල් ගස් වටේ දුවන, සටන් කරන, ජනප්‍රිය පෙම්වතා වුණු අයගේ ලැයිස්තුව බැලුවොත් අපිට එක පාරට මතකයට එන්නේ විජය කුමාරණතුංග සහ ගාමිණී ෆොන්සේකා.

හැබැයි අනෙක් සිනමාව දිහා බැලුවම අපිට මේ දශක ගණනාව තුළ ගාමිණීගෙන් පටන් අරගෙන ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ විතරක් නෙවෙයි මෑත කාලයේ ජනප්‍රිය වුණු ජැක්සන් ඇන්තනී වගේ තව නම් 100ක් වුණත් කියන්න පුළුවන්.

මේ සංසන්දනය දිහා බැලුවම පේනවා සිනමාවක ජනප්‍රිය පෙම්වතෙක් හරි වීරයෙක් හරි වෙන එක ලේසි නැහැ කියලා. ඇත්තත් ඒකම තමයි. බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් සිනමා ශාලාවේ ගේට්ටු කඩාගෙන රසිකයන් ඇතුළට එන, දවස ගානේ සිනමා ශාලාවේ හවුස් ෆුල් බෝඞ් එක එල්ලන්න පුළුවන් වුණු නළුවෝ ඉතාම අඩුයි. ඒ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ ගාමිණී සහ විජය. හැබැයි සිනමා විචාරකයන්ගේ කිසිම ඇගයීමට ලක් නොවුණු ඒ කාලේ සිනමා පත්තරයක්වත් තැනක් තොතිබුණු, හැබැයි ගාමිණී, විජය වගේ දර්ශන වාර සියල්ලටම හවුස් ෆුල් බෝඞ් වැටුණු සිනමා පට පෙළක් බිහි කළ අනෙක් නළුවා තමයි තිස්ස විජේසුරේන්ද්‍ර.

සිංහල සිනමාවේ නළු නිළි යුග කිහිපයක් තියෙනවා. ගාමිණී මාලිනීි, විජය මාලිනී, විජය ගීතා. ඊට පස්සේ අපි දන්න කාලෙදි සනත් සබීතා. ඒ වගේ ජනප්‍රිය යුග කිහිපයක් තියෙනවා. ගාමිණී මාලිනී, විජය මාලිනී තමයි ඒ අතරින් රන් අකුරෙන් ලියැවෙන යුග විදියට හැඳින්වෙන්නේ.

70 දශකය තමයි සිංහල වාණිජ සිනමාවේ ස්වර්ණයම යුගය. තිස්ස මාලිනී යුගයත් ඒ කාලයේදි ප්‍රේක්ෂකයන්ගේ විශාල ආදරයට ලක් වුණා. සුහද පැතුමෙන් තමයි ඒ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ සදානා, නීලා වගේ චිත්‍රපට පෝලිමක් තිස්ස සහ මාලිනී දෙන්නාගෙන් අපි දැක්කා.

විජය මාලිනී, ගාමිණී මාලිනී, විජය ගීතා වගේ යුග අතර තිස්සටත් පුළුවන් වුණා තවත් යුගලක් හදන්න. ඒ තමයි තිස්ස ජෙනිටා යුගල. ජෙනිටා සමරවීර සහ තිස්ස විජේසුරේන්ද්‍ර රඟපෑ චිත්‍රපට ගණනාවක් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
තිස්සගේ තවත් විශේෂත්වයක් තියෙනවා. මාලිනීගෙන් පස්සේ වාණිජ සිනාමවේ නිලි රැජින ලෙස පිළිගන්නේ ගීතා කුමාරසිංහ. නීල් රූපසිංහ ලස්සන කෙල්ල චිත්‍රපටයෙන් තමයි ගීතව සිනමාවට ගේන්නේ. ලස්සන කෙල්ල බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. විජයවත්, ගාමිණීවත්, මාලිනීවත්, රඟපෑව මුල්ම චිත්‍රපටය ඒ ගීතා රඟපෑව මුල්ම චිත්‍රපටය තරම් ජනප්‍රිය වුණේ නැහැ. ලස්සන කෙල්ල චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණෙත් තිස්ස විජේසුරේන්ද්‍ර. ලස්සන කෙල්ලගෙන් පස්සේ තිස්ස සහ ගීතගේ සුසංයෝගයක් ඇති වුණා.

තිස්ස විජේසුරේන්ද්‍ර අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද විද්‍යාලයෙන්. ඒ වෙද්දී හිටිය ජනප්‍රිය නළුවෝ බොහොමයක් බිහි වෙලා තිබුණේ ශාන්ත බෙනඩික්, ශාන්ත තෝමස් වැනි පාසල්වලින්. ඒ හින්දා සිංහ බෞද්ධ පාසලකින් ආව තිස්සගෙ ස්ටයිල් එක විජය ගාමිණීට වැඩිය වෙනස් වුණා. ඒ හරහා ඔහුට විශාල රසික ආකර්ෂණයක් හිමි වුණා.
අනෙත් එක සිංහල සිනමාවේ වීරයා වෙන්න ගස් වටේ දුවලා සින්දු කියලා විතරක් මදි. සටන් කරන්නත් පුළුවන් වෙන්න ඕනෑ. විජය, ගාමිණී ජනප්‍රිය වුණෙත් ඒ හින්දයි. හැබැයි තිස්සට සටන් සම්බන්ධව ඊට වැඩිය ලොකු පසුබිමක් තිබුණා. ඔහු පාසල් සමයේ දක්ෂ කරාටි ක්‍රීඩකයෙක්. සම්මාන පවා දිනපු ක්‍රීඩකයෙක්. ඔහු ඒ හරහා සිංහල සිනමාවේ ලොකු වෙනසක් කළා. කරාටි හැකියාව යොදා ගනිමින් ඔහු රඟපෑ සටන් ජවනිකා ප්‍රේක්ෂකයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය වුණා.

70 දශකයේදී ගාමිණී-මාලිනී, විජය-මාලිනී, තිස්ස- මාලිනී යුගල තුන ජනප්‍රිය වෙන්න බලපෑව තවත් ප්‍රධාන කාරණයක් තිබුණා. ඒ තමයි පසුබිම් ගීත. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක සහ ලතා වල්පොල තමයි එම යුගල තුන සඳහා බොහෝ විට පසුබිම් ගීත ගායනා කළේ. එම ගීත බොහොමයක සංගීත අධ්‍යක්ෂවරයා වූණේ සරත් දසනායක. 70 දශකයේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය බිහි කරන්න ජෝති, ඇන්ජලීන්, ලතා සහ සරත් ගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්න බැහැ. ඒ අතරෙත් තිස්ස වාසනාවන්ත වුණා. ජෝතිපාල ගායනා කළ සුන්දර ගීත බොහොමයක රඟපෑමේ අවස්ථාව ලැබුණේ තිස්සට. සුහද පැතුම, සදානා, නීලා වගේ චිත්‍රපටවල ඇතුළත් වුණු ගීත සියල්ලම ඉතාම ජනප්‍රිය වුණා.

70 දශකයේදී තමයි සිංහල නළුවන් දේශපාලනය කරන්න පටන් ගත්තේ. ඩොමී ජයවර්ධන සිනමා සංගමයක් පිහිටෙව්වා. ගාමිණී නිල නොවන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා දේශපාලනය කළා. 1975 වෙද්දි විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සම්බන්ධ වුණා. ධර්මසේන පතිරාජ, කේ. ඒ. ඩබ්. පෙරේරා, යසපාලිත නානායක්කාර වගේ ගොඩක් අය දේශපාලනයට සම්බන්ධ වුණා.

ඒකත් එක්ක ගාමිණී සහ විජයගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා. ඒත් තිස්සගේ මේ දෙන්නටම වඩා ප්‍රබල දේශපාලයනයක් තිබුණා. ප්‍රබල දේශපාලන සබඳතා තිබුණා. ඒත් ඒක ඔහු කවදාවත් සිනමාවට ගෙනාවේ නැහැ.
කවුරුත් නොදන්නවා වුණාට තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. කොච්චර ප්‍රබලයෙක්ද කියනවා නම් 1977 මහ මැතිවරණය වෙලාවේ අගමැති රණසිංහ ප්‍රේමදාස කිට්ටුවෙන්ම ඉඳලා එජාපෙට දේශපාලය කළා. හැබැයි ගාමිණී, විජයල වගේ එළියට ඇවිත් තිස්ස සිනමාවත් එක්ක දේශපාලනය කළේ නැහැ. සිනමාව සහ දේශපාලනය ඔහු වෙන වෙනම කළා. ඒ හින්දා ප්‍රේක්ෂකයෝ පක්ෂ පාට නොබලා තිස්සට ආදරය කළා.
තිස්සට ඒ කාලේ මොරිස් මයිනර් කාර් එකක් තිබුණා. ඒ කාලේ මොරිස් මයිනර් කාර් එකක් කියන්නේ ඉතාම වටිනා වාහනයක්.හොඳ නළුවකුට විතරයි එහෙම වාහනයක් තිබුණේ. 1977 මැතිවරණයේදී බොහෝ අවස්ථාවලදී රණසිංහ ප්‍රේමදාස මහතා තිස්සගේ කාර් එකෙන් තිස්ස එක්ක තමයි මැතිවරණ රැස්වීම් සඳහා රට වටේ ගිහින් තියෙන්නේ.
77 පෙරළියෙන් පස්සේ තිස්සට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එක්කත් ළඟ සම්බන්ධයක් තිබුණා. ප්‍රේමදාස අගමැතිවරයා හරහා තමයි ඒ සම්බන්ධය ඇති වුණේ. 77න් පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂය සිරිකොත මූලස්ථානය පිහිටුවන්නේ. එජාප ආණ්ඩුව ලබා ගත්ත 5/6 බලයත් එක්ක සිරිකොත බොහොම ප්‍රබල තැනක් වුණා. සිරිකොතේ මහජන සම්බන්ධතා නිලධාරියා ලෙස තිස්ස විජේසුරේන්ද්‍ර පත් වන තරමටම ඔහු සහ එක්සත් ජාතික පක්ෂය අතර සබඳතාවය ප්‍රබල වුණා. ඒව කවුරුත් දන්නේ නැහැ. ඒත් සිරිකොතට යන හැමෝම මුලින්ම හම්බ වුණේ තිස්සව. ඒ ඔහු නළුවෙක් හින්දා.ජනාධිපති ප්‍රේමදාස ලියපු කතාව ජීවන කඳුළු සිනමාවට ආවා. ඒකේ ප්‍රධාන චරිතයටත් ප්‍රේමදාස යෝජනා කළේ තිස්ස විජේසුරේන්ද්‍රව.

1977 ආර්ථික සහ දේශපාලන පෙරළිය එක්ක 1980 මුල හරිය වෙන කොට විශාල සිනමා පත්තර රැල්ලක් බිහි වුණා. ඒ රැල්ල හරහා ජනප්‍රිය නළුවා නිළිය තෝරන ක්‍රමයක් බිහි වුණා. සරසවි සම්මාන උළෙල වැනි සම්මාන උළෙලවල් බිහි වුණා. ඒක ගැන වෙනම ලිපියක් ලියන්න ඕනෑ. ඒවයේ තිබුණු දේශපාලනය ගැන සහ ඒවාට එල්ල වුණු විවේචන ගැන කතා කරන්න ගොඩක් දේ තියෙනවා.

එක් දශකයක් පුරාම විජය, ගාමිණී, තිස්ස තමයි සිංහල සිනමාවේ රැල්ල හැදුවේ. 80 දශකයේ මුල ඉඳන් තිස්සගේ නම මැකිලා ගියා. ඒ වෙද්දී ගාමිණී සම්භාව්‍ය සිනමාවට ගිහින් තිබුණා. සනත් ගුණතිලක සිනමාවට ආවා. මාලිනී සනත් යුගයක් ආවා. සනත්ගේ ඒමත් එක්ක තිස්සගේ නම යට ගියා. ජනප්‍රිය රැල්ලට, පත්තර පටන් ගත්ත රැල්ලට තිස්සට ඇතුළු වෙන්න බැරි වුණා.

තිස්සට හොඳ පවුල් ජීවිතයක් තිබුණා. තිස්සගේ නම කා එක්කවත් සම්බන්ධ කරලා කියන කතා අපි අහලා නැහැ. ඔහුට හොඳ ආචාර ධර්ම තිබුණා. ඒවා රැකගෙන නිහඬව හිටියා මිසක් ඔහු ජනප්‍රියත්වය පස්සේ ගියේ නැහැ. තිස්සව සිනමා පත්තර රැල්ලෙන් එළියට විසි වුණා. ජනප්‍රිය නළුවා තෝරන තරගයෙන් තිස්ස එළියට විසි වුණා. තව තව ක්‍රමවලින් අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු හරහා චිත්‍රපට බලෙන් ගන්න ක්‍රමයක් ඇති වුණා. ඒ හරහා 82, 83න් පස්සේ තිස්ස සුළු චරිතවලට සීමා වුණා. දුෂ්ටයා වුණා.

වාණිජ සිනමාවේ ස්වර්ණමය යුගයේ ගාමිණී විජය එක්ක ලංකාවේ සිනමාහල් පුරවන්න ගේට්ටු කඩාගෙන ප්‍රේක්ෂකයන් සිනමාහල් ඇතුළට එන තැනට පත් කරන්න තිස්සත් කරට කර සටනක් දුන්නා.

ඒත් ඒ ගෞරවය කවුරුවත් තිස්සට දුන්නේ නැහැ. අපිටත් ඒ ගෞරවය හරියටම ඔහුට දෙන්න බැරි වුණා. ඒත් අපිට පුළුවන් තරමින් හරි ඒ ගෞරවය ලබා දෙන්න සහ ඔහු පිළිබඳ නොදන්න දේ නැවත මතක් කරන්න ඕනෑ හින්දා තමයි මේක ලියන්නේ.

ඒ වගේම මේක ලියන්න හේතු වුණු තව දෙයක් තියෙනවා. තිස්ස විජේසුරේන්ද්‍රට ගෞරවය ලබා දෙනවා වෙනුවට මරණයයෙන් පස්සෙත් මේ රටේ ජාතික රූපවාහිනිය විසින් ඔහුට ලොකු අසාධාරණයක් කෙරුව බව දැනගන්නට ලැබුණා. ඒකටත් හේතු වුණේ 80 ගණන්වල රැල්ලේ ඔහු හිටියේ නැති එකද, නැත්නම් දේශපාලනයද කියලන අපි දන්නේ නැහැ.

“ආලකමන්දාව” වසර ගණනාවක ඉඳන් ජාතික රූපවාහිනියේ විකාශනය වන වැඩසටහනක්. කලාකරුවන්ගේ ජීවන ගමන ගැන කතා කරන ආලකමන්දාව බොහෝම ජනප්‍රියයි. ඒ වැඩසටහනේ මෙතෙක් කලක් රැක ගත් සම්ප්‍රදායක් තිබුණා. මොන ආණ්ඩුව තිබුණත්, මොන සභාපති හිටියත්, කලාකරුවකු මියගියාට පස්සේ එම කලාකරුවා වෙනුවෙන් ප්‍රචාරය වූ ආලකමන්දාව වැඩසටහන් නැවත ප්‍රචාරය කිරීම තමයි ඒ සම්ප්‍රදාය. අවසන් වශයෙන් අප අතරින් වියෝවූ තවත් විශිෂ්ට නළුවකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වෙනුවෙනුත් ඔහුගේ අවසන් කටයුතු සිදු කරන දවසේ ආලකමන්දාව නැවත විකාශනය කරලා ඒ ගෞරවය ලබා දෙන්න ජාතික රූපවාහිනිය කටයුතු කළා.ඒත් තිස්ස විජේසුරේන්ද්‍ර නැමැති අසහාය නළුවාගේ අවසන් කටයුතු සිදු කෙරෙන දවසේ ඔහු වෙනුවෙන් ආලකමන්දාව ප්‍රචාරය වුණේ නැහැ. සුපුරුදු පරිදි ඒ ගෞරවය ලබා දෙන්න රූපවාහිනිය සූදානම් වෙලා තිබුණත් අවසන් මොහොතේ ඒ වැඩසටහන නවත්වලා තියෙනවා. ඒක කොහෙන් ආව කාගේ නියෝගයක්ද කියන්න කවුරුත් දන්නේ නැහැ. ජීවත්ව ඉන්න කාලේ විතරක් නෙවෙයි මැරුණට පස්සෙත් තිස්සට නිසි ගෞරවය ලැබුණේ නැහැ කියලා අපි කිව්වේ ඒකයි. තිස්ස වගේ මිනිස්සු ආදරය කෙරුව යුගයක් බිහි කෙරුව නළුවෙකුට මාධ්‍ය සහ විචාරකයෝ මීට වඩා ගෞරවය දක්වන්න ඕනෑ.

තිස්ස විජේසුරේන්ද්‍ර වෙනුවෙන් මීට ටික කලකට කලින් “ජනයුගය” පුවත් පතේ “කැලෑ හඳ” අතිරේකයේ කවරයක් වෙන් කරන්න අපිට පුළුවන් වුණා. 70 දශකයේ ස්වර්ණයම යුගය වෙනුවෙන් වෙන් වූ ඒ අතිරේකයේ තිස්සගේ සිනමා ජීවිතයේ සුවිශේෂී මතක රාශියක් ඇතුළත් වුණා. ඒ වෙලාවේ තිස්ස ජනයුගය කර්තෘගේ දුරකතන නම්බරය හොයාගෙන කතා කරලා ඔහුට ස්තුති කළා. ඔහුගේ ජීවිතේට නොලැබුණු මේ වගේ අවස්ථාවක් දුන්න එක ගැන ඔහු බොහොම සංවේදීව කතා කරලා තිබුණා. අවසන් අවස්ථාවේ හරි දුන්නු ඒ අවස්ථාව ගැන තිස්ස ගොඩක් සතුටු වෙලා තිබුණා.

ජනයුගය කරපු පිරිසෙන් කොටසක් තමයි මව්රට කරන්නේ. නමුත් අපිට ඒ විශේෂ කැලෑ හඳ අතිරේකය හොයා ගන්න බැරි වුණා. ඒත් තිස්ස ගැන කවුරුත් නොදන්න දේවල් කියලා ඔහු වෙනුවෙන් මෙහෙම හරි යුතුකම ඉටු කරන්න අපි තීරණය කළා. අපි දැක්කා ඔහු මියගියාට පස්සේ ඔහු වෙනුවෙන් ලියැවුණු ලිපිවල පෙම් කුරුල්ලා, රාං කුරුල්ලා වගේ නම්වලින් හඳුන්වලා තියෙනවා. හැබැයි ඇත්තටම තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ සිංහල සිනමාවේ බිහි වුණු වීරයෙක්.
නිම් වළල්ලෙන් ඇතුළු වී රාං කුරුල්ලෙක් මෙන් සිනමාවේ පියඹා නෑදෑයෝ අතහැර සුදු පරවියකු සේ ඈතට ඉගිළී ගිය තිස්ස.
තුෂාර ගුණරත්න

SendShareShare
Previous Post

DFCC බැංකුවෙන් ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක්

Next Post

IDH රෝහලට වෙන් කළ ‘ශ්‍රී ලංකා මාතා’

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.